HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නවසීලන්තය ගැන විස්මිත තොරතුරු ඔබත් දන්නවද ?

1.ලෝකයේ උසම කඳු ශිඛරය ලෙස සැලකෙන, 1953 දී එවරස්ට් කඳුමුදුන තරණය කළ ‍ලොව මුල් ම මිනිසා නවසීලන්ත ජාතික සර් එඩ්මන්ඩ් හිලරි බව.



2.කාන්තාවන්ට සර්වජනඡන්ද බලය දුන් ප්‍රථම රට නවසීලන්තය බව. (එසේ ඡන්ද බලය දුන් දෙවන රට ශ්‍රී ලංකාව බව.)

3.පරමාණුව බිඳීමට සමත් වූ ප්‍රථම විද්‍යාඥයා නවසීලන්ත ජාතික සර් අර්නස්ට් රදර්පර්ඩ්බව. එසේ ම ඒ අංශුවට ප්‍ර‍ොටෝනය කියා නම තැබුවේද ඔහු විසින් ම බව.

4. ජනගහනය අනුව වැඩිම ගොල්ප් ක්‍රීඩා පිටි ඇත්තේ නවසීලන්තයේ බව.

5. ජනගහනය අනුව වැඩිම බෝට්ටු ප්‍රමාණයක් ඇත්තේ නවසීලන්තයේ බව.

6. ජනගහනය අනුව වැඩිම කාර් ප්‍රමාණයක් ඇත්තේ නවසීලන්තයේ බව.

7. ජනගහනය අනුව වැඩිම ඔලිම්පික් රන් පදක්කම් දිනා ඇති රට නවසීලන්තය බව.

8. ලොව දිග ප්‍රමාණය අනුව එනම් මීටර් 1.5ක් වූ කුඩා ම ඩොල්පින් විශේෂය (හෙක්ටර්ගේ ඩොල්පින්) ඇත්තේ නවසීලන්ත‍ වෙරළ තීරයේ පමණක් බව.

9. ලොව පියෑඹිය නොහැකි ගිරා විශේෂය වූ කකාපෝ සිටින්නේ නවසීලන්තයේ පමණක් බව.

10. ලොව උරගයන් සිටියද සර්පයන්නැති එකම රට නවසීලන්තය බව.

11. නවසීලන්තයේ න්‍යෂ්ටික බලාගාර නැති බව.

12. මුහුදේ රළ පදින්නට ඇති දිගම මුහුදු වෙරළ ප්‍රමාණය වූ කි.මී 120ක් නවසීලන්තය සතුව ඇති බව.

13. නවසීලන්තයේ කිරි ගොවියන් වසරකට සෑම පුරවැසියකුටම බටර් කි. ග්‍රෑ. 100ක් හා චීස් කි.ග්‍රෑ. 65ක් නිපදවන බව.


14. ලොව ප්‍රථම රග්බි ලෝක කුසලාන 1987දී දිනා ගත්තේ නවසීලන්ත කණ්ඩායම බව.

15. ලොව ප්‍රථම වානිජ බන්ජි පිම්ම වූ (පාදයේ රැහැනක් බැඳ පනින) නවසීලන්තයේ ක්වීන්ස්ටවුන්හි කවරාවු පාලමේ සිට මීටර 43ක් පහළ පැන්නේ 1988 දී බව.


16. ලෝකයේ ස්ථාන නාම අතර දිගම නම වූ අකුරු 85කින් ලියන මාවුරි බසෙහි ඇති Taumata­whakatangihanga­koauau­o­tamatea­turi­pukakapiki­maunga­horo­nuku­pokai­whenua­kitanatahu තබා ඇත්තේ නවසීලන්තයේ හෝකේ බොක්කේ පිහිටි මීටර් 305 උස කන්දකට බව. (එහි අරුත ‘කඳු නගින, බිම ගිලින, ලොව පුරා ඇවිද්ද, ලොකු දණහිස් ඇති, ටමාටී නම් මිනිසා ඔහුගේ ආදරවන්තියට ඇසෙන්නට නැහැයෙන් වැයෙන ඔහුගේ වස්දඬුව වාදනය කළ කඳුමුදුන’ යන්නයි.)

17. ලෝකයේ වඩාත් දකුණට වෙන්නට පිහිටි අගනුවර නවසීලන්තයේ වෙලින්ටන් බව.

18. නවසීලන්තයේ සත්ව ගහනයෙන් මිනිස් ගහනය ඇත්තේ සියයට 5ක් බව, ඉතිරි සියයට 95 ම වෙනත් සතුන් බව.

19. ලෝකයේ දූෂණය අවම රාජ්‍යය නවසීලන්තය බව, එය දෙවැනි වන්නේ හෝ සම වන්නේ ඩෙන්මාර්ක රාජ්‍යයට පමණක් බව.

20. ලෝකයේ පිරිසිදු ම ජලය ඇත්තේ නවසීලන්තයේ නෙල්සන් ලේක්ස් ජාතික වනෝද්‍යානයේ පිහිටි බ්ලූ ලේක් (නිල් විල) හි බව. එහි මීටර් 80ක් ගැඹුර දැකිය හැකි බව.

21. ලොව වැඩිම පෙන්ගුවින් විශේෂ වෙසෙන රට නවසීලන්තය බව.


22. ලොව ‍ලොකුම බෑවුම සහිත වීදිය නවසීලන්තයේ ඩනෙඩීන්හී බොල්ඩ්වින් බව, එහි බෑවුම 1කට 2.86ක්, එනම් එහි ආනතිය සියයට 38ක් බව.


23. ලෝකයේ බරින් වැඩිම කෘමියා වූ යෝධ වේටා (ඩීනාක්‍රිඩා හෙටෙරකාන්ත) නම් ග්‍රෑම් 71ක් බරැති පළඟැටියකු බඳු සත්වයා වෙසෙන්නේ නවසීලන්තයේ බව.

24. නවසීලන්තයේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් රක්ෂිත වනෝද්‍යාන බව.

25. නවසීලන්තයේ රාජකීය නාවික හමුදාවේ නිල ලාංඡනය පියෑඹීමට නොහැකි කිවි පක්ෂියා බව.

26. කිවි පෲට් නම් පලතුරට යොදා ඇත්තේ කිවි පක්ෂියාගෙන් ණයට ගත් බොරු නමක් බව. එය චීනයෙන් ගෙනා පලතුරක් බවත් ගූස්බෙරි රසයෙන් යුත් නිසා චීන ගූස්බෙරි යනුවෙන් මුල දී වැවූ නමුත් ඒවා ඇමරිකාවට අපනයනය කරන අවස්ථාවේ චීන නම ප්‍රතික්ෂේපිත එකක්ව තිබූ නිසා 1959 දී නවසීලන්න වෙළඳ සමාගම එයට ‘කිවි පෲට්’ යනුවෙන් යෙදූ අතර අද ඒ නමින් ලොව පුරා වවනු ලබන බව. එහෙත් අද නවසීලන්තයෙන් එය පිටරට පටවනු ලබන්නේ සෙස්ප්‍රි (zespri) යන නමින් බව.


27. නවසීලන්තයට ආවේනික කීආ (kea) නම් කුරුල්ලා රබර් බීඩින් හා වින්ඩ් ස්ක්‍රීන් වයිපර් කා දමන බව.


Post a Comment

0 Comments