අලූතින් මතුකර ගෙන ඇත්තේ අවුරුදු 2000ක් පැරණි බිතුසිතුවම් පෙළක්. මේ බිතුසිතුවම් මතුකර ගෙන ඇත්තේ කි‍්‍ර.ව. 79 දී පුපුරා ගිය විසූවියස් ගිනි කන්දේ ලාවා හා අළුවලින් වැසුණු පොම්පෙයි නරගයේ නිවෙස්වල නටබුන් අතරිනුයි..
පසුගියදා මේ කැණීම් කළ පුරාවිද්‍යාඥයන් විසින් මෙම බිතුසිතුවම්වල ඡුායාරූප රාශියක් මාධ්‍ය වෙත මුදා හැර තියෙනවා. මේ සමග පළවෙන්නේ ඒ අතරින් කීපයක්.
තද රතුපැහැති පසුබිම් මත ඇඳි සර්පයන් මොනරුන් ඇතුළු කුරුල්ලන් මල් ගස් වැල් මෙන් ම සත්ව රූප ද දේව රූප ද ඊට අයත් වෙනවා. මේ හැරෙන්නට යාඥා කරන අල්තාරය අසල චිත‍්‍රවලට සරුබවේ සංකේත හැටියට බිත්තර හා පලතුරු ද ඇතුළත් කර තිබෙනවා.
පුරාවිද්‍යාඥයන් කියන්නේ මේ සිතුවම්වලින් හෙළිවන්නේ පොම්පෙයි නගරයේ එකල පැවති ධනවතුන්ගේ නිවෙස්වල වෙන ම දෙවියන් ඇදහීමට ස්ථාන සකසා ගෙන තිබුණු බවයි. එපමණක් නොව ඒ සිතුවම් ද ඉතා උසස් මට්ටමක පවතින බවයි.
පැරණි රෝමයේ ”ලැරේරියා” යනුවෙන් හැඳින්වුණු මෙම කුඩා දේවස්ථාන ධනවතුන්ගේ නිවාසවල ඉදිරි කොටසේ තනා තිබුණු බව පවසන පුරාවිද්‍යාඥයන් මෙය එකල පැවති සුවිශේෂ වූ සමාජ ලක්ෂණයක් යැයි පවසනවා.
මෙහි කැණීම් බාර පුරාවිද්‍යාඥ මැසිමෝ ඔසන්නා කියන්නේ ”මෙම විස්මිත සොයා ගැනීම ගැන තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි.”
මෙහි එන එක චිත‍්‍රයක සුනඛ හිසක් සහිතව ඇඳි මිනිස් රුවක් තියෙනවා. එය ඊජිප්තු දෙවියකුගේ රෝම අනුවර්තනයක් විය හැකි බවට ඔවුන් විශ්වාස කරනවා.
ඉතාලියේ නොත‍්‍රඩම් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වූ ඉන්ගි‍්‍රඞ් රෝලන්ඞ් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ඇගේ අදහස් පළ කරමින් කියා ඇත්තේ ඒ යුගයේ රෝම ධනවතුන්ගේ නිවාසවල මෙවැනි කුඩා දේවස්ථාන පැවතීම සම්ප‍්‍රදායක් ව තිබූ බවයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwwrH3acx5-42IwYMAayJDYv8ZK3kg9ve6883KZMkyvD0DEB0TMiC8kO4S8_n_ipFUvgXZANpSE_GFmmkNSvcSbszWMAdKsUwICzoXJUYKquUCACqEFLshNwxzbSd306AG78ryC80WAoFm/s640/1.jpg)
පොම්පේ නගරයේ නටබුන් අතර යමහල් අළුවලින් වැසී වසර 2000ක් තිස්සේ සුරැකිව තිබී පසුගියදා මතුකර ගත් එක් බිතුසිතුවමක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuCvQzdk1Qm1a8TkBVm3H9DT3iBJLAn1-UVKo8XBVRXndIer4ts792ziOoB5uzavbqs-euHt2eESguJ6WLP9GJjPMP2nINaYH27WzKGnrOxDIv_Lp6Dt5iCux4j01BdLWgFbxFxYgykOTe/s640/2.jpg)
යමහල් අළුවලින් වැසී වසර 2000ක පසු මතු කර ගත් කුරුල්ලකුගේ සිතුවමක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzQoMzTTAVOvT1k4co9-UPjYTGYx2gtUwUvvH71_r8dPwpql_jpCajfONNFGe9_k3FRWKC8OBWxXFqBd1OURCqNpu5izTkWgWXEHIINGxZH3_CWUhueV7s2genZ6G0SifYerTjME6HMmwW/s640/3.jpg)
යමහල් අළුවලින් වැසී තිබී වසර 2000කට පසු ගෙවුයනක බිතුසිතුවමක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgF14BpVpAotN46rAPwgrEFzIDpCPa-_ROnLLt37H-j2cq_AwKOMU1wk7mJLX_4apmTbEKkEFbdeY-FE0zuPZcIL1wGSIjkyFXjsaokDShWy_WXxyACKZuhLm6Ul5BWYWGb68A2Qz89hskE/s640/4.jpg)
යමහල් අළුවලින් ආරක්ෂිතව පැවතුණු නිවසක් තුළ තිබූ දෙව් මැඳුරක්.
යමහල් අළුවලින් වැසී සුරක්ෂිතව තිබී මතුකර ගත් වසර 2000ක් පැරණි දෙවොල පූජා භාණ්ඩවල බිතුසිතුවමක්.
වසර 2000ක පෙර අඳින ලද මොනරකුගේ රෝම බිතුසිතුවමක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXfYzrKFixvG65sRBjHLot1p05RyBc-v7BHYeeQfa6m6lEOSGDKRgqj8P_EtKTqX1YUZUsfQ2QB7JInftzWMFZdMUV1DGTnNq1S_ue7Hi_tYEfACy7CLzaqiS23OeK3z-QdgRmVzUSDW4S/s640/7.jpg)
අල්තාර බිත්තියෙහි කර තිබූ අශ්ව හිසක බිතුසිතුවමක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRh6reOtlzfyQFgXZh5I-UHXYs-TV3HSUFzu57DDqPBndlgQxTPwTgp-pAbeFrc8GzcZ5eDaADuGIFu1QfJoC-fMjGt3sVN8rnpht5xb-SUmQQQIqJd5Rg-_gsEuS_p-Y4yOzoSACo95ob/s640/8.jpg)
පුරාවිද්‍යාඥයන් විසින් ලැරේරියම් යනුවෙන් හඳුන්වනු ලබන දෙවොලෙහි තිබූ හමු වූ බිතුසිතුවම්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtoSij9wx7K-K-E0ZftMebf4HG9EeklokYp5MibeFRwGUH1NHAhwPgdqEUmEUXQ6jkxJmfnWUwsY4ajwzayJv2KTgSNUQfAFQ-7m8Yb-9uJ2pCD3iov1WdQUCPDGmH5FgCKTTC9T62KjH0/s640/9.jpg)
පුරාණ රෝම යුගයේ ලැරේරියා යනුවෙන් හඳුන්වනු ලෑබූ දෙවියන් ඇදහීම පිණිස විශේෂයෙන් තනා තිබුණු ස්ථාන අලංකාර කර තිබුණේ ඒ වෙනුවෙන්ම ඇඳි විශේෂ චිත‍්‍රවලින්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhccAe6z1SXaf-jkdJLWYvxZ4E1nIymqsbhfkWL9YMdNM_RO8D0Uj61AWY09ooAXZ8Qyrh9WSPS8JwVhvujr3SRTmOzH-5D9LY3yKFizBCHwGqDJMumPr8Z-RKlcACRdR96V1eWJWpWiR3s/s640/10.jpg)
එක් බිතුසිතුවමක ලේ පාට පසුබිමක මුවකු හා වල් ඌරකු දඩයම් කරන සුනඛයන් පිරිසක් මෙසේ ඇඳ තිබුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2WwJED3ROTTBO5Un9lo7hhxsNZkAg2ttJgHK4ctkxLHSP0Uo4JnAEoJon815yEQMgSG9_FgcX7RBVFe0hLp6JJ3K0TjMHr_xuODJJZVTqtRhNVYGRtjsjlJ_aRWcwxKiEIFuhIzoFABja/s640/11.jpg)
පුරාවිද්‍යාඥයන් තවමත් මෙහි චිත‍්‍ර මතු කරගනිමින් සිටින අතර එහි නායකත්වය උසුලන මැසිමෝ ඔසන්නා කියන්නේ ”මෙහි චිත‍්‍ර ඉතා විශිෂ්ටයි. මේවා ඉතා පරිස්සමෙන් මතු කර ගන්න ලැබීම වාසනාවක්. මේ ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න තියෙනවා” කියලයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXrbkSE8tqaZ8yGC4he5meA5pt9-8WlMPwmofMHgo8i5upWeSp-z-KJtWikN_UDnCGM65XJPj8G1zI8R-huvUAYW6kSz959eeYPrNHsCawH0QvmAYyI5eeP7gjEzedr5tY0WuBTyByKsli/s640/12.jpg)
පුරාවිද්‍යාඥයන් විසින් මතුකර ගත් ගෙවුයනක චිත‍්‍රයක කොටසක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhS-Tgw5HrRz6HlaswysA10nVCMG5zMFDH5eyZR6P59-v2L53yd3fSaqbi004b6BoQDkeOMTLjPCTraf82aKcbEHx5R3EevwGNyC60rx2rK9pTld22myhUZ3SEXyXKOtlC1fUMoC07Z8TE/s640/13.jpg)
මොනරා සිතුවම් කර තිබෙන්නේ ගෙවුයනෙහි ඇවිදින ආකාරයටයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-Vrp6ZEkqt1iArRfj3WdCFy4pLESIHTQ0cB67IVaJN3Vp8T7PgLvWVWSa02SgQOjEIIiWmcEaY8NtTwp6E9iUCpfX9i9lKtUU52OmPOD4SfJhao7xKRTqo-sjXx1HiJm6VmiLhSUinM_N/s640/14.jpg)
අතීතයේ කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ගේ කැණීම් වර්තමානයේ තරම් සූක්ෂම නොවූ නිසා මේ චිත‍්‍ර බොහොමයක් විනාශ වී යන්නට ඇකැයි පැවසෙනවා.
විසූවියස් ගිනිකන්ද පුපුරා ගිය හැටි හා පොම්පෙයි නගරය විනාශ වූ හැටි.
ඉතාලියේ විසූවියස් ගිනිකන්ද(යමහල) පුපුරා ගියේ කි‍්‍රස්තු වර්ෂ 79 දීයි. එයින් නිකුත් වූ යමහල් ලාවා හා අළුවලින් පොම්පෙයි ඔපලොන්ටිස් හා ස්ටැබියේ යන නගර එහි විසු ජනතාව සමග මුළුමනින් ම යට වී විනාශ වුණා. ඒ හැරෙන්නට වෙරළබඩ නගරයක් වූ හර්කි්‍යුලේනියම් ද මේ බිහිසුණු යමහලේ විදාරණයට ගොදුරු වී බව ද සඳහන් වෙනවා.
ඉතාලියේ බටහිර වෙරළේ පිහිටි විසූවියස් ගිනිකන්ද යුරෝපා මහාද්වීපයේ ඇති එකම සකි‍්‍රය යමහල ලෙසත් ලෝක ඉතිහාසයේ පැවති ගිනිකඳු අතරින් භයානක ම එකක් ලෙසත් හැඳින්වෙනවා.
එදා එය පුපුරා යද්දී ඉන් නිකුත් වූ අළු ලාවා හා ලෝ දිය ඇතුළු යමහල් සුන්බුන් සෙල්සියස් අංශක 500ක් තරම් උෂ්ණත්වයක තිබුණා.
එපමණක් නොව ලාවාවලට වඩා යමහලෙන් නිකුත් වූ සෙල්සියස් අංශක 1000ක් පමණ අධික උෂ්ණත්වයෙන් යුත් ගිනියම් ඝන වායු ධාරාත් ඒ සමග නිකුත් වූ අළු ඇතුළු ද්‍රව්‍ය පැයට කිලෝමීටර් 700කට අධික වේගයෙන් ගලා ගිය නිසාත් ගිනිකන්ද පුපුරා ගියේ මධ්‍යම රාති‍්‍රයේ වීමත් නිසා ඊට අසුවූ නගර වැසියන් කිසිවකුටත් බේරීමට හැකියාවක් තිබුණේ නැහැ.
දින දෙකක් තිස්සේ නොකඩවා සිදුවූ මේ ඛේදවාචකය ඇසින් දුටු වාර්තාවක් 16 වැනි සියවසේ දී සොයා ගනු ලැබුවා. ඒ වාර්තාව ලියා තිබුණේ එකල පරිපාලකයකු ලෙස සේවය කළ කනිෂ්ට ප්ලිනී නම් කවියා විසින්. ඔහු මෙය දුර සිට නරඹා තිබෙනවා. ගිනිකන්ද පුපුරා යනු වැසියන් කිසිවකු නොදැන සිටි බව එහි සඳහන් වෙනවා.
ගිනි කන්දේ දුමාරයෙන් අහස වැසී ඇඳුරු වී ගිය බවත් ඒ බලාපොරොත්තු නොවූ සිදුවීමෙන් අන්දමන්ද වුණු වැසියන් විලාප දෙමින් පන්දම් එළි රැගෙන හිස් ලූ ලූ අත දිවූ බවත් ඔහුගේ ලේඛනයෙහි දැක්වෙනවා.
ගිනි කන්දෙන් ලාවා හා අළු ගලා ගෙන ගොස් ඇත්තේ පැයට හැතැප්ම 124ක (කිලෝ මීටර් 199ක) පමණ වේගයෙන් යැයි කියවෙනවා.
කි‍්‍ර. 79 දී ඒ ඛේදවාචකයට ගොදුරු වූ නගර තුන සහිත ප‍්‍රදේශයෙහි කැණීම් තවමත් සිදු කෙරෙනවා. සිදුවීමෙන් වසර 1700කට පස්සේ තමයි කැණීම් පටන් ගත්තේ. දැනට ගණන් බලා ඇති ආකාරයට අනුව ඊට ගොදුරු වුණු 30 000ක් පමණ වූ නගරවාසීන්ගේ සිරුරුවලින් ඉතාමත් ටිකයි තවමත් සොයා ගෙන තියෙන්නේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjz65NE9mCGZUBk4joqq4ifoHApGzkkzN_AjoM9S_kNffXBVyL1TYDBUJ3aiHufVyRpjQaWzF2S5t1vL1FEwcYoMSUm8U0ELyWpye3fhYzUqPJBiA789bwjsJaEkI9HorAlFDF4L8xESJBc/s400/15.jpg)
කි‍්‍ර. ව. 79 දී ඉතාලියේ විසූවියස් ගිනිකන්ද පුපුරා ගිය ස්ථානය සිතියමෙන් දැක්වෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi25rObSHUlOSHHnI3cQZRwais3c04xTcD8NbwZyDOb-KL9j62Y1WNcb3tOjrNQWzRv-cCtoVuCA0YmR8ELZr6RxhGssFdopy30eN4zHzJEFrqEovZ_g6LO1YULP-LBAnvBnWQcYt7WWjKw/s640/16.jpg)
පුරාවිද්‍යාඥයන් විසින් ‘පලා යන්නන්ගේ උද්‍යානය’ කියා හඳුන්වන මේ කොටසේ ඇත්තේ ගිනිකන්දෙන් නිකුත් වූ ලාවා හා යමහල් අළුවලින් වැසී එසැණම මියගිය දහතුන් දෙනකුගේ සිරුරුයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXfQBrIqrxu3HmKTg-q19JQHz42529sccjWGfHebk6RF4WKnv8b8Th1jj8tDwfWY4zpDuatrIHTUVHkJwGp5Yj99ASRLKSnB2gUpACTX5z2UBRxIL3zqEPVXeSiWT_degkC2kDtpjiS2G9/s640/17.jpg)
ගිනිකන්දේ ලාවාවලින් පණපිටින් ගල් වුණු සුනඛ සුරතලෙකුගේ ප්ලාස්ටර් අච්චුවක්. උගේ බෙල්ලේ පටියක් පවා යොදා තිබුණු බව පෙනෙනවා.
0 Comments