Skip to main content

Posts

Showing posts from 2019

ලොව මවිත කරන නිවුන්නු! ශ්‍රී ලංකාවේ නිවුන්නු 2020 දී ලෝක වාර්තාවකට අර අඳිති!

පසුගිදා කොළඹදී පැවැත්වුණු උත්සවයක ආරම්භයේ දී ඇස් ඇදහිය නොහැකි සිදුවීමක් එය වාර්තා කරන්නට ආ මාධ්‍යවේදීනට දැක ගතහැකි වුණා. ඒ එහි ආගමික වතාවත් කරන්නට සහභාගිවූ ආ සාමනේර හිමිවරුන් දෙදෙනාගේ දර්ශනයයි. ඇරපු අතක් නෑ එක නමක් අනෙක් නමගෙන් වෙන් කර හඳුනා ගන්න බැහැ. ඒ විතරක් නෙවෙයි කට හඬත් එක වගෙයි. ඒත් ඒ දර්ශනය ඊට සහභාගි වූ සෙසු ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්නයක් වුණේ නෑ. ඊට හේතුව එහි සහභාගි වූ සියලුම දෙනා නිවුන්නු වීමයි. මාධ්‍යවේදීන් දුටු අපූර්වත්වය මුළු වැඩ සටහන පුරාම පැවතුණා. පිළිගැනීමේ පටන් එහි සියලුම කටයුතු, නිවේදනය, සංගීතය මෙහෙයවීම, නර්තනාංග ආදි හැම කටයුත්තක් ම කළේ නිවුන්නු. රැස්වීම් ශාලාව පිරී ඉතිරී ගොස් තිබුණේත් නිවුන්නුන්ගෙන්.

පූජ්‍ය පදියපැලැල්ලේ විපුලසාර හා සුුගතසාර හිමිවරුන්
උත්සවයට වැඩම කර සිටි පදියපැලැල්ලේ විපුලසාර හා සුුගතසාර යන තරුණ හිමිවරුන් එහිදී සඳහන් කළේ ඔවුන්ගේ මවට පවා ඔවුන්ව වෙන් කර හඳුනා ගත නොහැකි බවයි. ඔවුන් එක විට පැවිදි බිමට ඇතුළත්වී තිබෙන්නේ වයස අවුරුදු දහතුනේදියි. නිවුන් භික්ෂූන්වහන්සේලා ඉතා දුර්ලභ දැක්මක් නිසා තමන් වහන්සේලා එකම වැඩසටහනකදී දැකීමට බොහෝ දායකයන් කැමති බව එහිදී උන…

ලෝකය දික්විජය කළ නවසීලන්තයේ දී හමු වූ අරුම පුදුම පලතුර!

නවසීලන්තයේ දී මට හමු වුණා අරුම පුදුම පලතුරක්. ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳ සැලකදී ඒ දුටු විට මට එතරම් පුදුමයක් ඒ තුළින් පෙනුනේ නැහැ. එහෙත් මෙහෙදි එය දුටුවාම කිවි පක්ෂියාට තරම්ම මගේ විශේෂ අවධානයක් ඊට යොමු වුණා. ඒ තමා කිවිපෲට් (kiwifruit). කිවියා තරම් කුඩා වුනත් ඒ පලතුර කිවියා තරම් ජනප්‍රියයි. කිවියාගේ පාටයි නමයි දෙකම පුංචි පලතුරට ආවේ කොහොමද? ඇයි මේකට කිවිපෲට් කියන්නේ මගේ ප්‍රශ්නය වුණා. පිළිතුර වුණේ පලතුරක් වගේ ම රසවත් කතන්දරයක්. මීට අවුරුදු එකසිය පහළොවකට ඉස්සර මෙහේ, මේ නවසීලන්තයේ වන්ගුනුයි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ මේරි ඉසබෙල් ප්‍රේසර් මැතිනියට චීනයේ තියෙන මිෂනාරි පාසල් පරීක්ෂා කරන්න යන්න සිදු වුණා. දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ ගුවනින් යන්න බැරි නිසා නැවෙන් තමයි ඇය ගියේ. ටික කලක් ගතවුණු මේ සංචාරයෙන් පස්සේ ඇය පලතුරු ඇට වගයක් ගෙනාවා. ඒ පලතුරේ නම චීන බසින් යැං ටාවෝ. සියවස් ගානක් තිස්සේ චීනයේ වැවුණු මේ පලතුර නවසීලන්තයට ආවේ 1904 දියි. මේ පලතුර මුලින්ම වැවුවේ 1906දි වන්ගුනුයි ප්‍රදේශයේ හිටපු ඇලෙක්සැන්ඩර් ඇලිසන් නම් ගොවියෙක්. ඒ ගස්වල පලතුරු හටගත්තේ 1910දි. මේ පලතුරෙහි වූ ඇඹුල් මුසු මිහිර…

ඉගිල්ලෙන්න බැරි අමුතු සතා සොයා ගිය ගමන!

ළමා කාලයේ රුව හඳුනා සිටි සතා හැබැහින් දකින්න ගියෙමි

මීට වසර 70කට ඉස්සර අප පාසල් යන කාලේ අපේ හිතේ නොමැකෙන ලෙස ඇඳී තිබූ කුරුලු රුවක් තිබුණා. ඒ පුංචි පන්තිවල ඉගෙන ගන්න කාලේ කුරුල්ලකු අඳින්න කිව්වමත් අපි ඇන්දෙ ඒ කුරුල්ලවමයි. හැමදාම උදේ ඉස්කෝලෙ යන්න සපත්තු පොලිෂ් කරන කොට ඒ ටින් එකේ තිබී අපේ ඇස ගැටුණු ඒ කුරුල්ලා තමා කිවි. හොට දිග ඒ පුංචි කුරුලු රූපය වැටි සේයාවක් (silhouette) වුවත්, එය පුංචි අපට පෙනුනේ යමක් සොයමින් යන පණ ඇති කුරුල්ලකු වගෙයි. ඒ නිසා කිවිගේ ‘සොයා යාමේ ආසාව’ ළමා අප තුළත් ඇති වුණා. එය අපේ ඉගෙනීමටත් රුකුලක් වුණා. ඒ සමගම සතාව හැබැහින් දැක ගැනීමේ ආසාවකුත් පුංචි කාලෙදිම මා තුළත් ඇති වුණා. ඒත් ඒ ආසාව ඉටු කර ගන්න ඉක්මනින් ලැබුණේ නැහැ. වසර හැත්තෑවකට පස්සේ මං මේ ගැන මගේ පොඩි පුතු වජිරට කීවේ නවසීලන්තයට ආවමයි.

‘කිවි බලන්න පහසුවෙන් පුලුවන් ෆන්ගරේ  කෞතුකාගාරයෙහි කිවි හවුස් එකේදි. අපි එහි යමු.’ ඔහු කිවා.

ඒ අනුව මගේ නවසීලන්ත චාරිකාවේ දී ෆන්ගරේ ගිය අතර අපට ඒ කෞතුකාගාරයට ගොඩවීමටද අවස්ථාව ලැබුණා. එහි ඉදිරිපිට වාහනය ගාල් කරද්දී අපූරු වාහන රඳවන තැනක් මගේ ඇස ගැටුණා. එහි තිබුණේ අමුතු රෝද රටාවක්. මගේ…

නස්රුදින්ගේ අලූත් කතා

නස්රුදින් හතර වැනි පොතත් දැන් මුද්‍රණයෙන් නිකුත් වෙලා තියෙනවා.

නස්රුදින් සිංහල පාඨකයන් අතරට ඇවිත් මේ වන විට දශක පහකට වැඩියි. මීට වසර පනස් පහකට පෙර මා මුල්වරට නස්රුදින් සිංහලෙන් ගෙන ආවේ ලේක්හවුස් ආයකන පළ කළ ‘නවයුගය’ සඟරාවෙන්. ඒ අවස්ථාවේ දී මෙවන් කතා පොත් පෙළක් ලියන්නට සිදුවේ යැයි මං කොහොමවත් සිතුවෙ නෑ.

ලිඛිත සාහිත්‍යය බිහි වන්නට බොහෝ කලකට පෙර ලොව පුරා සෑම ජන සමාජයකම නුවණ දැනුම වඩන මාධ්‍යය වූයේ කටින් කටට ගිය මේ උපමා කතායි. එවන් උපමා කතාවලට ඇතුළත් සියලුම ගුණාංග මේ නස්රුදින්ගේ කතාවලද දක්නට ලැබෙනවා. වෙනසකට තියෙන්නේ මේ කතාවක ඇති සරල බවත්, එහි යටි පෙළෙන් දිවෙන ගැඹුරු බවයි කියන දාර්ශනික ලක්ෂණය විතරයි. ඒ නිසා මේ කතා අසන්නා මුලින් එක්වරම සිනාසෙනවා; ඉන්පසු කල්පනාවට වැටෙනවා; අන්තිමේදී නස්රුදින් නම් ‘මෝඩ’ මිනිසා තුළ සැඟවී සිටින ‘නැණවතා’ හා ‘දාර්ශනිකයා’ හඳුනා ගන්නවා.



නස්රුදින්ගේ කතා ලොව පුරා කොතරම් ජනපි‍්‍රය ද යත් ඒ චරිතය සත්‍ය වශයෙන් ම තමන්ගේ රටේ ජීවත්වූ කෙනෙකුගේ යැයි කියන්නට රටවල් තුනක් ම ඉදිරිපත් වී තියෙනවා. ඒ තුර්කිය, ඇෆ්ඝනිස්තානය හා ඉරානය යන රටවල් තුනයි. ඒ අතරින් තුර්කිය ඉදිරියට එන්නේ පැරණි වා…

සිරුරෙන් එළිය විහිදුවන නවසීලන්තයේ ග්ලෝවර්ම්!

නවසීලන්තයේ සංචාරක සටහනක් ලියන්න පටන් ගත්තා. එහි මුල්ම සටහන දෙසැම්බර් 8 වැනිදා තැබූ බව ඔබට මතක ඇති. ඒ නවසීලන්තයේ ළමා සෙල්ලම් පිටියක ආකිමිඩීස් දඟරයක් යනුවෙන්. අද පළමුවැනි සංචාරය යන්නයි හදන්නේ. ඒ Whangarei කියන මේ රටේ වඩාත් උතුරෙන් පිහිටි ප්‍රධාන නගරයටයි. එහි නම සිංහලෙන් උච්චාරණය ලියන්නේ ‍‍ෆන්ගරේ කියලයි. මේ රටේ බහුලව ස්ථාන නාම යොදා ඇත්තේ මෙරට මුල් පදිංචිකරුවන්ගේ Maori භාෂාවෙහි එන වදන්වලින්, ඉංගිරිසි අකුරු යොදා ගෙනයි. ඒවා උසුරුවන හැටි හා ඒවා සිංහලෙන් ලියන හැටි සොයා බලන්න මට සිද්ධ වුණා. මුල් පදිංචිකරුවන් හඳුන්වන වදන ම'වුරි, මාවුරි හෝ මාඋරි කියල ලියන්න පුළුවන්. මාවුරි කට වහරක් නිසා ඒ වදන් ඉංග්‍රීසියෙන් ලිවීමෙන් කරුණු දෙකක් ඉටු වෙනවා. එකක් නාම පුවරු ලියන්න භාෂා දෙකක් අවශ්‍ය වන්නේ නැහැ. පොදුවේ හැමෝටම ඒවා කියවන්න පුළුවන්. අනෙක් අතට ස්වදේශිකයන්ට නිසි ගරුත්වයත් ලැබෙන නිසා සියලු ජනතාව අතර සංහිඳියාව ඇති වෙනවා.

පසුගියදාක මා මෙහි ප්‍රාථමික පාසලක ත්‍යාග ප්‍රදානෝත්සවයක් නරඹන්න ගියා. උත්සවය ආරම්භයේදී ඒ කුඩා දරුවන් ඉතා අලංකාර ලෙස රඟපාමින් නවසීලන්තයේ ජාතික ගීය ගැයුවා.  ඒවා භාෂා දෙකකින්, එනම් මාවුරි හ…

ජපානයේ තරුණ හොන්ඩා ඉංජිනේරු කණ්ඩායම ලෝකය හෙල්ලූ හැටි

‘අපේ දරුවන් වෙනුවෙන් නිල් අහස ඉතුරු කරමු’

හොන්ඩා මෝටර් සමාගම ලෝපතල වීමට හේතු වූ සිදුවීම ගැන අපූරු ටීවී වාර්තා වැඩ සටහනක් අපට දැක ගැනීමට ලැබුණා. ඒ වැඩ සටහන වසර විස්සක් විතර පරණ එකක් වුනත් ඒ තැන සටහනක් තබන්නට අප කල්පනා කළේ එය පරිසරයට අසීමිතව ආදරය කළ තරුණ ඉංජිනේරුවන් පිරිසකගේ අප්‍රතිහත ධෛර්යය කියාපාන එකක් නිසයි. ඒ වගේම ඒක අදටත් වලංගුයි.

ඇ‍මරිකාවේ මිචිගන්හී ඈන් ආබෝ නම් ස්ථානය ලොවපුරා මෝටර්රථ නිෂ්පාදකයන්ගේ අවධානයට යොමු වූ තැනක්. ඒ එහි පිහිටි පරිසර ආරක්ෂක අධිකාරියේ ඉන්ධන විමෝචන රසායනාගාරය නිසයි.

මීට වසර හතළිස් හයකට පෙර ජපානයේ මෝටර් රථයක් තමයි, ලොව පළමු වරට මෙහි ඇති ඉතා දැඩි විමෝචන රෙගුලාසිවලින් සමත් වූයේ. ඒ මෝටර් රථය මත තමයි හොන්ඩා සමාගම ඔවුන්ගේ අනාගතය පරදුවට තබා තිබුණේ. ඔවුන් ඒ අභියෝගය ජය ගත්තා පමණක් ලෝක ප්‍රකට ඇමෙරිකානු මෝටර් රථ සමාගම් පවා පරාජයට පත් කළා.

රාති‍්‍ර අහස එළිය කරන්න නව සඳක් චීනයෙන්!

රාති‍්‍ර කාලයේ නගර ආලෝකමත් කළ හැකි අපූරු දෙයක් චීනය කරන්න යනවා. ඒ අනුව 2020 දී රාත්‍රියට කළුවර වන විට අලූත් සඳක් චීනයට ඉහළින් අහසේ පායාවි.

චීන විද්‍යාඥයන් කරන්නට යන මේ විස්මිත අත්දැකීම විඳගන්නට මුලින් ම ලැබෙන්නේ නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ මහ නගරය වූ චෙන්දු නගරවාසීන්ටයි.


චීන රාජ්‍ය මාධ්‍ය දක්වන හැටියට මෙසේ යැවෙන්නේ හිරු එළිය පෘථිවිය වෙත පරාවර්තනය කළ හැකි කෘති‍්‍රම චන්ද්‍රිකාවක්. මේ අපූරු අභ්‍යවකාශ වස්තුව ඒ නගරයට ඉහළ උඩුගුවනේ රැඳී සිටිමින් මුළු රාති‍්‍ර කාලය පුරා ම හිරුගෙන් ලැබෙන එළිය නොකඩවා ලබා දෙනවා. මෙය මෙතෙක් වීදි ලාම්පුවලින් ලද ආලෝකය වෙනුවට යොදා ගන්නට අපේක්ෂා කරන්නක්. එහෙත් වීදි ලාම්පුවලින් ලැබෙන ආලෝක තරම් මෙහි එළිය ප‍්‍රබල නැහැ. චීන විද්‍යාඥයන් කියන විදියට පහෙන් එකක එළියක් තමා මෙයින් ලැබෙන්නේ.

චීන විද්‍යාඥයන් කියන විදියට මේ අලුත් කෘති‍්‍රම සඳ එළිය සාමාන්‍ය සඳෙහි එළිය මෙන් අට ගුණයක් ආලෝකයෙන් වැඩියි. එය පෘථිවියේ සිට කි.මී. 500ක් (සැ.310ක්) ඉහළින් ස්ථාපිත කෙරෙනු ඇති. සාමාන්‍ය චන්ද්‍රයා පෘථිවියේ සිට කි.මී. 380 000ක් ඈතිනුයි පිහිටා ඇත්තේ.

මේ නව කෘති‍්‍රම සඳ නිසා චෙන්දු නගරය විදුලියෙ…

රාජ්‍ය සම්මාන 5ක් ළමා සාහිත්‍යය වෙනුවෙන් දිනූ ‍ යොවුන් ලේඛිකාවක්

රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සේවය කරද්දී 2012 දී අපට අත්දැකීමට ලැබුණු සිද්ධියක් මට පසුගියදා යළි සිහිපත් වූයේ රාජ්‍ය සම්මාන පහක් දිනාගත් ලේඛිකාවක් ගැන පළ වූ විශේෂාංගයක් දකින්නට ලැබුණු නිසයි. ඇය තනුජා එන්. අයගම යි.රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා සලකා බැලීමට නිර්මාණ බාර ගන්නේ සම්මාන පිරිනමන වසරට පෙර වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා තෙක් රාජ්‍ය ලේඛනාගාරයේ ලිියාපදිංචි වූ සාහිත්‍ය කෘති පමණකි. එහිදී රාජ්‍ය ලේඛනාගාරයෙන් ලැබෙන අදාළ කෘතිවල නාම ලේඛනයක් මාධ්‍යවල පළ කරනවා. ඉන්පසු අවස්ථාවක් දෙනවා, ලේඛකයාට ඒ වසරේ පළ කළ නාම ලේඛනයට ඇතුළත් නොවූ කෘතීන් වෙතොත් ඒවා ඉදිරිපත් කිරීමට. ඊට දුන් කාලය ඉක්ම ගිය පසු මූලික වටයේ කෘතීන් තෝරා බාහිර විනිශ්චය මණ්ඩලවලට යවනවා. 2012 වසරේ සම්මාන තේරීමට ළමා කෘතීන් යැවීමට සූදානම් කර තිබියදී එවකට  අප සමග සිටි උපදේශක මණ්ඩල සාමාජිකයකු වූ ප්‍රණීත් අභයසුන්දර මහතා ළමා කෘතීන් සියල්ල යළිත් මා සමග එක්ව එකින් එක  සමාලෝචනයට ලක් කරමින් සිටියදී අදාළ අවුරුද්දේ පළ වූ එක් පොතක් එහි අඩුු බව කීවා. 'ඒ පොත තරගයක් දිය හැකි මට්ටමේ එකක් 'යැයි කියූ ඔහු පහුවදා ම ඒ ඔහු විසින් මිල දී …

ඔබේ මොළය ස්මාට් ‍පෝනයට යා කරන නව විද්‍යාත්මක මෙහෙයුමක්!

ලෝකප්‍රකට බිලියනපතියකු හා නව නිපැයුම්කරුවකු වන ඊලෝන් මස්ක් (Elon Musk) තවත් අලුත් තාක්ෂණිකපෙරළියකට අත ගහන්නට යනවා. ඒ ඔබේ මොළය ස්මාට් ‍පෝනය සමඟ සම්බන්ධ කරන්නයි. මේ බව ඔහු පසුගියදා ඇමෙරිකාවේ සැන්ප්‍රැන්සිස්කෝහිදී එළිදරවු කළා.

මස්ක්‍ගේ නව සොයා ගැනීම් ගැන, අඟහරු වෙත යන ස්පේස්එක්ස් සැලසුම, රියැදුරකු නැතිව යන ටෙස්ලා මොටෝරිය, හිරු සවියෙන් වැඩ කරන ‍ගෙවල් ආදිය ගැන අප කලින් මල්කැකුළු තුළින් කීවා ඔබට මතක ඇති.
ඒ මෙහිදී ඔහු කරන්න බලාපොරොත්තු වන්නේ අමුතුම දෙයක් ඒ මිනිසා හා යන්ත්‍ර අතර බද්ධ කිරීමක් කරන්නයි. ඒ අනුව ඔබට ඔබේ සිතිවිලිවලින් ස්මාට් ‍පෝනය හෝ පරිගණකය පාලනය කළ හැකියි. හිස්කබල විද තැන්පත් කෙරෙන ඉසියුම් කෙන්දකින් ඔබේ සිතුවිලි හඳුනාගෙන ස්මාට් පෝනයට හෝ පරිගණකයට යොමු කිරීමයි සිදු වන්නේ.


ඔහු විසින් වසර දෙකකට කලින් පිහිටුවා ඇති තාක්ෂණික ආයතනයක් වූ නියුරාලින්ක් තමයි මේ සම්බන්ධව අත්හදා බැලීම් කර ඇත්තේ. ඔවුන් දැනටමත් ස්නායුශල්‍යවෛද්‍ය රොබෝවෙක් නිපදවාතියෙනවා, මිනිස් කෙස්ගහකටත් වඩා කුඩා කෙන්දකින් මැසිය හැකි. මොළයේ සැත්කම්වලට එය නිවැරදිව යොදා ගත හැකියි.
දැනට මේවා සතුන් සමඟ සාර්ථකවඅත්හදා බැලීම් කරලා තියෙනවා. …

නවසීලන්තයේ ළමා සෙල්ලම් පිටියක ආකිමිඩීස් දඟරයක්!

නවසීලන්තයෙහි දියුණු රටක් හැටියට අපට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔවුන් එදිනෙදා දකින දෙයින් පවා ළමයින්ට අධ්‍යාපනය දෙනවා. මං ඊයේ උදේ සිරිත් පරිදි කරන ඇවිදීම අතරෙදි ඇවිදින මං පෙතෙකදි පුංචි උපකරණයක් දැක්කා. ඒ ඇවිදින මං පෙත මැද හරියෙ පුංචි ළමයින් වෙනුවෙන් තනාපු සරල ඇටවුම් කීපයක් සහිත විනෝද උයනක් තිබ්බා. ඔන්චිල්ලාවක්, ළමයින්ට ඉහළ නගින්න තේඩාවලින් හා දම්වැල්වලින් තනාපු අට්ටාලයක්, ඉණිමගකින් ඉහළට නැග පහළට රූටා යා හැකි උමගක් තිබුණා. ඒ අතර තමයි අර අපූරු උපකරණය තිබ්බෙ. වානේවලින් තනාපු එය සර්පිලාකාර දඟරයක්.


ලේසියෙන් ම කළ හැකි වතුර බොන ටැප් එකක් සවි කරනව වෙනුවට මේක එතැන තනලා තියෙන්නෙ ළමයින්ට දැනුමත් විනෝදයත් දෙන්නයි. ඒක කරකවලා වතුර පහළ සිට ඉහළට අරන් බොන්නත් අත පය සෝදා ගන්නත් දරුවන්ට පුලුවන්. එතැනට එන ළමයින් මේ උපකරණය ගැන හොයන්න පොළඹවන්නයි.

ඒක අපි අඳුනන්නෙ ආකිමිඩීස්ගේ  දඟරය කියලයි. ඒක ලෝකයේ මෙතෙක් සොයා ගෙන තියෙන පැරණිම මෙවලමක්. ක්‍රිස්තු පූර්ව 350 දී තරම මිසර ජාතිකයො  මේ දඟරය ජලය පහත් තැනක සිට උස තැනකට ගෙන යන්න පාවිච්චි කරලා තියෙනවා. ඒ කාලෙ එහෙ සංචාරයක යෙදුණු ආකිමිඩීස් මේ අපූරු උපකරණය ගැන අදහස ග්‍…

චිරංජයතු! එඞ්වින් ආරියදාස පත‍්‍රකලාවේදී ප‍්‍රාඥයාට 98යි

පසුගියදා අපේ පත‍්‍රකලා මහ ඇදුරු එඞ්වින් ආරියදාස සූරීන්ට අවුරුදු අනූඅටක් සපිරුණා. එතුමාව බැහැදැක එතුමාට සුබපතන්නට ශී‍්‍ර ලංකාවේ නොසිටීම ගැන මා කනගාටු වෙනවා. මේ සටහන නවසීලන්තයේ මගේ පොඩි පුතුගෙ සෙවණේ සිට ලියන්නේ ඒ නිසයි. 



එතුමා අපේ පුවත්කලාව වෙනුවෙන් ම උපන් අයෙක්. ලංකාලෝකයෙන් ආරම්භව පැවත ආ ශී‍්‍ර ලංකාවේ පුවත්පත් සඟරා ප‍්‍රකාශනය දශක ගණනාවක් ගෙවා තිබුනත් එතුමා විසින්පුවත් කලාව ඉගෙන ගෙන කළ යුතු දෙයක් බව 60 දශකයේ අගදී ප‍්‍රකාශයට පත් කරනතුරු ඒ ගැන හැඟීමක් එවකට සිටි පුවත්පත් ප‍්‍රකාශකයන් අතරවත් ලේඛකයන් අතරවත් තිබුණේ නැහැ. ඒ මුල් කාලයේදී ශී‍්‍ර ලංකාවේ සිංහල පුවත්පත් සඟරා පවා පළ කළේ ඉංගී‍්‍රසි ජාතිකයන්.  එහෙම නැත්නම් ඉංගී‍්‍රසි ඉගෙන ගත් සිංහලයන්. බොහෝ ලිපි හා පුවත් ඉංගී‍්‍රසියෙන් ලියා සිංහලයට පෙරළා ගෙන තමයි පළ කළේ. දිනමිණ වැනි ඒ කාලයේ පැවති ජාතික පුවත්පත් පවා මුල් යුගයේ පළ වුණේ ඉංගී‍්‍රසි පුවත්පතේ පරිවර්තනයක් විදියටයි. ආරියදාස මහතා පුවත්වලට එක්වන විට මේ තත්වය වෙනස් වෙලා, සිංහල පුවත්පත් කලාව ස්වාධීනව වැඩෙන්නට පටන් අරන් තිබුණා. ඒත් පුුුවත්පත් කලාව විෂයයක් වශයෙන් ඉගැන්වීමක් තිබුණේ නෑ. භාෂා දැනුම හා ල…

සිංහල සිනමාව හා බැඳුණු විස්මිත තොරතුරු

පසුගියදා සිංහල සිනමාවට අවුරුදු 72ක් පිරුණැයි නිල වශයෙන් උත්සවයක් කොළඹදී පැවැත් වුණා. ඒ සිංහල සිනමාවේ ආරම්භය මුල්ම කථානාද විත‍්‍රපටය මෙරට ප‍්‍රදර්ශනය කළ වර්ෂය 1947 ලෙස සලකා ගෙනයි. ඒත් නියම වශයෙන් නම් සිංහල සිනමාවේ ආරම්භය නිහඬ විත‍්‍රපට යුගය දක්වා ඈතට විහිදෙනවා. 1925 දී සිංහල විත‍්‍රපටයක් අපේ නළුනිළියන් යොදා ඉන්දියාවේදී නිෂ්පාදනය කර ප‍්‍රදර්ශනය තර තිබෙනවා. ඒ අනුව ගණන් ගත්තොත් සිංහල සිනමාවට දැන් වසර 94ක්. ඒ විස්මිත තොරතුරත් ඇතුළුව එදා මෙදා තෙක් සිංහල සිනමාවේ ඇදහිය නොහැකි විස්මිත කරුණු රැසක් මා දන්නා කරුණු අතුරින් එකතු කර ගත්තා. ඒවා ඔබත් දන්නවාදැයි බලන්න.

දශක හයක් පුරා චිත‍්‍රකතා ඔස්සේ ගිය බන්ධුල හරිශ්චන්ද්‍රගේ චාරිකාව

පසුගිය දිනක අපේ ජාතිය ප‍්‍රබෝධමත් කළ චිත‍්‍රකතාකරුවන් රැසක් හා දශක හයක් පුරා ශී‍්‍ර ලංකාවේ චිත‍්‍රකතා රසවිඳි සහෘදයන් පිරිසක් විශේෂ කාර්යයක් සඳහා කොළඹ මහජන පුස්තකාල දේශන ශාලාවට මුළු දුන්නා. ඒ ඔවුන් අතරින් චිත‍්‍රකතා කලාවට වසර හැටක් පුරා කළ අපමණ මෙහෙයක් කළ උතුම් මනුෂ්‍යයෙකුට උපහාර පුදන්නයි. ඒ අන් කිසිවකු නොව නිහඬව තැන්පත්ව අව්‍යාජව චිත‍්‍රකතා කලාවට වෙනත් කිසිම සිත්තරෙකු නොකළ දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ චිත‍්‍රකතාව සම්මානනීය තලයකට ඔසවා කැබූ බන්ධුල හරිශ්චන්ද්‍රයි.