මීට වසර නවයකට පෙර 2011දී චිලි විද්‍යාඥයන් පිරිසකට ඇන්ටාක්ටිකාවට (Antarctica) හෙවත් දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට අයත් සේමෝ දූපතේ කැණීම්වලදී හුළං ගිය රග්බි පන්දුවක් තරම් විශාල පොසිලයක් හමු වුණා. ඒක කුමක්දැයි හරියටම කිව නොහැකි නිසා විද්‍යාඥයන් වුණත් ඒක හැඳින්නුවේ ‘ඒක’ (The Thing) කියලයි. ඒක දසකයකට ආසන්න කාලයක් තිස්සේ ලේබලයක් රහිතව, හැදෑරීමක් නැතිව චිලි රාජ්‍යයේ ස්වභාව විද්‍යා ජාතික කෞතුකාගාරය තුළ තැන්පත් කර තිබුණා.
ස්වභාව විද්‍යා ජාතික කෞතුකාගාරයට සම්බන්ධ විද්‍යාඥයකු වූ ඩේවිඩ් රුබිලර් රොජර්ස් 2011 දී ඒක සොයා ගත් පිරිසෙන් කෙනෙක්. ඔහු ඒ කෞතුකාගාරයට ආ හැම භූවිද්‍යාඥයකුටම ‘ඒක’ පෙන්නුවා. ඒක කුමක්දැයි අදහසක් පැවසීමට ඒ කිසිවකුටත් හැකි වුණේ නැහැ. එසේ තිබියදී 2018 දවසක ජුලියා ක්ලාක් නම් මහාචාර්යවරියක් එහි ආවා. ඇය ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අංශයේ මහාචාර්යවරියක්.
‘මම ඒක ජුලියාටත් පෙන්නුවා. මිනිත්තු කීපයක් ඒ දෙස බලා සිටි ඇය කීවේ ඒක හුළංගිය බිත්තරයක් විය හැකි බවයි.’ රුබිලර් රොජර්ස් කියනවා.
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින්හී පිහිටි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අංශය මේ පර්යේෂණයට එක් වුණේ එහෙමයි. ඒ පර්යේෂකයන් විශ්ලේෂණය මගින් සොයා ගත්තා ඒ පොසිල බිත්තරය වසර මිලියන 66ක් පැරණි එකක් බව. අඟල් 11.7 ක් දිග එය මෙතෙක් සොයා ගෙන ඇති මෘදු කටුවක් සහිත ලොව විශාලතම බිත්තරය බව. අනෙක් අතට එය මෙතෙක් හඳුනා ගෙන ඇති පරිදි සතෙකු දමන දෙවැනි විශාලතම එකයි. මැඩගස්කරයේ සිට වඳ වී ගිය ඇත්කඳ ලිහිණියා දමන අඟල් 13ක් දිග බිත්තරය තමා විශාලතම එක ලෙස සැලකෙන්නේ.
අඩියකට ආසන්න දිගක් ඇති මේ බිත්තරය දමන්න ඇති සතා ඩයිනොසෝරයකු තරම් විශාල සතකු විය යුතු යැයි තීරණය කළ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා කණ්ඩායම මෙතෙක් දන්නා හැම ඩයිනොසෝර බිත්තරයක් ම පරීක්ෂා කර බැලූ අතර අවසානයේදී එය ඩයිනොසෝරයකුගේ නොවන බවට නිගමනය කළා.
ඔවුන්ගේ ඊළඟ නිගමනය වුණේ මෘදු කටුවක් සහිත මේ දැවැන්ත බිත්තරය අතීතයේ විසුවේ යැයි සලකෙන මොසේසෝර් (mosasaurs) නමින් හැඳින්වෙන අති විශාල මුහුදු උරග විශේෂයකට අයත් විය හැකි බවයි. එසේම මේ තරම් විශාල බිත්තරයක් දමන ඒ උරගයා දිගින් මීටර් 7ක් (අඩි 23ක්) විය හැකි බවයි.
මේ දැවැන්ත බිත්තරය සොයා ගැනීම, ග්‍රහකයක් වැදී ඩයිනෝසෝරයන් වඳ වී යාමට කලින් විසූ මුහුදු උරගයන් බිත්තර නොදැමී යයි මෙෙතක් අප දැරූ මතයට අභියෝගයක් එල්ල කරනවා. මේ ගැන මහාචාර්ය ජුලියා ක්ලාක් කියන්නේ, ‘ඒ යුගයේ සතුන් ගැන අප දැන සිටි අදහස් සම්පූර්ණයෙන් වෙනස් කිරීමට මේ බිත්තරය සමත් වී ඇති බව’යි.
මෙම බිත්තරය සෑදී ඇති අනුපාතයන් හා එහි තුනී කටුවෙහි බාහිර ස්ඵටිකමය ස්තරයක් නොමැති වීමෙන් පෙනී යනවා, මේ විලෝපිකයා අණ්ඩ ජලාබුජ (මවගේ කුස තුළ වැඩෙන බිත්තරය පිටවීමත් සමඟ පුපුරා පැටවුන් එළියට එන) සතෙක් බව. මේ බිත්තරය දැමූ මව ඇන්ටාක්ටිකූලිතස් බ්‍රැඩී (Antarcticoolithus bradyi) කියා සත්ව විද්‍යාත්මකව නම් කර තියෙනවා.
මේ පරීක්ෂණයෙහි දී වැඩි කාර්යභාරයක් ඉුටු කළ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ පශ්චාද් ආචාර්ය උපාධි පර්යේෂක ලූකස් ලෙජෙන්‍ඩ්‍රේ කියන්නේ, ‘මේ බිත්තරය බොහෝ දුරට කටුස්සන්ගේ හා සර්පයන්ගේ ඒවාට සමානයි. ඒත් ඒවා ඇත්ත වශයෙන්ම ඒ සතුන්ට නෑකම් කියන දැවැන්තයකුගේ විය යුතුයි.’ කියායි.
අණ්වීක්ෂ රැසක් හා අධ්‍යයන සාම්පල ගණනාවක් යොදා කළ විධිමත් නිරීක්ෂණ මාලාවකින් පසු ලෙජෙන්‍ඩ්‍රේ තහවුරු කළා, මෙහි ස්තර ගණනාවක් ඇති බවත් ස්ථිර වශයෙන් මෙය බිත්තරයක් බව.
අනෙක් අතට මෙම බිත්තරයෙහි ව්‍යුහය වර්තමානයේ ඇතැම් සර්පයන් හා කටුස්සන් දමන විනිවිද පෙනෙන, ඉක්මනින් බිජුවටෙන් බිහිවීම ආදී ලක්ෂණවලින් යුක්ත බවත් තහවුරු කළා. කොහොම නමුත්, මේ පොසිල බිත්තරයෙහි ඇටසැකිල්ලක් නොවීම නිසා බිත්තරය දැමූ සතා නිගමනය කිරීම සඳහා වෙනත් ක්‍රමවේද යොදා ගැනීමට ලෙජෙන්‍ඩ්‍රේට සිදුවුණා.
ඔහු දැනට ජීවත්වන උරග විශේෂ 259ක සිරුරවල හා බිත්තරවල ප්‍රමාණයන් සන්සන්දනය කර බැලුවා. ඔහුගේ නිගමනය වූයේ මේ සතා සිරුර, මුහුණු තුඩේ සිට වල්ගා කොටස තෙක් අඩි 20ක්වත් දික්විය යුතු බවයි. ඒ අනුව වර්තමානයේ වෙසෙන උරගයන්ට, පුරාණ මුහුදු උරගයාගේ ඇති නෑසබඳකම් තහවුරු වුණා. එසේම මේ බිත්තරය හමු වූ තැන වූ පාෂාණ අතර තිබී එක්කාසු කර ගත් පොසිල අස්ථි කැබලි ප්‍රාග් ඓතිහාසික මුහුදු සත්වයන් වූ මොසේසෝර් හා ප්ලේසියෝසෝර් යන සතුන්ට හා ඔවුන්ගේ පැටවුන්ට අයත් ඒවා බව හෙළි වුණා.
‘පර්යේෂකයන් ගණනාවක් ම මේ බිත්තරය හමු වූ ස්ථානය ජල මට්ටම අඩුවෙන් පැවතුන, පැටවුන් බෝ කිරීමට සුරක්ෂිත ස්ථානයක් ව තිබූ බව පිළිගෙන තියෙනවා. කලපු පරිසරයක් ඇති මෙහි පැටවුන්ට හොඳින් වැඩෙන තෙක් ජීවත්වෙන්නට සුදුසු පරිසරයක්ව පවතින්නට ඇති.’ ලෙජෙන්‍ඩ්‍රේ තවදුරටත් පැහැදිලි කරනවා.
මෙම අධ්‍යයන වාර්තාව ඒ පුරාණ උරග විශේෂය බිත්තර දැමූ හැටි ගැන පැහැදිලි සඳහනක් කරන්නේ නැහැ. ඒත් එය සිදුවිය හැකි දෙයාකාරයක් ගැන දක්වා තිබෙනවා. සමහර විට දැනුදු ඇතැම් මුහුදු සර්පයන් මෙන් විවෘත ජලයේ බිත්තර දමනවා විය හැකියි. අනෙක් ක්‍රමය ජලයෙන් ආසන්න ගොඩබිමට විත් වැල්ලේ බිත්තර දමනවා විය හැකියි. ඒක හරියට කැස්බෑවන් මුහුදෙන් ගොඩට විත් වැල්ලේ බිත්තර දමනවා වාගෙයි. පසුව ඒ බිත්තර වැලියට දී පුපුරා පැටවුන් එළියට විත් මුහුදට බඩගා යනවා විය හැකියි.
ඒත් මේ සතා අති දැවැන්තයකු නිසා ජලයේ දී වගේ ගොඩබිම දී සිරුර හැසිරවීම අපහසු නිසා බිත්තර දැමීම ජලයේ දී කරන්න ඇතැයි අනුමාන කළ හැකිය. බිත්තර දැමීමේ දී ඇඟ ඇඹරීමක් කළයුතු වන නිසා සමහර විට සිරුර ජලයේ තබා ගෙන වල්ගා කොටස වෙරළට යොමු කොට වැල්‍ලේ බිත්තර දැම්මා විය හැකියි.
‘අපට ඒ අදහස ඉවත දමන්න බැහැ, ඒත් එවැනි දෙයක් මේ වන තෙක් ම සොයා ගෙන නැහැ.’යි ආචාර්ය ජුලියා ක්ලාක් කියනවා.
මෙම අධ්‍යයනය ජූනි 17 වැනිදා ලෝක ප්‍රකට නේචර් (Nature) සඟරාවේ පළ වී තියෙනවා.
- පර්සි ජයමාන්න
මොසේසෝර් පැටියකු මවු කුසෙන් බිහිවෙන අයුරු සිත්තරකුගේ ඇසින්.

පර්යේෂක ලූකස් ලෙජෙන්‍ඩ්‍රේ චිත්‍ර සටහනක්- බිත්තරයේ පොසිලය. ඇතළත කොටුවේ දක්වෙන්නේ පිටකටුවේ විශාලනය කළ හරස්කඩක්.
එහි කටුවට පිටින් ඇති අවසාදිත ද්‍රව්‍ය, බිත්තර කටුව, කටුව තුළ ඇති අවසාදිත ද්‍රව්‍ය ආදිය. දකුණේ මිනිස් රුව හා සසඳා බිත්තරයේ ප්‍රමාණය සිතා ගන්න.
අඩියකට ආසන්න දිගක් ඇති මේ බිත්තරය දමන්න ඇති සතා ඩයිනොසෝරයකු තරම් විශාල සතකු විය යුතු යැයි තීරණය කළ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා කණ්ඩායම මෙතෙක් දන්නා හැම ඩයිනොසෝර බිත්තරයක් ම පරීක්ෂා කර බැලූ අතර අවසානයේදී එය ඩයිනොසෝරයකුගේ නොවන බවට නිගමනය කළා.
ඔවුන්ගේ ඊළඟ නිගමනය වුණේ මෘදු කටුවක් සහිත මේ දැවැන්ත බිත්තරය අතීතයේ විසුවේ යැයි සලකෙන මොසේසෝර් (mosasaurs) නමින් හැඳින්වෙන අති විශාල මුහුදු උරග විශේෂයකට අයත් විය හැකි බවයි. එසේම මේ තරම් විශාල බිත්තරයක් දමන ඒ උරගයා දිගින් මීටර් 7ක් (අඩි 23ක්) විය හැකි බවයි.
මේ දැවැන්ත බිත්තරය සොයා ගැනීම, ග්‍රහකයක් වැදී ඩයිනෝසෝරයන් වඳ වී යාමට කලින් විසූ මුහුදු උරගයන් බිත්තර නොදැමී යයි මෙෙතක් අප දැරූ මතයට අභියෝගයක් එල්ල කරනවා. මේ ගැන මහාචාර්ය ජුලියා ක්ලාක් කියන්නේ, ‘ඒ යුගයේ සතුන් ගැන අප දැන සිටි අදහස් සම්පූර්ණයෙන් වෙනස් කිරීමට මේ බිත්තරය සමත් වී ඇති බව’යි.
බිත්තරයෙන් එළියට ආ මොසේසෝර් පැටියා මව සමග පිහිනන අයුරු සිත්තරකුගේ ඇසින්.

0 Comments