HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශබ්දයේ වේගය පරදවන විස්මිත මගී ගුවන්යානා යළිත් එනවා!

ශබ්දයේ වේගය මෙන් දෙගුණයක් වේගයෙන් පියාසර කරන්න දැන් ආයිත් ඔබට අවස්ථාවක් ලැබෙන්නයි යන්නෙ. මීට කලින් කොන්කෝඩ් සුපර්සොනික් මගී ගුවන් යානය ඔබට මතකද? ඒ යානයේ ගමන් නවතා දැමූයේ වියදම් දැරිය නොහැකි වීම නිසයි. ඒ වගේම කොන්කෝඩ් එයා ෆ්‍රාන්ස් යානයක් අනතුරට ලක්වී 113ක් මරණයට පත් වුණා. ඒ සිද්ධියත් සමග ඒ යානාවලට මගීන්ගේ විශාල අඩුවීමක් ඇතිවුණා. ඒ යානයෙන් නිව්යෝක් හා ලන්ඩන් අතර එක් ගමන් වාරයකට පවුම් 4,350ක් අය කරනු ලැබුවා. යාම් ඊම් දෙකට ම නම් පවුම් 8,292ක්.
බූම් සුපර්සොනික් තනන ‘ඕවර්චර්’ යානය ගුවනේ සරන අයුරු  
සිත්තරකු දුටු හැටි. එයට ශබ්දයේ වේගය මෙන් දෙගුණයක 
වේගයෙන් සැතැපුම් 5,180 දුරක් යන්න පුළුවන්.

කොන්කෝඩ් යානය මුලින්ම සේවයට පැමිණියේ 1969 මාර්තු දෙවැනි දා. එය 2003 ඔක්තෝබර් 24 වැනිදා වෙනකම් වසර 27ක් සක්‍රිය පියසැරියේ යෙදුණා. එහි උපරිම පියසැරි වේගය මැක් 2.04ක් (එනම් පැයට කි.මී 2,179ක්). 1973 දී ඇමරිකාව විසින් සුපර්සොනික් යානා අධිවේගයෙන් පහතින් පියාසර කිරීම තහනම් කළා. ඒ ශබ්දයේ වේගය ඉක්මවා යන යානා ඒ වේගය ලබා ගනිද්දී නිකුත්වන ශබ්දය ජන ජීවිතයට හානිකර සේ සලකා ගෙනයි. ඒත් අද තාක්ෂණය දියුණු වී ඇති නිසා ඒ ශබ්දය වළකාලීමට හැකියාව ලැබී තිබෙනවා.

දැන් වසර ගණනාවකට පසුව යළිත් ශබ්දයේ වේගය මගී ගුවන් ගමන්වලටත් එක්වෙනවා. ඒකට තව කෙටි කාලයයි තියෙන්නෙ. දැන් එන යානය නම් කර ඇත්තේ ‘ඕවර්චර්’ (Overture) කියලයි. ඕවර්චර් යන වදන ඉංග්‍රීසියෙහි යොදන්නේ ගායනයක හෝ වාදනයක හෝ ‘පිවිසුම් සංගීත ඛණ්ඩය’ටයි.
මේ සුපර්සොනික් ‘ඕවර්චර්’යානයට පැය තුන හමාරක් ඇතුළත, 
අත්ලාන්තික් සාගරය තරණය කර, ලන්ඩනයේ සිට නිව්යෝක් 
දක්වා යා හැකියි. එය දැන් ගත වෙන කාලය මෙන් හරි අඩක්.

මේ සුපර්සොනික් යානය තනන්නේ ඇමරිකාවේ කොලරාඩෝවේ පිහිටි බූම් සුපර්සොනික් සමාගමයි. බ්‍රිතාන්‍යයේ දැවැන්ත ගුවන්යානා නිෂ්පාදන ආයතනයක් වූ රෝල්ස් රොයිස් ඒ සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම හා හැකියාව සපයනවා. ඒ අනුව බූම් සුපර්සොනික් සමාගම තනන ඕවර්චර් යානයට මැක් 2.2ක උපරිම වේගයකින් යන්න පුළුවන්. ඒ කියන්නේ ශබ්දයේ වේගය මෙන් දෙගුණයක්.

ඒ අනුව මේ සුපර්සොනික් ‘ඕවර්චර්’යානයට පැය තුන හමාරක් ඇතුළත, අන්ලාන්තික් සාගරය තරණය කර, ලන්ඩනයේ සිට නිව්යෝක් දක්වා යා හැකියි. එයට ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් සැතැපුම් 5,180 දුරක් යන්න පුළුවන්.
බූම් සුපර්සොනික් තනන ‘ඕවර්චර්’ යානය 
ගුවනේ සරන අයුරු සිත්තරකු දුටු හැටි.

කොලරාඩෝවේ පිහිටි බූම් සුපර්සොනික් සමාගමට එහි ප්‍රධාන ව්‍යාපෘතිය වූ මේ සුපර්සොනික් යානයේ නිමාව සඳහා පවුම් මිලියන 100ක මුදලක් පසුගිය වසරේත් බැංකු ආයෝජනයක් ලෙස ලැබුණා.

බූම් ආයතනයේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරි බ්ලේක් ස්ක‍ොල් කියන්නේ මේ කටයුත්ත සාර්ථක කර ගන්නට කලක් තිස්සේ සමාගම් දෙක ඉතා සමීපව කටයුතු කළ බවයි. ‘අප ආයතන දෙක අතර ඇති සමීප සම්බන්ධතාව නිසා, ඕවර්චර් යානය සැලසුම් කිරීමේ දී ප්‍රගතිය ඉක්මනින් ළඟා කර ගත හැකි වුණා. සුපර්සොනික් ප්‍රවාහනය මගී ගුවන් ගමන් සඳහා සාර්ථකව යොදා ගැනීමට හැකි යානයක් දැන් අපි තනා අවසානයි.’
එන්ජින් තුනකින් ක්‍රියා කරන මේ යානයේ ශබ්දය 
කලින් කොන්කෝඩ් යානයේ ශබ්දයෙන් 30 ගුණයකටත් වඩා අඩුයි.

‘ලෝකයේ ප්‍රකට ගුවන් යානා සමාගම් පවා අපේ නිෂ්පාදන ගැන විශාල උනන්දුවක් දක්වනවා. දැනටමත් අපට පූර්ව ඇණවුම් 30කට වඩා ලැබී තියෙනවා. ජපෑන් එයාලයින් සමාගම, වර්ජින් ගෲප් වැනි ආයකන ඒ අතර වෙනවා. ඒවායේ මුළු වටිනාකම ඩොලර් බිලියන 6ක් විතර වෙනවා.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

ගුවන්ගමන් නිසා සිදුවන හරිතාගාර වායු විමෝචනය සියයට 2.5කින් වැඩි වෙනවා. මෙය තවත් වැඩි වේවි, ඉදිරි දශකවල දී, මේ ගුවන්ගමන් ලාබදායී, මෙන් ම වැඩි දෙනෙකුට යා හැකි වීම නිසා.

‘අපේ ආයතන දෙකම විශාල උනන්දුවක් දක්වනවා, මේ සුපර්සොනික් යානය ගැන. බූම් සමාගමත් සමග ගුවන්යානා තැනීමට අදාළව අපට ඔවුන් සමග දිගු ගමනක් යන්න තියෙනවා.’ රෝල්ස් රොයිස් අධ්‍යක්ෂවරයකු වූ සයිමන් කාලයිල් කියනවා.
අනාගතයේ දී මෙවැනි සුපර්සොනික් යානා 2.000ක් 
ලොව පුරා ප්‍රධාන නගර ආවරණය කරාවි.

පරිසරයට හානි නොකරමින්, කාබන් විමෝචනය බින්දුවේ තබා ගනිමින්, ශබ්දයේ වේගය ඉක්මවා ලන්නට මෙහි ප්‍රචාලන පද්ධතිය හසුරුවන්නේ කෙසේදැයි යන්න තවමත් ඔවුන් හෙළිදරවු කර නැහැ.

බූම් ආයතනය කියන්නේ මෙය සුපර්සොනික් යානයක් වුණාට මගීන්ට වැය කරන්නට සිදු වන්නේ සාමාන්‍යයෙන් ගුවන් සේවා සමාගම්වල ව්‍යාපාර පන්තියේ යාමට වැය කරන මුදලට වැඩි නොවන මුදලක් බවයි. ඒ අනුව ලන්ඩනයේ සිට නිව්යෝක් දක්වා යාමට එක් අතකට පමණක් පවුම් 2000ක් වැය කරන්නට සිදු වේවි. ඒක කොන්කෝඩ්වලට එදා වැය කළ මුදලට සාපේක්ෂව හරි අඩකින් අඩුවීමක්.
ආරම්භයේ දී මේ යානයක මගීන් 55ක් පමණයි, 
ගෙන යාමට සැලසුම් කර ඇත්තේ. 
පසුව 100ක් දක්වා වැඩි කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

ඔවුන් දැන් තනන සුපර්සොනික් යානය, එක්ස්බී -1, ඔවුන්ගේ මුල් ආකෘතියෙන් අඩක් මගීන් ගෙන යා හැකි එකක්. මේ යානය ඔක්තෝබර් 7 වැනිදා කරළියට ගෙන්නයි සැලසුම් කර ඇත්තේ. දැනට මෙවැනි යානා 30ක් තනනවා, ලෝකයේ විශාලතම මගී ගුවන් යානා සමාගම් දෙකක් වූ වර්ජින් ගෲප් හා ජැපෑන් එයාලයින්ස් වෙනුවෙන්.
මේ යානා වේගයෙන් වැඩි වුණාට කලින් සුපර්සොනික් යානා මෙන් ශබ්දයෙන් වැඩි නැහැ. පැරණි කොන්කෝඩ් යානයේ ශබ්දයට වඩා 30 ගුණයකින් මේ නව යානයේ ශබ්දය අඩුයි. දැන් ලොව පුරා බහුලව භාවිත වන අර්ධ සුපර්සොනික් ජෙට් යානාවලට සමාන ශබ්දයක් තමා නිකුත් කරන්නේ.

- පර්සි ජයම‍ාන්න

Post a Comment

1 Comments