HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අහස සූරන ලෝකයේ ගොඩනැගිලි රජා! ‘ජෙඩා කුලූන’ (Jeddah Tower)

ලබන වසරේ තනා නිම කිරීමට නියමිතව තිබූ ලෝකයේ උස ම ගොඩනැගිල්ල 2019 වසරට කල් දමා තියෙනවා. මේ අති දැවැන්ත ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ සෞදි අරාබියේ ජෙඩා නගරයේයි.

නිම කළ පසු අඩි 3,280ක් උස වන මෙම ගොඩනැගිල්ලේ සැලැස්ම ඇමෙරිකාවේ චිකාගෝහි ඒඩි‍්‍රයන් ස්මිත් ගෝඞ්න් ගිල් ගෘහනිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණයක්. මෙය ඉදිකෙරෙන්නේ ජෙඩාහි ඉදිවන නව ආර්ථික නගරයේ කොටසක් හැටියටයි. මුලින් සැතැපුමක් උසට තැනීමට තීරණය කර තිබුණද එහි භූමියේ පිහිටීම නිසා එය දැන් ඉදිකෙරෙන්නේ කිලෝමීටරයක් උසට පමණයි.


මේ ගොඩනැගිල්ල සැලසුම් කළ ඒඩි‍්‍රයන් ස්මිත් තමයි මීට කලින් පැවති ලොව උස ම ගොඩනැගිල්ල වූ බර්ජ් කලිෆා සැලසුම් කළේ. ඔහු ඒක සැලසුම් කළේ ස්කිඞ්මෝ, ඕවින්ස් හා මෙරිල් ආයතනයේ සේවය කරද්දියි. බර්ජ් කලිෆා තනා නිම කරද්දී වගේ ම මේ ඉදිකිරීමෙහිදීත් නියම උස රහසක් ව තබා ගෙනයි තියෙන්නෙ කියලා. ඇමරිකාවෙ නිව්යෝක් නගරයෙත් මේ වගේ උස ගොඩනැගිලි ඉදිකිරීම් අතර තරගයක් තිබුණා.

මෙහි රහස් කෙසේ වෙතත් මේ අලූතින් තැනෙන අහස සූරන මැඳුර ගැන හෙළි වු රහස් කීපයක් තියෙනවා. එයින් කීපයක් මෙහෙමයි.

මේ අහස සූරන මැඳුර මුලින් ම හැඳින්වුණේ ‘කිංඩම් ටවර්’ කියලයි. දැන් එය ‘ජෙඩා කුලූන’ වෙලා තියෙනවා. එහි තමා ඉදිවන්නේ ලෝකයේ උස ම අකාස වස්තු නිරීක්ෂණාගාරය හෙවත් ග‍්‍රහලෝකාගාරය. එහි ඉහළ අහස් අඩි 98ක විෂ්කම්භයක් ඇති කවාකාර එළිමහන් සඳලූ තලයක් තියෙනවා. එය මුලින් ම හෙලිකොප්ටර් බස්සන තැනක් ලෙසයි සැලසුම් කළේ.


මෙම අහස සූරන මැඳුර කෙතරම් විශාල ද උස ද කීවොත් එහි පෙනුම කෙබඳුදැයි එක පින්තූරයකින් හරියට ම කෙළින් පෙන්වන්න බැහැ. ඒ නිසා අහසේ සිට කුරුල්ලකු දකින ඇසින් හෝ පැති කෝණයකින් විතරයි පෙන්වන්න හැකි වන්නේ.
පාදමට යෙදූ අත්තිවාරම් කුලූනක් කාමරයක් තරම් ලොකුයි. ඒ කුලූනක විෂ්කම්භය අඩි 10 පමණ වෙනවා. ඒවා අඩි 360ක් පමණ ගැඹුරට විහිදෙනවා.

එහි හැඩය ඇති කර තිබෙන්නේ සුළඟින් හා ගුරුත්වාකර්ෂණයෙන් ඊට හානියක් නොව විදියටයි. මූලික වශයෙන් ති‍්‍රකෝණාකාර හැඩයක් ඇති ව ඉදි කෙරෙන මෙය අපට සිහිගන්වන්නේ කාන්තාරයේ වැවෙන යෝධ පතොක් ගහක්. පාදමට ආසන්න වෙත් ම එය පළලින් වැඩි වන අතර ඉහළට යන්න යන්න කෙමෙන් කුඩා වෙනවා.


සාමාන්‍ය විදුලි සෝපානවල මෙන් වේගයකින් මේ සෝපාන යන්නේ නැහැ. අහසේ ඒ තරම් උසට යන විට ඒ යන අයට වායු පීඩනය අඩුවීම හේතුවෙන් උච්ච භීතිකාව වැළඳිය හැකි නිසයි.

එසේ ම ඒ සෝපානවලින් එක්වර ම කෙළින් ම එහි මුදුනට යන්න බැහැ. අතර මග තුන්පළක පොළක නතර වී වෙනත් සෝපානයකට මාරු විය යුතු වෙනවා.


ඉහළට යන විට වෙනස් වන උෂ්ණත්වයට ගැළපෙන සේ මෙහි ඇතුළත උණුසුම වෙනස් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ මෙය මෙහි යන අයට හා පදිංචිකරුවන්ට එතෙක් ජීවිතයේ කිසිදාක නොවිඳි අත්දැකීමක් කරන්නටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.


මෙම මැඳුර ඇතුළේ අතර මගදී එහි යන එන අයට විවේක ගැනීමට තුන් පැත්තට ම ඇරුනු සලපතල මලූ සකසා තියෙනවා. පිටතට විහිදි සඳලූ තලවල සිට ජෙඩා නගරයේ හා රතු මුහුදේ නෙත් කලූ දසුන් නැරඹිය හැකියි.

මෙම යෝධ ඉදිකිරීමට යොදා ඇති ව්‍යුහයට ටොන් 80,000ක් බර වානේ ඇතුළත් වෙනවා. ඒවා යොදා ඇත්තේ මීටර ගණනාවක් මහත කොන්කී‍්‍රට් කුට්ටි තුළටයි.

Post a Comment

1 Comments

  1. බොහොම වැදගත් වටිනා වෙබ් අඩවියක්. ආසාවෙන් කියවන්න පුළුවන්. ඒ වගේම ඔබතුමාගෙ නස්රුදීන්ගෙ කතා පොතත් කියවල තියෙනවා. ස්තූතියි.

    ReplyDelete