මීට වසර 15කට පෙර අගෝස්තු 12 වැනිදා අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ භූවිද්‍යාත්මක අධ්‍යයනයක් කිරීම සඳහා ඩොලර් මිලියන 750ක් වැය කොට ඇමරිකාවේ නාසා ආයතනය විසින් විශේෂ චන්ද්‍රිකාවක් රතු ග්‍රහයා වෙත යැව්වා. එය හැඳින්වූයේ Mars Reconnaissance Orbiter (MRO) කියායි. දැන් ඒ යානය එහි ගොස් පහළොස් වැනි වසර සමරන මේ මොහොතේ රතු ග්‍රහයා වෙත ටිකක් ළංවී බලන්න අපටත් අවස්ථාව ලැබී තියෙනවා. ඒ චන්ද්‍රිකාව රතු ග්‍රහයා වටා කක්ෂයක යන ගමන් ප්‍රධාන විද්‍යාත්මක සොයා ගැනීම් ගණනාවක් ම කර තිබෙනවා.
එය සොයා ගෙන ඇති දේ අතර එහි කරදිය ඇති බව, හිමධාවයන් (avalanches) මෙන් ම, සක්‍රිය ඍතු විපර්යාස ද සිදුවන බව, වැලි කුණාටු හා සිහින් වැලි කඳු (dunes) ඇති බව ආදිය ඉන් කීපයක්. ඒ කෘත්‍රිම චන්ද්‍රිකාව තුළ සවිකර ඇති උපකරණවලින් ලබා ගන්නා ලද දත්ත හා එහි ඇති කැමරාවලින් ඡායාරූපවලට නඟා එවන ලද අවස්ථාවලින් තෝරා ගත් කීපයක්, මාධ්‍ය වෙත නිකුත් කරන්න නාසා ආයතනය අදහස් කර ඇත්තේ එහි 15 වසර සැමරීම නිමිත්තෙන්. දැනට රතු ග්‍රහයා වෙත යවා ඇති තවමත් සක්‍රියව පවතින පැරණිතම යානය මෙයයි.
මෙහි ඇති උපකරණ අතර විශේෂ කැමරා තුනක් තියෙනවා. ඉන් එකක් සැතැප්ම 19ක පුළුල් පරාසයක හසුකර ගෙන කළු සුදු ඡායාරූප ගත හැකි මීනක්ෂි කාචයක් සහිතයි. ඒ වගේ ම හයිරයිස් (HiRISE) යන කෙටි නමින් හැඳින්වෙන, එහි ස්ථාපිත කර ඇති උච්ච සමාධාන ප්‍රතිරූපණය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ කැමරා මෙවලම මගින් මෙතෙක් නොගත් ආකාරයේ ඡායාරූප ගැනීමක් සිදු කෙරෙනවා. එසේ ගත් ඡායාරූප තමා, නාසා ආයතනයට අයත් ජෙට් ප්‍රචාලන රසායනාගාරය මගින් ලබා ගෙන ඒ ඡායාරූප පිරිපහදු කොට මාධ්‍යය වෙත මෙසේ මුදා හැර ඇත්තේ.
අඟහරු ග්‍රහයා මතුපිට විශාලනය කර, උච්ච සමාධාන ප්‍රතිරූපණය ක්‍රමයට, සවිස්තරාත්මකව ලබාගත් වර්ණ ඡයාරුප, මේ මිහිමත මින් පෙර කිසිවකු නුදුටු ආකාරයේ ඒවා නිසා, ඒවා ලද මොහොතේ මෙහි මෙහෙයුම් මධ්‍යස්ථානයේ අය මවිතයට පත් වුණා. වේගයෙන් රූරා හැලෙන ඇව්ලාන්චියක් හෙවත් හිමධාවයක් මෙන්ම, අඟහරු පෘෂ්ඨය පිසගෙන හමා යන දූවිලි කුණාටු ආදිය ඒවායේ සටහන්ව තිබුණා. අඟහරු යනු රතු පාෂාණවලින් සුසැදි නිකම්ම ග්‍රහලෝකයක් නොව ඉතා සක්‍රිය භූදර්ශන මවන තැනක් බව ඔවුනට පසක් වුණා.
එසේම මේ කැමරාවලින්, අඟහරු මත ඇති නාසා ආයතනයේ කියුරියෝසිටි අභ්‍යවකාශ යානයෙහි මෙන්ම, ඔපර්චුනිටි රෝවරයෙහි ඡායාරූප ද, අඟහරු සතු චන්ද්‍රයන් දෙදෙනාගෙන් ලොකුම චන්ද්‍රයා වූ ෆෝබොස්ගේ ඡායාරූපයක් ද, එහි සිට අපේ පෘථිවිය පෙනෙන අයුරු දැක ගත හැකි ඡායරූපයක් ද එවා තිබුණා. එම යානය එහි යැවූ 2006 වසරේ සිට 2020 අගෝස්තු වන තෙක් හයිරයිස් කැමරාවෙන් පමණක් ඡායාරූප 6,882,204ක් ලබා ගෙන පෘථිවියට එවා තියෙනවා. ඒ වගේ ම ඒ සඳහා ටෙරාබයිට් 194ක දත්ත අඟහරු කක්ෂයේ සිට මෙහි එවා තිබෙනවා.
මේ මාස් රිකොන්ඉසන්ස් ඕබිටරයේ (MRO) මෙහෙයුම් කටයුතු කරනු ලබන්නේ දකුණු කැලිෆෝනියාවේ පිහිටුවා ඇති ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ(JPL) මෙහෙයුම් මැදිරියේ සිටින කණ්ඩායමක් විසිනුයි. ඔවුන් තේරූ හොඳම පින්තූර කීපයක් තමා, මේ සමඟ පළ වෙන්නේ.
ඔවුන්ගේ එක් පින්තූරයකින් 2019 මැයි මාසයේ අඩි 1,640ක් ඉහළ කන්ද මුදුනෙහි හිම දිය වීමත් සමග රතු දූවිලි මුසු ඇව්ලාන්චියක් පහතට කඩා වැටෙන අයුුරු අපට දැක ගන්න පුළුවන්. ඒ සිදුවූයේ එහි ඍතු විපර්යාසය සිදුවන අවස්ථාවෙදියි.
වසන්ත ඍතුව ආරම්භ වන සෑම විට ම රතු ග්‍රහයාගේ උත්තරධ්‍රැවයට සූර්යයා උදා වෙද්දී එහි පතිත වන හිරු රැස්වල තාපයෙන් කඳුමුදුන් මත විවිධ යුග ඔස්සේ තැන්පත් වූ වියළි හිම හා දූවිලි ස්තර දියවී කඩා හැළීම සිදුවෙනවා. ඒ පාෂාණ කඳු පාමුල වදිද්දී එහි ඇති දූවිලි ඉහළට විහිදෙනවා. ඡායාරූපවල හිමධාවයන් ලෙස පෙනෙන්නේ එයයි. ගසක වළලුවලින් මෙන්, මේ ස්තර අනුව විද්‍යාඥයන්ට, ඒ පරිසරය තුළ සිදු වූ වෙනස්කම් ගැන අනාවැකි කියන්න පුළුවන්.
මේ රතු ග්‍රහයා මත දූවිලි කුණාටු ඇති වීම බහුලව සිදුවෙනවා. මේ වැලි කුණාටු බොහෝ විට කුඩා ප්‍රදේශවලට සීමා වෙනවා. ඇතැම් අවස්ථාවල ඒවා එක වැලට සිදුවෙනවා. එවැනි විටෙක මුළු ග්‍රහයාම දූවිල්ලෙන් වැසී යනවා. 2018 දී සිදු වූ එවැන්නක් මේ MRO චන්ද්‍රිකාවේ ඇති කැමරා මගින් ඡායාරූප ගත කොට තිබෙනු ඔබට මෙහි දී දැක ගත හැකියි. ඒ සිදුවීමෙන් අඟහරු මතට හිරු රැස් පතිත නොවීම නිසා එහි කලින් යවා තිබූ ඔපර්චුනිට් රෝවරයේ සූර්ය පැනල වැසී යාමෙන් එය අක්‍රිය වුණා. එතැනින් ඒ රෝවරයේ මෙහෙයුම ද අවසන් වුණා.
මෙසේ ගන්නා ලද ඡායාරූප කීපයකටම නාසා රෝවර දෙකම හසු කර ගෙන තිබුණා. ඔපර්චුනිට් රෝවරයේ අවසන් ගමනේ රෝද සලකුණුත් ඊට ඇතුළත් වුණා.
නාසා ආයතනයේ මේ ඡායාරූප කථාවට රතු ග්‍රහයා මත සිදුවන ඍතු විපර්යාසයන්, එහි භූමියේ ඇති වන වෙනස්කම්, දූවිලි කුණාටු ආදිය විශේෂයෙන් කැපී පෙනෙන දේ ඇතුළත් වෙනවා.
‘MRO යානය රතු ග්‍රහයා වෙත යවන්නට පෙර එහි ඇති වන වෙනස්කම පිළිබඳව අපට පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. එහි වායුගෝලය කෙතරම් තුනී එකක්ද යත් එහි වැලි හෝ වැලි කඳු සුළඟට ගසා ගෙන යාමක් සිදුවෙන්නේ නැතැයි කියා අප සිතා සිටියා. වසර 15ක් තිස්සේ මේ ගවේෂණයෙන් ලත් ප්‍රතිඵල අනුව ඒ තත්වය දැනි වෙනස් වෙලා තියෙනවා.’ කියන ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ නියෝජ්‍ය ව්‍යාපෘති විද්‍යාඥ ලෙස්ලි තම්පාරි තවදුරටත් කියන්නේ මේ තොරතුරු නැවත නැවතත් බලන විට තව තවත් අලුත් දේ හෙළිවන බවයි.
අඟහරු ග්‍රහයාගේ වායුගෝලය තුනී එකක් නිසා අභ්‍යවකාශයෙන් ඒ ග්‍රහයා මත පතිත වන ග්‍රහක, උල්කාශ්ම ඇතුළු විවිධ අවකාශ ද්‍රව්‍ය, පෘථිවියේ දී මෙන් වායුගෝලය තුළදී නො පිලිස්සී ඒ අයුරින්ම වැටෙන්නට ඉඩ තියෙනවා. එ් නිසා ලොකු උල්කාශ්ම වැටීමේ ප්‍රවණතාව වැඩියි.
මේ ඡායාරූප අධ්‍යයනය කොට ලුජේන්ද්‍රා ඕජා සොයා ගත්තා, රතු ග්‍රහයා මත වැටී ඇති වයිරම් වැනි රේඛා ඇති වී තියෙන්නේ බැවුම්වල පහළට ඇදී යන තද පැහැති වැලිවලින් බව. මෙයින් එහි සිදුවන ඍතු විපර්යාස ගැන බොහෝ දේ හෙළිකර ගත හැකිවුණා. මේ යානය යවන කාලයේ ඔහු ඇරිසෝනා සරසවියේ උපාධි අපේක්ෂයෙක්. අද හයිරයිස් කැමරාව හසුරුවන්නේ ඔහු ඇතුළු පිරිසක්. ඔහු දැන් රුජර්ස් සරසවියේ මහාචාර්යවරයෙක්.
මේ අඟහරු යානය, අපේ පෘථිවිය කැමරාවට නඟන්න හැරවූ වේලේ, ඉබේම වාගේ එහි ලොකුම චන්ද්‍රයා වූ ෆෝබ්ස්ගේ සවිස්තාරත්මක ඡායාරූපයක් ගැනීමට සමත් වුණා. අඟහරුගේ චන්ද්‍රයන් අපේ හඳ වගේ වටකුරු නැහැ. මිනිසා අඟහරු මතට ගොඩ බැසීමට පෙර ෆෝබ්ස් මතට යාවි කියලයි කියන්නේ. නුදුරු අනාගතයේ දී ජපානය ඒ වෙත අභ්‍යවකාශ යානයක් යැවීමට බලාපොරොත්තු වෙනවා.
2020 දී ජූලි 30 වැනිදා ඇමරිකාව, ඩොලර් බිලියන 2.5ක් වැය කොට, අඟහරු වෙත තවත් විශේෂ මෙහෙයුමක් දියත් කළා. ඒ මගින් පර්සවරන්ස් නමින් රෝවරයක් හා ඉන්ජෙනුයිටි නමින් ස්වයංක්‍රීය හෙලිකොප්ටරයක් ගෙන යනවා. (ජූලි 29 දා මල් කැකුළු) එය 2021පෙබරවාරි 18 වැනිදා අඟහරුගේ ජෙසීරෝ ආවාටය මතට, ගොඩ බහින්න නියමිතයි.
රෝවරයේ විශේෂ කැමරා තියෙනවා මෙතෙක් නොගත් විදියේ මතුපිට ඡායාරූප අරගෙන පෘථිවිය වෙත එවන්න. ඒ වගේ ම එහි යවන ඉන්ජෙනුයිටි නම් කුඩා හෙලිකොප්ටරය ලබන වසන්තයේ දී දින 30ක් තිස්සේ අඟහරු අහසේ පියාසර කරමින් ගවේෂණයේ යෙදෙනු ඇති. ‘එහි බැටරි පෘථිවියේ සිට පාලක මැදිරියේ අයට අවශ්‍ය විදියට ආරෝපණය කරන්න හැකියාව තියෙනවා. ඒක මෙතෙක් නොලද ආකාරයේ ජයග්‍රහණයක්.’ යයි කියන එහි මෙහෙයුම් නායක ටිම් කැන්හැම් තවදුරටත් කියන්නේ, ‘පොතේ හැටියට සියල්ල ම හරියට සිදුවුවහොත් අපට සෑම දෙසතියකටම වරක් අපට මෙහි සිට ඒ බැටරි පණ පොවන්න පුළුවන්.’ කියායි.
පසුගිය දා යැවූ පර්සවරන්ස් රෝවරයත්, ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරයත් ලබන වසරේ අඟහරු මතට ගොස් පරීක්ෂණ ආරම්භ කළත් MRO යානය නොකඩවා තවදුරටත් කටයුතු කරාවි.
අඟඟරු ග්‍රහයා ගැන මේ ටිකත් මතක තියා ගන්න. අඟහරුගේ එක දවසක් අපේ දවස් දෙකකට සමානයි. අඟහරුට සූර්යයා වටා වරත් යාමට පෘථිවි දින 687ක් යනවා. එහි භූමිය පොළොවට බොහෝ සේ සමාන වුනත් ගුරුත්වාකර්ෂණය වෙනස්. ඒ නිසා අඟහරු මත දී ඔබ උඩ පැන්නොත් පෘථිවියේදී මෙන් තුන් ගුණයක් ඉහළට පනින්න පුළුවන්. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් සතු කඳු අතරින් උසම කන්ද ඇත්තේ එහියි. එය අලේ එවරස්ට් කන්ද මෙන් තුන් ගුණයක් උසින් වැඩියි. පෘථිවිය හැරුණු විට ජනාවාස ඇති කිරීමට වඩාත් සුදුසු ග්‍රහයා අඟහරුයි. මේ වන විට පෘථිවියෙන් අඟහරු වෙත යානා 39ක් යවනු ලැබුවත් ඉන් සාර්ථක වූයේ 16ක් පමණයි.
- පර්සි ජයමාන්න.
හයිරයිස් දුටු ඇවලන්චියක් සක්‍රිය වූ හැටි. වසන්තයේ දී ඇති වන ඍතු විපර්යාසයත්
සමග අඟහරුගේ උත්තර ධ්‍රැවයේ පිහිටි අඩි 1,640ක් (මීටර් 500ක්) උස
මේ කඳු මුදුන කඩා හැළෙන්න පටන් ගත්තා.
එය සොයා ගෙන ඇති දේ අතර එහි කරදිය ඇති බව, හිමධාවයන් (avalanches) මෙන් ම, සක්‍රිය ඍතු විපර්යාස ද සිදුවන බව, වැලි කුණාටු හා සිහින් වැලි කඳු (dunes) ඇති බව ආදිය ඉන් කීපයක්. ඒ කෘත්‍රිම චන්ද්‍රිකාව තුළ සවිකර ඇති උපකරණවලින් ලබා ගන්නා ලද දත්ත හා එහි ඇති කැමරාවලින් ඡායාරූපවලට නඟා එවන ලද අවස්ථාවලින් තෝරා ගත් කීපයක්, මාධ්‍ය වෙත නිකුත් කරන්න නාසා ආයතනය අදහස් කර ඇත්තේ එහි 15 වසර සැමරීම නිමිත්තෙන්. දැනට රතු ග්‍රහයා වෙත යවා ඇති තවමත් සක්‍රියව පවතින පැරණිතම යානය මෙයයි.
මෙහි ඇති උපකරණ අතර විශේෂ කැමරා තුනක් තියෙනවා. ඉන් එකක් සැතැප්ම 19ක පුළුල් පරාසයක හසුකර ගෙන කළු සුදු ඡායාරූප ගත හැකි මීනක්ෂි කාචයක් සහිතයි. ඒ වගේ ම හයිරයිස් (HiRISE) යන කෙටි නමින් හැඳින්වෙන, එහි ස්ථාපිත කර ඇති උච්ච සමාධාන ප්‍රතිරූපණය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ කැමරා මෙවලම මගින් මෙතෙක් නොගත් ආකාරයේ ඡායාරූප ගැනීමක් සිදු කෙරෙනවා. එසේ ගත් ඡායාරූප තමා, නාසා ආයතනයට අයත් ජෙට් ප්‍රචාලන රසායනාගාරය මගින් ලබා ගෙන ඒ ඡායාරූප පිරිපහදු කොට මාධ්‍යය වෙත මෙසේ මුදා හැර ඇත්තේ.
හයිරයිස් මේ ඉහළ නඟින වැලි කුණාටුවෙහි ඡායාරූප ගත්තේ කිලෝමීටර් 297ක (සැතපුම් 185ක) ඉහළ කක්ෂයක අඟහරු වටා යමින් සිටියදියි.
අඟහරු ග්‍රහයා මතුපිට විශාලනය කර, උච්ච සමාධාන ප්‍රතිරූපණය ක්‍රමයට, සවිස්තරාත්මකව ලබාගත් වර්ණ ඡයාරුප, මේ මිහිමත මින් පෙර කිසිවකු නුදුටු ආකාරයේ ඒවා නිසා, ඒවා ලද මොහොතේ මෙහි මෙහෙයුම් මධ්‍යස්ථානයේ අය මවිතයට පත් වුණා. වේගයෙන් රූරා හැලෙන ඇව්ලාන්චියක් හෙවත් හිමධාවයක් මෙන්ම, අඟහරු පෘෂ්ඨය පිසගෙන හමා යන දූවිලි කුණාටු ආදිය ඒවායේ සටහන්ව තිබුණා. අඟහරු යනු රතු පාෂාණවලින් සුසැදි නිකම්ම ග්‍රහලෝකයක් නොව ඉතා සක්‍රිය භූදර්ශන මවන තැනක් බව ඔවුනට පසක් වුණා.
2009 පෙබරවාරියේ දී ඇති වූ, මෙහි දැක්වෙන වැළි කුණාටුවෙන් කැඟුණු රැලි
පහසුවෙන් හඳුනා ගැනීම පිණිස ‘ව්‍යාජ වර්ණ’ යොදා තියෙනවා. මෙහි ඇති භූ පිහිටීම් පෘථිවියේදී
මෙන් තැනින් තැනට මාරු වන බව හඳුනාගෙන තිබෙනවා.
එසේම මේ කැමරාවලින්, අඟහරු මත ඇති නාසා ආයතනයේ කියුරියෝසිටි අභ්‍යවකාශ යානයෙහි මෙන්ම, ඔපර්චුනිටි රෝවරයෙහි ඡායාරූප ද, අඟහරු සතු චන්ද්‍රයන් දෙදෙනාගෙන් ලොකුම චන්ද්‍රයා වූ ෆෝබොස්ගේ ඡායාරූපයක් ද, එහි සිට අපේ පෘථිවිය පෙනෙන අයුරු දැක ගත හැකි ඡායරූපයක් ද එවා තිබුණා. එම යානය එහි යැවූ 2006 වසරේ සිට 2020 අගෝස්තු වන තෙක් හයිරයිස් කැමරාවෙන් පමණක් ඡායාරූප 6,882,204ක් ලබා ගෙන පෘථිවියට එවා තියෙනවා. ඒ වගේ ම ඒ සඳහා ටෙරාබයිට් 194ක දත්ත අඟහරු කක්ෂයේ සිට මෙහි එවා තිබෙනවා.
මේ අඟහරු ග්‍රහයා මත අලුතින් ආවාටයක් ඇති වූ හැටි. මීටර් 30ක් (අඩි 100ක්) පළල
මේ ආවාටය වටා විශාල පිපිරුමක් කිරණ දහර නිසා ඇති වුණා.
මේ මාස් රිකොන්ඉසන්ස් ඕබිටරයේ (MRO) මෙහෙයුම් කටයුතු කරනු ලබන්නේ දකුණු කැලිෆෝනියාවේ පිහිටුවා ඇති ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ(JPL) මෙහෙයුම් මැදිරියේ සිටින කණ්ඩායමක් විසිනුයි. ඔවුන් තේරූ හොඳම පින්තූර කීපයක් තමා, මේ සමඟ පළ වෙන්නේ.
ඔවුන්ගේ එක් පින්තූරයකින් 2019 මැයි මාසයේ අඩි 1,640ක් ඉහළ කන්ද මුදුනෙහි හිම දිය වීමත් සමග රතු දූවිලි මුසු ඇව්ලාන්චියක් පහතට කඩා වැටෙන අයුුරු අපට දැක ගන්න පුළුවන්. ඒ සිදුවූයේ එහි ඍතු විපර්යාසය සිදුවන අවස්ථාවෙදියි.
මේ සකස් කළ ඡායාරූපයෙන් රතුග්‍රහයා මතුපිට ඍතු විපර්යාස අනුව වෙනස් වන හැටි පෙන්වා
දෙනවා. මේ අඳුරු ලප සෑම වසරකම එකම කාලයකදී එකම ආකාරයකට වෙනස් වෙනවා.
වසන්ත ඍතුව ආරම්භ වන සෑම විට ම රතු ග්‍රහයාගේ උත්තරධ්‍රැවයට සූර්යයා උදා වෙද්දී එහි පතිත වන හිරු රැස්වල තාපයෙන් කඳුමුදුන් මත විවිධ යුග ඔස්සේ තැන්පත් වූ වියළි හිම හා දූවිලි ස්තර දියවී කඩා හැළීම සිදුවෙනවා. ඒ පාෂාණ කඳු පාමුල වදිද්දී එහි ඇති දූවිලි ඉහළට විහිදෙනවා. ඡායාරූපවල හිමධාවයන් ලෙස පෙනෙන්නේ එයයි. ගසක වළලුවලින් මෙන්, මේ ස්තර අනුව විද්‍යාඥයන්ට, ඒ පරිසරය තුළ සිදු වූ වෙනස්කම් ගැන අනාවැකි කියන්න පුළුවන්.
මේ රතු ග්‍රහයා මත දූවිලි කුණාටු ඇති වීම බහුලව සිදුවෙනවා. මේ වැලි කුණාටු බොහෝ විට කුඩා ප්‍රදේශවලට සීමා වෙනවා. ඇතැම් අවස්ථාවල ඒවා එක වැලට සිදුවෙනවා. එවැනි විටෙක මුළු ග්‍රහයාම දූවිල්ලෙන් වැසී යනවා. 2018 දී සිදු වූ එවැන්නක් මේ MRO චන්ද්‍රිකාවේ ඇති කැමරා මගින් ඡායාරූප ගත කොට තිබෙනු ඔබට මෙහි දී දැක ගත හැකියි. ඒ සිදුවීමෙන් අඟහරු මතට හිරු රැස් පතිත නොවීම නිසා එහි කලින් යවා තිබූ ඔපර්චුනිට් රෝවරයේ සූර්ය පැනල වැසී යාමෙන් එය අක්‍රිය වුණා. එතැනින් ඒ රෝවරයේ මෙහෙයුම ද අවසන් වුණා.
මේ ඔපර්චුනිටි රෝවර් යානය, 2018 ජූනි 10 වැනිදා, එහි මෙහෙයුම් අවසන් කළ,
මහ කුණාටුවට පෙර පෘථිවියේ සිටි කණ්ඩායම සමග අවසාන සබඳතාව
පවත්වමින් සිය මෙහෙයුමේ අවසන් ගමනේ යෙදුණු හැටි.
මෙසේ ගන්නා ලද ඡායාරූප කීපයකටම නාසා රෝවර දෙකම හසු කර ගෙන තිබුණා. ඔපර්චුනිට් රෝවරයේ අවසන් ගමනේ රෝද සලකුණුත් ඊට ඇතුළත් වුණා.
නාසා ආයතනයේ මේ ඡායාරූප කථාවට රතු ග්‍රහයා මත සිදුවන ඍතු විපර්යාසයන්, එහි භූමියේ ඇති වන වෙනස්කම්, දූවිලි කුණාටු ආදිය විශේෂයෙන් කැපී පෙනෙන දේ ඇතුළත් වෙනවා.
‘MRO යානය රතු ග්‍රහයා වෙත යවන්නට පෙර එහි ඇති වන වෙනස්කම පිළිබඳව අපට පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. එහි වායුගෝලය කෙතරම් තුනී එකක්ද යත් එහි වැලි හෝ වැලි කඳු සුළඟට ගසා ගෙන යාමක් සිදුවෙන්නේ නැතැයි කියා අප සිතා සිටියා. වසර 15ක් තිස්සේ මේ ගවේෂණයෙන් ලත් ප්‍රතිඵල අනුව ඒ තත්වය දැනි වෙනස් වෙලා තියෙනවා.’ කියන ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ නියෝජ්‍ය ව්‍යාපෘති විද්‍යාඥ ලෙස්ලි තම්පාරි තවදුරටත් කියන්නේ මේ තොරතුරු නැවත නැවතත් බලන විට තව තවත් අලුත් දේ හෙළිවන බවයි.
අඟහරු ග්‍රහයාගේ වායුගෝලය තුනී එකක් නිසා අභ්‍යවකාශයෙන් ඒ ග්‍රහයා මත පතිත වන ග්‍රහක, උල්කාශ්ම ඇතුළු විවිධ අවකාශ ද්‍රව්‍ය, පෘථිවියේ දී මෙන් වායුගෝලය තුළදී නො පිලිස්සී ඒ අයුරින්ම වැටෙන්නට ඉඩ තියෙනවා. එ් නිසා ලොකු උල්කාශ්ම වැටීමේ ප්‍රවණතාව වැඩියි.
මේ ඡායාරූප අධ්‍යයනය කොට ලුජේන්ද්‍රා ඕජා සොයා ගත්තා, රතු ග්‍රහයා මත වැටී ඇති වයිරම් වැනි රේඛා ඇති වී තියෙන්නේ බැවුම්වල පහළට ඇදී යන තද පැහැති වැලිවලින් බව. මෙයින් එහි සිදුවන ඍතු විපර්යාස ගැන බොහෝ දේ හෙළිකර ගත හැකිවුණා. මේ යානය යවන කාලයේ ඔහු ඇරිසෝනා සරසවියේ උපාධි අපේක්ෂයෙක්. අද හයිරයිස් කැමරාව හසුරුවන්නේ ඔහු ඇතුළු පිරිසක්. ඔහු දැන් රුජර්ස් සරසවියේ මහාචාර්යවරයෙක්.
2018 දී දූවිලි කුණාටුව විසින් මුළු අඟහරු ග්‍රහයා ම වෙළා ගැනීමට පෙර (වමේ) විසින් ගත් සේයා රුව
හා කුණාටුව විසින් මුළු ග්‍රහයාම වෙළා ගත් පසු සේයා රුව.(දකුණේ)
මේ අඟහරු යානය, අපේ පෘථිවිය කැමරාවට නඟන්න හැරවූ වේලේ, ඉබේම වාගේ එහි ලොකුම චන්ද්‍රයා වූ ෆෝබ්ස්ගේ සවිස්තාරත්මක ඡායාරූපයක් ගැනීමට සමත් වුණා. අඟහරුගේ චන්ද්‍රයන් අපේ හඳ වගේ වටකුරු නැහැ. මිනිසා අඟහරු මතට ගොඩ බැසීමට පෙර ෆෝබ්ස් මතට යාවි කියලයි කියන්නේ. නුදුරු අනාගතයේ දී ජපානය ඒ වෙත අභ්‍යවකාශ යානයක් යැවීමට බලාපොරොත්තු වෙනවා.
2008 මාර්තු 23 වැනිදා, හයිරයිස් ගේ කැමරා නෙතට, අඟහරුගේ චන්ද්‍රයන් අතුරින්
විශාලතම වූ සැ.13ක විශ්කම්භයක් ඇති ෆෝබස් චන්ද්‍රයා ලක්වූ අයුරු.
2020 දී ජූලි 30 වැනිදා ඇමරිකාව, ඩොලර් බිලියන 2.5ක් වැය කොට, අඟහරු වෙත තවත් විශේෂ මෙහෙයුමක් දියත් කළා. ඒ මගින් පර්සවරන්ස් නමින් රෝවරයක් හා ඉන්ජෙනුයිටි නමින් ස්වයංක්‍රීය හෙලිකොප්ටරයක් ගෙන යනවා. (ජූලි 29 දා මල් කැකුළු) එය 2021පෙබරවාරි 18 වැනිදා අඟහරුගේ ජෙසීරෝ ආවාටය මතට, ගොඩ බහින්න නියමිතයි.
රතු ග්‍රහයා වටා මෙහෙයුමේ යෙදෙද්දී MRO යානයේ හයිරයිස් කැමරා නෙතට
අපේ පෘථිවිය (ඉහළ) හා එහි ස්වාභාවික චන්ද්‍රයා (පහළ) හසු වූ අයුරුයි, මේ.
රෝවරයේ විශේෂ කැමරා තියෙනවා මෙතෙක් නොගත් විදියේ මතුපිට ඡායාරූප අරගෙන පෘථිවිය වෙත එවන්න. ඒ වගේ ම එහි යවන ඉන්ජෙනුයිටි නම් කුඩා හෙලිකොප්ටරය ලබන වසන්තයේ දී දින 30ක් තිස්සේ අඟහරු අහසේ පියාසර කරමින් ගවේෂණයේ යෙදෙනු ඇති. ‘එහි බැටරි පෘථිවියේ සිට පාලක මැදිරියේ අයට අවශ්‍ය විදියට ආරෝපණය කරන්න හැකියාව තියෙනවා. ඒක මෙතෙක් නොලද ආකාරයේ ජයග්‍රහණයක්.’ යයි කියන එහි මෙහෙයුම් නායක ටිම් කැන්හැම් තවදුරටත් කියන්නේ, ‘පොතේ හැටියට සියල්ල ම හරියට සිදුවුවහොත් අපට සෑම දෙසතියකටම වරක් අපට මෙහි සිට ඒ බැටරි පණ පොවන්න පුළුවන්.’ කියායි.
2020දී අඟහරු වෙත යවන ලද නාසා ආයතනයේ අලුත් ම රෝවරය සිත්තරකුගේ ඇසින්. මෙය
අඟහරු මතට ගිය පසු එහි විසූ පුරාණ ජීවීන් පිළිබඳව සොයා බලනු ඇති. ඒ තොරතුරුවලින්
අපේ පෘථිවියෙහි ජීවය ආරම්භ වූ අයුරු වඩා හොඳින් තේරුම් ගන්නට අපේ විද්‍යාඥයන්ට හැකි වේවි.

0 Comments