බීඑම්සී පරිසර ජර්නලයේ අනුග්‍රහයෙන් පැවති ලෝක පරිසරය ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන් පසුගිය සතියේ ප්‍රකාශයට පත් කෙරුණා. මෙවර එහි හැම අංශයක් ම අබිබවා ජය ගත්තේ ප්‍රංශ ගියානාවේ වයිරස ආසාදනයකට ලක් වූ ෆ්‍රිගේට්බර්ඩ් කුරුලු පැටියකුගේ ඡායාරූපයක්. ඒ ඡායාරූපය ඉදිරිපත් කර තිබුණේ පැරීසියේ වෙසෙන ඡායාරුප ශිල්පියකු වූ ඩේවිඩ් කොන්ස්ටන්ටිනියි. ඔහු පැරීසියේ ස්වභාව විද්‍යා කෞතුකාරයේ සේවය කරන්නෙක්. ඒ කුරුලු පැටියා සුව නොවන ආකාරයේ දරුණු රෝගී තත්වයේ පසුවන්නෙක්.
සමස්ත තරගයේ ම ජයග්‍රාහකයා - වයිරස ආසාදනයක් නිසා
රෝගී ව, ජීවිත අවදානමට ලක්වී සිටින, ෆ්‍රිගේට්බර්ඩ් කුරුළු පැටියා
‘ඩේවිඩ් කොන්ස්ටන්ටිනිගේ ඡායාරූපය හරිම ප්‍රබල එකක්. එයින් නිරූපණය කෙරෙන්නේ වෙනත් සත්ව විශේෂයන් ද වයිරසවලට තදින් ගොදුරු වන බවත්, ඒවා ස්වභාවයෙන් අපේ පරිසරයට උරුම දේ වන බවත්, අපට පැහැදිලි කර දෙනවා.’ යයි බීඑම්සී පරිසර ජර්නලයේ සංස්කාරවරුන් වන ලුක් ජේකොබ්ස් හා ජෝශෆ් සෙටල් යන දෙදෙනා පවසනවා.
‘කෝවිඩ් වයිරස වසංගතය පවතින මේ කාලේ මේ වයිරස ගැන කරන සඳහන විශේෂයෙන් ම වැදගත් වෙනවා.’ ඔවුන් වැඩිදුරටත් කියනවා.
වනාන්තර හරිත කටුස්සා, කටුසු පවුලේ යෝධයා, සෙ.මී 62.5ක්
(අඟල් 25.5ක්) දිගයි. පිටේ ඇති දීප්තිමත් කොළ පැහැති වැටියෙහි,
වර්ණ වෙනස් කළ හැකි ක්‍රීම් හෝ කොළ පාට තීරු 5 – 6ක් තියෙනවා.
මේ තරගය සංවිධානය කළේ පරිසර විද්‍යාඥයන්ට ඔවුන්ගේ පර්යේෂණ හා ඡායාරූප ගැනීමේ කුසලතාවන්ට අවස්ථාව සලසා දෙමින් කලාවත්, විද්‍යාවත් එක්තැන් කිරීමෙන් ඔවුන් තුළ ප්‍රසාදයක් ඇති කිරීමටයි.
ජයග්‍රාහී ඡායාරූප ශිල්පියා වූ ඩේවිඩ් කොන්ස්ටන්ටිනි ඒ ගැන කියන්නේ මෙහෙමයි. ‘මං ඒ දසුන කැමරාවට නැඟුවේ ප්‍රංශ ගියානාවෙදියි. ඒ රටේ වසරක් පාසා ෆ්‍රිගේට්බර්ඩ් කුරුල්ලන්ගේ ගහනයට ඔය වයිරස ආසාදනය ලොකු තර්ජනයක් එල්ල කරනවා.’
මේ ඡායාරූපය චර්යා හා කායික පරිසර විද්‍යා
අංශයෙන් මුල් තැන දිනුවේ. දිලීර ආසදනයකට
ලක් වී සිටින වීවිල් කුරුමිණියායි.
‘ෆ්‍රිගේට්බර්ඩ් කුරුල්ලන් මේ ප්‍රශ්නයෙන් ගලවා ගැනීම සඳහා අවශ්‍ය සංරක්ෂණ කටයුතු කිරීමට, වයිරස ව්‍යාප්තිය හඳුනා ගැනීමට, පර්යේෂණ කිරීමට යාමේදී තමයි මට මේ කුරුල්ලා හමුවුණේ’ ඔහු වැඩිදුරටත් කියනවා.
මේ ඡායාරූප තරගය සඳහා ඉතා ආකර්ෂණීය දර්ශන රාශියක් ඉදිරිපත් කර තිබුණා. එහි වූ එක් ආකර්ෂණීය සේයා රුවක් තමයි, වනාන්තර හරිත කටුස්සා. කටුසු පවුලේ යෝධයා, සෙ.මී 62.5ක් (අඟල් 25ක්) දිගයි. පිටේ ඇති දීප්තිමත් කොළ පැහැති වැටියෙහි, වර්ණ වෙනස් කළ හැකි ක්‍රීම් හෝ කොළ පාට තීරු 5 – 6ක් තියෙනවා. මේ කටුස්සා ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් ඉන්නවා. මේ රුව කැමරාවට නඟා තියෙන්නේ ඉන්දියානු කඳුකරයේදියි.
මේ අවතාර කකුළුවාගේ ඡායාරූපය චීනයේ මුහුදු
වෙරළක, මිනිස් පා සලකුණක සැඟවී සිටියදී ගත් එකක්.
මෙය හොඳම ඡායාරූපය වූයේ ජීවී ප්‍රජාව, සත්ව ගහන හා විශාල පරිසර පද්ධති
ඇතුළත් අංශයෙන්. මේ සතුන් නිවර්තන හා උපනිවර්තන
කලාපීය මුහුදු වෙරළවල දැකිය හැකියි.
මේ තරගය සංවිධානය කළ බීඑම්සී පරිසර ජර්නලය, ජෛව විවිධත්වය පමණක් නොව, පරිසර, සත්ව චර්යා හා සත්ව ගහන පිළිබඳව විද්‍යාත්මක ඔන්ලයින් සඟරාවක් වන අතර එයට ලොව පුරා විවිධ පරිසර විද්‍යාඥයන් විශේෂාංග සපයනවා.
මේ අමුතු ඡායාරූප තරගය ඔවුන් පැවැත් වූයේ හත්වැනි වරටයි. මෙහි ජයග්‍රාහී ඡායාරූප තේරීම සිදු කළේ බීඑම්සී පරිසර ජර්නලයේ සංස්කාරක මණ්ඩලයයි. එහි ප්‍රධාන සංස්කාරක ඇලිසන් කෆ් කියන්නේ තරගයට ලැබුණු ඡායාරූප ඉතාමත් තරඟකාරී තත්වයේ පැවති නිසා වඩාත් හොඳ ඒවා තේරීම ඔවුනට ඉතාමත් අසිරු වූ බවයි.
චීනයේ ගෝබි කාන්තාරයේ සුළං ගොවිපළෙහි මෙම ඡායාරූපයටයි,
භූදර්ශන පරිසර විද්‍යා හා පරිසර පද්ධති අංශයේ සම්මානය හිමි වුණේ.
ගොන්සු පළාතේ ගුවාෂෝවල පිහිටුවා ඇති මෙයින්
ගිගා වොට් 20ක විදුලි බලයක් නිපදවනවා.
‘අපේ ඒ ඒ අංශ භාර සංස්කාරකවරුන් ඔවුන් විශේඥ දැනුම යොදා ගෙන ඒවායේ තාක්ෂණික ගුණාංග හා විචිත්‍ර වර්ණවත් භාවය පමණක් නොව ඒවා පසුබිමෙහි ඇති විද්‍යාත්මක කථා ද මේ තේරීමේදී සැලකිල්ලට ගත්තා. ඒ නිසයි, අපට විශිෂ්ට ඡායාරූප රැසක් තෝරා ගත හැකි වූයේ.’ යයි ඔහු වැඩිදුරටත් කියනවා.
සමස්ත ජයග්‍රාහකයා තේරීමට අමතරව අංශ හතරකින් ජයග්‍රාහකයන් තෝරනු ලැබුවා. චර්යාත්මක, භෞතික හා පරිසර විද්‍යාත්මක ප්‍රජාව, ජනගහනය හා පුළුල් පාරිසරික පද්ධති, පරිසර විද්‍යාත්මක සංරක්ෂණය හා ජෛව විද්‍යාත්මක පර්යේෂණ, භූදර්ශන පාරිසාරික විද්‍යාව හා පාරිසාරික පද්ධති සහ සංස්කාරකගේ විශේෂ තේරීම යන අංශ ඊට අතුළත් වෙනවා.
‘රජ නෑමක්’ යනුවෙන් නම් කොට තිබුණු මේ ඡායාරූපයේ
ඉන්නේ කිං අයිඩර් පාත්තයෙක්. මෙයට සංස්කාරකගේ සම්මානය හිමි වුණා.
චර්යාත්මක, භෞතික හා පරිසර විද්‍යාත්මක ප්‍රජාව යන අංශයෙන් ජය ගත්තේ ඩේමියන් එස්ක්වෙරීගේ වීවල් කුරුමිණියන්ගේ ඡායාරූපයයි. ඒ කුරුමිණියන් දිලීර ආසදනයකට ලක් වී ඇති අතර ඒ දිලීරය කුරුමිණියන් ඇතුළතින් කා දමා විනාශ කරන බවයි.
ඒ අංශයේ සංස්කාරක ඩොමිනික් මාසි ඒ ගැන මෙසේ අදහස් දැක්වුවා. ‘ඒ ඡායාරූපය ඉතාමත් අපූරුවට ඒ කුරුමිණියා දිලීරය නිසා අසරණව සිටින ආකාරයත් උගේ සිරුරට ඇතුළුවී ඇති දිලීරය ඇතුළතින් ඌව කා දමමින් දිලීරය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ආකාරයත් මතුකර පෙන්වනවා.’
සංස්කාරකගේ තේරීම වූයේ ජර්මනියේ බීලේෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ නායිදෙන් චකරොෆ්ගේ ඡායාරූපයයි.
කිං අයිඩර් පාත්තයන් බෝවන්නේ ආක්ටික් ප්‍රදේශයේ උස් කඳුකරයේ පමණයි. මේ ඡායාරූපයේ ආක්ටික් කලාපයේ පසුබිම වූ කළු සුදුසු මත කිං අයිඩර් පාත්තයාගේ උජාරුව අපුරුවට මතුවී පෙනෙනවා.
කරදරකාර මැස්සකු පන්නා ගැනීමට තනන, පැරණි ලෝකයේ
ප්‍රිමාටාවකු වූ මේ ගෙලඩා වැඳිරිය ආවේ ඉතියෝපියාවෙන්.
එයට විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමුණා.
ජයග්‍රාහී ඡායාරූප හැරුණු විට අතිරේකව තේරූ විශිෂ්ට සම්මාන හිමි වූ ඡායාරූප සියල්ලම වර්තමානයේ පාරිසාරික ගැටලු ප්‍රබලව සාකච්ඡා කරන ඒවා බවයි.
භූදර්ශන පාරිසාරික විද්‍යාව හා පාරිසාරික පද්ධති අංශයෙන් ජය ගත්තේ චීනයේ ෂීජියෑං විශ්ව විද්‍යාලයේ කැන් සූ යි. ගෝබි කාන්තාරයේ සුළං ගොවිපළෙහි මෙම ඡායාරූපයෙන් කාන්තාර පරිසරයෙන් ගත හැකි ප්‍රයෝජන කුමක්දැයි පෙන්වා දෙනවා. කැන් සූ කියන්නේ, ‘අපේ පසුගිය පර්යේෂණවලින් පෙනී ගොස් තියෙනවා, කාන්තාරයේ සුළං බමන සවි කිරීමෙන් දෙයාකාර ප්‍රයෝජනයක් ලැබෙන බව. එක් අතකින් ඒ පරිසරයේ වගා කිරීම් කළ හැකියි. අනෙක් අතට සුළං භාවිතයෙන් පිරිසිදු බලශක්තිය නිපදවා ගන්න පුළුවන්.’ කියායි.
මියර්කැට් නම් මුගටි විශේෂය දවසේ වැඩි කාලයක් කෑම
සොයා වෙසෙනවා. විද්‍යාඥයන්ට ඌ හමු වී ඇත්තේ කලහාරි කාන්තාරයේදියි.
ඉතියෝපියාවේ කඳුකරයේ දී ඡායාරූපයට නඟා ඇති මේ ගෙලඩා වඳුරන් ඒ ප්‍රදේශයට පමණක් සීමා දුලබ සතුන් විශේෂයක්. බින් ලින් ඒ ගෙලඩා වැඳිරිය මැස්සකුගේ කරදරයෙන් බේරීම ගත් වෙහෙසත් හොඳින් නිරූපණය කෙරෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් සරසවියේ පර්යේෂකයකු වූ බින් කියන්නේ මේ සත්ව විශේෂයේ දැනට ලෝකයට ඉතිරිව ඇත්තේ මේ සතුන් කීපදෙනා පමණක් බවයි. ඒ නිසා ප්‍රිමාටාවන්ගේ පරිණාමය ගැන හදාරන අයට මේ සතුන් ඉතාමත් වටිනා බවයි.
මේ තරගයේ තවත් විස්තර අවශ්‍ය නම් ඔබට BMC Ecology website එකෙන් ලබා ගන්න පුළුවන්.
අහස් වියනේ විචිත්‍ර රටා මවන මේ තුරු මුදුන්වල ඡායාරූපය,
සංරක්ෂණ පරිසර විද්‍යාව හා ජෛව විවිධත්ව පර්යේෂණ
අංශයේ සම්මානය දිනා ගත් එකයි.
මිලියනයකට වැඩි ශාක හා සත්ව විශේෂ මිහිමතින් අතුගෑවෙන ලකුණු!
සොබාදහම ලොකු අනතුරකට ලක් වෙලා තියෙන්නෙ. විශේෂඥයන් කියන විධියට දැන් ඕනෑම මොහොතක සොබාදහමට අයත් ශාක හා සත්ව ඇතුළත් ජීව ප්‍රජාව මිලියනයකට වැඩි ගණනක් මේ මිහිමතින් තුරන් වී යා හැකියි.ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මුල් ම සවිස්තරාත්මක වාර්තාවෙන් හෙළිකර ඇති ප්‍රධාන කරුණ එයයි. ඒ වාර්තාවට අනුව ශාක හා සත්ව ප්‍රජාවේ වඳවී යාමේ වේගය අතීතයේ පැවතියාට වඩා දස දහස් ගුණයකින් වැඩි වී තියෙනවා.
ඒ වාර්තාවෙහි දක්වෙන්නේ අප ආහාර, බල ශක්තිය නිපදවා ගැනීමට ගන්නා ක්‍රමවල වෙනසක්, දේශ ගුණයේ වෙනස්වීම්වලට බලපාන අපේ කාර්යයන් හා කසළ බැහැර කිරීමේ ක්‍රමවල වෙනසක් ඇති කිරීමෙන් පරිසරයට සිදු වන බරපතල ම හානි වළක්වා ගත හැකි බවයි.
මිහිමත ජෛව විවිධත්වය විනාශ කරන මිනිස් ක්‍රියාකාරකම් පහක් ඒ වාර්තාවෙහි දැක්වෙනවා.
1. වනාන්තර, තණබිම් හා වෙනත් පරිසර පද්ධති වෙනස් කොට ගොවිපොළ, නගර ඉදිකිරීම් හා වෙනත් සංවර්ධන කටයුතුවලට යොදා ගැනීම. මිහිමත මුළු බිම් ප්‍රමාණයෙන් හතරෙන් තුනක්, සමස්ත සාගරවලින් තුනෙන් දෙකක්, ජීවයේ පැවැත්මට ඉතාමත් වැදගත් වූ තෙත් බිම්වලින් සියයට 85ක්, මේ වන විටත් දරුණු ලෙස වෙනස් කර ජෛව විශේෂවලට දිවි රැක ගැනීම අසීරු කර තිබෙනවා.
2. ලෝකයේ සාගර පමණ ඉක්මවා ධීවර කටයුුුුුතුවලට යොදා ගැනීම. ලෝක ධීවර සම්පතෙන් තුනෙන් එකක් ම මසුන් ඇල්ලීම නිසා දැනටමත් විනාශ වෙලා අවසන්.
3. සමහර සත්ව විශේෂවලට ජීවත්විය නොහැකි වන මට්ටමට, උෂ්ණත්වය, තෙතමනය හා වියළි බව අධික වීමට හේතුවන ආකාරයට, දේශගුණික වෙනස් ඇති වන පොසිල ඉන්ධන දැවීම වළක්වා ගැනීම. දැනටමත් වවුලන් හැර ගොඩබිම වෙසෙන ක්ෂීරපායීන්ගෙන් අඩක් ම වඳවී ගොස් තියෙනවා. ගෝලීය උණුසුම වැඩිවීම නිසා කුරුල්ලන්ගෙන් හතරෙන් එකකගේ ජීවන පරිසරය වෙනස් වීම නිසා වඳවීයාමේ තර්ජනයට ලක්ව තිබෙනවා.
4. ජලය හා භූමිය දූෂණයට ලක් කිරීම. වසරක් පාසා, බර ලෝහ, ද්‍රාවකයන් හා විෂ සහිත අපද්‍රව්‍ය ටොන් 300ත් 400ත් අතර ප්‍රමාණයක්, ලෝකය පුරා සාගරවලට එක් වෙනවා.
5. දේශීය ශාක හා සත්ව ප්‍රජාවන්ට තර්ජනයක් විය හැකි ආක්‍රමණශීලී ශාක හා ජීවීන්ට වර්ධනය වීමට ඉඩ දීම. 1970 සිට මේ දක්වා කාලය තුළ සෑම රටක ම ආක්‍රමණශීලී ශාක විශේෂ හා ජීවීන් එක්වීම සියයට 70කින් පමණ වැඩි වී තියෙනවා. ඒ වගේ ම, විශේෂ 400ක‍් පමණ වන උභයජීවීන්ගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බැක්ටීරියා විශේෂයක් ද ලොව පුරා ව්‍යාප්තව තියෙනවා.
- පර්සි ජයමාන්න
1 Comments
+++++++++++
ReplyDelete