ටයිකෝ, ජපානයේ තොකුගාවා යුගයේ විසූ රණශූරයෙක්. ඔහු සෙන් නො රිකියු නම් ගුරුතුමා ළඟ චා-නෝ-යු නම් තේ චාරිත්‍රය ප්‍රගුණ කළා. ඒ ගුරුවරයා උපශාන්ත ගුණ ඇති තෘප්තිමත් ස්වභාවයෙන් යුත් සාමකාමී අයෙක්.
ටයිකෝගේ සහායක රණශූරයා වූ කාටෝ සිය ප්‍රධානියාගේ තේ චාරිත්‍රයට ඇති ආශාව නිසා රාජකාරි කටයුතු නොසලකා හැරීම ගැන කලකිරීමට පත්ව සිටියා. ඊට වරදකරු ලෙස ඔහු දුටුවේ ටයිකෝට තේ චාරිත්‍රය ඉගැන්වූ ගුරුවරයා වූ සෙන් නො රිකියු යි. ඔහු සෙන් නො රිකියු හමුවීමට ගියේ තේ චාරිත්‍රය ඉගෙන ගැනීමට තමාටත් ආශාවක් ඇති බව කියමිනුයි. ගුරුතුමා ඔහුට තේ පානයට ආරාධනා කළා.
තමන්ගේ කලාවෙහි ඉතා හොඳ නිපුණයකු වූ ඒ ගුරුතුමා, රණශූරයා දුටු විගස ඔහු වෙත හෙළුෑ එක බැල්මකින් ම ඔහුගේ අභිප්‍රාය වටහා ගත්තා. ඒ නිසා ඔහුගේ තේ චාරිත්‍රය සඳහා කාමරයට ඇතුළු වීමට ප්‍රථම ඔහුුගේ අසිපත පිටත තබා එන ලෙසට ඉල්ලීමක් කළේ, චා-නෝ-යූ චාරිත්‍රය ම මුළුමනින් ම සාමකාමී එකක් බව කියමින්.
කාටෝ ඒක පිළිගත්තේ නැහැ. ‘මම රණශූරයෙක්. මම හැම විට ම අසිපත දරා ගෙනයි ඉන්නෙ. චා-නෝ-යූ ඇතත්, චා-නෝ-යූ නැතත් මම අසිපත බිම තියන්නේ නැහැ.’ ඔහු තදින් කියා සිටියා.
‘බොහොම හොඳයි, එහෙනම් අසිපතත් අරන් ඇවිත් තේ බොන්න!’ ගුරුතුමා කීවා.
කේතලය අඟුරු ලිප උඩ පැහෙමින් තිබුණා. හදිසියේ ම සෙන් නො රිකියු අතින් කේතලය පෙරළුණා. නටන ජලයෙන් ජල වාෂ්ප ඉහළට ආවා. කාමරය දුමෙන් හා අළුවලින් පිරුණා. බියට පත් රණශූරයා කාමරයෙන් පිටතට පැන ගත්තා.
ගුරුතුමා සමාව ඉල්ලුවා. ‘වරද මගේ. එන්න ඇතුළට තේ ටිකක් බොන්න. ඔබේ අසිපතත් මේ මං ළඟ තියෙනවා. ඒක අළුවලින් වැහිලා. ඒක මං සුද්ද කරල දෙන්නම්’ ගුරුතුමා කීවා.
සිදුවූ ඇබැද්දියෙන් රණශූරයා හොඳින් ම තේරුම් ගත්තා. ඔහුට මේ ගුරුවරයා මරා දැමිය නොහැකි බව. ඒ නිසා ඔහු ඒ අදහස අත හැර දැම්මා.
(පර්සි ජයමාන්නගේ සෙන් බොදු කතා පොතෙනි.)

0 Comments