එදා 1945 අගෝස්තු 6 වැනිදා, ජපානයේ වේලාවෙන් උදේ 8.15ට ඇමරිකාවේ ‘ඉනෝලා ගේ’ ගුවන් යානය ‘පොඩි ළමයා’ (Little Boy) රැගෙන ගොස් ජපානයේ හිරෝෂාමා නගරයට ඉහළ අහසේ සිට බිමට අත ඇරියේය. ‘පොඩි ළමයා’ යන ආදර නාමයෙන් හැඳින්වුවද එතැන සිදු වූයේ අනාදරයකි, හතුරුකමකි. ලෝක ඉතිහාසයේ දරුණුම අපරාධය ලෙස සැලකෙන ලොව පළමු පරමාණු බෝම්බ ප්‍රහාරය සිදුවූයේ එහෙමය.
ඒ මොහොතේ ම හිරෝෂිමා නගරය මුළුමනින් ම පොළොවට සමතලා විය. 70,000 දෙනා එසැණ මිය ගියහ. සුන්නත් දූලි බවට පත් වූහ. සිව්මසක් ඇතුළත මරණ ගණන 140,000ක් විය. බෝම්බය පතිත වූ ලක්ෂ්‍යයේ සිට කි.මී 1.6ක අරයක වෘත්තයක වපසරිය සහමුලින් ම විනාශ විය.
‘ඒ බෝම්බයේ බලපෑම කෙතරම් දරුණු විද යත් මිනිසුන් හා සතුන් ඇතුළු සියලුම ජීවීන් එසැණ මිය ගියේ ඒ මොහොතේ පිලිස්සීමට ලක්වීමෙනි. ඒ බෝම්බ පිපිරීම නිසා ඇති වූ අති දරුණු තාපයට හා අධික පීඩනය හේතුවෙනි.’ යනුවෙන් තෝකියෝ ගුවන් විදුලිය ඒ පිපිරීමෙන් පසු කළ හදිසි පුවත් විකාශයෙන් පැවසීය.
‘මිය ගිය හා තුවාල වුණු සියලුදෙනාම හඳුනා ගත නොහැකි තරමට පිලිස්සී තිබුණි. එළිමහනේ සිටි ජනතාව සහමුලින් ම පිලිස්සී මරණයට පත් වූ අතර ගෘහස්ථව සිටි අය විස්තර කළ නොහැකි තරම් අධික තාපය හා දැඩි පීඩනය නිසා මරණයට පත් වූහ.’
නමුත් විනාශය එතැනින් නැවතුණේ නැත. ඒ න්‍යෂ්ටික බෝම්බයක් නිසා ඉන් නිකුත් වූ විකිරණ හේතුවෙන් බොහෝ දෙනා දරුණු ලෙස රෝගී වූහ. විවිධ අයුරින් පීඩාවට පත් වූහ.
තුවාල වූ දස දහස් ගණනක් දුක් විඳ මරණයට පත් වූහ. විකිරණ රෝගී තත්වයන් හේතුවෙන් හා ඉන් ඇති වූ පිළිකා නිසා මරණයට පත් වූහ. ඇමරිකා එක්සත් ජනපද මෑන්හැට්න් ව්‍යාපෘතියේ බල ශක්ති දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මරණ සංඛ්‍යාව දෙලක්ෂයක් බවය. එහෙත් හිරෝෂිමා නගර බලධාරීන් කියන්නේ ඒ සංඛ්‍යාව 237,000ක් බවය.
1945 අගෝස්තු 6 වැනිදා හිරෝෂිමා නගරයට
බෝම්බය දැමීමෙන් පසු නිකුත් වූ න්‍යෂ්ටික දුමාරය
හිරෝෂිමා නගරයට මොකද වුණේ?
මුල් පරමාණු බෝම්බයට යොදා ගෙන තිබුණේ යුරේනියම් -235 සමස්ථානිකයෙන් කි.ග්‍රෑ. 64කි. එහි බර කි.ග්‍රෑ 4,400ක් බරින් යුතු විය. බෝම්බය හරියටම එරට වේලාවෙන් පෙරවරු 8.15ට හිරෝෂිමා නගර මධ්‍යයට හෙළනු ලැබීය.ඒ මොහොතේ ම හිරෝෂිමා නගරය මුළුමනින් ම පොළොවට සමතලා විය. 70,000 දෙනා එසැණ මිය ගියහ. සුන්නත් දූලි බවට පත් වූහ. සිව්මසක් ඇතුළත මරණ ගණන 140,000ක් විය. බෝම්බය පතිත වූ ලක්ෂ්‍යයේ සිට කි.මී 1.6ක අරයක වෘත්තයක වපසරිය සහමුලින් ම විනාශ විය.
‘ඒ බෝම්බයේ බලපෑම කෙතරම් දරුණු විද යත් මිනිසුන් හා සතුන් ඇතුළු සියලුම ජීවීන් එසැණ මිය ගියේ ඒ මොහොතේ පිලිස්සීමට ලක්වීමෙනි. ඒ බෝම්බ පිපිරීම නිසා ඇති වූ අති දරුණු තාපයට හා අධික පීඩනය හේතුවෙනි.’ යනුවෙන් තෝකියෝ ගුවන් විදුලිය ඒ පිපිරීමෙන් පසු කළ හදිසි පුවත් විකාශයෙන් පැවසීය.
‘මිය ගිය හා තුවාල වුණු සියලුදෙනාම හඳුනා ගත නොහැකි තරමට පිලිස්සී තිබුණි. එළිමහනේ සිටි ජනතාව සහමුලින් ම පිලිස්සී මරණයට පත් වූ අතර ගෘහස්ථව සිටි අය විස්තර කළ නොහැකි තරම් අධික තාපය හා දැඩි පීඩනය නිසා මරණයට පත් වූහ.’
බෝම්බය දැමීමට පිටත් වීමට පෙර ඇමරිකන් ගුවන් හමුදාවේ කර්නල් පෝල් ඩබ්ලිව් ටිබෙට්ස්
නියමු කුටියේ කවුළුවෙන් බලා සිටි අයුරු.
නමුත් විනාශය එතැනින් නැවතුණේ නැත. ඒ න්‍යෂ්ටික බෝම්බයක් නිසා ඉන් නිකුත් වූ විකිරණ හේතුවෙන් බොහෝ දෙනා දරුණු ලෙස රෝගී වූහ. විවිධ අයුරින් පීඩාවට පත් වූහ.
තුවාල වූ දස දහස් ගණනක් දුක් විඳ මරණයට පත් වූහ. විකිරණ රෝගී තත්වයන් හේතුවෙන් හා ඉන් ඇති වූ පිළිකා නිසා මරණයට පත් වූහ. ඇමරිකා එක්සත් ජනපද මෑන්හැට්න් ව්‍යාපෘතියේ බල ශක්ති දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මරණ සංඛ්‍යාව දෙලක්ෂයක් බවය. එහෙත් හිරෝෂිමා නගර බලධාරීන් කියන්නේ ඒ සංඛ්‍යාව 237,000ක් බවය.
ඇමරිකාව ජපානයට පරමාණු බෝම්බය හෙළුවේ ඇයි?
1945 අගෝස්තු 9 වැනිදා නාගසාකිවලට හෙළුෑ බෝම්බයෙන් නිකුත් වූ න්‍යෂ්ටික දුමාරය
දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී ජපානය සටන් කළේ ඇමරිකාව ඇතුළු බ්‍රිතාන්‍යය, චීනය හා සෝවියට් දේශය යන මිත්‍ර පාක්ෂික හවුලට එරෙහිවය. ඒ නිසා ඇමරිකාව ජපානය දෙස බැලුවේ ආසියාවේ ඉන්නා තමාගේ අංක එකේ සතුරා ලෙසය.
1945 දී මිත්‍ර පාක්ෂ හමුදා යුද රැල්ල ජපානය දෙසට හරවා ඔවුන් බොහෝ තැන්වලින් පලවා හැරියහ. එත් ජපානය පරදවාලිය නොහැකි තරමට ඔවුන්ගේ ආත්ම ශක්තිය බිඳ හෙළිය නොහැකි ඉහළ මට්ටමක පැවතියේය. මිත්‍ර හමුදාවලට, විශේෂයෙන් ඇමරිකාවට එය දැරිය නොහැකි විය.
ජපානය ප්‍රසිද්ධියේ ම කියා සිටියේ අන්තිම හුස්ම ටික දක්වා සටන් කරන බවය. කැමිකාසි (kamikaze) ක්‍රමයේ සටන් උපක්‍රම යොදා ගෙන ඔවුහූ මිත්‍ර පාක්ෂික යුද්ධ නෞකාවලට පහර දුන්නේය. කමිකසේ යනු බෝම්බ රැගත් කුඩා අහස්යානයකින් ගුවනින් ගොස් යුද නැව්වල හප්පා නැව පුපුරුවා හැර මුහුදු බත් කිරීමය. ලෝකයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් හඳුන්වන්නේ ‘කැමිකාසී’ කියාය. ඒ අතින් මිත්‍ර පාක්ෂික හමුදාවලට මුහුණපාන්නට වූ තත්වය ඔවුන්ට දැරිය නොහැකි තරම් විය. ඒ ක්‍රමයට ඇමරිකන් යුද නැව්වලට සිදුවූ අලාභය අතිමහත්ය.
නාගසාකිවලට හෙළුෑ බෝම්බයෙන් නිකුත් වූ න්‍යෂ්ටික දුමාරය
1945 ජූලි මාසයේ දී ඇමරිකානු ජනාධිපති හැරී ටෲමන් ඇතුළු මිත්‍ර පාක්ෂික රටවල් ජපානයට ‘කොන්දේසි විරහිතව වහාම යටත්වන ලෙස’ බලපෑම් කළහ. එහෙත් ජපානය එය කනකට ගත්තේ නැත. ඒ පිළිබඳ පැහැදිලි ප්‍රතිචාරයක් දැක්වූයේ ද නැත.
අන්තිමේදී ඇමරිකාවට කිව් දේ කරන්නට සිදු විය. ඒ අනුව ප්‍රථම පරමාණු බෝම්බය හිරෝෂිමාව දැමීය.
‘අප මේ අත්හදා බැලුවේ ලෝක ඉතිහාසයේ අප මෙතෙක් ලත් සංවිධානාත්මක විද්‍යාව ලත් ලොකුම ජයග්‍රහණයේ ප්‍රතිඵලයයි. ඒක දැඩි පීඩනයක් යටතේ හරියටම ඉලක්කයටම ඉටු කළා.’ පරමාණු බෝම්බය දමා පැය 16කට පසු ටෲමන් පැවසීය.
‘දැන් අපි සූදානම්, ඉතා ඉක්මනින් ම සහ මුලින් ම මුළු ජපාන භූමියෙහි ඇති සියලුම නිෂ්පාදන ආයතන මිහිපිටින් අතුගා දමන්නට. ඔවුන්ගේ සියලුම නෞකා තටාංගන, සියලුම කම්හල්, සෑම සන්නිවේදන මධ්‍යස්ථානයක් ම විනාශ කරන්න අපි ලෑස්තියි. අපි කිසිම වැරදීමකට ඉඩ නොතබා ජපානයට යුද කිරීමට ඇති ශක්තිය සහමුලින් ම අවසන් කරනවා.’
ජනාධිපති ටෲමන් කීවේ, ජපානයේ නායකයන් ‘අපේ කොන්දේසි දැන්වත් පිළිගත යුතු බවයි. එසේ නොකළහොත්, මෙතෙක් මිහිපිට අත්නුදුටු විනාශයේ වර්ෂාවක් ගුවනින් එවන බවයි.’ කියායි.
ඔහු තවදුරටත් කීවේ, ‘මේ ගුවන් ප්‍රහාරයෙන් පසු, මුහුදින් හා ගොඩබිමෙන් මෙෙතක් නොවූවිරූ ප්‍රහාර මාලාවක් එල්ල වේවි.’කියාය.
බෝම්බය
දැමීමෙන් පසු උපන් හිරෝෂිමා නගරයේ නිල පුෂ්පය - කනේරු
හිරෝෂිමාවෙන් පසුව මොකද වුණේ?
පළමු පරමාණු බෝම්බය හිරෝෂිමාවට දැමීමෙන් පසුව ද ජපානය යටත් වුණේ නැහැ.දින තුනකට පසු, 1945 අගෝස්තු 9 වැනිදා ඇමරිකාව තවත් පරමාණු බෝම්බ දැමීමේ මෙහෙයුමක් දියත් කළේය. ඒ ජපානයේ කොකුරා නගරයටය. එහෙත් එම ප්‍රදේශයේ අහසේ වලාකුළු ගහන වීම නිසා නියමු චල්ස් ස්වීනේ තම ඉලක්කය ලෙස නාගසාකි තෝරා ගත්තේය. ඒ අනුව ඔහු ගුවනින් ගෙන ගිය බෝම්බය වූ ‘තඩි මිනිහා’ ජපානයේ වේලාවෙන් උදේ 11.02ට, නාගසාකි නගරයට දැම්මේය. එසැණ 74,000ක් ජනතාව මරණයට පත් විය.
ඒ බෝම්බය ගෙන ගිය ගුවන් යානය පැදවුයේ බ්‍රිතාන්‍ය ගුවන් නියමුවකු වූ ලෙනාඩ් චෙයෂයර් ය. ඔහු පසුව කීවේ, ‘ඒ ප්‍රහාරයෙන් පසු ඒ මත තිබූ ජීවිත සියල්ල ගිල ගත්තා.’ කියායි.
දෙවැනි බෝම්බය නිෂ්පාදනය කර තිබුණේ වෙනස් විධියකටයි. ‘තඩි මිනිහා’ නමින් වූ ඒ දෙවන බෝම්බයට යොදා ගෙන තිබුණේ ප්ලූටෝනියම් -239 සමස්ථානිකයයි.
හිරෝෂිමා හා නාගසාකි නගර දෙකට බෝම්බ හෙළීමෙන් පසු මොකද වුණේ?
1945 අගෝස්තු 15 ජපානයේ හිරෝහිතෝ අධිරාජයා කොන්දේසි විරහිතව අවි බිම තබා යටත් වන්නට එකඟ විය. සැප්තැම්බර් 2 වැනිදා ඒ පිළිබඳ ගිවිසුමට අත්සන් කරක ලදී. ඒ අනුව දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ පැවති හතුරුකම් අවසන් විය.මේ බෝම්බ දෙක හෙළීම එදා මෙන් ම අදත් විවාදාත්මක වී තිබේ. එදා ඇමරිකානු හමුදාවේ සේවය කළ තරු පහේ ජනරාල්ලා හා අද්මිරල්ලා හත් දෙනා අතරින් හය දෙනකු ම කීවේ, ඒ වන විට ජපානය යටත් වීමට ආසන්නව, එය නොවැළැක්විය හැකි දෙයක්ව තිබූ අතර පරමාණු බෝම්බ දැමීමක් අවශ්‍යව නොතිබුණු බවය. අද සමහර විශේෂඥයන් කියන්නේ මෙය මිත්‍ර පාක්ෂික රටක් වූ සෝවියට් දේශයට තමන් සතු ශක්තිය අනියම් වශයෙන් පෙන්වීමට කළ දෙයක් බවය. තවත් අය කියන්නේ යුද්ධය අවසාන වීමට පෙර ඇමරිකාවට ඒ බෝම්බවල ශක්තිය අත්හදා බැලීමට අවශ්‍ය ව තිබූ බවය.
හිරෝෂිමා සාම අනුස්මරණ උද්‍යානය
හිරෝෂිමා සාම අනුස්මරණ උද්‍යානය යන කුමක්ද?
මීට වසර 75කට පෙර ඒ අවසනාවන්ත සිදුවීම සිහිපත් කිරීමට අද හිරෝෂිමා නගරයෙහි ඒ බෝම්බය වැටුණු ස්ථානය අරමුණු කර ගෙන සාම අනුස්මරණ උද්‍යානයක් පිහිටුවා ඇත. 1954 විවෘත කරන ලද මෙම හිරෝෂිමා සාම අනුස්මරණ උද්‍යානය වසරේ සෑම දිනකම නැරඹීමට විවෘතව තිබේ. වසරක් පාසා එය නරඹන්නට මිලියනයකට අධික පිරිසක් එති. මේ උද්‍යානයේ එක් තැනක සාම ගිනි සිළුව නොනිවී දැල්වෙමින් තිබෙනු දැකිය හැකිය. මෙය පෘථිවිය න්‍යෂ්ටික අවිවලින් තොර වන තෙක් නොකඩවා දැල්වෙනු ඇත.හිරෝෂිමා ව්‍යසනයෙන් පසු දුහුවිලි මතින් මුලින් ම පිපුණේ කනේරු මලකි. එය අද ඒ නගරයේ නිල පුෂ්පය ලෙස සැලකේ.
- පර්සි ජයමාන්න
0 Comments