Skip to main content

Posts

Showing posts from January, 2020

නැති වූ අම්මා සොයන කුඩා දරුවා!

සියවස් ගණනක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සතුව තිබූ නිදහස නැති වී ගිය විට ජනතාව තුළ හට ගත් කම්පනය, ඉතා ව්‍යක්ත ලෙස පළ කෙරෙන කතාවක් වෙයි.

මේ කතාව ඉන්දියාවේ මුල්ක්රාජ් ආනන්ද් නම් නිර්මාණකරුවාගේ කෘතියකි.

ඒ මෙසේය.

මවක් සිය දරුවා සමග සැණකෙළි බිමකට යන්නීය. විශාල ජනකාය මැද්දේ ගමන් කරන කුඩා දරුවා, සිය මාතාවගේ අත තදින් අල්ලා ගෙන සිටී.

මෙසේ සැණකෙළි බිමේ අසිරිය බලමින් යන කුඩා දරුවා වර්ණවත් බැලුම් බෝල දකී. ‘අම්මේ මට බැලුම් බෝල ඕනෑ’ යැයි දරුවා කියන්නේය. ‘නෑ පුතා අපි යමු’ යැයි කියමින් මව දරුවා ඇද ගෙන යන්නීය.

දරුවා ඉනික්බිතිව දකින්නේ රසකැවිලි සල්පිලකි. ‘නෑ පුතා අපි යමු’ යැයි කියා මාතාව දරුවා ගෙන යන්නීය.


දරුවා වරින් වර, සෙල්ලම් බඩු, වෛවර්ණ ඇඳුම් පැලඳුම් ඉල්ලා සිටී. මව ඒ කිසිත් නොතකා දරුවා පෙරට ගෙන යන්නීය.

මෙසේ යන අතර දරුවාට සිය මාතාවගේ ග්‍රහණය අත හැරේ.

අම්මාගේ ඇඟිලි තුඩුවල ග්‍රහණය නැති වී යන දරුවා, මහ හඬින් කෑ ගසන්නට වෙයි.

දරුවා අඬන විට සැණකෙළියේ සංවිධායකයෝ ඔහු වෙත එති. ‘දරුවා, ඔබට බැලුම් බෝල ඕනෑද?’

‘නෑ මට, අම්මා ඕනෑ’

‘දරුවා, රසකැවිලි ඕනෑද?’

‘නෑ මට ඕනෑ මගේ අම්මා’

අම්මාගේ අතේ එල්ලී යන විට ඉල්ලූ කිසිම දෙයක් දැ…

නවසීලන්තයේ විස්මිත රුක්දෙවියා සොයා ගියෙමි

නවසීලන්තයට අයත් උතුරුලන්තයේ වයිපෝවා කව්රි වනාන්තරයේදී මේ යෝධ රුක්දෙවියා දැක ගත හැකිය. වසර දෙදහසක් තිස්සේ මෙහි වජඹෙන මේ යෝධයා මුලින්ම ඉර පායන රටට වූ මේ උත්තර දේශය දෙස නිහඬව බලා සිටියේය. ඔහුට කතා කළ හැකි නම් ඒ දිගු කතාව අපට පවසනු ඇත. ඔහුගේ දරුවන් ලෙස සිටි මහා වෘක්ෂ සමුදායත්, කුරුල්ලන් ඇතුළු අතීතයේ සිටි සියල්ලක් ම දැන් නැත. දැන් ඉතිරිව ඇත්තේ ඒ අතරින් සුවිශේෂ වූ කිවි පක්ෂියා පමණය. ඒ පක්ෂියා සංකේතවත් කර ගෙන මෑත යුගයේ ඔහුගේ දරුවන් බවට පත් වූ නවසීලන්ත වැසියෝ මේ යෝධයාව මහත් වූ පරිශ්‍රමයක් දරමින් ඔහුට මිය යා නොදී රැක බලා ගනිති.

නවසීලන්තයේ වනස්පති
පසුගියදා මෙම යෝධයා ඇතුළු කව්රි ගස් රාශියට දරුණු රෝගයක් වැලඳීමේ අවදානමක් ඇති විය. කව්රි ඩයි බෑක් ඩිසීස් කියා හැඳින්වුණු ඒ රෝගය නිසා කව්රි වනාන්තරයේ බොහෝ ගස් දිරා යන්නට විය. දැන් ඒ අනතුරෙන් ඒ වනසම්පත රැක ගැනීමට විශේෂ පියවර ගෙන තිබේ. එහි එන සංචාරකයන්ට ඒ මං පෙතට ඇතුළු විය හැක්කේ දෙපා (සපත්තු පිටින්) සෝදා ගැනීමෙන් අනතුරුවය. වනපෙතෙහි ඇවිද යන අයට ඒ රක්ෂිත වෘක්ෂවලට ළං වීමට නොහැකි වන සේ ආරක්ෂිත වැට ද යොදා ඇත.

ඒ ‍යෝධ වෘක්ෂය ඉදිරිපිට සවි කර ඇති පුවරුවක එහි අතීත ක…

වඳවී ඇතැයි සිතූ කළු කොටියා සිරිපා අඩවියෙන් මතු වේ!

ඉතා දුර්ලභ සතකු ‍ලෙස සැලකෙන කළු කොටි පවුලක් ම කැමරාවට හසුකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් දෙපළක් පසුගියදා සමත් වී තිබේ. පිරිමි සතකු, ගැහැනු සතකු හා පැටවුන් දෙදෙනකු මෙම පවුලට අයත්ය. මේ සතුන් හසු වූයේ වන රක්ෂිතයේ අටවන ලද විශේෂ ස්වයංක්‍රීය කැමරාවකටය. ගැමියන්ගෙන් ලද ඔත්තුවක් මත මෙම විශේෂ චලන සංවේදී විමර්ශන කැමරා සවි කරන ලද්දේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන සහ මනෝජ් අකලංක පිනිදිය යන දෙපළ විසිනි. වසර කීපයකට පෙර උගුල්වලට හසුව මරණයට පත් ව හමු වූ මෙම සතකුගේ මළ සිරුරක් හැරෙන්නට උන් ජීවත්ව සිටින බවට කිසිදු ආරංචියක් මේ වන තෙක් ලැබී තිබුණේ නැත.

කළු කොටියා යළි උපදියි!
‘ශ්‍රී ලංකාවේ කළු කොටියාට මේ සුවිශේෂ ලක්ෂණය ඇති වී තියෙන්නේ සිරුරේ වර්ණවල ඇති වූ විකෘතියක් නිසයි. ලෝකයේ වෙසෙන කළු දිවි විශේෂ අට අතරට නොවැටෙන  විශේෂයක් ලෙස මේ කළු කොටියා දුර්ලභ සතකු ලෙස සැලකෙන්නේ ඔවුන්ගේ ගහනයෙහි ඇති සීමිත බව හේතුවෙන්.’ ශ්‍රී ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෂිනි සරච්චන්ද්‍ර කියයි.

අපේ සාමාන්‍ය කොටියාගේ හැඩයෙන් යුතු වුවද  කහ දුඹුරු මුසු සමෙහි ඇති කළු පුල්ලි වෙනුවට කළු පැහැය මුළු සිරුර පුරා ම විහිදී ඇ…

මෙලොව සිටින හැම මිනිහකු ම ප්‍රකෝටිපතියකු කළ හැකි ග්‍රහකයකට යන්න ලෑස්තියි!

මෑතකදී පුවතක් ආවා, ඇමරිකාවේ නාසා ආයතනය, ඩොලර් දස ක්වින්ටිලියනයක් වටිනා රන් හා ලෝහවලින් යුත් ග්‍රහකයක් වෙත ගොස් එහි ඇති වටිනා මූල ද්‍රව්‍ය පෘථිවියට ගෙන ඒමට වැඩ පිළිවෙළක් සැකසීම ගැන ඇමෙරිකාවේ සමාගම් කීපයක් සමග කළ සාකච්ඡා කළ බව කියැවෙන. ග්‍රහක වළල්ලේ ඇති විශාලතම ග්‍රහක දහයෙන් එකක් වන මේ සයිකීස් 16 (psyche 16) කියන මේ ග්‍රහකයේ ඇති රන් පොළොවට රැගෙන ආවොත් මෙහි වෙසෙන හැම මිනිහෙක්ම බිලියන පතියකු කළ හැකියි කියලයි කියන්නේ.



ක්වින්ටිලියනයක් යනු කුමක්ද?


ක්වොඩ්‍රිලියනයක් දහසකින් වැඩි කළ විට ලැබෙන සංඛ්‍යාව ක්වින්ටිලියනයක්. එනම් ත්‍රිලියනය මිලියනයකින් වැඩි කළ විට ලැබෙන සංඛ්‍යාවයි. මොකක්ද ක්වොඩ්‍රිලිනයක් කියන්නේ ? කෙ‍ා‍යි වගේ සංඛ්‍යාවක්ද? ඒක ලියන්නේ කොහොමද? මුලින් මෙය තේරුම් ගැනීම පහසුවෙන්න මිලියනය කියන්නේ කීයද කියා බලමු. මිලියනයට කලක් අපි කීවේ දශ ලක්ෂය කියලයි. ඒ කියන්නේ එකයි බින්දු හයකින් ලියන සංඛ්‍යාවකටයි. ලක්ෂය කියන්නේ එකයි බින්දු පහකටයි. ලොකු සංඛ්‍යාවලට එන කොට ලක්ෂවලින් කියන එක අමාරුයි. ඒ නිසා අපි දශ ලක්ෂයට මිලියනය (million) කියනවා. ඊළඟට ඇති ලොකුම සංඛ්‍යාවට අපි බිලියනය (billion) කියලත්, ඒ අනුව ඊළඟ…

පෙරළුණු කාසියෙන් මතු වූ විස්කම් අදහස!

මීට වසර 190කට ඉස්සර දවසක ස්කොට්ලන්තයේ කම්මල්කරුවෙක් කම්මලේ වැඩ කර වෙහෙස මහන්සි වී හවස් ජාමේ අවන්හලකට ගොඩ වැදී බීම වීදුරුවක් තොලගාමින් සිටියා. ඔහු සිය අතෙහි ඇඟිලි අතර රුවා ගත් පැන්සයේ කාසියක් මේසය මත එහා මෙහා කරමින් හුදෙකලාව විනෝද වෙමින් සිටියා. හිටිහැටියේ ම කාසිය මේසයෙන් ඉවතට විසිවී බිම වැටී පෙරළී ගියා. ඔහු එය අතට ගැනීමට නැඟිටියද වැටුණු කාසිය දිගටම පෙරළුණා. ඔහු නැඟිට ඒ දෙස බලා සිටියා. කාසිය පෙරළීම නතර කර පැත්ත වැටුණේ අවන්හලේ බිම සෑහෙන දුරක් ගිහින්. ඔහුට වුණු අකරතැබ්බය දැන අවට සිටි පිරිස් හිනා වුණා. ඔහු හෙමින් හෙමින් එය අහුලා ගත්තා. ආපසු ඇවිත් කාසිය යළිත් වරක් ‍මේසය මත පෙරළන්න තැත් කළා. කාසිය කලින් විදියටම පෙරළී ගියා. අවට සිටි පිරිස් පොඩි ළමයකු මෙන් සෙල්ලම් කරමින් සිටි මිනිසාට හිනා වුණා මිස ඔහු ගැන තැකීමක් කළේ නැහැ.

බයිසිකලයෙන් අනතුරු- ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පත්‍රයේ කාටූනයක්
ඔහු තමයි, ස්කොට්ලන්ත ජාතික කර්ක්පැට්රික් මැක්මිලන්. කලින් දා පෙරළුණු කාසිය ඔහුගේ ඔළුවට ඇතුළු කළ අදහස ක්‍රියාවට නංවන්න පහුවදාම ඔහු වැඩ පටන් ගත්තා. ඔහු පරණ අශ්ව කරත්තයක ඉදිරි රෝදයක් හා පසුපස රෝදයක් එකක් පසු එකක්…

වසර 2,700 ක් පැරණි අපස්මාර යක්ෂයෙක් සොයා ගනියි!

ඉරාකයෙන් සොයා ගත් වසර 2700ක් පැරණි මැටි පුවරුවකින් තමයි, අපස්මාරය ඇති කරන යක්ෂයාගේ රූපය සොයා ගෙන තියෙන්නේ. ඒ අනුව පුරාණ ඇසිරියානුවන් අපස්මාරය නමැති රෝගයට හේතුව මේ යක්ෂයාගේ බැල්ම වැටීම නිසා බව විශ්වාස කර ඇති බවයි, එයින් පෙනෙන්නේ. මෙය ඒ කාලයේ ඇසිරියානු වෛද්‍යවරුන්ට, රෝගවලට හේතු හා ඒවා හඳුනා ගැනීමටත්, ඒවාට ප්‍රතිකාර කිරීමට ඔවුන් පුහුණු කිරීමේදී යොදා ගත් සටහන් බවයි කියැවෙන්නේ.

වසර දශක දෙකකට පෙර, වර්තමාන ඉරාකයෙන් සොයා ගන්නා ලද ඇසිරියානු කීලාකාර අක්ෂර සඳහන් මැටි පුවරුවක තිබී මේ අපූරු යක්ෂ රූපය මතුකර ගැනීමට පුරාවිද්‍යා පර්යේෂකයකු වූ ආචාර්ය ටොරියල්ස් ප්‍රෑන්ක් ආබෝල් (Troels Prank Arboll) සමත් වී තියෙන්නේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේදියි. මේ විස්මිත සොයා ගැනීම කර ඇත්තේ ඔහු ඒ කීලාකාර අක්ෂර කියවීමට කළ උත්සාහයකදීයි. එහි ඇතුළත් කරුණුවලට අදාළ රූපයක් තමා මෙසේ මතුවී ඇත්තේ.

මේ විස්මිත සිදු වීම සොයාගත් පර්යේෂක ආචාර්ය ආබෝල්

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අතීතයේ භූත විද්‍යාවලින් රෝග සුවකිරීම බහුලව පැවතියත් මේ මැටි පුවරුවල සඳහන්ව ඇති දේ අනුව වෛද්‍ය විද්‍යාත්මක අතිනුත් කරුණු දක්වා ඇති බවයි.

මෙවැනි …

අද අවසන් ගමන් යන අපේ කලා ලොවේ යුග පුරුෂයා - ජයලත් මනෝරත්න

සමාජය පිළිගත් ජනප්‍රිය පුද්ගලයන්ට ආචාර්ය උපාධි පිරිනැමීම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක විශ්ව විද්‍යාලවල සිරිතක්. එසේ නොවී තමා ම උපයා ගත් ආචාර්ය උපාධියක් ඇති කීර්තිමත් කලාකරුවෙක් අප අතර ඉන්නවා. ඒ අන්කිසිවකු නොව පසුගියදා අප අතරින් වයෝ වූ අපේ අසම සම කලාකරු, කලාසූරී, කලාකීර්ති ජයලත් මනෝරත්නයි. මනෝරත්නට කලින් දිවංගත මහගම සේකරත් ඒ හපන්කම කර තිබුණා. ආචාර්ය උපාධිය සඳහා සේකර නිබන්ධයක් කර අනුමත වී තිබුණත් ඔහුට මිය යනතුරුම ආචාර්ය උපාධිය පිරිනැමුණේ නැහැ. ඒ විතරක් නොවෙයි ඔහුට ඒ ආචාර්ය උපාධිය පිරිනැමුණේ ඔහුගේ මරණයෙන් වසර විසිපහකට පසුවයි. මා හිතන්නේ ඒකත් ලෝක වාර්තාවක්. ඒ අතින් අපේ අසම සම කලාකරුවා වාසනාවන්තයි. ඔහු මිය යනවිට එසේ ලබා ගත් ආචාර්ය උපාධි දෙකක් ම තිබුණා. ඒ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.



මනෝ රංගනයට පිවිසියේ පාසල් වියේ දීමයි. ඒ පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා වූ සුනිල් ශ්‍රියානන්දගේ මග පෙන්වීම යටතේයි.’අස්ස ගුඩුං’ නම් වූ ළමා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපා ඇරඹූ ඒ ගමන වේදිකා නාට්‍ය අසූවකටත් වැඩි ගණනක් දක්වා විහිදුණා. එයින් වේදිකා නාට්‍ය අටක් ඔහු විසින්ම රච…

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක් දෙකඩ කළ මල් ගසක්!

මෙතෙක් වඳ වී ගිය ශාකයක් ලෙස සලකනු ලැබූ ශාකයක් හදිසියේ මතු වීම හේතුවෙන් මහනුවර අධිවේගී මාර්ගය දෙකඩ වී යන ලකුණු පහළ වී තියෙනවා. මේ තත්වය ඇති වි තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පරිසරවේදියකු වූ හිමේෂ් ඩිල්රුවන් ජයසිංහගේ හපන්කමක් නිසයි. මා මෙය හපන්කමක් ලෙස දකින්නේ අධිවේගී මාර්ගය තැනීමට අවසර දීමට පෙර මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ ප්‍රදේශයේ පූර්ණ පරීක්ෂණයක් කර මේ මාර්ගය තැනීමෙන් පාරිසරික හානි කිසිවක් නැතැයි නිගමනය කර තිබූ නිසයි.

ඩිල්රුවන් වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක්. ඒත් අද පරිසර විද්‍යාඥයෙක්. තරුණ සත්වවේදීන්ගේ සංගමයට බැඳී එයින් ලත් දැකීම්වලින් පසුව ඔහු තේරුම් ගත්තා ඔහුගේ ඉදිරි ගමන් මග මේ අතට යොමු කළ යුතු බව. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අස්වෙලා ඔහු පරිසරවේදියකු වීම නිසා තමයි මේ සොයා ගැනීම කළ හැකි වුණේ.

පරිසර විද්‍යඥ ඩිල්රුවන් ජයසිංහ
ඩිල්රුවන් තම සොයා ගැනීම ගැන බීබීසී සිංහල සේවයට අදහස් පළ තිබුණේ මෙයෙමයි.

‘දැනට තනා ගෙන යන මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත ඉඳන් මීරිගමට යන කොටසේ දාරළුව ප්‍රදේශයේ දී තමයි, අපට මේ ශාකය මුණ ගැහුණේ. මේ ප්‍රදේශය ගැන කලින් තත්ව වාර්තාවක් කර බලා මාර්ගය තැනීමට මධ්‍යම පරිසර අධිකාරිය…

අතක් නැතිව උපන් පාසල් දැරියකට විස්මිත අතක්!

එංගලන්තයේ ස්ටැපර්ඩ්ෂයර්වල ස්ටෝක් ඔන් ට්‍රෙන්ට්වල උපන් හොලී ලෝන්ඩ්ස්ට උපදින කොට සුරතක් තිබුනෙ නෑ. ඇය උපන්නෙ දකුණු අත නැතිවයි. අවුරුදු 11ක් වෙනකම්ම ඇයට වැඩ කර ගන්න සිදුවුනේ වම් අතින් විතරයි. ඇයට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒත් ඇය ගැන කනගාටු වුනේ නැහැ. තමාට පුළුවන් විදියට වම් අතින් ඔක්කොම වැඩ කර ගත්තා. ලියන්න ඉගෙන ගත්තා. පොතේ පතේ වැඩ කළා. දෑතින් කළයුතු වැඩට දකුණු අතේ අත්ල නැති කොටසත් සම්බන්ධ කරන ගෙන පාසලේ කටයුතු කොහොම හරි කර ගත්තා. පාසලේදී අත් තියෙන ළමයින්ගේ ඇස්වලට මේක ප්‍රශ්නයක් වුණා. ඔවුන් හිනා වුණා. ඇනුම්පද කිව්වා. පුංචි ඇගේ හිතට ඒ නිසා වේදනාවක් ඇති වුණා.

හොලී ඇගේ පියා වූ ස්ටීවන් ලෝන්ඩ්ස් සමඟ ‘හීරෝ ආම්’ අත සවි කළ පසු.
ඒත් දැන් ඒ ප්‍රශ්නය විසඳිලා. එකොළොස් හැවිරිදි වියේදි දැන් ඇයට බයොනික් අතක් ලැබිලා. පසුගිය අවුරුද්දේ සැප්තැම්බරයේදි තමයි, මේ විස්මිත අත සවි කළේ. ඇය තාමත් ඒ කෘත්‍රිම අතට හුරුවෙන්න හදනවා.

හැම එකකටම වම් අත පාවිච්චි කරලා වැඩ කර ගෙන ඉඳලා දකුණු අතින් වැඩ කරන එක මුලදි හොලීට ටිකක් අමාරු වුණා. ඒත් දැන් ඇයට ස්කිප් කරන්නට, බයිසිකලය හොඳින් පදින්නට, පිහියක් හෝ ගෑරුප්පුවක් පාවිච්චි කරන්…

2020 එන විස්මිත නාන කාමරය! ඇදහිය නොහැකි තාක්ෂණික විස්කම්!

අනාගත නානකාමරය කොයි වගේ වේවිද? එය රූපලාවන්‍යාගාරයක් වේවි. එහි ඇති මූණ බලන කන්නාඩිය ඔබේ සම ස්කෑන් කරාවි. ඔබට රුව වඩවන්නට උදවු වේවි. එහි ඇති ස්මාට් පාපිස්නාව ඔබේ බර බලා ඔබට සනීපාරක්ෂක උපදෙස් ‍දේවි. ටොයිලට් රෝල දමන්නත් රෙ‍ාබෝවෙක් ඒවි.

මේ වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ලස් වේගාස්වල පැවැත්වෙන පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේ දී ඔබට මේ අනාගත නානකාමරය දැක ගන්න පුළුවන්.

ඔබට තියෙන්නේ නාන කාමරයේ ඇති කන්නාඩිය ඉදිරියේ පෙනී සිටින්න විතරයි. කන්නාඩිය තමයි ඔබේ තොරතුරු පර්සෝ මෙවලමට දැනුම් දෙන්නේ. ඒ කුඩා මෙවලම තුළ රූපලාවන්‍යාගාරයක්ම තියෙනවා.

මෙන්න ඒ වෙළෙඳ ප්‍රදර්ශනයට ඇතුළත් වන නාන කාමර උපාංග අතුරින් කීපයක්.

මෙන්න අනාගත නාන කාමරය හැදෙන හැටි. නාන ගමන් සින්දු කියන ඇලෙක්සා ෂවරය, ඔබේ රුව වඩවන්න උදවු වෙන කන්නාඩිය, මේසය මත තබන නව රූපලාවන්‍යාගාරය, ස්මාට් ටොයිලට්, ස්මාට් පාපිස්නාව හා ටොයිලට් රෝල ‍ගේන රොබෝ.
ලෝරියල් පර්සෝ ස්මාට් ස්කින් කෙයාර් සිස්ටම් (L’Oreal ‘Perso’ smart skincare system)
ලෝරියල් පර්සෝ ස්මාට් ස්කින් කෙයාර් සිස්ටම් ආයතනය විසින් කෘත්‍රිම බුද්ධිය ‍භාවිත කර තනා ඇති, සෙ.මී. 16.5ක් විතර උස ඇති පර්සෝ මෙව…

ක්වොන්ටම් භ‍ෙෳතික විද්‍යාවේ ලොකු පිම්මක්! පරිගණක චිප් දෙකක් අතර දත්ත ටෙලිපෝටකරණයක්!

පළමු වරට පරිගණක චිප් දෙකක් අතර දත්ත ටෙලිපෝටකරණයක් සිදු කරති.

එංගලන්තයේ බ්‍රිස්ටල් සරසවියත් ඩෙන්මාකයේ තාක්ෂණික විශ්ව විද්‍යාලයත් එක්ව ලොව පළමු වරට පරිගණක චිප් දෙකක් අතර ක්වොන්ටම් ටෙලිපෝටකරණයක් (quantum teleportation) සිදු කර ති‍යෙනවා. එක්සත් රාජධානියේත් ඩෙන්මාකයේත් භෙෳතික විද්‍යාඥයන් එක්ව කළ මේ පර්යේෂණයේදී භ‍ෙෳතිකව හෝ විද්‍යුත් ආකාරයට හෝ සම්බන්ධ නොවී එක් පරිගණක චිපයකින් තවත් ඒ හා සමාන චිපයකට දත්ත ඉබේ හුවමාරු වීමට සලස්වා ඇත. මේ නිසා ක්වොන්ටම් පරිගණකවලට හා ක්වොන්ටම් ඉන්ටර්නෙට් සඳහා නව දොරක් විවර වී තිබේ.


මේ ආකාරයේ ටෙලිපෝටකරණයකට මග පෑදී ඇත්තේ ක්වොන්ටම් සංඝට්ඨනය (quantum entanglement) නම් සංසිද්ධිය නිසයි. එහි දී අංශු දෙකක්,‍ ඒවා අතර ඇති සහසම්බන්ධය නිසා ඉතා දිගු දුරක් වුවද එකිනෙක අතර සන්නිවේදනය කිරීමට හැකියාවක් තියෙනවා. එක් අංශුවක ඇති ගතිලක්ෂණ වෙනස් කිරීමෙන් එසැණම එ් හේතුවෙන් අනෙක් අංශුවේ එම ලක්ෂණ ඉබේම වෙනස් වෙයි. ඒවා එකිනෙකට කෙතරම් දුරින් සිටියද එ්ක ප්‍රශ්නයක් වන්නේ නැහැ. එහි හරය වන්නේ එ්වා අතර තොරතුරු ටෙලිපෝටකරණයක් සිදු වීමයි.

න්‍යයාත්මකව බැලුවොත් මෙහිදී ක්වොන්ටම් ටෙලිපෝටකරණයට දුරෙහි සීම…

නවසීලන්තය ගැන විස්මිත තොරතුරු ඔබත් දන්නවද ?

1.ලෝකයේ උසම කඳු ශිඛරය ලෙස සැලකෙන, 1953 දී එවරස්ට් කඳුමුදුන තරණය කළ ‍ලොව මුල් ම මිනිසා නවසීලන්ත ජාතික සර් එඩ්මන්ඩ් හිලරි බව.



2.කාන්තාවන්ට සර්වජනඡන්ද බලය දුන් ප්‍රථම රට නවසීලන්තය බව. (එසේ ඡන්ද බලය දුන් දෙවන රට ශ්‍රී ලංකාව බව.)

3.පරමාණුව බිඳීමට සමත් වූ ප්‍රථම විද්‍යාඥයා නවසීලන්ත ජාතික සර් අර්නස්ට් රදර්පර්ඩ්බව. එසේ ම ඒ අංශුවට ප්‍ර‍ොටෝනය කියා නම තැබුවේද ඔහු විසින් ම බව.

4. ජනගහනය අනුව වැඩිම ගොල්ප් ක්‍රීඩා පිටි ඇත්තේ නවසීලන්තයේ බව.

5. ජනගහනය අනුව වැඩිම බෝට්ටු ප්‍රමාණයක් ඇත්තේ නවසීලන්තයේ බව.

6. ජනගහනය අනුව වැඩිම කාර් ප්‍රමාණයක් ඇත්තේ නවසීලන්තයේ බව.

7. ජනගහනය අනුව වැඩිම ඔලිම්පික් රන් පදක්කම් දිනා ඇති රට නවසීලන්තය බව.

8. ලොව දිග ප්‍රමාණය අනුව එනම් මීටර් 1.5ක් වූ කුඩා ම ඩොල්පින් විශේෂය (හෙක්ටර්ගේ ඩොල්පින්) ඇත්තේ නවසීලන්ත‍ වෙරළ තීරයේ පමණක් බව.

9. ලොව පියෑඹිය නොහැකි ගිරා විශේෂය වූ කකාපෝ සිටින්නේ නවසීලන්තයේ පමණක් බව.

10. ලොව උරගයන් සිටියද සර්පයන්නැති එකම රට නවසීලන්තය බව.

11. නවසීලන්තයේ න්‍යෂ්ටික බලාගාර නැති බව.

12. මුහුදේ රළ පදින්නට ඇති දිගම මුහුදු වෙරළ ප්‍රමාණය වූ කි.මී 120ක් නවසීලන්තය සතුව ඇති …