HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලොව වෙනත් කොහේවත් නැති ජපානයේ ඇති අරුම පුදුම දේ!

ලිපි ගණනාවකින් කිව හැකි දේ එක ඡායාරූපයකින් තත්පරයකින් කියන්න පුළුවන්. ඒ වගේ ඡායාරූප 30ක් තමා මේ සමඟ පළවෙන්නෙ. ජපානයේ සංචාරයක යෙදෙන්න මේ ඡායාරූපවලින් ඔබට පුළුවන්. මේ ඡායාරූප චාරිකාවේ දී ලෝකයේ වෙනත් කොහේවත් නැති අරුම පුදුම දේවල් ජපානයේ දී ඔබට දැක ගත හැකියි. මේවා දකින විට ඔබට හිතෙන්න බැරිකමක් නෑ මේ වෙනත් ග්‍රහ ලෝකයක ඇති රටක ඒවාය කියා.


1. ජපානයේ බීම කෑන්වල මුදුණේ අන්ධ අයට කියවිය හැකි වන පරිදි බ්‍රේල්වලින් එහි විස්තර දක්වා තියෙන බව.

2. පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ දී ජපානය තරඟ වැදුණු දා තරඟය අවසානයේ දී ක්‍රීඩා ලෝලීන් තරඟයෙන් පසු පිටියේ ‍රැ‍ඳී සිටිමින් එය සම්පූර්ණයෙන් පිරිසිදු කළ අයුරු.

3. ජපානයේ බොහෝ වැසිකිළිවල බිත්තියේ ‘බේබි සීට්’ ඇති බව.

4. ඔබ දෑත් සෝදන ජලය ඊළඟ වතාවේ වැසිකිළිය සෝදා හැරීමට යොදා ගත හැකි වැසිකිළි ඇති බව.

5. ජපානයේ ජලාපවාහන කානු පද්ධති කොයි තරම් පිරිසිදු යත් ඒවායේ කොයි මසුන් ජීවත් වන බව.

6. ජපානයේ කුඩා දරුවන් පවා කෘතගුණ දැක්වීම අරමුණු කර ගෙන තම පාසල පිරිසිදු කර ගැනීමට වෙහෙසෙන බව.

7. ජපානයේ ටොරියු සුබාෂා දුම්රිය තුළ විනෝද ගමන් යද්දී දෙපා දෝවනය කළ හැකි ජල ටැංකි තබා ඇති බව.

8. රුසියාවේ පැවති ලෝක පාපන්දු තරඟයේ දී 2-3කට බෙල්ජියමට පරාද වූ ජපන් පිල ඔවුන් රැඳී සිටි තැනින් නික්ම ගියේ රුසියන් බසින් ‘තැනක් යූ’ සටහනක් තබමින් බව.

9. ජපානයේ අධිවේගී බුලට් දුම්රිය කොතරම් වේගයෙන් ගියත් සීරුවෙන් බව මේ කාසියෙන් පෙනෙයි.

10. ජපානයේ වැසිකිළි පද්ධති භාවිත වන ආකාර දැක්වෙන ඉලෙන්ට්‍රොනික පුවරු ඇති බව.


11. ජපානයේ තැන තැන ස්මාට් ‍‍ෆෝන් පිස දැමීමට විශේෂ පිස්නා නිකුත් කරන තැන් ඇති බව.

12. ජපානයේ දුම්රිය අසුන් ඕනෑම අතකට හැරවිය හැකි බව.

13. ජපානයේ වැසිකිළිවල ඇතුළත භාවිතය පිටතට නෑසෙන ලෙස බොත්තමක් තද කිරීමෙන් ඒ කාර්ය කළ හැකි බව.

14. ජපානයේ ෆූජික්‍යු දුම්රියේ ළමුන් සඳහා වි‍ශේෂ අසුන් සවි කර ඇති බව.

15. ජපානයේ විදුලි සෝපාන තුළ හදිසියක දී පාවිච්චි කිරීමට ටොයිලට් ඇති බව.

16. ජපානයේ සුන්දර ස්ථානවල ‍හොඳ සෙල්ෆි ගැනීමට පහසු වීමට ස්මාට් ෆෝනය තැබීමට විශේෂ රැඳවුම් තනා ඇති බව.

17. නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔබට රසකැවිල්ලක් වෙනුවට ලැබෙන්නේ ඔරිගාමි සැරසිල්ලකි.

18. ජපානයේ චුවිගංම් ඇතුළේ කඩදාසි කෑල්ලක් දමා ඇත්තේ පාවිච්චි කර අවසන් වූ පසු අතින් නොඅල්ලා කටින්ම ඉවතට විසි කිරීම පහසු වනු පිණිසය.

19. ජපානයේ බහුලව ඇත්තේ රියැදුරන් සඳහා ‘රිවර්ස් පාක්’රථගාල් බව.

20. ජපානයේ කාර්යාල ගොඩනැගිලි තුළ ඇති සෝපානවල පිටත වැසි වසින බව දැන්වීමට කුඩයක සංඥා ඇති බව.

21. ඔබ කැමති ජනප්‍රිය චරිත සලකුණු කළ කොමඩු වෙළෙඳපොළෙන් ලබා ගත හැකි බව.

22. ඔබේ බලාපොරොත්තු ඒ අයුරින් ම සැබෑ කරන අවන්හල් ජපානයේ ඇති බව.

23. ජපානයේ ප්‍රමුඛස්ථානය දිය යුතු අය සඳහා අසුන්වලට වෙනම රූ රටා යොදා ඇති බව.

24. ජපානයේ දුම්රිය අසුන්වල ඔබේ ප්‍රවේශ පත්‍රය දැමීමට වෙනම සාක්කුවක් ඇති නිසා ඔබ නිදා සිටියොත් ටිකට් පරීක්ෂකට ඔබට බාධා නොකර ඒ කාර්යය කළ හැකි බව.

25. කන්සාවේ ඉදි කර ඇති මේ වතුර මල දවසේ වේලාව දක්වන බව.

26. ජපානයේ ගුවන්තොටුපොළවල ගමන් බඩු සංවිධානය කොයිතරම් විධිමත්ද යත් ඔබට අල්ලා ඉවතට ගැනීමට පහසු වන ආකාරයට හැන්ඩලය උඩට සිටින සේ ධාවන පටිය දිගේ එන බව.

27. ජපානයේ සාප්පු සංකීර්ණවල ඔබට නොමිලයේ පාවිච්චි කළ හැකි ශීත කුටි තියෙන බව. ඒ සාප්පු සංකීර්ණයේ බඩු මිලදී ගන්නාතුරු, ඔබට පිටතින් ගෙන එන ශීතකර තැබියයුතු ඒවා ඒ කුටිවල දමන්න පුළුවන්,

28. ජපානයේ අවන්හල්වල ඔබට ලබා ගත හැකි කෑමවල ඒ හා සමාන අනුරූ ප්‍රදර්ශනය කරන බව.

29. ජපානයේ වයස්ගත අයට ඔවුන්ගේ බස්තම හෝ කුඩය තැබිය හැකි විශේෂ රඳවන ATM කුටිවල ඇති බව.

30. ජපානයේ පොදු කැසිකිළිවල දී මූත්‍ර කරන අතර වීඩියෝ ක්‍රීඩාවක යෙදන්නත් ඔබට පුළුවන් බව.

Post a Comment

0 Comments