අද ලෝකය මවා පෑ වසර 73ක් පැරණි විස්මිත ප්‍රංශ චිත්‍රපටයක්!

මීට වර 73කට පෙර, අපේ මුල් ම සිංහල චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය මෙහි පෙන්වන කාලේ, එනම් 1947 දී, ප්‍රංශයේ විස්මිත චිත්‍රපටයක් පෙන්වනු ලැබුවා. ඒක අද අපේ ජීවිතය හා බැඳුණු තාක්ෂණය ගැන කියන අපූරු චිත්‍රපටයක්!.
අද අප නවීන තාක්ෂණයෙන් ලද මෙවලම්වලින් ලබන 
අත්දැකීම් පිළිබඳ අනාවැකි පළ කළ, 1947 දී 
තිරගත කෙරුණු ‘ටෙලිවිශන් ඔයි ඩි ඩිමේන්’ චිත්‍රපටයෙන්.

මිනිත්තු හතරක කෙටි චිත්‍රපටයක් වුණත් එහි රඟපෑ චරිත පාවිච්චි කළේ නවීන පන්නයේ ජංගම දුරකතන වැනි මෙවලම්. ඔවුන් පැදවුයේ කුඩා ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර සවි කළ කාර්, නැරඹුවේ ඇස් ඉදිරියේ රූප මවන හෙලෝග්‍රෑම් ආදියයි. අද ඒ උපකරණ අමුතු දේවල් වුනත් මේ අපූරු චිත්‍රපටය තැනූ 1947 දී එවැනි දෙයක් ගැන ලෝකයා අහලාවත් තිබුණේ නැහැ.
ජනාකීර්ණ නගරයක පිහිටි කුඩා අවන්හලක තනිවම මේසයක් 
අසල වාඩි වී සිටින ඒ යුගයට ගැළපෙන ඇඳුමකින් හා 
හිස් වැස්මකින් සැරසුණු කතක් කාලය ගෙවන්නට අත් බෑගයෙන් 
උපකරණයක් අතට ගෙන ඊට දෑස් යොමු කරනවා.

ටෙලිවිශනය අනාගතයේ ඇස යන අරුත් ඇති ‘ටෙලිවිශන් ඔයි ඩි ඩිමේන්’ (Télévision: Oeil de Demain) නම් වූ ඒ චිත්‍රපටයේ අද අප අතර භාවිත වන නවීන මෙවලම් යෙදා ගෙන තිබුණා පමණක් නොව ඒවා නිසා අප අද ලබන අත්දැකීම් පවා රූගත කර තිබුණා. ටෙලිවිශනය නිපදවා තිබුණත් කාර් සඳහා ටෙලිවිශන් තනා තිබුණේ නැහැ.
චිත්‍රපටය රූ ගත කර ඇත්තේ ප්‍රංශයේ උද්‍යානයකයි.

අද අප අතර ඇති ස්මාර්ට් ජංගම දුරකථනයට සමාන එකක් අතින් ගෙන ඒ දෙස බලමින් ඇවිදගෙන ගොස් වෙනත් අයගේ ඇ‍ඟ‍ෙහි හැපෙන අයුරුත්, එවැනි මෙවලමක් බලමින් ගොස් රිය අනතුරු වන හැටිත් එහි දැක්වෙනවා.

කළු සුදු චිත්‍රපටයක් වන එය දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව තිරගත කරනු ලැබූවක්. රෙනේ බාජ්වාල්ගේ රචනයක් ඇසුරෙන් මේ අපූරු චිත්‍රපටය, ජේ.කේ. රේමන්ඩ් මිලේගේ නිෂ්පාදනයක්.
දුම්රිය මැදිරියක් තුළ කාන්තාවක් පිරිමියකුගේ උරහිසට උඩින් 
ඔහු බලමින් සිටි මෙවලමක තිරයක් දෙස බලනවා. 
එය අද අප භාවිත කරන ස්මාර්ට් ෆෝනයකට සමානයි.

බාජ්වාල්ගේ රචනය මගින් ස්මාර්ට් ෆෝනය ගැන කෙළින් ම පැහැදිලිව සඳහන් කර නොතිබුණත් එය අපේ චර්යාවන්ට බලපාන ආකාරය හොඳින් විස්තර කර තිබුණා.

වසර 73කට පෙර ප්‍රදර්ශනය කළ මේ කෙටි චිත්‍රපටය මගින් උයනක තැන තැන හිඳි මිනිසුන් ‘ස්මාර්ට් ෆෝන්’ වැනි මෙවලමක් දෙස ඇස් දල්වා ගෙන බලා සිටින අයුරු දැක ගත හැකියි.

මේ අතේ ගෙන යාහැකි මෙවලම පුවත් සැපයීම අතින් පුවත්පත්වලට වඩා ඉදිරියෙන් සිටින බව ඒ චිත්‍රපටයෙන් කියැවුණා.
තවත් රියැදුරෙක් වරින් වර තිරයේ සිදුවන දෑ බලමින් යද්දී

ඊළඟට කැමරාව ජනාකීර්ණ පෙදෙසක කුඩා අවන්හලකට යොමු වෙනවා. එහි ඒ යුගයට ගැළපෙන ඇඳුමකින් හා හිස් වැස්මකින් සැරසුණු කතක් තනිවම මේසයක් අසල වාඩි වී සිටිනවා. ඇය තනිකම මකා ගෙන කාලය ගත කරන්නට අත් බෑගයෙන් උපකරණයක් අතට ගෙන ඊට දෑස් යොමු කරනවා.

 තවත් අයෙක් මෝටර් රථයේ ඉදිරිපස සුක්කානම අසල සවි කර ඇති කුඩා තිරයක් දෙස බලන්න යාමෙන් වාහනය මං තීරුවෙන් පිට පැන වාහන තදබදයක් ඇති වෙනවා. ඒ වගේ ම තවත් රියැදුරෙක් වරින් වර තිරයේ සිදුවන දෑ බලමින් යද්දී වංගුවක දී රථය පාරෙන් පිට ගසක හැපෙනවා.
චිත්‍රපටය අවසානයේ දී යුවළක් නිදා සිටින කාමරයකට යන 
කැමරාව එහි දසුනක් පෙන්වනවා. බිරිඳ නිදි අතර සැමියා වැතිරී හිඳින 
ගමන් ‘හොලෝග්‍රෑමයක්’ මගින් නිළියකගේ නැටුමක් නරඹනවා.

චිත්‍රපටය අවසානයේ දී නරඹන්නන් කැඳවා ගෙන යනවා යුවළක් නිදා සිටින කාමරයකට. එහි කාන්තාව නිදා සිටන අතර පිරිමියා නින්ද නොයාමෙන් පීඩාවට පත් වූ බව පෙනෙනවා. ඔහු හදිසියේ ම ‘හොලෝග්‍රෑමයක’ මගින් නටන නිළියක් ඇඳ පාමුලට කැඳවනවා. ඔහු නින්ද එනතුරු එය නරඹනවා.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. The film is at first a documentary about the early days of French television. The various techniques of the new medium are explained through the filming of a flamenco show. The second part is an exercise in futurology. Basing himself on René Barjavel's revolutionary ideas, Raymond-Millet imagines all the ways television might be used in the days to come. His finds foreshadow the videophone, the cell phone, the Internet, electronic surveillance as well as virtual images. The whole thing is presented in a humorous unpretentious way.

    —Guy Bellinger

    https://www.imdb.com/title/tt0039928/plotsummary?ref_=tt_ov_pl

    ReplyDelete
  2. ඉහත සටහන ඇතුළත් කළ Anonymous සඳහායි. ස්විට්සර්ලන්තයේ ලොසෑන් විශ්ව විද්‍යාලයේ ටෙලිවිශන් ඉතිහාසඥවරියක වූ ඈන් කැත්රීන් වෙබර් කියන්නේ රේමන්ඩ් මිලේගේ Télévision: Oeil de demain චිත්‍රපටය වසර 60කට පෙර අද අපට මුහුණ පාන්නට ලැබෙන අත්දැකීම් ගැන සාර්ථක අනාවැකි කීමක් මෙන්ම, අනාගතයේ ටෙලිවිශනය කරන පෙරළිය ගැන නිපදවූ මේ චිත්‍රපටය වර්තමාන ඩිජිටල් සන්නිවේදනය හා දෙමුහුන් සන්නිවේදන තාක්ෂණය ගැන කල් තියා අදහස් දැක්වීමක් ලෙසත් සැලකිය හැකි බවයි.

    ReplyDelete
  3. Thank you for sharing. It is amazing .

    ReplyDelete