එකමත් එක රටක හමුදාවක ජනරාල්වරයෙක් තම කණ්ඩායම මඟ හැරී වල්මත් වී රට හරහා යන්නේ එක් කුඩා ගම්මානයකට පැමිණියා. ඔහු යායුතු මඟ සොයා ගත නොහැකිව සිටියද තම තත්වය අමතක කර සිටියේ නැහැ.
නුපුරුදු ඇඳුමකින් සැරසී සිටි ඔහු දුටු ගැමියන් ඔහු වටා රොක් වෙන්න පටන් ගත්තා. ඔහු ඔවුන්ට අණ දෙන්න පටන් ගත්තා. තම අශ්වයාට කෑමට ආහාර දෙන්නැයි, බීමට වතුර දෙන්නැයි ඔහු ඒ ගැමියන්ට අණ කළා.
ගැමියන් පුදුමයෙන් ජනරාල්වරයා දෙස බලා සිටියා මිස කිසිවෙක් ඔහුගේ අණ පිළිපැද්දේ නැහැ. අශ්වයා සඳහා ඉස්තාලයක් පිළියෙල කරන්නැයි ද තමාට ජලය සහ පොරෝනා සපයන්නැයි ද ඔහු නියෝග කළා. එත් කිසිවෙක් ඔහු කී දේ කරන්න ඉදිරිපත් වුණේ නැහැ.
අන්තිමේ දී ජනරාල්වරයාගේ ඉවසීමේ සීමාව පැන්නා. ඔහු ගැමියන් අමතා දැඩි ස්වරයෙන් මෙහෙම කිව්වා. ‘උඹලා මේ මොහොතේ ම මගේ අණ පිළිපැද්දේ නැත්නම් මං උඹලාට ඉතාමත් දැඩි දඬුවම් පමුණුවනවා.’ ජනරාල්වරයා රැස් වූ පිරිසට තර්ජනය කරමින් මොර දුන්නා.
මෙහිදී ගැමි නායකයා ඉදිරියට ආවා. ‘මට නම් පේන්නෙ නෑ ඔහේ එච්චර බලවන්තයෙක් ය කියලා. ඉතින් කොහොමද ඔහේ ඒ වගේ දෙයක් අපට කරන්නේ?’කියලා ඇහුවා.
ඒ කතාව අහලා ජනරාල්වරයා වඩාත් කෝපාවිෂ්ට වුණා. ‘මං තමුසෙලට මොකුත් කරනව නොවෙයි. මං අණ දෙනවා’ ඔහු දැඩි ස්වරයෙන් කීවා.
‘අණ දෙනවා කිව්වෙ මොකක්ද?’ ගැමි නායකයා සන්සුන්ව ඇහුවා.
‘ඒ කියන්නෙ මං කියනවා කර්නල්ට. කර්නල් කියනවා මේජර්ට. මේජර් කියනවා කපිතන්ට. කපිතන් කියනවා ලුතිනන්ට. ලුතිනන් කියනවා සාජන්ට්ට. සාජන්ට් අරන් එනව භට පිරිසක්. ඇවිත්, උඹල සේරම එක පෙළට බිත්තියකට හේත්තු කරල වෙඩි තියලා මරලා දානව එක පාරින් ම’ ජනරාල්වරයා ගුගුළා.
‘දැන් තමයි ඔහේ කියන දේ අපට තේරුණේ. ඔය සාජන්ට් කියන කෙනා ඇත්තෙන් ම බලවන්ත අයෙක් වෙන්න ඕනෑ. තාමත් අපි දැක්කෙ ඔහෙව විතරයි. නමුත් අපට ඔය කියන සාජන්ට්ව මුල ඉඳලම මුණ ගැහුණා නම් මේ තරම් කරදර වෙන්නේ නෑනේ’ ගැමි නායකයා කීවා.
- (පර්සි ජයමාන්නගේ ‘සූෆි උපමා කතා’ ග්‍රන්ථයෙනි.)

0 Comments