HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙලොව සිටින හැම මිනිහකු ම ප්‍රකෝටිපතියකු කළ හැකි ග්‍රහකයකට යන්න ලෑස්තියි!

මෑතකදී පුවතක් ආවා, ඇමරිකාවේ නාසා ආයතනය, ඩොලර් දස ක්වින්ටිලියනයක් වටිනා රන් හා ලෝහවලින් යුත් ග්‍රහකයක් වෙත ගොස් එහි ඇති වටිනා මූල ද්‍රව්‍ය පෘථිවියට ගෙන ඒමට වැඩ පිළිවෙළක් සැකසීම ගැන ඇමෙරිකාවේ සමාගම් කීපයක් සමග කළ සාකච්ඡා කළ බව කියැවෙන. ග්‍රහක වළල්ලේ ඇති විශාලතම ග්‍රහක දහයෙන් එකක් වන මේ සයිකීස් 16 (psyche 16) කියන මේ ග්‍රහකයේ ඇති රන් පොළොවට රැගෙන ආවොත් මෙහි වෙසෙන හැම මිනිහෙක්ම බිලියන පතියකු කළ හැකියි කියලයි කියන්නේ.




ක්වින්ටිලියනයක් යනු කුමක්ද?

ක්වොඩ්‍රිලියනයක් දහසකින් වැඩි කළ විට ලැබෙන සංඛ්‍යාව ක්වින්ටිලියනයක්. එනම් ත්‍රිලියනය මිලියනයකින් වැඩි කළ විට ලැබෙන සංඛ්‍යාවයි. මොකක්ද ක්වොඩ්‍රිලිනයක් කියන්නේ ? කෙ‍ා‍යි වගේ සංඛ්‍යාවක්ද? ඒක ලියන්නේ කොහොමද? මුලින් මෙය තේරුම් ගැනීම පහසුවෙන්න මිලියනය කියන්නේ කීයද කියා බලමු. මිලියනයට කලක් අපි කීවේ දශ ලක්ෂය කියලයි. ඒ කියන්නේ එකයි බින්දු හයකින් ලියන සංඛ්‍යාවකටයි. ලක්ෂය කියන්නේ එකයි බින්දු පහකටයි. ලොකු සංඛ්‍යාවලට එන කොට ලක්ෂවලින් කියන එක අමාරුයි. ඒ නිසා අපි දශ ලක්ෂයට මිලියනය (million) කියනවා. ඊළඟට ඇති ලොකුම සංඛ්‍යාවට අපි බිලියනය (billion) කියලත්, ඒ අනුව ඊළඟට පිළිවෙළින් ත්‍රිලියනය (trillion) කියාත් ඊට වඩා වැඩි සංඛ්‍යාවට ක්වොඩ්‍රිලියනය කියලත් කියනවා.

මේ මිලියනය යන වදන ඉතාලි බසින් සැතැප්මට කියන මිලියොන යන වදනින් ආවක් ලෙසයි සැලකෙන්නේ. ලතින් බසෙහි දහස හඟවන ‘මිලි’(milli) යන පෙර ඈඳිය ඔබට හුරු ඇති මිලි මීටර්, මිලි ලීටර් වගේ වදන් නිසා. මිලි ලීටරයක් කියන්නේ ලීටරයකින් දහසෙන් පංගුවකටයි.

මිලියනය යන සංඛ්‍යාවෙන් පසුව එන සංඛ්‍යා නිසා ලෝකය කලක් බෙදිලා හිටියා. ඒ ඇමරිකන් ක්‍රමය හා බ්‍රිතාන්‍ය ක්‍රමය වශයෙන්. ඇමරිකන් ක්‍රමයට අනුව බිලියනයට බින්දු තුනේ ඒවා තුනක් ‍තියෙනවා. එය 109 කියලත් ලියන්න පුළුවන්. ඒත් එකල පැවති බ්‍රිතාන්‍ය ක්‍රමයට අනුව බිලියනය ලියන්න බින්දු දොළහක් අවශ්‍ය වුණා. එය 1012 කියලයි ලියන්නේ. මේක ජාත්‍යන්තර ලොකු ගනුදෙනුවලදී ලොකු පටලැවිල්ලක් ඇති කළා. ඒ නිසා 1974 දී බ්‍රිතාන්‍යය කැමති වුණා, ඇමරිකන් බිලියනය යන ඒකකය පිළිගන්න. ගනුදෙනු පහසුවෙන්න ලෝකයම එක පොදු සම්මතයකට ආවා. ඒ අනුව බින්දු තුනක් අඩුවුණු නිසා එවකට මිලියන පතියන්ව සිටි බ්‍රිතාන්‍ය වැසියන්ට එකපාරම බිලියන පතියන් වීමට මඟ පෑදුණා.

අතීතයේ ලියැවුණු බ්‍රිතාන්‍ය පොත්පත්වල බිලියනය ලිව්වේ බින්දු 12ක් යොදා ගෙනයි. ඒ පොදු සම්මතයෙන් පසුව ලියැවුණු බ්‍රිතාන්‍ය පොතපතෙහි ඒ බින්දු ගණන තුනකින් අඩු කරලයි ලියන්නේ. සංඛ්‍යා පරිවර්තකයන්ට මේ ගැන අවධානය යොමු කරන්න වෙනවා, නිවැරදිව ඒ කාරිය කරන්න නම්.

විසි එක්වැනි සියවසේදි ලෝකයේ ලියැවෙන හැම තැනකම, හැම පොතපතකම, බිලියනය, ත්‍රිලියනය, ක්වොඩ්‍රිලියනය(quadrillion) ලියන්නේ පොදු සම්මතය අනුවයි.

දිගු කාලයක් ම බීබීසී ලෝක සේවය ජනතාවට බිලියනය වඩාත් පැහැදිලිව ලෝකයට කියන්න යොදා ගත්තේ එක් දහස් මිලියනය(one thousand million) කියන වැකියයි. අපේ ගුවන් විදුලි සේවයත් කලකට පෙර මිලිනය නුහුරුයි කියා දශ ලක්ෂය කියා කීවා. ඒ වගේ ම දශ මිලියනයට හෙවත් සියක් ලක්ෂයට කෝටිය කියා කිවා. ඒත් මේ සංඛ්‍යා තවත් එහාට වැඩි වෙන කොට, ලෝකයේ රටවල ජනගහනය වැඩි වෙන කොට, ඒ වගේම අයවැය සංඛ්‍යා විශාල වෙන කොට, කෝටිවලිනුත් මේ ගණන් කියවීම අසීරු නිසා මිලියනය, බිලියනය, ත්‍රිලියනය, ක්වොඩ්‍රිලියනය, ක්වින්ටිලියනය, සෙක්ස්ටිලියනය...යන ආදී වශයෙන් බාර ගැනීමට අප හැමෝටම සිදුවුණා. දැන් දහසේ ගුණාකාර ලෙස මේ සංඛ්‍යාවන් පහත සඳහන් ආකාරයට දැක්වෙනවා.

1000 දහස(thousand)
1,000,000 මිලියනය(million)
1,000,000,000 බිලියනය(billion)
1,000,000,000,000 ත්‍රිලියනය(trillion)
1,000,000,000,000,000 ක්වොඩ්‍රිලියනය(quadrillion)
1,000,000,000,000,000,000 ක්වින්ටිලියනය(quintillion)
1,000,000,000,000,000,000,000 සෙක්ස්ටිලියනය(sextillion)
1,000,000,000,000,000,000,000,000 සෙප්ටිලියනය(septillion) 1,000,000,000,000,000,000,000,000,000 ඔක්ටිලියනය(octillion)

මේ විදියට එකයි බින්දු සීයෙන් ලියන සංඛ්‍යාවට ගූගොල් (googol) කියා කියනවා. ඔබ දැන් දන්නා ගූගල් සෙවුම් යතුරට ඒ නම තබද්දී වෙච්ච අක්ෂර වැරදීමක් නිසයි google කියා යොදා ඇත්තේ. ඒ සංඛ්‍යාව නිවැරදිව ලියන්න නම් googol කියලයි ලිවිය යුත්තේ.

ඩොලර් ත්‍රිලියනයක් ඔබ අතට දී තත්පරයකට එක ඩොලරය ගානේ ගණන් කරන්න කීවොත් ඔබට ඒ ත්‍රිලියනය ගණන් කරලා ඉවර කරන්න වසර 31,710ක් ගත වෙන බව ඔබ දන්නවාද? ඒ සංඛ්‍යාවේ විශාලත්වය එයින්ම ඔබට පැහැදිලි වෙන්න ඇති. එහෙම නම් ත්‍රිලියනයේ ඒවා මිලියනයක් එනම් ක්වින්ටිලිනයක් ගණන් කරන්න කොපමණ කලක් ගත වේවිද?


ඉහත රූපයේ දක්වා ඇති පරිදි අඩි 2,730 x2,730x 2,730ක ඝනයක් තුළ ඇති කියුබ් එකක ප්‍රමාණයක් තුළ පැන්සයේ කාසි ඇසුරුවහොත් ඒ සඳහා කාසි එක් ක්වොඩ්‍රිලියන, බිලියන හැට හතකුත්, මිලියන අසූ අටකුත්, තුන්සිය අසූ හතර දහසක සංඛ්‍යාවක් ඒ සඳහා අවශ්‍ය වෙනවා. එහි වටිනාකම ඩොලර් 10,000, 670, 883, 840ක් (ඩොලර් දස ට්‍රිලියන මිලියන හයදහස් හැත්තෑවකුත් අටසිය අසූ තුන් දහස් අටසිය හතළිහක්)


Post a Comment

0 Comments