HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇසට නොපෙනෙන ලෝකයේ විස්මිත තැන්

පසුගියදා පැවැත්වුණු විස්මිත ඡායාරූප තරගයක ප‍්‍රතිඵල අනුව ඔබට පියවි ඇසට නොපෙනෙන ලෝකයේ විස්මිත තැන්වලට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. 2018 වසර වෙනුවෙන් පැවැත්වුණු මෙම අමුතු ඡායාරූප තරඟය සංවිධානය කරන ලද්දේ නිකොන් (Nikon) කැමරා උපකරණ නිෂ්පාදකයන් විසිනුයි. නිකොන් ක්ෂුද්‍රලෝක මයික්‍රො ඡායාරූප තරඟය (Nikon Small World Photomicrography Competition) මෙවර පැවැත් වුණේ 44 වැනි වතාවටයි.

”වසරක් පාසා පැවැත්වෙන මෙම ෆොටෝමයික්‍රොග‍්‍රැෆි තරඟයෙන් අපට ලෝකයේ මෙතෙක් නුදුටු දසන් දැක ගන්න අවස්ථාව සැලසෙනවා” නිකොන් කැමරා උපකරණ නිෂ්පාදන ආයතනයේ සන්නිවේදන කළමනාකරු එරික් ෆ්ලෙම් කියනවා.


(1 ඡායාරූපය)
මේ තරගයෙන් ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේ එමිරේටි ඡායාරූප ශිල්පියකු වූ යූසුෆ් අල් හැබ්ෂි ය. ඔහු ඡායාරූපයට නගා තිබුණේ ආසියානු රතු තල් කුරුමිණි විශේෂයක සංයුක්ත ඇසක්.


(2 ඡායාරූපය)
දෙවැනි ස්ථානය හිමි වූයේ පැනමා රාජ්‍යයේ රෝජෙලියෝ මොරිනෝටයි. ඔහු ඉදිරිපත් කර තිබුණේ මීවන ශාකයක බීජාණුවක නිකරය හෙවත් සෝරසයක ඡායාරූපයක්.


(3 ඡායාරූපය)
තුන්වන තැන දිනා ගත්තේ ඇමරිකාවේ ඉලිනොඉස්හී නෙපර්විල් ඡායාරූප ශිල්පියකු වූ සෝලියස් ගජිස් ගේ ගෙඹිමකුණු ශිශුවකුගේ ඡායාරූපයක්.


(4 ඡායාරූපය)
සිව් වැනි දිනා ගත්තේ තුර්තියේ කැන් ටැන්සර් ඉදිරිපත් කළ මොණර පිලක රටාවක්.


(5 ඡායාරූපය)
පස් වන තැන දිනා ගත්තේ හාවඞ්හී ආචාර්ය ටෙසා මොන්ටේගුගේ මකුළුවකුගේ කලලයක ඡායාරූපයයි.


Post a Comment

0 Comments