Skip to main content

සොබා දහමේ අභියෝගය බාර ගෙන තායි ලෙන් ළමුන් බේරා ගත් හැටි!

ජූනි 23 වැනිදා තායිලත්තයේ චියන් රායි පළාතේ 12 දෙනකුගෙන් යුත් සිසුන් පිරිසක් ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සමග බයිසිකල්වලින් ගවේෂණ චාරිකාවක යෙදුණා. ඔවුන්ගේ ගමන කෙළවර වුණේ කන්දක් යට පිහිටි ලෙන් පදධතියක් තුළ හිරවීමෙනුයි. එය මේ සියවසේ සොබාදහම මානව වර්ගයාට දුන් දැවැන්ත ම අභියෝගයයි. ආසියාවේ පමණක් නොව මුළු ලෝකයේ ම අවධානය ඔවුන් වෙත යොමු වී තිබුණා. ”ළඟ ළඟ එන මහා මෝසම් වැසි ඇද හැලී ලෙන් පද්ධතිය පිරෙන්න කලින් හැකි නම් ඔවුන් බේරා ගන්න” යනු ඒ අභියෝගයයි.



ඒ සඳහා තිබුණේ සති දෙකක් වැනි කෙටි කාලයක් විතරයි. ඒ වන විටත් ආරම්භක වැසිවලින් ජලය නොකඩවා ඒ ලෙන් පද්ධතිය තුළට ගලා එමින් තිබුණා. තමන්ගේ නොවන ඒ ළමයින් බේරා ගැනීමට කළ ඒ මහ මෙහෙයුමට ලෝකයේ හැමතැනකින් තාත්තලා අම්මලා ආවා. එය මේ සියවසේ දී මිනිසා කළ මහා මානුෂික මෙහෙයුමයි. එය මිත‍්‍රත්වයේ, කැපවීමේ හා දරා ගැනීමේ ශක්තිය කියාපාන, කාලාන්තරයකට මිනිසාට අමතක නොවන, අනුවේදනීය කතාන්තරයයි.

පාසල් ළමුන්ගෙන් 12 දෙනා අයත් වූයේ ‘වල් ඌරෝ’ නම් පාපන්දු කණ්ඩායමටයි. ඔවුන් අවුරුදු 11ත් 17ත් අතර වයස්වල ළමුන් වුණා.

ඒ සියල්ල ඇරඹුණේ එක ළමයකුගේ ගෙදර උපන්දිනය සාදයක් සූදානම් කර තිබියදියි. එදා 2018 ජූනි 23 වැනිදා(සෙනසුරාදා) ට පීරපත් ‘නයිට්’ සොම්පියන්ජායිට 17ක් පිරුණා. තායිලන්තයේ මේ සායි දිස්ති‍්‍රක්කයේ කුඩා ගම්මානයක විසූ ඔහුගේ පවුලේ උදවිය ඔහු වෙනුවෙන් විශේෂ උපන්දින කේක් එකක් ද සූදානම් කර ගෙන ඔහු එනතුරු මඟ බලා ගෙන සිටියා. ඒත් එදා සවස ඔහු ආවේ නැහැ.


ඔහු එදා සවස පාපන්දු පුහුණුවෙන් පසු සිය කණ්ඩායමේ අනිත් ළමුන් හා ඔවුන්ගේ සහය පුහුණුකරු වූ එක්කපෝල් ”අකේ” චන්තාවොන් සමග බයිසිකල්වලින් කෙටි විනෝද චාරිකාවක යෙදුණා. කුඹුරු මැදින් ගිය ඔවුන් කෙළින් ම ගියේ කඳුකර වනාත්තරය දෙසටයි. ඒත් මග දී ඔවුන් වැස්සට අසුවුණා. ඔවුන් එය ගණන් නොගෙන ඔවුන්ගේ අරමුණ කරා ගියා. ඔවුන්ගේ ගමනේ ඉලක්කය වුණේ ඒ කඳුකරයේ පිහිටි ”තාම් ලූවාන්”ලෙන් පද්ධතියයි. මේ සායි දිස්ති‍්‍රක්කයේ පිහිටි මේ කඳුකරය ගවේෂණය කිරීම මේ ප‍්‍රදේශයේ තරුණ ළමයින් අතර පැවති ආශාවක්.


ලෙන් කට අසලට ආ ඔවුන් බයිසිකල් ඒ අසල ගාල් කර ඔවුන්ගෙන ගිය ගමන් මලූ ද ඒ සමග තබා ඒ ලෙන් තුළට ගියේ ඉක්මනින් ආපසු එන අදහසින්. ලෙන තුළ දී ළමුන් හා සිය සගයා වූ ‘නයිට්’ගේ උපන්දිනය ද ඒ තුළ සමරන්නට බලාපොරොත්තු වුණා. ඒ වගේ ම ඔවුන්ට ඒ ලෙන් බිත්තියෙහි ඔවුන්ගේ පාපන්දු කණ්ඩායමට එක් වූ අලූත් සාමාජිකයන්ගේ නම් සටහන් කිරීමත් තවත් අරමුණක් වුණා.

ඒ ලෙන කලින් ද ඔවුන් පැමිණ හුරුපුරුදු තැනක් වුණා. ඇතැම් දවසක ඔවුන් කිලෝ මීටර් 8ක් පමණ දුරට ඒ ලෙන් තුළ ගමන් කර තිබුණා. ඉතා ආශාවෙන් මහත් උනන්දුවෙන් ඔවුන් තමන් අත වූ විදුලි පන්දම් ද දල්වා ගෙන ඇතුළට ගියා. ඒ ගමනෙහි අමුත්තක් ඔවුන්ට දැනුණේ නැහැ. එහි පැයක් විතර ගත කර ඉක්මනින් නිවෙස් බලා යාමට ඔවුන් බලාපොරොත්තු වුණා.

ඒත් ඔවුන්ට සති දෙකක් යන තෙක් එයින් මතු වීමට ඉඩක් ලැබුණේ නැහැ.

ඒ අතර නයිට්ගේ ගෙදර අය ඔහු ගැන වද වෙන්න පටන් ගත්තා. උපන්දින සාදයට තැනූ විශේෂ කේක් එකට ඔවුන් අතවත් තිබ්බේ නැහැ.

”වල් ඌරන්ට මොකද වුණේ? ඔවුන් කොහේ ගියේද?” හැමදෙනාම වද වෙන්න පටන් ගත්තා.

තායිලන්තයත් මියන්මාරයත් වෙන් කරන අහස උසට විහිදුණු කඳු වලල්ල හරහා කිලෝ මීටර් 10ත් දිගට දඟර ගැහෙමින් විහිදෙන තාම් ලූවාන් ලෙන් පද්ධතිය තායිලන්තයේ ඇති විශාලත්වයෙන් හතර වැනි තැන් ගන්නා එකක්.

සැතපෙන කාන්තාවකගේ හැඩයක් ගත් ඒ කඳුකරයේ නමින් ම හැඳින්වෙන එහි සම්පූර්ණ නම ”තාම් ලූවාන් කුන් නාම් නැන් නොන්” ය. එහි අරුත ”නිදියන කඳුකර සුන්දරියගේ මහ ලෙන හා ජල මූලාශ‍්‍ර” යන්නයි. ජන ප‍්‍රවාදවලින් අනූන මේ ප‍්‍රදේශය දවසක විනෝද චාරිකාවකට බොහෝ දෙනා තෝරා ගන්නා තැනක්. ඒ වගේ ම තරුණ ළමුන් අතරේ වඩාත් ජනපි‍්‍රයයි.

විනෝදයට ආවාට මෙහි අනතුරුදායක කමක් තියෙනවා. මීට කලින් මෙහි දී අතුරුදන් වූ අය ගැන වාර්තා තියෙනවා. විශේෂයෙන් ම ජූලි මාසයේ මෝසම් වැහි කාලයේ මෙහි එන එක හරිම භයානකයි. ඒ වැහි කාලයට මෙහි මීටර 5ක් (අඩි16ක්) විතර උසට ජලය පිරෙනවා. ඒ නිසා මෙහි යායුතු හොඳම කාලය නොවැම්බර් හා අපේ‍්‍රල් මාස අතර විතරයි. ”ජල පහර හරි සැරයි. පරිසරය මඩ වෙනවා. ඇතුළෙ කිසි දෙයක් පේන්නෙ නෑ. ඒ කාලෙට හොඳ පළපුරුදු අයට වුනත් මාරාන්තික අනතුරුදායකයි.” යයි මගපෙන්වන්නකු වූ ජොෂුවා මොරිස් බීබීසි වාර්තාකරුවන්ට කියා තිබුණා.

මේ සායි පළාතේ කවුරුනුත් මෙහි ඇති අනතුරුදායක බව දන්නවා. ඒ නිසයි, මේ ළමයින්ගේ මාපියන් තම දරුවන් ගැන වද වුණේ. ළමයින් ගැන තොරතුරක් නැති බව දැනගත් වහාම මාපියන් කෙළින් ම තාම් ලූවාන් ලෙන් බලා දිව ගියේත් ඒ නිසයි. ඒ වගේ ම දැන ගන්න ලැබුණා, ඔවුන් අනිත් යාළුවන් සමග දුරකථන මගින් කෙටි පණිවුඩත් හුවමාරු කර ගෙන තිබුණු බව.

ලෙන් දොරටුව අසල ඔවුන්ගේ බයිසිකල් ගමන් මලූ හා පාපන්දු සපත්තු තබා තිබෙනු ඔවුන්ට දැක ගත හැකි වුණා. දෙමාපියන් දෙලොව රත්වුණේ එවිටයි. ළමුන් අනතුරේ බව පැහැදිලියි.

පසුගිය දින කීපය තුළ ම වැස්ස නොකඩවා ඇද හැළුණා. ලෙන ඇතුළු වුණු ළමුන් කිසිවක් කර කියා ගත නොහැකිව අසරණව සිටියා. කඳුකරයට වැටෙන වැසි ජලය සියල්ල ගලා ගියේ ලෙන තුළටයි.

ළමුන්ගෙන් මුලින් ම ලැබුණු පණිවිඩයතින් කියවුණේ එකවරම ලෙන මුවින් ඇතුළට ගලා ආ විශාල ජලකඳකින් ඔවුන්ට කර කියා ගත හැකි කිසිවක් නොවූයෙන් තවතවත් ලෙන තුළට යාමට සිදු වු බවයි.

අන්තිමේදී ඔවුන් නතර වූයේ ලෙන් මුව විට සිට කිලෝමීටර 4ක් පමණක් ඈතින් පිහිටි වියළි ගොඩැල්ලකයි. ඒ හරියට ඔවුන් එන විට ජලය තිබුණේ නැත. එහෙත් උමෙඟහි ජල මට්ටම වැඩිවෙත් ම ඔවුන් ඉදිරියේ වූ පහත් බිමත් ජලයෙන් පිරී ගියා. ඒ තැන හඳුන්වනු ලැබුවේ පට්ටය බීච් කියලයි.

ඔවුන් හාත්පස වූයේ ඝන අන්ධකාරය විතරයි. ඔවුන්ට දවල් ? වීමක් තිබුණේ නෑ. ඒ් නිසා කාලය ගැන කිසිදු හැඟීම ඔවුන් තුළ තිබුණේ නෑ.

කිසිම සැකයක් නැහැ ඔවුන්ට මරණ බයත් දැනෙන්නත් ඇති. ඒ හින්ද ම ඔවුන් කවදා හරි ඔවුන් බේරා ගන්න එනතුරු දිවි රැක ගන්න ඔවුන් තීරණය කළා. ඔවුන් ගල් කැබලි උපයෝගී කර ගෙන ලෙන් බිත්තියෙහි මීටර පහක් පමණ ගැඹුරු කුටීරයක් සාදා ගෙන ඒ තුළ එකට ගුළි වී සිටියා. ඔවුන් අත විදු ලි පන්දම් කීපයක් තිබුණත් ඔවුන් ඒ සියල්ල කළේ කළුවරේ ඉඳ ගෙනයි.

ඔවුන්ගේ පුහුණුකරු කලින් මහණ ව සිට උපැවිදි වූ අයෙක්. ඔහු ඔවුනට භාවනා ක‍්‍රම ඉගැන්නුවා. ලෙන තුළ ඇති ඔක්සිජන් අඩුවෙන් පාවිච්චි කරන හැටි කියා දුන්නා. නිසලව භාවනා ඉරියව්වෙන් ඉඳිමෙන් ශක්තිය ඉතිරි කර ගත හැකි බව කීවා.

මෙහිදී ඔවුන්ට වාසනාව ගෙනා එක්තරා සිදුවීමක් ද වුණා. ඒ වන විට ඔවුන් වෙත ආහාර කිසිවක් ඉතිරිව තිබුණේ නැහැ. ඒත් ලෙන් බිත්ති තුළ දිය සීරාව බිංදු බිංදු වෑස්සෙන්න වුණා. ඔවුන් බීමට ගත්තේ ඒ ජලයයි. ලෙනෙහි හුණුගල්වල තිබු පැලූම් විවරයන් ගෙන් වාතය ඒ තුළට කාන්දු වුණා. කෙටි කලකට හෝ දිවි රැුක ගැනීමට හැකියාව එහි තිබුණා. වැදගත් ම දේ ඔවුන් සියලූම දෙනා එකට සිටීමයි.

ඔවුන් ඉදිරියේ ඉතිරි වූ ලොකුම ගැටලූව වුණේ එතැනින් ගැලවී යන්නේ කෙසේද යන්නයි.

මේ අතර ලෙන් මුව විට ඉදිරිපිට ඔවුන් ගලවා ගැනීමට මහ මෙහෙයුමක් යුහුසුළුව දිගහැරණු බව ඔවුන් දැන සිටියේ නැහැ.

බලධාරීන් තායි නාවික හමුදාවේ සීල් බළකාය, ජාතික පොලිස් බළකාය, විදෙස් ගලවා ගැනීමේ තණ්ඩායම් කැඳෙව්වා. ඒ වගේ ම දේශීය ස්වෙච්ඡුා කණ්ඩායම්ද ආවා.

මුලික නිරීක්ෂණවලින් ලෙන තුළට ගිය අඩි සලකුණු සොයා ගත්තා. ඒත් ඒ වන විට සතියකටත් වඩා ගත වී තිබුණෙන් ඔවුන් තවමත් ජීවතුන් අතර ඉන්නවාදැයි දැන ගැනීමට ක‍්‍රමයක් තිබුණේ නැහැ.

වැසි ජලයත් සමග ලෙන තුළට යාම පහසු දෙයක් වුණේ නැහැ. තායි නාවික සීල් භටයන්ට ඒ පිළිබඳව අත්දැකීම් තිබුණේ නැහැ.

ඉංජිනේරුවන් ලෙන තුළට නොකඩවා ගලා ගිය ජලය ඉවතට පොම්ප කිරීම කර ගෙන ගියා. ආරම්භයේ දී කාටවත් මේ ගැන හරි අවබෝධයක් තිබුණේ නැහැ. නිලධාරීන් කුඩා වතුර පොම්ප, දිග පයිප්ප, පිහියා, ෂවල් වගේ දේවල් අරන් දුව ගෙන ආවා. ඒත් කිසිවකින් පලක් වුණේ නැහැ. පසුවයි එහි බරපතලකම ඔවුන්ට තේරුණේ.

ඒ වගේ ම ඒ අය උත්සාහ කළා කන්ද විදලා ඒ මගින් ළමයින්ව ගොඩට ගන්න. කන්දේ විවර ඇති තැන්වලින් ළමයින් ඉන්නවා දැයි බලන්න. ඉහළින් තාප සංවේදක ඩ්‍රෝන යානා යවා පරීක්ෂා කර බැලූවා. ඒ එකකින්වත් පලක් වුණේ නැහැ.

නාවික සීල් භටයන් ගැමියන්ගෙන් ලෙන් පද්ධතිය පිළිබඳව ඔවුන් දන්නා දේවල් විමසා බැලූවා. මේ ගමනට නොගිය ළමා පාපන්දු සගයකුගෙන් ආරංචියක් ලැබුණා. ඒ ලෙන් පද්ධතියේ ඔවුන් කලින් ගිය තැනක් ගැන. ඒ පට්ටය බීච් කියන තැනයි.

නැති වූ 13 දෙනා එතැන ඉඳීවිද?

ආරම්භයේ දී ලෙන් මුව විට අසල සිටියේ ළමුන්ගේ නෑදෑයන් සුළු පිරිසක් විතරයි. ඒත් පසුව ආරංචිය පැතිර ගිය පසු පාසල් ළමුන් ගුරුවරුන් ආදී පිරිස් ද එක් රොක්වුණා. දරුවන්ගේ නෑදෑයන් දරුවන් බේරා දෙන්නැයි බාරහාර වුණා. දෙවියන්ට කන්නලව් කළා. ඒ අතර පුහුණුකරුගේ මඤ්ඤා වූ තුම් කාන්තාවොන් ද සිටියා. ඇය දිනපතා ම පලතුරු, හඳුන්කූරු, ඉටිපන්දම් අරන් කන්ද නැග ලෙන හා කන්ද ආරක්ෂා කරන දෙවිදේවතාවුන්ට පුදපූජා පවත්වමින් ළමයින් 13 දෙනා බේරා දෙන ලෙස කන්නලව් කළා.

එක් පසෙක මාධ්‍යවේදීන් ද සිටියා. සමාජ වෙබ් අඩවි මේ ගැන ලොව පුරා ආන්දෝලනයක් ඇති කළා. ඔවුන් ළමයින්ට ආරක්ෂාව පැතුවා. ඒ අනුව තායිලන්තයේ අනෙක් පළාත්වලින් ස්වේච්ඡුා සේවකයන් එහි ගලා ආවා. සමහරුන් දරුවන්ගේ හා පුහුණුකරුගේ නෑයන්ට මුදල් යැව්වා; කෑම ජාති යැව්වා.

මුල් ම අන්තර්ජාතික ස්වේච්ඡුා කණ්ඩායම ජුලි 28 වැනිදා බ‍්‍රහස්පතින්දා එහි ආවා. ඊට අයත් වුණා ඇමරිකන් යුද හමුදාවේ ගලවා ගැනිමේ විශේෂඥයන් පිරිසක්, එංගලන්තයේ, බෙල්ජියමේ, ඕස්ටේ‍්‍රලියාවේ හා ස්කැන්ඩිනේවියානු රටවල පළපුරුදු ලෙන් කිමිදුම් විශේෂඥයන් විශාල පිරිසක්. තායි රජයේ ඉල්ලීම පිට තවත් කිමිදුම් විශේෂඥයන් පසුව එක්වුණා.

ඊළඟ දින කීපය තුළ ඔවුන් තායි කිමිදුම්කරුවන් සමග එක් ව අතොරක් නැති සටනක් කළා, ජල ප‍්‍රවාහය සමග. වේගවත් ජලප‍්‍රවාහයට මුහුණ දෙමින් ඉදිරියට පිහිනා ගෙන යන්න තැත් කළා. ඒ ජල ප‍්‍රවාහය ඔවුන් ව ආපස්සට තල්ලූ කළා.

ජූලි පළමුවැනිදා ඉරිදා ළමයින් අතුරුදන්වී සතියකට පස්සේ ගැලවුම්කරුවන් යම් පියවරක් ඉදිරියට තැබුවා. ඔවුන්ට හමුවුණා ලෙන් පද්ධතියේ විශාල තැනක්. එය පසුව ඔවුන් විසින් ”තුන්වැනි ගර්භය” ලෙස හඳුන්වනු ලැබුවා. පසුව ඔවුන් සිය ගලවා ගැනීමේ කාර්යයේ ප‍්‍රධාන කඳවුරක් ලෙස එය පාවිච්චි කරනු ලැබුවා.

”තායි ලෙන් ළමයින්” ලෙස හැඳින්වෙන ඒ අයගෙන් එක් සාමාජිකයකු වූ ‘නයිට්’ගේ උපන්දිනය යෙදී තිබුණේත් එදාටයි. යම් පියවරක් ඉදිරියට තැබුවා කියා සතුටු වුවත් තවමත් ඔවුන්ට ළමුන් ගැන හෝඩුවාවක් ලැබුණේ නැහැ.

ඒත් තත්වය වැඩි කලක් පැවතුණේ නැහැ. පහුවදා ම බි‍්‍රතාන්‍යයෙන් පැමිණි කිමිදුම්කරුවන් දෙන්නා ඒ විශිෂ්ට සොයා ගැනීම කළා.

ජෝන් වොලන්දන් හා රික් ස්ටැන්ටන් කෙතරම් නිර්භීත වුණා ද කීවොත් තාම් ලූවාන් ලෙන් පද්ධතියේ මිනිසකුට යම්තම් රිංගා යා හැකි තරමේ ඉතා පටු තැනකින් රිංගා ගියා. ඔවුන් කළේ ළමයින් සොයන ගමන් අනික් කිමිදුම්කරුවන්ට අත්වැල් සඳහා ලෙන් පද්ධතිය තුළ රැහැන් ඇදීමයි.

සඳුදා ඒ දෙන්නා කලින් පට්ටය බීච් කියා හඳුන්වනු ලැබූ ස්ථානයට යාමට සමත් වුණා. ඒත් එහිදීත් ඔවුන්ට කිසිවක් හමු වුණේ නැහැ.

ඹවුන් අඳුරේ ම ඉදිරියට ගියා. මීටර සිය ගණනක් ඉදිරියට ගිය පසු වා කුහරයක් හමු වුණා.

තනිකර ජලයෙන් පිරි ලෙන්වලින් ඔබ්බෙහි තැනින් තැන විශාල කුහර තියෙනවා. ඒවායේ ඉහළ කොටසේ තිබුණේ වාතයයි. ”මෙහෙම වා කුහරයක් හමුවුණා ම අපි ජලයෙන් උඩට මතුවෙලා කෑ ගහනවා ඒ වගේ ම ආඝ‍්‍රාණය කරලා බලනවා කවුරුන් හරි ඉන්නවාද කියලා දැන ගන්න” ජෝන් බීබීසීයට කීවා. ”ඒක තමයි ගැලවීමේ මෙහෙයුම්වල සම්මත ක‍්‍රමය.”

”අපට ළමයින්ගෙ පුස්ඹෙන් දැන ගන්න පුලූවන් වුණා ඔවුන් දකින්න හා ඇහෙන්න කලින්”

ජෝන්ගේ විදුලි පන්දම දැල්වූ වහාම ඔහු දුටුවේ විස්මය දනවන දසුනක්. ළමයින් එකිනෙකා අඳුරෙන් මතුවෙලා ආවා. ඔහු දෙසට ජල මට්ටම ළඟට.

රික් ළමයින් ගණනන් කරන්න පටන් ගත්තා. ඒ අතර ජෝන් ඇහුවා ”ඔයාලා කී දෙනෙක් ඉන්නවද?. කියලා.

”දහතුන් දෙනයි” උත්තරේ ආවෙ ඉංගී‍්‍රසියෙන්.

”දහතුනයි? අති විශිෂ්ටයි!”

ජෝන්ට වගේ ම රික්ටත් අදහන්න බැරිවුණා ඔවුන් දැකපු දේ. ”ඔවුන් හැමදෙනා ම පණපිටින්!”

කිමිදුම්කරුවන් දෙන්නා ළමයින් එක්ක ටික වෙලාවක් ගත කරලා ඔවුන් ව ධෛර්යමත් කළා. ඔවුන් එතැනින් පිටත් වුණේ ඔවුන් ළඟ තිබුණු වි දුලි පන්දම් ඔවුන්ට දී නැවතත් කෑම රැගෙන හැකි ඉක්මනින් ඔවුන් වෙත එන බවට පොරොන්දු වෙමිනුයි.

මේ ආශ්චර්යමත් හමුවීම කිමිදුම්කරුවන් දෙන්නාගේ කැමරාවල සටහන් වුණා. ඒවා ඉක්මනින් ම අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා. ළමයින් සොයා ගැනීමේ සතුට ලොව පුරා ම ගලා ගියා.

නැති වූ ළමා පාපන්දු කණ්ඩායම හමුවීම!

ජෝන් වොලන්දන් හා රික් ස්ටැන්ටන් ළමයින් හමු වූ මොහොතේ


ළමයින් ලෙන තුළ උන් අයුරු

පසුගිය සතිය පුරාම ළමයින්ට කුමක් වූයේ දැයි වද වින්ද ඒ ළමුන්ගේ දෙමාපියන්ට ඔවුන් මෙසේ ජීවත්ව ඉන්නා බව දැක ගන්නට ලැබීම ලොකු අස්වැසිල්ලක් වුණා. ආහාර නොමැතිකමින් කෙට්ටු වී සිටිය ද ඔවුන්ගේ තත්වය යහපත් බව දැක ඔවුන් දුක තුනී කර ගත්තා.

කිමිදුම්කරුවන් දෙන්නා එතැනින් නික්ම ගියාට පසු හමුදා වෛද්‍ය සහායකයකු හා නාවික හමුදා සීල් කිමිදුම්කරුවන් තිදෙනෙකු ළමුන් හා පුහුණුකරු සමග එකතු වුණා. ළමුන් එතැනින් නික්ම එනතුරු ඔවුන් සමගම රැඳී සහය වීම ඔවුන්ගේ බලාපොරොත්තුව වුණා.

දින නවයක් අන්ධකාරයේ සිටි ළමුන්ගේ ගුහාවට ආලෝකයක් වැටුණා. ඔවුන් ඉස්සෙල්ලාහ කන්ට ඉල්ලූවේ බත් මස් හා මාළු පිණි සමග. ඒත් වෛද්‍යවරුන් ඒකට අවසර දුන්නේ නෑ. ඔවුන්ට ලැබුණේ ඖෂධීය දියර ආහාර සහ විටමින් එක්කළ ජලයයි.

ඔවුන් අතුරින් උපන්දිනය සපිරූ තුන්වැනි ළමයා වූ ඩොම්ට ඔහුගේ උපන්දිනය සමරන්න හැකි වුණා ඒ ලෙන තුළදී ම.

දිවි ගැලවුම්කරුවන් එක්වී සාකච්ඡුා කළා ළමුන් 12 දෙනා හා පුහුණුකරු ගලවා ගන්නේ කෙසේදැයි කියා. ඒ සමහර ළමුන්ට පිහිනීමටවත් හැකියාවක් තිබුණේ නැහැ. ඒ කිලෝ මීටර 4ක් දුර ගංවතුර කොතරම් ප‍්‍රබලදැයි කීවොත් හොඳ පළපුරුදු පුහුණු තිමිදුම්රුවකුටවත් දිවිගලවා ගැනීම ලේසි වුණේ නැහැ.


කන්දේ ලෙන් වංකගිරිය විහිදී තිබුණු අයුරු

”කාලය අපට හරහටයි හිටියෙ. දවස් තුනකින් තද වැසි වහින බවයි ඒ අය කීවෙ.” විදේශ කිමිදුම්කරුවකු වූ බෙන් රේමෙනන්ට්ස් බීබීසීයට කීවා. ”දැන් තමයි අපට මුහුණ පාන්නට ඇති අමාරුම කාර්යය”

කඳුකරයේ මැද පිහිටි ගැඹුරු ලෙනක සිර වී තවමත් ජීවත්ව සිටින ළමුන් පිළිබඳ පුවත නිසා තායිලන්තයේ මේ සායි දිස්ති‍්‍රක්කය එසැණින් ජාත්‍යන්තර අවධානයට ලක්වුණා.

එදා ? ම ලොව දසදෙසින් ජන මාධ්‍යවේදීන් එහි ළඟා වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නොවෙයි ලොවපුරා සිටින ගැලවුම්කරුවන් ද ස්වේච්ඡුාවෙන්ම එහි ගලා එන්න පටන් ගත්තා.

ඒ ලෙන ඉදිරිපිට උද්‍යානය එක්වරම නගරයක් බවට පත් වුණා. අවන්හල් විවෘත කෙරුණා. තායි රජ පවුලේ කුස්සියේ සේවය කළ රාජකීය කෝකියන් සූපවේදීන් ආදීන් පවා කෑම පිළියෙල කර එහි සේවයට පැමිණි අයට නොමිලයේ බෙදා දුන්නා.

කවුරුත් කිසිම වැඩක් සුළු කොට තැකුවේ නැහැ. උද්‍යානයේ වැසිකිළි ප‍්‍රමාණවත් වුණේ නැහැ. ඒවා ඉත්මකින් අපවිත‍්‍ර වුණා. ජනතාව ඉදිරිපත් වී ඒවා නිතර පවිත‍්‍ර කෙරුණා. සේවය කළ අයට නිතරම කන්ද එන්න හා යන්න අවශ්‍ය වුණා. ඒ සඳහා රියැදුරන් නිතරම සැදී පැහැදී සිටියා. ගැලවුම්කරුවන්ගේ ඇඳුම් නිතරම මඬ නිසා අපවිත‍්‍ර වුණා. පළාතේ ලොන්ඩරිය රාති‍්‍රය පුරා නොමිලයේ වැඩ කර ඒවා පිරිසිදු කර පසුවදාම ඔවුන්ට බාර දුන්නා.

හැමෝම ඉතා ධෛර්යයෙන් හා කැපවීමෙන් එකා වගේ වැඩ කළා. ඒ අතර ඛේදජනක දෙයක් සිදු වුණා. ඒ ස්වේච්ඡුා භටයකුගේ මරණයයි. එයින් එහි උන් සියලූ දෙනාම මහත් කම්පාවට පත් වුණා.

සමන් ගුනාන් නම් ඔහුු 38 හැවිරිදි නාවික හමුදා සීල් කිමිදුම්කරුවකුව සිට විශ‍්‍රාම ලත් අයෙක්. ඔහු මේ සිද්ධිය ආරංචි වූ වහාම සේවයට වාර්තා කළ අයෙක්.

ජූලි 6 වැනිදා ඔහු සිරව සිටි ළමයින්ට ඔක්සිජන් ටැංකි අරගෙන ගියා.. තවත් සගයකු සමග එසේ ගොස් එන අතරමගදී ඔහුගේ ඔක්සිජන් ටැංකිය ඉවරවුණා. ඔහු සමග සිටි සගයා කෙසේ හෝ හැකි ඉක්මනින් ගොඩට ගෙනාවත් ඔහුගේ ජීවිතය ගලවා ගන්න බැරි වුණා.

එදා සවසම ඔහුගේ අවමඟුල බෞද්ධ චාරිත‍්‍ර අනුව සිදු කෙරුණා. ”සමන් හැමදාම කීවේ අපි මැරෙන දවස කියන්න බැහැ. ඒ නිසා හැමදාම පින් කරන්න ඕනෑ කියලයි” අවමඟුල අවස්ථාවේදී ඔහුගේ බිරිඳ වූ වලීපෝන් ගුනාන් කිවා.

මේ මරණය ගැලවුම්කාර මෙහෙයුමේ අනතුරුදාක බව කාටත් පසක් කළා. සමන් ගුනාන් වැනි තායිලන්තයේ ජාතික තුන්ප‍්‍රයාම කී‍්‍රඩකයකුට ඒවගේ ම ශක්තිමත් නිරෝගී කිමිදුම්කරුවකුට මෙහෙම වුණා නම් දරුවන් ඉන්නේ කෙතරම් භායනක තත්වයක ද යන්න හැමටම අවබෝධ වුණා.

ලෙන් ළමයින්ගෙන් කෙනකු වූ නෝට්ගේ මව වූ රත්දාවෝ චන්තාපූන් ඇගේ මිතුරියක් හා කියා ඇත්තේ ”හොඳ පුහුණුවක් ඇති සමන් වැනි ශක්තිමත් නාවික සිල් කිමිදුම්කරුවකුටත් මැරෙන්න සිද්ධ වුණා නම් කවදාවත් කිමිද නැති මේ දරුවන්ට කුමක් වේවිද” කියායි.

ඒ වගේ ම වද වීමට තවත් ලොකු හේතුවක් මතු වුණා. දරුවන්ට ඔක්සිජන් ලබා දීමට ගත් උත්සාහයන් තිබිය දී ඔවුන් රැඳී සිටිය ලෙන් කුටිය තුළ ඔක්සිජන් මට්ටම සියයට 21 සිට සියයට 15 දක්වා පහත වැටුණා.

ගලවා ගැනීමට ඇති කාලය ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා.

ගලවාගන්නන් ගත හැකි විකල්ප තුනක් ගැන සාකච්ඡුා කර හඳුනා ගත්තා.

.ගංවතුර පිරුණු ලෙන් පද්ධතියේ කොටස් හරහා කිමීදී යන්නට ළමයින්ට පුහුණුව ලබා දීම. ව්‍යසන තත්වයක් ඇති වුවහොත් අවසන් විකල්පය ලෙස එය තෝරා ගත්තා.

.ලෙන් තුළට ගලා යන ජලය නොකඩවා පොම්ප කිරීම මගින් ඉවත් කර ස්වාභාවිකව ජල මට්ටම අඩු වන තෙක් බලා සිටීම. එහෙත් සඳහා මාස හතරක් බලා සිටිය යු වෙනවා.

.ලෙන් තුළින් ළමුන් ඉන්නා තැනට යා එැකි වෙනත් උමං මාර්ගයක් සොයා ගැනීම හෝ කැණීම.

ඒ අතර කිමිදුම්කරුවන් ආරක්ෂිතව ළමයකු දිය යටින් ගෙන යන ආකාරය ගැන ඒ පළාතේ ළමයින් යොදා ගෙන පිහිනුම් තටාකයක අභ්‍යාසවල යෙදුණා.

ඒ වගේම නවෝත්පාදන මෙවලම් ලොවට හඳුන්වා දෙමින් සිටින නවීන තාක්ෂණවේදී ව්‍යාපාරික ඇමරිකානු ජාතික එලාන් මස්ක්ගේ ඉංජිනේරුවන් ඉදිරිපත් වුණා ළමයින් ගෙන යාමට කුඩා සබ්මැරීනයක් තනා දීමට. ඒත් එහි සිටි පළපුරුදු පුහුණුකරුවන් ඒ අදහස පිළිගත්තේ නෑ. ඒ ලෙන්වල පිහිටීම අනුව එවැන්නක් ඒ තුළ හැසිරවිය නොහැකි බව ඔවුන්ගේ මතය වුණා.

ගැලවා ගැනීමේ යෙදුණු කණ්ඩායම ලෙන් පද්ධතිය තුළට වාතය හා පණිවුඩ ගෙන යාම සඳහා අවශ්‍ය රැහැන් ඇදීම වැනි ඉතා සරල කාර්යයක් කිරීමට ඒ වංකගිරියක් වූ පරිසරයක් තුළ ගත් දැඩි උත්සාහය නිසා ඔවුන් තේරුම් අරන් තිබුණා ඔවුන් මුහුණ දී තිබුණු කටයුත්තේ බැ?රුම් කම ගැන.

අවසානයේ ජූලි 6 වැනිදා මෙහෙයුම් කණ්ඩායම ඔක්සිජන් වායු සැපයුම් සංචිතයක් පිහිටෙව්වා. ළමයින් ලවා දෙමාපියන්ට ලියුම් ලියවා ඒවා ගෙනවුත් දුන්නා. ඒවායින් ළමයින්ටත් දෙමාපියන්ට හා ඥාතින්ටත් ලොකු මානසික සහනයක් ඇති වුණා. ඔවුන් හැමදෙනා තුළ ම අලූත් බලාපොරොත්තු දැල්වුණා.

නාවික හමුදා සීල් භටයන් ඒ ලියුම් අන්තර්ජාලයටත් මුදා හැරියා. ලොව ඒවායින් කම්පාවට පත් වුණා.

හදවත්වල රූප සිනාසෙන මුහුණුවල චිත‍්‍ර අඳිමින් තමන් තුළ ඔවුන් ගැන ඇති ආදරය ගැන සඳහන් කරමින් ලියා තිබුණු ඒ ලියුම්වලින් පෙනුණා ඒ ළමයින් කිලෝමීටර් 5ක් ඈත ලෙනක සිරවී සිටියත් ළමයින් හොඳ මානසික තත්වයෙන් සිටි බව. තමන් ගැන වද නොවන ලෙස ළමයින් ඒ ලියුම්මගින් ඉල්ලා සිටියා.

එක ළමයෙකු මෙසේ විහිළුවක් ද කර තිබුණා: ”ටීචර් අපට ගෙදර ආවාම වැඩියෙන් ගෙදර වැඩ දෙන්න එපා!”

ඒ අතර පුහුණුකරු තමා අතින් සිදුවු වරදට ළමයින්ගේ දෙමාපියන්ගෙන් සමාව ඉල්ලා ලියුමක් එවා තිබුණා.

ලෙනේ සිර වී සිටිමින් ළමයින් මාපියන්ට යැවූ ලියුම්

”පුහුණුකරු අකේ අපියි ඔයාට පින් දෙන්න ඕනැ මේ වගේ වෙලාවක අපේ ළමයින් හොඳින් බලා ගන්නවාට” දෙමාපියන් ආපසු ලියා යැව්වා.

ජූලි 7 වැනිදාට උදා වුණා. ඒ වන විට ළමයින් අතුරුදන්ව සති දෙකක් ගත වෙලා තිබුණා. නිහඬතාව බිඳිමින් තායි බලධාරීන් ලෝකයට ම ප‍්‍රකාශ කළා පළමු වතාවට ඔවුන් ළමුන් පිටතට ගෙන ඒමට සූදානම් බව.

”අද අප සුදානම් ළමයින් ගේන්න පටන් ගන්න. තවත් දවසක්වත් පමා කරන්නේ නෑ” මෙහෙයුම් ප‍්‍රධානී නරොන්සක් ඔසෝතනාකෝන් ස්ථිර ස්වරයෙන් කීවා.

පුවත්පත් කලාවේදීන්ට හා ස්වේච්ඡුා සේවකයන්ටත් ලෙන් මුව විට පරිශ‍්‍රයෙන් ඉවත් වන ලෙසට දැනුම් දුන්නා.

මේ හදිසි තීරණය කාගේත් විමතියට හේතු වුණා. මේ සායි ප‍්‍රදේශයට ඇද හැළුණු වැස්ස තුරල් වන ලකුණු පහළ වෙලා තිබුණා. ඒත් සෑම වසරක ම ජූලි දහවැනිදා මහ වැහි පටන් ගන්නා බව ඒ පළාතේ අය හොඳින් ම දන්නවා. එයින් පසු තාම් ලූවාන් ලෙක් පද්ධතිය මුළුමනින්ම ජලයේ පිරෙනවා. ඒත් ඊට කලින් කෙසේ මේ බාර¥ර කාර්යය කරන්නේ ද කාටත් ප‍්‍රශ්නයක් වුණා.

මේ වන විට විදේශවලින් පැමිණි කිමිදුම්කරුවන් හා තායි කිමිදුම්කරුවන් 100කට ආසන්න පිරිසක් මේ .”සුපිරි මිනිස් මෙහෙයුම” සඳහා පෙළ ගැසී සිටියා. ඔවුන්ගේ කාර්යය කොටස් දෙකකට බෙදා තිබුණා.

පළමු කොටසට අයත් වූයේ ළමයින් රැඳී සිටි ලෙන් කුටීරයේ සිට ”තුන්වැනි ගර්භය” ලෙස ඔවුන් නම් කළ ලෙන වෙත ගෙන ඒමයි. එය තමයි වඩාත් අසීරු කාර්යය වුණේ. කිමිදුම්කරුවන්ට කට්ට කළුවරේ ඇට මිදුළු තුළට කා වදින ශීතලේ ලෙන තුළ ඇද තිබූ රැුහැන් අල්ලා ගෙන පැය ගණනක් තිස්සේ ගමන් කරන්න සිදුවුණා. ඒ සමහර තැනක දී ඔවුන්ට තමාගේ සිරුර විතරක් රිංග විය හැකි තරම් පටු තැන්වලින් ද යාමට සිදු වුණා.

සෑම ළමයකුට ම සම්පූර්ණයෙන් ම මුහුණ වැසෙන සේ හුස්ම ගන්නට පහසු වන අයුරින් ඹක්සිජන් සැපයෙන ආරක්ෂක හිස් වැස්මක් ලබා දුන්නා. ඔක්සිජන් සිලින්ඩරය ළමයා ඉදිරියෙන් සිරුරට පටි දමා සවිකර තිබුණා. ළමයාගේ මුහුණ යටි අතට සිටින සේ සිරුර හරවා ඒ සඳහා විශේෂයෙන් ම සැකසූ බහාලූවක් තුළ තබා තිබුණේ ඔහුගේ මුහුණට කෙළින් ජලය නොවදින සේ දෙපසට ගලා යන ආකාරයටයි. ළමයාගේ බහාලූව ඔසවාගෙන යාමට ඉහළින් හැන්ඩලයක්ද සවිකර තිබුණා. ඒ බහාලූව එක් කිමිදුම්කරුවකුගේ සිරුරට අමුණා තිබුණා. තවත් කිමිදුම්කරුවකු ආරක්ෂාවට ඔහු සමග ගියා.

මේ මහා මෙහෙයුමට උපදෙස් දීමෙන් හා කි‍්‍රයාකාරීව සහභාගි වීමෙන් ලොකුම දායකත්වයක් සැපයූ මුලින් ම ළමයින් ඉන්නා තැන සොයා ගත් බි‍්‍රතාන්‍ය ජාතික කිමිදුම් විශේෂඥයා වූ ජෝන් වොලන්දන් ළමයින් ගෙන යාමට සකසා තිබූ උපකරණය හෙවත් බහාලූව ඔහුගේ සිත් ගත්තා. අතර මග බාධකවලින් ගෙන යාම පහසුවන අයුරිනුයි එය සැලසුම් කර තිබුණේ. ඔහු එය හැඳින්නුවේ ”අපූරු ෂොපිං බෑග්” එකක් ලෙසයි.

ලෙන් පද්ධතියේ රිංගා යායුතු පටු තැන්වල දී තමන්ගේ පිටේ සවිකර තිබූ ඹක්සිජන් ටැංකි ගලවා ගෙන තමන් කැටුව ගිය වටිනා ”ගමන් මල්ල” සමග ඉරියෙන් ගිය සගයාට දී ඒ බාධනය පසු කළ පසු නැවත ටැංකි පිටේ බැද ගෙන ගමන තරණය කළ යුතු වුණා.

එය කිමිදුම්කරුවන්ට ඇඟ කිළිපොළා යන අත්දැකීමක් වුණා. විශේෂයෙන් ම පිහිනන්නටවත් බැරි ළමයින් කැටුව යාමට සිදුවීම නිසා. මෙහිදී ළමයින්ට හා පුහුණුකරුට අතරමග දී ඔවුන්ට වන මානසික පීඩා මඩින්නට හා ඔවුන්ව සන්සුන්ව තබන්නට ප‍්‍රති කාංසා ඖෂධ ලබා දුන් බව තායි රජය කීවත් බීබීසියට වෙනත් ප‍්‍රකාශකයන් කියා තිබුණේ ළමුන් සියලූ දෙනා ම පබල ඔසු මගින් නිදි ගන්වා තිබූ නිසා මුළු ගමන පුරාම ඔවුන් අඩ සිහියෙන් පසු වූ බවයි.

”තුන්වැනි ගර්භය”ට ආ පසු දෙවන අදියර ආරම්භ කෙරුණා. එය නිම කිරීමටත්් තවත් පැය ගණනාවක් ගත වුණා.

එතැන් සිට සෑම ළමයෙකු ම ගෙන ගියේ මුලින් ම ගිලන් මැස්සක තබා ගෙනයි. ඒ සඳහා කිමිදුම්කරුවන් පස්දෙනකු යොදවා තිබුණා. එක අවස්ථාවක දී ඔවුන්ට ගිලන් මැස්ස පහුරක තබා ගෙන නිකට තෙක් ගැඹුරු ජලයේ ඇද ගෙන යාමට සිදු වුණා.

ඊළඟට යාමට තිබූ ගැඹුරු බෑවුම් කලාපයේ දී බොලෝක්ක යොදා ළිඳකින් වතුර අදින්නාක් මෙන් ළමයින් රැගත් බහාලූව ඉහළට ඔසවා ගැනීමටත් තවත් තැනක දී ගල් ගොඩැලි තිබූ නිසා එක පෙළට සිට අතින් අතට පාස් කිරීමටත් ඔවුන්ට සිදු වුණා. තවත් තැනක දී ලෙන් ජලය පිටතට පොම්ප කිරීමට දමා තිබුණු පයිප්ප දිගේ ඇද ගෙන යාමටත් ඔවුන්ට සිදු වුණා.

දෙවැනි අදියරේදී අතර මග රැඳී සිටියේ පළපුරුදු කිමිදුම්කරුවකු වූ ඩෙන්මාක් ජාතික ඉවාන් කරඞ්ශික්. ඔහු තායිලන්තයේ කිමිදුම් පුහුණු ආයතනයක් පවත්වා ගෙන යන්නෙක්. එහි සිට කිමිදුම්කරුවන්ට අලූත් ඔක්සිජන් ටැංකි සවි කිරීමත් එතැන් සිට ඔවුන් ව මෙහෙයවීමත් බාර වුණේ ඔහුටයි..

බොර දියේ අඳුරේ සිටියත් ඔහුට පැහැදිලිව ම මතකයි ඔහු ඉදිරියට පළමු දරුවා ගෙන ආ හැටි. ”මට හිතා ගන්න බැරි වුණා එකපාරටම ඒ ගෙනාවෙ ලෙඩෙක් ද දරුවෙක් ද කියලා” ඔහු බීබීසීයට කීවා. ”ඒත් ඔහු පණපිටින් හොඳින් හුස්ම ගන්න බව දැක්කාම මට ඇති වෙච්ච සතුට මෙතෙකැයි කියන්න බැහැ.”


ළමයින් එකිනෙකා ඒ අඳුරු තාම් ලූවාන් ලෙනෙන් පිටතට ගෙනාව. ඊළඟට අලූතින් ඔක්සිජන් ලබා දීලා ඉක්මනින් ම චියෑන් රායි රෝහල වෙත ගිලන් රථවලින් අරන් ගියා. ගැලවුම්කරුවන් ළමයින් ව ගෙනාවේ දින හතරක් තිස්සේ තුන් දෙනාගේ කණ්ඩායම් වශයෙන්. ඒ ළමයින් තුන් දෙනා අතරත් කාල පරතරයක් තියා ගත්තා ඉතා නිවැරදිව එය කළ යුතු නිසා. මුල් ළමයින් තුන් දෙනා ගෙනවුත් ඉතිරි අය ගෙන ඒම පහුවදාට කල් තිබ්බේ විශාල ගණනක් ඔක්සිජන් ටැංකි පුරවා ගැනීමට කාලය අවශ්‍ය නිසයි.

ඔවුන්ට සොබාදහම දුන් කාලය අවසන් වේගෙන යන බව තායි හමුදාවේ නාවික සීල් භටයන්ට දැනුණා. ”අන්තිම ළමයින් සමග පුහුණකරුත් එළියට ගෙනා සැණෙන් එහි ජල මට්ටම එකපාරටම වැඩිවෙන්න පටන් ගත්තා. පැයට සෙන්ටි මීටර්30 බැගින් අප දැනගෙන උන්නු විදියටම.” ජ්‍යෙෂ්ඨ නාවික හමුදා සුපාචායි තනසංසාකෝන් කිවා.

එදා ජූලි 10 වැනිදා අඟහරුවාදා තමයි තායි ගැමියන් ඔවුන්ට කීවේ මහ වැහි වහින්න පටන් ගන්න දවස හැටියට. එයින් පස්සෙ ලෙන් ඔක්කොම මුළුමනින් ම ගංවතුරෙන් පිරෙන්න පටන් ගන්නවා.

ඒත් ළමයින් සියලූ දෙනා ම එළියට ගෙනාවට පස්සෙ තවත් අය ඒ තාම් ලූවාන් ලෙන ඇතුළෙ ඉතිරිව හිටියා. ඒ ළමයින් සමග අන්තිම වන තෙක් රැඳී සිටි නාවික හමුදා සීල් කිමිදුම්කරුවන් හා වෛද්‍ය සහායකයාත් ළමයින් ගැන සොයා බලමින් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙමින් ඔවුන් සමග රැුඳෙමින් කටයුතු කළ ඕස්ටේ‍්‍රලියානු ජාතික විශේෂඥ ලෙන් කිමිදුම්කරුවකු වූ වෛද්‍ය රිචඞ් හැරිස් යන කණ්ඩායමයි. වෛද්‍ය හැරිස් තමයි මානසික පිළියමක් ලෙස ළමයින්ට එහි සිට මාපියන්ට ලියුම් ලියන්න යෝජනා කළේ.

ඔවුන් එළියට ආවේ අන්තිම ළමයාත් එළියට ගෙනවුත් මොහොතකට පසුවයි. ඔවුන් එසේ එළියට එනවාත් සමග ඒ වන තෙක් පොම්ප කරමින් තිබූ මෝටර් සියල්ල එක්වර නතර වුණා. ගංවතුර දෙගොඩතලා ගෙන ලෙන් තුළට ගලා යන්නට වුණා. අවට පිරිසුදු කරමින් සිටි සේවකයන් පණ බේරාගෙන එතැනින් ඉවතට දිව ගියා.

ඒක විස්මිත මෙහෙයුමක්! වෙහෙසකර සති දෙකකට පසු ලෙන තුළ සිර වූ ළමුන් හා පුහුණුකරු නිරුපද්‍රිතව හා සුරක්ෂිතව බේරා ගනු ලැබුවා.

ළමයින් බේරා ගෙන ආ ඒ වෙනුවෙන් ම තැනූ විශේෂ බහාලූව

චියැන් රායි රෝහල දෙසට යන මග දෙපස රැුස්ව සිටි පිරිස් සතුටින් ඉපිල කෑ ගැසුවා; අත් පොළසන් දුන්නා. රථවාහන නළා හඬවමින් සතුට පළ කළා.

සමාජ වෙබ් අඩවි ජාලාවලින් සතුට පළ කරන තුති පුදන දෙන වැකි හුවමාරු වුණා. ලොව පුරා මේ සතුට හැම දෙනා ම බෙදා ගත්තා. ඒත් එක් අයකුගේ හදවත වේදනාවෙන් පිරී තිබුණා. ඒ විශේෂඥ වෛද්‍ය රිචඞ් හැරිගෙයි. ඕස්ටේ‍්‍රලියාවේ සිටින ඔහුගේ පියා හදිසියේ මියගිය බව ඔහු වෙත සැලකෙරුණේ ඔහු ලෙනෙන් පිටත ආ මොහොතේ දියි. ඔහු තායිලන්තයේ කෙටි නිවාඩුවක් ගත කිරීමට එන විට ඔහු හොඳ සනීපෙන් සිටියා. ඔහු සංචාරයේ යෙදන අතරයි ළමුන් ලෙනෙහි හිර වී ඇති බව දැන ගන්නට ලැබුණේ. ඔහු වහාම සංචාරය අතර මග නවතා දමා ඇවිත් ඒ කටයුත්තට උර දුන්නා. දැන් ඔහු වහා ම පියාගේ අවමඟුල සඳහා සිය මව් බිමට යායුතුයි.

ඒ අතර එදා රෑම ජෝන් හා රික් තුති පැසසුම් ලබන්නට නොසිටම කාටත් හොරා ලන්ඩනය බලා පිටත් ව ගියා. ඒත් හීත්රෝ ගුවන් තොටුපොළේ දී මාධ්‍යවලට අසුවුණා.

”ඔබ දෙදෙනා කළේ වීර කී‍්‍රයාවක්” මාධ්‍යවේදීන් කළ යෝජනාව ජෝන් ප‍්‍රතික්ෂේප කළේ මෙහෙමයි: ”අප කළේ වීර කී‍්‍රයාවක් නොවෙයි. කළ යුතු දේයි. ලෝකය පුරා හැම තැනකින් ම පිරිස් ආවා එකම අරමුණක් ඇතිව තායිලන්තයේ කුඩා නගරයකට. ඒ අතුරුදන් වූ ළමයින් පිරිසක් හා ඔවුන්ගේ පුහුණුකරුත් බේරා ගන්න. අපි හැමෝම එකතුවෙලා කාලයත් සමග සටනක් කරලා ඒ අයව බේරා ගත්තා. ඔබටත් පුලූවන් නම් ඔබේ නොවන වෙනත් අයකුගේ ළමයකුට මේ වගේ පිහිට වෙන්න ඉදිරිපත් වෙන්න. ඒකයි කළ යුතු වැදගත්ම දේ වන්නේ” ජෝන් කීවා. ”අපිට සතුටුයි ඒ වගේ සුවිශේෂ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන” රික් කීවා.

ජූලි 11 වැනිදා බදාදා තායි දරුවන් රෝහල් ඇඳන්වල සිට මුල්වරට අතවනා ලොවට කතා කළා. ඔවුන්ට ලෝක කුසලාන පාපන්දු අවසන් තරගය නරඹන්න ඇරයුමක් ලැබුණත් වෛද්‍යවරුන් ඊට ඉඩ දුන්නේ නැහැ. ළමයින් නිරෝධායනය කර තවත් සතියක් තියා ගන්න වෛද්‍යවරුන්ට ඕනෑ වුණා. දෙමාපියන්ට වත් ඔවුන් අසලට යන්න අවසර දුන්නේ නැහැ. ඒත් තායිලන්ත අගමැතිවරයා වූ ප‍්‍රායුත් චැන් ඕචාට පමණක් ඒ නිතිය වලංගු වුණේ නැහැ. ඔහු ළමුන් ළඟටම ගිහින් කතා කළා.



සුළු අසනීප තිබුණත් සමස්තයක් වශයෙන් ළමුන් නිරෝගීව ඉන්නවා. ගෙදර ගිය පසු ඔවුන්ගේ බලාපොරොත්තුව තායි බෞද්ධ සම්ප‍්‍රදාය අනුව පුහුණුකරු සමග මහණවී සති කිපයක් පමණ පන්සල් ගත ව ඉන්නයි. ”එක හොඳ දෙයක්. සිදුවුණේ ඔවුන් එලොව ගිහින් මෙලොව ආවා වාගේ දෙයක්. ඒ නිසා එවැනි කටයුත්තක් කරන හොඳයි” නයිට්ගේ සීයා කියනවා. ඒ ඔක්කෝටම කලින් සැලසුම් කර පරිදි නයිට් පවුලේ අය සමග ඔහුගේ් 17 වැනි උපන්දිනය සමරන්න ඕනෑ.


Comments

  1. අපූරු ලිපියක්...බොහොම ස්තූතියි..

    මෙ සිද්දිය වාර්ත වෙලා ටික දවසක් යනකම් මට මොකක්ද වෙලා තියෙන්නේ කියලවත් හිතා ගන්න බැරිව හිටියේ.. ගුහාවක් හිර වෙලා කිව්වම ඒක මෝන වගේ දෙයක්ද කියලවත් දහසක් තිබුනේ නෑ.. දැන් මේ ලිපිය කියවනකම්ම සමහර දේවල් ගැන මම වෑරදියටයි හිතාගෙන ඉඳලා තිබුනේ..

    මෙහෙයුමට සම්බන්ධ වුන සියලු දෙනාවම පැසසිය යුතුයි.. අනුන් වෙනුවෙන් ජිවිතේ පරදුවට තියන නිර්භීත මිනිස්සු.. මියගිය සමාන්ට නිවන් සුවය පතනවා!

    මට මතක් වුනේ චීලී සැන් ජුවාන් පතලේ සිද්ධිය.. එකත් මේ වගේ අවධානම් මෙහෙයුමකින් ඔක්කොම බේර ගත්තු අවස්ථාවක්...

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලෝකයේ වටිනාම මුද්දරය වෙන්දේසියට! දැනට ඇත්තේ ලෝකෙටම එකයි!

මුද්දර එකතු කිරීම (Philately) විනෝදාංශයක් වගේම හොඳ ආදායම් මාර්ගයක්. පුංචි වුණාට තැපැල් මුද්දරයක් කියන්නේ රටක ඉතිහාසය කියාපාන කැඩපතක්. රටකින් රටකට හොඳ හිත පතුරුවමින් යන සංස්කෘතික තානාපතිවරයෙක්!

ඒ වගේ පැරණි තැපැල් මුද්දරයක් එහි මුහුණත සඳහන් වටිනාකමට හුඟක් වැඩිවෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ ඒවායේ ඇති දුලබකම නිසයි.

ඒ වගේ 1873 දී ලිපිගොනු ගොඩක් අස්සේ තිබී හමුවුණු පාවිච්චි කළ ශත එකේ තැපැල් මුද්දරයක් පසුව වෙළෙඳ පොළේ දී සිලිං හයකට විකුණුණා. බි‍්‍රතාන්‍ය ගයානාව (British Guiana) විසින් නිකුත් කළ ශත එකේ දම්පාට තැපැල් මුද්දරය (1c Magenta stamp) දැන් යළිත් වෙන්දේසිය සඳහා වෙළෙඳපොළට ඇවිත්. අද, වසර 141කට පසු, එයට මුද්දර වෙන්දේසියේ දී ඇමරිකන් ඩොලර් මිලියන 20ක මුදලක් ලැබේවි යැයි විශ්වාස කරනවා.

මෑතදී ‘ලොව වඩාත් වටිනාම මුද්දරය’ ලෙස හඳුන්වනු ලැබූ මේ පැති අටේ හැඩැති තැපැල් මුද්දරය 2014 ජූනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ නිව්යෝක්හිදී ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතයි.

මෙය දැනට ලෝකයේ සුරක්ෂිතව ඉතිරි වී ඇති මේ වර්ගයේ එකම මුද්දරය ලෙස සැලකෙනවා. මෙය නිකුත් කරන ලද්දේ 1856දියි. බි‍්‍රතාන්‍ය ගයානාවේ තැපැල් මහතා…

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස! ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා 10 මෙන්න!

පසුගිය සතියේ (මාර්තු 8 වැනිදා) අතුරුදන් වූ පිසැරි අංක එම්එච්370 මැලේසියානු මගී ගුවන්යානයට වූ දේ තවමත් අබිරහසක්. රටවල් 10 ගුවන්යානා, නැව්, චන්ද්‍රිකා රැසක් මේ අබිරහස විසඳන්න තවමත් වෙහෙසෙනවා.

ඒත් මෙය දැනටමත් නොවිසඳෙන අබිරහසක් පත් වෙන ලකුණු පහළ වෙලා!

වත්මන් ළමා ගී පරපුරේ ආරම්භකයා - ශී‍්‍ර රූපදේව කවීන්ද්‍ර ආනන්ද රාජකරුණා

‘රෝස මලේ නටුවෙ කටූ - වන බමරෝ ඔහොම හිටූ
නටුව නොවේ මල සිඹිමී - මම ළමයෝ පැණි උරමී’

යනුවෙන් ළමයකුත්, වන බමරකුත් අතර සංවාදයක් ආකාරයෙන් ලියා ඇති කුඩා කවිය අදත් අපේ දරුවන් අතරත් වැඩිහිටියන් අතරත් එකසේ ජනපි‍්‍රය ළමා කවකි. ළමයින්ට කවි ලිවීම අරභයා ආනන්ද රාජකරුණා (1885-1957) කවියා දැක්වූ දක්ෂතාව මැන ගැනීමට එම කව ම ප‍්‍රමාණවත්ය. ළමයින් සඳහා විවිධ මට්ටමේ කව් රැසක් ආනන්ද රාජකරුණා විසින් අපේ ළමා පරපුරට දායාද කර තිබේ.

නස්රුදින්ගේ වේළීමේ රහස! අලුත්ම නස්රුදින් කතාවක්!

නස්රුදින්ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා, ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්. දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා.

හොල්මන් පින්තූර කතන්දර පෙළක්! මේවා දැකල බය වෙන්න එපා!

රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්!


අවුරුදු ගානක් තිස්සෙ විවිධ අවස්ථාවලදි ගත්තු පින්තූර තමයි, මේ තියෙන්නේ. මෙහි ඉන්නවා, ඝාතනය කළ වහල් සේවකයන්, රෝහල්වල වධබන්ධනවලට ලක්ව මියගිය රෝගීන්, අතීතයට එක් වූ මුහුදු නැවියන් ආදී නොයෙක් අය. මොවුන්ගේ හොල්මන් කතා අහපු බොහොම දෙනෙක් බියට පත් වුණා. තාමත් අහන අයගේ ඇඟ හිරි වැටෙනවා.

ලොව පළමු සෙල් ෆෝනය මේකද? වසර 75ක් පැරණි පින්තූරයේ රහස හෙළි වෙයිද?

බලන්න මේ තරුණිය ජංගම දුරකතනයක් කනේ තියා ගෙන පාර දිගේ කතා කර කර යනවා! අද නම් මේ වගේ දසුනක් ගමක පාරක වුනත් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒත් මේ දර්ශනය කැමරාවට නඟා ඇත්තේ මීට අවුරුදු 75කට පෙරයි!

1938 දී ඇමෙරිකාවේ වීදියක ගමන් කළ මේ යුවතියගේ අතට වර්තමානයේ අප පාවිච්චි කරනා තාලේ සෙල් ෆෝනයක් (ජංගම දුරකතනයක්) ආවෙ කොහොමද?

ඒ කාලයේ මේ වගේ දෙයක් නිපදවීම තියා මෙවැන්නක් ගැන හිතලවත් නොතිබුණා නම් මෙම දර්ශනය චිත‍්‍රපටයකට ගත් නිර්මාණයක්ද? සමහර අය කීවේ චිත‍්‍රපටය තුළින් අනාගතය දැකීමක් ලෙස මෙම දසුන සලකන්න පුළුවන් කියලයි. අනාගතය පරිකල්පනය කළ අවස්ථා චිත‍්‍රපටවල ඕනෑ තරම් තිබුණා. මේ වගේ

මේ රූප පෙළ මේ වන විට යූටියුබ් (YouTube) එක හරහා ලක්ෂ තුනකට වැඩි වාර ගණනක් සංසරණය වෙලා තියෙනවා. වර්ණ චිත‍්‍රපට එන්නට පෙරාතුව කළු සුදු ක‍්‍රමයට කැමරාවට නගන ලද මෙහි රහස පසුගිය දා හෙළි වුණා. මෙම තරුණිය තමාගේ මීමිත්තණිය යැයි යුටියුබ් ග‍්‍රාහකයෙක් හෙළි කළා.

අනාගතයට යාමක් ද? මෙහි දැක්වෙන්නේ ඇමරිකාවේ ඩුපොන්ට් ආයතනයෙන් පිට වී යන තරුණ සේවිකාවන් පිරිසක්. එයින් එක් තරුණියක් අතේ ඇති ජංගම දුරකතනයකින් කතා කරමින් යනවා ඔබට පෙනෙනවා ඇති. වසර 75කට ප…

දියණිය උපන් මොහොතේ පියා ගත් පින්තූරය අන්තර් ජාලය කළඹයි! වෛද්‍යවරයාගේ අතේ එල්ලී එළියට ආ ළදැරිය මෙන්න!

ජීවිතයේ විස්මිත මොහොතවල් ඡායාරූපයට නැඟීම වාසනාවත් එක්ක සිදු වන දෙයක්. එහෙම වාසනාවක් ලද මාපිය යුවලක් තමන් ගත් ජීවිතයේ අමතක නොවන පින්තූරය ‘මුහුණු පොතේ’ පළ කළා. මොහොතකින් එය අන්තර්ජාලය පුරා ‘කුණාටුවක්’ මෙන් හඹා ගියා.

මෙලොව එළිය දකින්න මොහොතකට පෙර පුංචි නෙවායි මව් කුස හිඳිමින් තම උදව්වට ආ වෛද්‍යවරයාගේ ඇඟිල්ලේ එල්ලූන හැටි!

දුර්ලභ ගණයේ සේයා රුවක්! නවසීලන්තයේ ධීවරයකුගේ නවතම ගොදුරක්!

මෙය ලියැවෙන්නේ කලාතුරකින් හමු වන ඡායාරූපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි. අන්තර් ජාලය පුරා මේ වන විටත් වැඩි දෙනකුගේ අවධානය දිනා ගෙන තියෙනවා.

මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ මිනීමරු සුදු මෝරකුගේ ඉරණම දැක්වෙන කතාවක්. පසුගිය සතියෙදි නවසීලන්තයේ මුහුදේදි ගත්තු එකක්.

මුල්ම ඇපල් 1 පරිගණකය ලෝක වාර්තාවක් තියයිද? ඇපල් සමාගමේ ආරම්භය හෙළිකරන මෙතෙක් පළ නොවූ ඡායාරූපයක්!

ඇපල් පරිගණකය පටන් ගත් හැටි දැන් දකින කොටත් පුදුම හිතෙනවා. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දා ප‍්‍රථමවරට හෙළිදරවු වුණා.

මේ ඡායාරූපයට නගා තියෙන්නේ 1976 දියි. එතකොට ස්ටීව් ජොබ්ස්ට (Steve Jobs) වයස 21යි. ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමග එක්ව ඔවුන් දෙදෙනා මේ මුල්ම ඇපල් පරිගණක තැනුවේ ස්ටීව් ජොබ්ස්ගේ මාපියන්ගේ ගෙදර ගරාජයකයි. ඔවුන් ඒ තැනූ මූල් පරිගණක 50 තැන්පත් කරල තිබුණු ආකාරය දැක්වෙන මේ විරල ඡායාරූපය නිකුත් කරනු ලැබුවේ ලබන නොවැම්බර් 16 වැනිදා වෙන්දේසියට තැබෙන දැනට හොඳම තත්වයේ ඇති පැරණි ම ඇපල් පරිගණකය එළි දැක්වීම වෙනුවෙන්.

මෙය දැනට ලෝකයේ ඇති වටිනාම සන්නම ලෙස සැලකෙන ඇපල් පරිගණකයේ ආරම්භක තත්වය තේරුම ගන්නත් හොඳ අවස්ථාවක්. මේ සන්නමෙහි අද වටිනාකම පවුම් බිලියන 60ක්.

ඇපල් පරිගණකයේ ආරම්භය දැක්වෙන මේ කිසිදා එළියට නො පැමිණි ඡායාරූපයක්. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර 1976 දී පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුග…

මහා භූමිකම්පාවකින් පසු පාකිස්ථාන මුහුදෙන් මතු වූ ලෝකයේ අලූත් ම දූපත!

පසුගියදා පාකිස්ථානයේ ප‍්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. 7.8ක් වූ ඒ භූමිකම්පාවෙන් බලූකිස්ථානය අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණා. ලෝකයේ අලූත් ම දූපත එයයි.

සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් ඒ දූපත නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා දැන් එය බලන්න සංචාරකයන් වගේම පාකිස්ථාන වැසියන් වැල නොකැඩි එනවා. ඒ දූපතටත් ගොඩ වෙනවා. ගිනිගන්නාසුලූ වායුව, විස දුම් ආදිය ඇති බව අනතුරු හැෙඟව්වත් ඒවා ගනන් නොගෙනයි, ඔවුන් එහි එන්නෙ.

ඒ දූපතේ පිපිරුණු මඩ, වැලි, ගල් මුසු බිම මත මුහුදු සතුන්ගේ මළ සිරුරු, විශේෂයෙන් ම මාළුන් මළකුණු පිරිලා තියෙනවා.

මෙන්න ලෝකයේ අලූත් ම දූපත අහසට පෙනෙන හැටි. මේ මඩ කන්ද මීටර් 15ක් 20ක් විතර උස ඇති. මිනිසුන්ට ඒ මත ඇවිද ගෙන යා හැකි තරමට එහි බිම ඝනකම් කියලයි, කියන්නෙ.