HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබත් දන්නවද? අභ්‍යවකාශය ගැන?

ඔබත් දන්නවද 1705 දී එඞ්මන් හේලිගේ ධූම කේතුව (වල්ගා තරුව) සෑම වසර 75ත් 76ත් අතර කාලයකදී පෘථිවි අහසේ දිස්වෙන බව. (අවසන් වරට පෑයුවේ 1986දීයි. මීළඟට පායන්නේ 2061දීයි.)

ඔබත් දන්නවද අභ්‍යවකාශයෙහි වායුගෝලයක් නැති බව. ඒ නිසා ඒ හරහා කිසිම ශබ්දය ගමන් නොකරන බව.

ඔබත් දන්නවද ශබ්දය ගමන් කරන්නට වායුව නැති නිසා අභ්‍යවකාශයෙහිදී තමා ළඟ සිටින අජටාකාශගාමියාට පවා කතා කළ හැක්කේ ගුවන් විදුලි තරංග ඔස්සේ පමණක් බව.


ඔබත් දන්නවද කඳුළු ගලන්නට ගුරුත්වාකර්ෂණය අවශ්‍ය වන නිසා අභ්‍යවකාශයේ දී අභ්‍යවකාශගාමීන්ට අඬන්නට නොහැකි බව.

ඔබත් දන්නවද විශ්වයෙහි ඇති තරු ගණන මෙතෙකැයි කියා කිසිවකුටත් කිව නොහැකි බව. අපේ ගැලැක්සිය වූ ක්ෂීරපථයෙහි පමණත් තරු බිලියන 200ත් 400ත් අතර ගණනක් ඇතැයි විද්‍යාඥයන් විසින් ගණනය කර ඇති බව. එවැනි ගැලැක්සි බිලියන ගණනක් මේ විශ්වයෙහි ඇති බව.

ඔබත් දන්නවද නාසා ආයතනය විසින් අභ්‍යවකාශයේ දී භාවිත කිරීමට සකසන ඇඳුම් කට්ටලයක් සඳහා ඩොලර් මිලියන දොළහක් පමණ වැය වන බව.

ඔබත් දන්නවද අභ්‍යවකාශයෙහි ඇති කුඩා ම හා දීප්තිමත් ම තරු වන්නේ නියුට්‍රෝන තරු බව. කි.මී. 6ක් පමණ විෂ්කම්භයක් ඇති ඒ තරුවක් හිරු මෙන් කීප ගුණයක් ස්කන්ධයෙන් වැඩි බව. ඒවා තත්පරයකට 600ක වේගයෙන් භ‍්‍රමණය වන බව.

ඔබත් දන්නවද අභ්‍යවකාශයේ දූවිලි කොහේටවත් පාත් නොවන නිසා ඒවා පා වෙමින් තිබෙන බව. ඒ නිසා අන්්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළේ ඉන්නා අභ්‍යවකාගාමියකු දිනකට 100 වරක් පමණ කිවිසුම් අරින බව.


ඔබත් දන්නවද 1966දී ජෙමිනි 11 අභ්‍යවකාශ යානයෙන් උඩු ගුවනට ගිය ඉයුජින් සර්නන් යානයෙන් පිටතට විත් අභ්‍යවකාශයේ පැය 2ක් මිනිත්තු 7ක් ඇවිදිමින් වාර්තාවක් පිහිටුවද්දී ඒ යානය ඔහුත් සමග පෘථිවිය වටා කක්ෂයක් සම්පූර්ණ කළ නිසා ලෝකය වටේ ඇවිද්ද ප‍්‍රථම අභ්‍යවකාශගාමියා ලෙසත් වාර්තාවක් පිහිටුවූ බව.

ඔබත් දන්නවද 2004 සිට සෙනසුරු වටා යමින් ඇති කැසිනි අභ්‍යවකාශ යානය තුළ ජාතීන් 81කකට අයත් පුද්ගලයන් 616 400ක අත්සන් සහිත ඞීවීඞී තැටියක් ඇති බව.

ඔබත් දන්නවද අභ්‍යවකාශයට යන සියලූ ම දෙනාගෙන් අඩකට වඩා අභ්‍යවකාශයේ මුල් දිනවල වමනය කරන නිසා ඒ සඳහා මලූ ගෙනා යාම අනිවාර්ය බව.

ඔබත් දන්නවද හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂයේ උපකරණවලට සැතැපුමක් (කිලෝමීටර් 1.6ක) දුරක ඇති කෙස් ගහක වුවත් ඡුායාරූප ගත හැකි බව.

ඔබත් දන්නවද මිහිතලයෙන් එනම් පිටත සඳ මත මිහිදන් කළ එක ම මිනිසා අභ්‍යවකාශ භූවිද්‍යාඥ ඇමරිකානු ජාතික ජීන් ෂූමේකර් බව. ඕස්ටේ‍්‍රලියාවේ දී සිදු වූ රිය අනතුරකින් මියගිය ඔහුගේ අළු 1998 ජනවාරි 8 වැනිදා හඳට යවන ලද ලූනා ප්‍රොස්පෙක්ටර් යානයෙන් එහි යැවූ බව.

ඔබත් දන්නවද උඩු ගුවන් ගත කරන ඕබිටර් ෂටලයක් බිමට බෑමට මිනිත්තු පහකට කලින් ස්වනික ශබ්ද (sonic booms) දෙකක් නගන බව. ඒවා එකක් නැහැයෙන් ද අනෙක තටුවලින් උපදින බව.

ඔබත් දන්නවද නාසා ආයතනය විසින් 1972 දී බෘහස්පතී වෙත යවන ලද පයනියර් 10 යානය මාස 21 කක මෙහෙයුමකට සැකසූ එකක් වුවත් එය වසර 30ක් තිස්සේ 2003 අවසාන සංඥාව එවන තෙක් ම නාසා වෙත පණිවිඩ එවූ බව.

ඔබත් දන්නවද සූර්යයාගේ හා පෘථිවියේ චුම්බක ක්ෂේත‍්‍ර ගැන අධ්‍යයනය කරන්නට 2000 දී යුරෝපීය අභ්‍යවකාශ ආයතනය උඩුගුවනට යැවූ චන්ද්‍රිකා හතරක පොකුරට නම් තබන්නැයි තරඟයක් පැවැත්වූ බව. එහි ජයග‍්‍රාහකයා ඊට නම් තැබූවේ ලෝකයේ ජනපි‍්‍රය නැටුම් වර්ග හතරක් වූ ටැංගෝ, සල්සා, සම්බා හා රම්බා කියා බව. එසේ නම් තැබුවේ ඒ චන්ද්‍රිකා අභ්‍යවකාශයේ සරන්නේ රංගනයක යෙදෙන්නාක් මෙන් නිසා බව.

ඔබත් දන්නවද 2009 වන විට අභ්‍යවකාශ ෂටල ගමන් වාර 131ක් උඩු ගුවනට ගොස් ඇති අතර පෘථිවි කක්ෂය වටා 18500 කටත් වඩා වැඩි වාර ගණනක් ගිය බව හා අයිඑස්එස් අභ්‍යවකාශ නැවතුම් පොළ සමග 23 වතාවක් ඈඳුණු බව.

ඔබත් දන්නවද 2006 දී ප්ලූටෝ වෙත යැවූ නිව් හොරයිසන්ස් අභ්‍යවකාශ යානය කිලෝමීටර් බිලියන 5ක (සැතැපුම් බිලියන 3ක) දුරක් ගිය බව. එය මෙතෙක් අභ්‍යවකාශ යානයක් ගිය වැඩි ම දුර බව.

ඔබත් දන්නවද වයෝවෘද්ධතම අජටාකාශගාමියා වන්නේ 1998 දී උඩුගුවනට ගියා 77 හැවිරිදි ජෝන් ග්ලෙන් බව.


ඔබත් දන්නවද 2004 දී උඩුගුවනට ගිය මුල් ම වානිජ අභ්‍යවකාශගාමියා මයික් නෙවිල් බව. ඔහු උඩුගුවනට ගියේ ‘ස්පේස්ෂිප්වන්’ නම් මුල් ම පුද්ගලික අභ්‍යවකාශ යානයෙන් බව.

ඔබත් දන්නවද දිග ම කාලයක් හුදෙකලාව අභ්‍යවකාශයේ ගත කළ අජටාකාගාමියා වන්නේ දින 438කුත් පැය 17කුත් මිනිත්තු 58කුත් තත්පර 16ක් ගෙවූ රුසියානු ජාතික වැලරි පොලියකෝප් බව.

ඔබත් දන්නවද අභ්‍යවකාශයේ වැඩි ම කාලයක් ගත කිරීමේ වාර්තාව තබා ඇත්තේ දින 803.4 ගත කළ රුසියානු ජාතික සර්ජී කි‍්‍රකැලෙව් බව. ඔහු මුලින් ම අයිඑස්එස් අභ්‍යවකාශ නැවතුම්පොළට මුලින් ම ගිය තුන්දෙනාගෙන් එක් අයෙක් බව.

ඔබත් දන්නවද 2005 අප්රේල් මාසයේ අයිඑස්එස් අභ්‍යවකාශ නැවතුම්පොෙළෙහි දින 8ක් ගත කළ ඇමෙරිකානු ජාතික ඩෙනිස් ටිටෝ අභ්‍යවකාශයට ගිය මුල් ම සංචාරකයා බව. ඔහු ඒ ගමන සඳහා ඩොලර් මිලියන 23ක් ගෙවූ බව.

ඔබත් දන්නවද 2003 දී කොලොම්බියා ෂටලය උඩු ගුවනේ දී පුපුරා ගියේ එය දියත් කරන්නට දින 16කට කලින් එහි ඉන්ධන ටැංකියේ ඇති වූ බුබුලක් නිසා එය සිදුරු වීමෙන් බව.

Post a Comment

2 Comments