කෝවිඩ් 19 ආසාදනය හැම විට ම ආරම්භ වූයේ හෙමින්. චීනයේ වූහාන් පළාතේ මුලින් ම ආරම්භ වූ අවස්ථාවේත් තත්වය එසේමයි. ඇමරිකා එක්සත් ජනපදයේ පළමු රෝගියා වාර්තා වීමෙන් පසුත් එහෙ තත්වයෙත් වෙනසක් නැහැ. ශ්‍රී ලංකාවේත් එහෙමමයි. මෙම රෝගී වාර්තාවීම් සති කීපයක් මන්දගාමීව සිදු වුනත් සති කීපයකට පස්සේ එක්වර ම අධිවේගීව වැඩි වෙන්නට පටන් ගත්තා. මේක ප්‍රස්තාරයකින් දැක්වෙන්නේ ඝාතීය වක්‍රයකින්. (exponential curve)
මේ අනාවැකි කීමක් නෙවෙයි. මෙය ගණිතමය ප්‍රකාශනයක්. මහජන සෞඛ්‍ය විශේෂඥයන් කියන්නේ ජනතාව එකිනෙකා අතර සමාජ දුරස්ථභාවය (social distancing) පවත්වා ගෙන යන්නේ නම් මේ ව්‍යාප්ති වේගය පාලනය කළ හැකි බවයි. එය කළ හැක්කේ තමන්ගේ සාමාන්‍ය ගමන් බිමන් සීමා කිරීමෙන් හා මහජනයා බහුලව ගැවසෙන පොදු ස්ථානවල මීටරයක දුරස්ථ භාවයක් පවත්වා ගෙන යාමෙනුයි.
තත්වය එසේවුවත් එය පාලනය කිරීමට කිසිම පියවරක් නොගතහොත් කොවිඩ් -19 දිගින් දිගටම මාස ගණනක් ඝාතීය වක්‍රයක ආකාරයකට වැඩි වුණොත් මොකද වෙන්නේ? ඕනෑම රටකට මුහුණ දෙන්නට සිදු වන මේ තත්වය තේරුම් ගැනීමට ජනගහනයක් තුළ මෙවැනි සංක්‍රාමික රෝගයක් ව්‍යාප්තවන ආකාරය පරිගණක අනුකාරක රූප සටහනක් මගින් බලමු.
මේ සමග දැක්වෙන අනුකාරක රූප සටහනෙහි රතු පැහැයෙන් ව්‍යාජ වෛරසය රැගත් රෝගී පුද්ගලයකු දැක්වෙන අතර නිල් පැහැයෙන් නිරෝගී අයකු දැක්වෙනවා. ඒ අනුව අපේ ව්‍යාජ වෛරසය, කොවිඩ් -19ට වඩා වේගෙන් පැතිරෙනවා. ඒ රෝගියා නිරෝගියකු ස්පර්ශ වුණු වහාම නිරෝගි තැනැත්තා රෝගී වෙනවා.
පස් දෙනකු ඉන්නා ජනගහනයක රෝගය පැතිරීමට එතරම් වෙලාවක් ගත වෙන්නේ නැත.
ඇත්තෙන්ම සැබෑ ජීවිතයේදී ජනතාව කෙමෙන් සුව ලබනවා. එසේ සුවය ලැබූ අයකුගෙන් රෝගය තවත් අයකුට පැතිරෙන්නේ නැහැ. (එවැනි සුව වූ අය දම් පැහැයෙන් දැක්වෙනවා.) ඒ වගේ ම ඔහුට යළි ඒ රෝගය හැදෙන්නෙත් නැහැ.
දැන් අපි බලමු 200ක් ඉන්නා නගරයක වෛරසය පැතිර යන හැටි. අපි පටන් ගනිමු, නගරයේ ජනතාව එහෙ මෙහෙ තැන තැන විසිරී ඇති ආකාරයෙන්. ඒ අය ඔවුනොවුන් අතර පිළිවෙළක් නැතිව එක එක අතට යනවා. අපි එයින් එක් අයකු රෝගියෙකු කරවමු.
සලකා බලන්න, මෙහි රතු වක්‍රයේ බෑවුම විහිදී ඇති අන්දම. එයින් දැක්වෙන්නේ රෝගී සංඛ්‍යාවයි. එය රෝගය පැතිර යද්දී වේගයෙන් උඩු අතට විහිදී යනවා. ඉන්පසු එය රෝගීන් සුවපත් වන ආකාරය අනුව මැකී යනවා.
අප මේ ඉදිරිපත් කරන අනුකාරක නගරය කුඩා එකක්. ඒ නිසා රෝගය ඉක්මනින් ම මුළු ජනගහනය පුරා ම ව්‍යාප්ත වී යනවා. මිලියන 330ක් වෙසෙන එක්සත් ජනපදය වැනි රාජ්‍යයකදී මේ වක්‍රය පහළට විහිදෙන්නට පෙර වැඩි කාලයක් තිස්සේ උඩු අතට විහිදී යන්නට පුළුවන්.
සෞඛ්‍ය විශේෂඥයන් හිතන විදියට රෝගී ජනතාව නිරෝගී අයගෙන් සම්පූර්ණයෙන් ම වෙන් කර තැබීම කළ නොහැක්කක්.
ඇමෙරිකාවේ බැල්ටිමෝ නගරයේ හිටපු සෞඛ්‍ය කොමසාරිස් ලීනා වෙන් ඒ පිළිබඳව පසුගිය ජනවාරියේ වොෂින්ටන් පෝස්ට් පත්‍රයට අදහස් දක්වමින් මෙසේ කියා තියනවා. ‘නගරයේ වැඩ කරන වැඩි දෙනෙක් ජීවත්වන්නේ අසල්වැසි ප්‍රාන්තවලයි. අපට ඔවුන්ව ඔවුන්ගේ පවුල්වලින් වෙන්කර තබන්න පුළුවන්ද? කොහොමද හැම පාරක්ම වසා දමන්නේ? එවිට නිවැසියන්ට සැපයුම් ලබා දෙන්නේ කොහොමද?’
ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ ලෝක සෞඛ්‍ය නීතිය පිළිබඳ මහාචාර්ය ලෝරන්ස් ඕ. ගොස්ටින් ඒ ගැන කියන්නේ මෙසේයි. ‘ඇත්තටම නම් එවැනි යෑම් ඊම් තහනම් කෙරෙන ලොක්ඩවුන් එකක් කරන එක කලාතුරකින් කෙරෙන්නක්. ඒත් එවැන්නකින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නෙ නැහැ.’
වාසනාවකට මෙවැනි වසංගතයක් පාලන කිරීමට වෙනත් ක්‍රම තියෙනවා. සෞඛ්‍ය නිලධාරින් කරන්නේ මහජනයා පොදු ස්ථානවලට එක්රොක්වීම වළක්වීමයි. ඒ සඳහා උපදෙස් දෙනවා. වැඩි කාලයක් ගෙදරට වී සිටින ලෙස කියනවා. එකිනෙකාගෙන් දුරස්ථභාවයක් පවත්වා ගෙන යන්නැයි ඉල්ලා සිටිනවා. ජනතාව ඒ විධියට එහා මෙහා යාම් වගේ ම එකිනෙකා හමුවීම් අඩු කළ විට රෝග වෛරසයට පැතිරීමට ඇති අවස්ථාව අඩුවෙනවා.
එසේ තිබියදීත් සමහර අයට ගෙදරින් පිටතට යාමට සිදු වෙනවා. සමහර විට ඔවුනට නිවසේ රැඳී සිටිමට නොහැකි වන්නේ ඔවුන් කරන සේවාවන් නිසා එක්කෝ වෙනත් බැඳීම් නිසා. නැතිනම් මහජන සෞඛ්‍ය අවවාදවලට අවනත වීමට ඇති නොකැමැත්ත නිසා. එවැනි පුද්ගලයන් බොහෝ වීට රෝගයට ගොදුරු වෙනවා. ඒ වගේ ම රෝගය පැතිරවීමට උදවු වෙනවා.
දැන් අපි බලමු අපේ ජනගහනයෙන් හතරෙන් එකක් එහා මෙහා යද්දී අනෙක් හතරෙන් තුන සෞඛ්‍ය විශේෂඥයන් කියන විධියට ‘සමාජ දුරස්ථභාවය’ පවත්වා ගෙන ගියොත් මොකද වෙන්නේ කියලා.
වැඩි දෙනකු සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන ගියොත් වැඩි ජනතාවක් නිරෝගී වෙනවා. ජනතාව පොදු ස්ථානවලට එක් රොක්වීම පොලඹවන දේ නැවැත්වීම කළ හැකියි.
‘අපට පුළුවන් පොදු ස්ථාන වසා දැමීමෙන් ඒ දේ සිදු කරන්න. ඉතාලිය ඔවුන්ගේ සියලුම ආපනශාලා වසා දැම්මා. චීනය මහජනයා එක්රොක්වන හැම දෙයක්ම වසා දැම්මා. අපත් දැන් එක් කරනවා.’ යැයි කියන තෝමස් ජෙෆර්සන් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය විද්‍යායතනයේ සහාය මහාචාර්යවරයකු හා පර්යේෂකයකු වූ ඩ්රූ හැරිස් වැඩිදුරටත් කියන්නේ ‘මිනිසුන් එක්රොක්වීමට ඇති අවස්ථා අඩු කිරීමෙන් සිදු වන්නේ ඔවුන්ට සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමට උදවු කිරීමක්’ කියායි.
සමාජ දුරස්ථභාවය වැඩි කිරීම අනුකාරකව දැක්වීමේදී ජනගහනයෙන් හතරෙන් එකකට චලනය වීමට අවස්ථාව දෙනු වෙනුවට සෑම අට දෙනෙකුගෙන් එක් අයකුට චලනය වීමට ඉඩ සැලසීමෙන් වන්නේ කුමක්දැයි බලමු. ඔබ දැන් මේ පරිගණක අනුකාරක ග්‍රැෆික් හතරෙන් දකින්නේ,
1. නියාමනයක් නැතිව
2. නිරෝධායනය මගින්
3. සාමාන්‍ය දුරස්ථභාවයක් ඇතිව
4 පුළුල් දුරස්ථභාවයක් ඇතිව
ක්‍රියාත්මක වන විට ඇති වන තත්වයයි.
ප්‍රතිඵල එසේ වෙනස් වුවත් සාමාන්‍ය දුරස්ථභාවයක් පවත්වා ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය, මෙහිදී නිරෝධායනය කිරීම මගින් ලබන ප්‍රතිඵලයට වඩා කැපීපෙනෙන සාර්ථකත්වයක් පෙන්වනවා. පුළුල් දුරස්ථභාවයක් ඇතිව ක්‍රියාත්මක වීම ඒ සියල්ලට ම වඩා විශිෂ්ට බව හැම විටම පෙන්වනවා. පහත දැක්වෙන්නේ ඒ ප්‍රතිඵල සන්සන්දනයයි.
අප යොදාගත් වෛරසය කෝවිඩ්-19 නෙවෙයි. ඒ නිසා මේ අනුකාරකයන්‍ගෙන් පමණට වඩා සරල බවක් පෙන්වනවා. සැබෑ ජීවිතයේ ඇති සංකීර්ණ තත්වය එයින් දැක්වෙන්නේ නැහැ. ඔබේ ජාලගත පරිගණක තිරය මත චලනය වන බෝලවලින් ඔබට යම්තරමකටවත් අපේ රටවල, අපේ නගරවල, අපේ වැඩපළවල, අපේ පවුල්වල පවතින තත්වය එය ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට උදවු වේවි. ඒ වගේම එක් පුද්ගලයකුගේ ක්‍රියාකාරකමක් රැලි නැගෙමින් ඈත ඉන්නා අයට මේ වෛරසය ළඟා වන හැටි තේරුම් ගන්න පහසු වේවි.
මෙහිදී කිවයුතු වැදගත්ම දෙයක් තියෙනවා. මේ අප දැක්වූ අනුකාරක චිත්‍රයට වඩා පවත්නා සැබෑ තත්වය හුඟක් බරපතලයි. මේ වෛරසය බෝලවලට මෙන් නොවෙයි කෝවිඩ් -19 වෛරසයට මිනී මරන්න පුළුවන්. මෙහි මාරක තත්වය කොතරම් බරපතලදැයි සිතා ගන්නවත් බැහැ. පවුලකට අයත් වැඩිහිටියන්ට තමයි මෙහි ලොකුම අනතුර ඇත්තේ.
මේ පරිගණක අනුකාරක චිත්‍රය දුටු විශේෂඥයකු කීවේ මෙහෙම කතාවක්. ‘මේක සම්පූර්ණ වෙන්න නම් මේ බෝල ටිකෙන් කොටසක් අතුරුදන් කරලත් පෙන්වන්න ඕනෙ’
0 Comments