HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඩ්‍රෝන කැමරාව දුටු ඇමරිකාවේ ගුප්ත මිනිහා සැස්කොච් හෙවත් බිග් ෆුට්

ලෝකයේ සදාකාලික අබිරහස් ලෙස සැලකෙන යෝධයන් ගණනාවක් ඉන්නවා. හිමාලයේ යෝධ මානවයා හෙවත් යෙටී, උතුරු ඇමරිකාවේ බිග් ෆුට් හෙවත් සැස්කොච් වැනි මහාපාදයා දුටු හෝ කැමරාවට නැගූ විස්තර ගැන විස්මිත කතාන්තර ඉඳහිට අසන්නට ලැබෙනවා.

එයින් අලුත්ම කතාව අසන්ට ලැබෙන්නේ ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙන්. එහි වැසියන් ‍ දෙදෙනකු අද්භූත බිග් ෆුට් කෙනෙකු හෙවත් මහාපාදයකු දුටු බව දැක්වෙන වීඩියෝවක් දැන් අන්තර්ජාලයේ සංසරණය වෙනවා.


යූටියුබ් එක ඔස්සේ සංසරණය වෙන ඒ විඩියෝවෙන් දැක්වෙන්නේ සෝල්ට් ෆෝක් ස්ටේට් පාක් නම් වනෝද්‍යානයේ ගස් අතරින් ඇවිද ගෙන යන බිග්ෆුට් කෙනෙකුගේ රූපයක්. රෝමවලින් පිරුණු දැවැන්ත ගෝරිල්ලකුගේ බඳු සිරුරක් වනයේ සැරිසරණ ආකාරයක් එහි පෙනෙනවා.

‘මටත් මගේ මිතුරාටත් අවසර ලැබුණා ඔහියෝ වනෝද්‍යානයේ ඩ්‍රෝන කැමරාවක් යවන්න. ඒ කැමරාව ගත් දසුන් තමයි’ ඔවුන් ඒ වීඩියෝව යූටියුබ් එකට මුදා හරින ගමන් කළ සටහනේ කියා තිබුණා.

මේ වීඩියෝව ලක්ෂ පහකට වැඩි පිරිසක් බලලා තියෙනවා. සමහරු මේක බොරුවක් කියා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමහරු මේක කාගෙකින් අහන්න ලැබුණු හොඳ විහිළුවක් කියලා හිනාවෙලා තියෙනවා. සමහරු මේක විශ්වාස කරලා තමනුත් දුටු බව කියමින් සිය අත්දැකීම් ගැනි කියා තියෙනවා.

‘ඩ්‍රෝන කැමරාව ක්‍රියාත්මක කරද්දී අපට බිග් ෆුට් දැක ගන්න ලැබුණේ නැහැ. හැබැයි නුපුරුදු අමුතු ශබ්ද නම් ඇහුණා. ඒ වුණාට ඔහියෝ ග්‍රාස් මෑන්වත්, බිග්ෆුට් එහෙම නැත්නම් සැස්කොච් කියන යෝධ මිනියා නම් අපට හම්බ වුණේ නැහැ.’ ඔවුන් කියනවා. ඔවුන්ට ලොකු ගැසීම් හා අමුතු ශබ්ද ඇහෙන්න පෙර ඔවුන් දැකලා තියෙනවා ඇට වගයක් හමුවෙලා තියෙනවා.

ඒ වෙලාවෙ බය හිතුනත් ඔවුන් දුවලා නැහැ.ටිකෙන් ටික විමසිල්ලෙන් කැළය දෙසට ගිහින් තියෙනවා. එහි දී ඩ්‍රෝන කැමරාව හරහා තමයි ඔවුන්ට මේ බිල්ෆුට් දැක ගන්න ලැබිලා තියෙන්නෙ.

තවත් අයෙක් කියලා තියෙනවා එයාට වයස 56ක්, එයා සියයට සීයක් බිල්ෆුට් ඉන්නා බව විශ්වාස කරනවා. එයා එයාගෙ වයස අවුරුදු 14 දි මේ ප්‍රදේශයෙදි බිග්ෆුට් දුටු බවත් ස්ථිර කොට කියනවා. ඒ විතරක් නොවෙයි එයාගේ නංගිත් 1999දි ඔය ප්‍රදේශයෙදි දැක්කා කියලත් කියනවා.

ඇත්ත නැත්ත අප දන්නේ නැහැ ඩ්‍රෝන කැමරාව දුටු දේ තමයි අප ඉදිරිපත් කරන්නේ කියලා ඒක ගුවන් ගත කරපු කැමරාකරුවන් කියනවා.

ඔවුන්ගේ ඒ වීඩියෝ එක නරඹන්න


ඇමෙරිකාව නිජබිම කරගත් බිග්ෆුට් Big Foot: ලෝකයේ නොවිසඳුණු අබිරහස්

Post a Comment

3 Comments