HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ක්වොන්ටම් භ‍ෙෳතික විද්‍යාවේ ලොකු පිම්මක්! පරිගණක චිප් දෙකක් අතර දත්ත ටෙලිපෝටකරණයක්!

පළමු වරට පරිගණක චිප් දෙකක් අතර දත්ත ටෙලිපෝටකරණයක් සිදු කරති.

එංගලන්තයේ බ්‍රිස්ටල් සරසවියත් ඩෙන්මාකයේ තාක්ෂණික විශ්ව විද්‍යාලයත් එක්ව ලොව පළමු වරට පරිගණක චිප් දෙකක් අතර ක්වොන්ටම් ටෙලිපෝටකරණයක් (quantum teleportation) සිදු කර ති‍යෙනවා. එක්සත් රාජධානියේත් ඩෙන්මාකයේත් භෙෳතික විද්‍යාඥයන් එක්ව කළ මේ පර්යේෂණයේදී භ‍ෙෳතිකව හෝ විද්‍යුත් ආකාරයට හෝ සම්බන්ධ නොවී එක් පරිගණක චිපයකින් තවත් ඒ හා සමාන චිපයකට දත්ත ඉබේ හුවමාරු වීමට සලස්වා ඇත. මේ නිසා ක්වොන්ටම් පරිගණකවලට හා ක්වොන්ටම් ඉන්ටර්නෙට් සඳහා නව දොරක් විවර වී තිබේ.


මේ ආකාරයේ ටෙලිපෝටකරණයකට මග පෑදී ඇත්තේ ක්වොන්ටම් සංඝට්ඨනය (quantum entanglement) නම් සංසිද්ධිය නිසයි. එහි දී අංශු දෙකක්,‍ ඒවා අතර ඇති සහසම්බන්ධය නිසා ඉතා දිගු දුරක් වුවද එකිනෙක අතර සන්නිවේදනය කිරීමට හැකියාවක් තියෙනවා. එක් අංශුවක ඇති ගතිලක්ෂණ වෙනස් කිරීමෙන් එසැණම එ් හේතුවෙන් අනෙක් අංශුවේ එම ලක්ෂණ ඉබේම වෙනස් වෙයි. ඒවා එකිනෙකට කෙතරම් දුරින් සිටියද එ්ක ප්‍රශ්නයක් වන්නේ නැහැ. එහි හරය වන්නේ එ්වා අතර තොරතුරු ටෙලිපෝටකරණයක් සිදු වීමයි.

න්‍යයාත්මකව බැලුවොත් මෙහිදී ක්වොන්ටම් ටෙලිපෝටකරණයට දුරෙහි සීමාවක් බලපාන්නේ නැත. අයින්ස්ටයින් පවා ක්වොන්ටම් විද්‍යාවේ පවතින මේ අමුතු තත්වය ගැන මවිතය පළ කර ති‍යෙනවා. ඔහු මෙය හඳුන්වා ඇත්තේ ඉතා දුරින් සිදුවන ‘අවතාරමය ක්‍රියාව’ක් ලෙසයි.

මේ සංසිද්ධිය අනාගතයේ දී ඉතා ප්‍රයෝජනවත් දෙයට යොදා ගන්න පුළුවන්. මෙම නව අධ්‍යයනය නිසා ක්වොන්ටම් ‍භෙෳතික විද්‍යාවේ ඉතා වැදගත් ගුණාංගයක් යථාර්ථයක් කර ගත හැකි වේවි.

‘අපට හැකියාව ලැබුණා, සාර්ථකව අත්හදා බලන්න අපේ රසායනාගාරයන් තුළ, උසස් තත්වයේ සහසම්බන්ධයක් ඇති චිප් දෙකක් යොදාගෙන, එනම් ඒ චිප්වල ඇති එකම ක්වන්ටම් තත්වයක් ඇති ෆෝටෝන(photon) යොදා ගෙන.’ මෙම අධ්‍යයනයේ සම හිමිකාරත්වය දරණ ඩෑන් ලෙව්ලින් පවසනවා. ‘ඒ එක් එක් චිපයට නිශ්චිත නිදර්ශනාත්මක ක්‍රියාවලියක් කිරීමට හැකිවන පරිදි වෙන වෙනම පූර්ණ සැලැස්මක් ඇතුළත් කළා. ටෙලිපෝටකරණ අත්හදා බැලීම සිදුකරනු ලැබුවේ නිදර්ශනාත්මක ක්‍රියාවලිය සඳහා යොදා ගත් චිප් දෙක අතරයි. එහිදී එක් අංශුවක ඇති, ඒ අංශුවට ආවේණික ක්වොන්ටම් තත්වය ඒ චිප් දෙක අතර සම්ප්‍රේෂණය කරනු ලැබුවා. එසේ කරනු ලැබුවේ ඒවායේ ක්වොන්ටම් මිමි ගැනීමෙන් අනතුරුවයි. මේ මිමි වලින් තමයි පැහැදිලි වුණේ, ක්වොන්ටම් භෙෳතික විද්‍යාවේ මේ අමුතු හැසිරීම ගැන. එක්වරම සහසම්බන්ධතාව බිඳ දමමින් අංශුවේ පැවති තත්වය ඒ වන විටත් ග්‍රාහක චිපයේ ඇති වෙනත් අංශුවකට මාරු කර ඇති බව හෙළි වුණා.’

පර්යේෂක කණ්ඩායම වාර්තා කරනවා ටෙලිපෝටකරණය සියයට 91ක් සාර්ථක වූ බව. ඒ සමගම ඔවුන්ට හැකි වුණා, ක්වොන්ටම් පරිගණකකරණයට අදාළ අත්හදා බැලීම් කීපයකුත් කරන්න. එ්වාට ඇතුළත් වුණා, සහසම්බන්ධතා හුවමාරුව (එනම් එකිනෙකට ඍජුවම හෝ වෙනත් අතරමැදි දෙයක හෝ අන්‍යොන්‍ය සම්බන්ධයක් නැතිව) ෆෝටෝන අංශු හතරක් දක්වා ගෙන යාමට ඔවුන් සමත්වෙලා තියෙනවා.

මුලින් තොරතුරු හුවමාරු කිරීමක් තනි පරිගණක චිපයක් තුළ ඇති වෙනස් කොටස් අතර සිදු කෙරුණත්, මෙ‍ෙස් වෙනස් චිප් දෙකක් අතර එය සිදු කර තිබුණේ නැහැ. ආරම්භයේ දී කාමරය තුළ දුරින් ඇති දෙකක් අතර අත්හදා බලා, කෙමෙන් කි.මි. 25ක්, කි.මී. 100ක්, පසුව කි.මී. 1200ක් (චන්ද්‍රිකාවක් තුළත්) දුරිනුත් මේ තත්වය අත්හදා බැලුවා. ඒ අනුව වෙනස් චිප් දෙකක් අතර මෙසේ ටෙලිපෝටකරණයක් සිදුවන බව සොයා ගැනීම ක්වන්ටම් පරිගණක විද්‍යාව අතින් ලැබූ ලොකු ජයග්‍රහණයක්. (මෙම පර්යේෂණය පිළිබඳ තොරතුරු අඩංගු ලිපියක් නේචර් ෆිසික්ස් සඟරාවේ පළ වී තිබේ.)

- පර්සි ජයමාන්න 
Source: University of Bristol

Post a Comment

0 Comments