අද ඇසළ පුන් පොහෝදායි. ලෝකයට ඥානාලෝකය පහළ වූ අසිරිමත් දිනය අදයි! බොදු බැතිමතුනට වෙසක් පොහොය තරම්ම වැදගත් දිනයක් ලෙස ඇසළ පොහොය සැලකෙනවා. ඇසළ පොහෝ දා සිදුවීම් කිහිපයක් මෙසේයි. සිදුහත් කුමරුගේ ගිහිගෙයින් නික්මීම, බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත් ව කළ පළමු ධර්ම දේශනාව කළේ ඇසළ පෝයදායි. ඒ පස්වග මහණුන් උදෙසායි. ප්‍රථම ධර්ම දේශනාව ලෙස සැලකෙන, දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය ඇතුළත් වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළේ බරණැස ඉසිපතන නම් මුව වනයෙහි දීයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ලොව පහළවීම.
ඇසළ පොහොය දා සිදු වූ අනෙක් වැදගත් සිදුවීම් අතර මහ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්ම භවයෙන් අනතුරුව තුසිත දෙව්ලොව ඉපිද පසුව මහාමායා දේවීන්ගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරු ඉපදීම, යමා මහ පෙළහර පෑම, මාතෘ දිව්‍යරාජයා ඇතුළු පිරිසට දම් දෙසීම ආදිය ඉන් ප්‍රධානයි. බෞද්ධ ශාසන ඉතිහාසයෙහි සිදු වූ දේ අතරින් වඩා වැදගත් ලෙස සැලකිය හැක්කේ ප්‍රථම ධර්ම සංගානාව ඇරඹීම, අරිට්ඨ කුමරු ඇතුළු පළමු සිංහලයන් 56 දෙනකු පැවිදි උපසම්පදාව ලැබීම, භික්ෂූන්ගේ වස් ආරම්භය, රුවන්වැලි මහා සෑයට මුල්ගල තැබීම, එහි ධාතු නිදන් කිරීම, දළදා පෙරහරේ ආරම්භය යන ඒවායි.
අද ඇසළ පොහොය දා විශේෂාංගය ලෙස සෙන් බොදු කතාවක් ඉදිරිපත් කරනවා.
ලෝකය දැකීම
සෙන් ආරාමවල සිරිතක් තියෙනවා, ඒවාට එන සංචාරක භික්ෂුවක් නවාතැන් ඉල්ලුවොත් එහි වැජ හිඳින නේවාසික භික්ෂුවක් එම භික්ෂුව සමග බුදුදහම ගැන විවාදයකට යා යුතුයි කියා. එහි දී එම විවාදයෙන් ජය ගන්නා භික්ෂුවට ඉඩ දී පරාජය වූ භික්ෂුව ආරාමයෙන් නික්ම යායුතුයි කියන මේ සිරිතට ගරු කළ ආරාමයක් උතුරු ජපානයේ තිබුණා. එහි භික්ෂූන් දෙනමක් වාසය කළා.
ඉන් වැඩිමහලු භික්ෂුව නැණවත් දැන උගත් අයෙක්. අනෙක් භික්ෂුව මෝඩ එමෙන් ම එක් ඇසක් පමණක් ඇති අයෙක්.
දිනක් එහි ආ සංචාරක භික්ෂුවක්, ඒ සිරිත් ප්‍රකාරව, දහමේ ඇති උදාර ඉගැන්වීම් ගැන විවාදයට එන ලෙස අභියෝග කරමින් නවාතැන් ඉල්ලුවා.
වැඩිමහලු සහෝදර භික්ෂුව එදින ධර්ම ගවේෂණ කටයුතු නිසා වෙහෙසට පත්ව සිටි හෙයින් බාලයාට ඔහු වෙනුවෙන් විවාදයට සහභාගි වන ලෙස දැන්වුවා. ‘යන්න ගිහින් පරිස්සමෙන් විවාද කරන්න!’ වැඩිදුරටත් කීවා.
ඉතින් ඊට පස්සෙ තරුණ භික්ෂුව හා ආගන්තුක භික්ෂුව යන දෙදෙනා ම බුදුගෙට ගියා විවාදය අරඹන්න. දෙදෙනාම බුදු පිලිමය දෙපසින් වාඩි වුණා.
ටික වේලාවකට පස්සෙ ආගන්තුක භික්ෂුව කලබලයෙන් වැඩිමහලු භික්ෂුව උන් තැනට ආවා. ‘ඔබේ බාල සහොදරයා දක්ෂයෙක්. ඔහු මාව පැරැද්දුවා.’ කියා කීවා.
‘ඔහු කී දේ මට කියන්න!’ වැඩිමහලු භික්ෂුව ඉල්ලා සිටියා.
‘හොඳයි,’ ආගන්තුක භික්ෂුව සිද්ධිය විස්තර කළා. ‘විවාදය ආරම්භයේදීම මම එක ඇඟිල්ලක් ඔසවා, ‘ඉන් ලෝකයේ එකම ශ්‍රේෂ්ඨයා බුදුරජාණන් වහන්සේ බව’ ඇඟෙව්වා. ඔහු ඇඟිලි දෙකක් ඔසවා, ‘බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේ දෙසූ දහම යන දෙක ම එක තරමට ම ශ්‍රේෂ්ඨයි කියා පෙරළා මට උත්තර දුන්නා. ඊළඟට මම ඇඟිලි තුනක් ඔසවා පෙන්නුවා. ඒ ‘බුදුරජාණන් වහන්සේ මෙන් ම උන්වහන්සේ දෙසූ දහමත්, උන්වහන්සේගේ අනුගාමිකයනුත් යන තුන් ආකාරය ම ශ්‍රේෂ්ඨයි’ යන අදහස අඟවන්නයි. ඊට පිළිතුරු වශයෙන් ඔහු ඔහුගේ අත මිටමොලවමින් මට පෙන්වා දුන්නා, ඒ ආකාරයට බැලුවොත් සකල ලෝක ධාතුව ම එක සේ ශ්‍රේෂ්ඨයි’ කියා. ඒ නිසා ඔහු විවාදයෙන් දිනුවා. ඔහු හරිම ප්‍රඥාවන්තයෙන්. දැන් මට මෙහි රැඳෙන්න අයිතියක් නැහැ. මම මේ මොහොතේ ම මෙහෙන් යනවා’ කියා එවේලේ ම ඒ ආගන්තුක භික්ෂුව පිටත්ව ගියා.
ඒ අතර තරුණ භික්ෂුව ‘කෝ අර මිනිහා?’ කියා ගෙන වැඩිමහලු භික්ෂුව වෙත දිව ආවා.
‘ඔහු මට කීවා ඔබ විවාදයෙන් දිනූ බව.’ වැඩිහිටි භික්ෂුව කීවා.
‘මොන දිනුමක්ද මං මේ ආවේ ඒ මිනිහගෙ හොම්බට දෙකක් අනින්නයි’ තරුණ භික්ෂුව කීවා.
‘කලබල නැතුව මට කියන්න මොකක්ද සිද්ධ වුණේ කියලා’ වැඩිහිටි භික්ෂුව සන්සුන් ව කීවා.
‘ඔබ වහන්සෙට කියන්න, එයා වාදයට ආවේ හස්ත මුද්‍රාවෙන්. එයා මාව දැකපු ගමන් ම එක ඇඟිල්ලක් ඔසවලා සංඥාවක් කරමින් මට අපහාස කළා. ‘මට තියෙන්නෙ එක ඇහැයි, එක ඇහැක් තියා ගෙන මොන වාද ද’ කියන අදහස ඇඟෙව්වා. එයා අපේ ආගන්තුකයකු හින්දා මං හුඟක් ආචාරශීලී වෙමින් ඇඟිලි දෙකක් ඔසවලා පෙන්නුවා. මං එයින් එයාට ඇඟෙව්වෙ ‘එයාට ඇස් දෙකක් තිබීම ගැන මම සතුටු වෙන බව’යි. ඒත් එයා මට අපහාස කරන එක නැවැත්තුවෙ නෑ. ඊළඟට ඒ නැහැදිච්ච මිනිහා ඇඟිලි තැනක් ඔසවා ඇඟවේවා, ‘අප දෙන්නට ම ඇත්තේ ඇස් තුනක් පමණක් බව’ මගේ ඉවසීම නැතුව ගියා. මං මිට මොලවා ගෙන ඉස්සරහට පැන්නා මිනිහට අනින්න කියලා හිතා ගෙන. මිනිහා ඊට ඉස්සෙල්ලා පැනලා ආවා.’ තරුණ භික්ෂුව කේන්තියෙන් පුපුරමින් කීවා.
පස්වග මහණුන් උදෙසා දෙසූ ප්‍රථම ධර්ම දේශනාව

0 Comments