HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වඳ වී ගිය සයිබීරියානු ලෙන් සිංහයන් ජුරාසික් පාර්ක් ක‍්‍රමයට යළි උපදියි ද?

වසර 50,000කට පෙර ජීවත්වූ සිංහ පැටියකුගේ සිරුරක් ඉතා සුරක්ෂිතව තිබී රුසියාවේ සයිබීරියානු හිම බිමෙහි තිබී හමුවී තියෙනවා. සදා හිමතුහින සහිත මෙම ප‍්‍රදේශයේ ‘ඉතාමත් ඉහළ තත්වයෙන් ආරක්ෂා වී ඇති සිංහ සිරුරට ජුරාසික් පාක් ක‍්‍රමයේ අත්හදා බැලීමකින් පණ දිය හැකිද?

පසුගිය දා මේ විස්මිත සිංහ සිරුර රුසියාවේ ශීතල අධික ම කලාපයේ සාඛා ජනරජයේ අගනුවර වූ යාකුට්ස්ක්හි දී ප‍්‍රථම වතාවට මහජනතාවට දැක ගන්නට අවස්ථාව සැලසුවා. මේ සිංහ පැටියා වයස සති 6ත් 8ත් අතර එකෙක්. සයිබීරියාවේ සදා හිමතුහින සහිත ප‍්‍රදේශයේ දී ඌ මියගිය හේතුව තවමත් අබිරහසක්.

දැනට වඳ වී ගොස් ඇති සිංහ විශේෂයකට අයත් මේ පැටියකුගේ සිරුරක් මෙසේ හමු වී ඇත්තේ ලොව පළමු වතාවටයි.

යුරෝපියානු හෝ යුරේෂියානු සිංහයන් බොහෝ කලකට පෙර වඳ වී ගිය සත්ව කොට්ඨාසයක්. එපමණක් නොව අද ලොව වෙසෙන අප කිසිවකුත් ඒ සතුන් පණ පිටින් දක නැහැ. අප දැක ඇත්තේ පොසිල හා ලෙන් චිත‍්‍ර වශයෙන් පමණයි.

මේ ලෙන් සිංහයාත් අප අද දන්නා වර්තමාන සිංහයාට බොහෝ සේ සමානයි. ඌ වසර 10,000කට පමණ පෙර ප්ලීස්ටොසීන යුගයේ අවසාන භාගයේ දී යුරෝපයේ සිට ඇලස්කාවට එන්නට ඇත්තේ බේරිං බිම් පාලම මතින් විය හැකියි.

මේ වර්ගයේ වැඩුණු යුරෝපීය සිංහයකු දිගින් මීටර 1.2ක් (අඩි 3.9ක්) උසින් හා වල්ගය අත හැර සිරුර පමණක් දිගින් මීටර 2.1ක් (අඩි 6.9ක්) තරම් වෙන්න ඇති. මෙයින් පෙනෙනවා ඇති ඒ සිංහයා බොහෝ සේ අද අප දන්නා සිංහයාට සමාන බව පැහැදිලි වේවි.

ඒ කාලයේ සිංහයන් ඔවුන්ට වඩා වේගයෙන් හා ජවයෙන් වැඩි හෝ ප‍්‍රමාණයෙන් විශාල ශාක භක්ෂක සතුන් දඩයම් කරන්නට ඇති. අශ්වයන්, මුවන්, පිනිමුවන්, බයිසන් ගවයන් ආදී සතුන් පමණක් නොව දුබල මැමතයන් ද දඩයම් කරන්න ඇති.

කිසිවෙකුත් දන්නේ නෑ මේ සිංහයන් වඳ වුණේ කොහොමද කියලා. සමහරුන් කියනවා ලෙන් වලසුන් වගේ ම මුවන් ගහනය අඩුවීමෙන් ආහාර හිඟවීම නිසා සිංහයනුත් අඩු වී යන්න ඇතැයි කියා. තවත් මතයක් තියෙනවා ඒ මතය නම් එම සතුන්ගේ ලොම් ලබා ගැනිම පිණිස ඒ සතුන් පමණ ඉක්මවා ඝාතනය කිරීමෙන් වඳ වී යන්නට ඇතැයි යන්නයි.

සයිබීරියානු සිංහයා මේ මිහිමත විසූ විශාලතම බිළාලයා බව නිසැකයි. ඒ අවස්ථාවේදී එරට විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයකු වූ ආචාර්ය ඇල්බට් ප්‍රොටෝපොව් මාධ්‍ය අමතා කීවේ ”අපට ඉදිරියේ දී මේ සතා ක්ලෝන ක‍්‍රමයට උපද්දන්න හැකියාවක් ඇති වේවි” කියායි.

”මේ සත්ව සිරුරු ඉතා ම සුරක්ෂිතව තිබෙනවා. අත්පා හොඳින් තියෙනවා. බාහිරව සමේ කිසි ම තුවාලයක්වත්, අඩු තරමින් සීරීමක්වත් වෙලා නැහැ.” ඔහු තවදුරටත් කීවා.
මෙයින් මුල් ම සිරුර හමු වූයේ 2015දීයි. එය මුලින් ම හමුවූයේ ඒ ප‍්‍රදේශවාසියකු වූ බොරිස් බෙරෙෂ්නොව් නම් අයෙකුටයි.

ඉන්පසු විද්‍යාඥයන් ඒ පිළිබඳව ආරම්භ කළ පර්යේෂණ කටයුතු වසර තුනක් තිස්සේ සිදුකරනු ලැබුවා. ඒ අතර වසර දෙකකට පසුව ඔවුන්ට තවත් සිරුරු හමුවුණා. පර්යේෂකයන් සොයා ගත් අලූත් සිරුරු දෙකට ඔවුන් උයාන් හා ඞීනා කියා නම් තැබුවා.

ක්ලෝන කර ගත හැකැයි සැලකෙන මේ විස්මිත සොයා ගැනීම රුසියාවේ විශාලතම හා ශීතල ම දිස්ති‍්‍රක්කය වූ සාකාහී යාකුට්ස් අගනුවර දී දැක බලා ගැනීමට සලස්වනු ලැබුවේ මෙසේයි.

‘මේ සතාගේ දක්වලින් උගේ වයස නිර්ණය කළ හැකියි. වසර 3ක් තිස්සේ කරන අධ්‍යයනයකින් පසු බොහෝ කරුණු හෙළිදරවු කර ගත හැකි වේවි.’ විද්‍යාඥයන් කියනවා.

හිමේ ගල් වී තිබූ හමු වූ මේ සිරුරට අදාළ පර්යේෂණ සම්පූර්ණ කරන්නට වසර තුනක් පමණ ගතවෙනවා. මේ සිරුර හමුවුණේ යකුටියාහි අබියිස්කි දිස්ති‍්‍රක්කයේ ටිරෙක්ටයික් ගං ඉවුරේ නිත්‍ය හිම සහිත ප‍්‍රදේශයක වැලලී තිබියදීයි.

2015 දී මෙවැනි සිංහ පැටියකුගේ මළ සිරුරක් මාධ්‍යයට අනාවරණය කරමින් ආචාර්ය ප්‍රොටොපෝපොව් කීවේ ”අද වෙසෙන සිංහයන්ගේ පැටවුන් සමග සන්සන්දනය කරන විට ශවුන් ප‍්‍රමාණයෙන් කුඩා බවයි. ඔවුන් ඇස් තිබුණෙත් නැහැ. කිරිදත් සම්පූර්ණයෙන් ම ඇවිත් තිබුණෙත් නැහැ” කියායි. එහෙත් වසර දෙකකට පසු තවදුරටත් ඒ ප‍්‍රදේශය ගවේෂණය කරද්දී හමු වූ පැටවුන් එසේ නොවූ අතර ඔවුන් වත්මන් සිංහ පැටවුනට වඩා බරින් වැඩි බව පෙනී ගියා.

ඒ පළාතේ පදිංචිකරුවකු වූ බොරිස් බෙරෙෂ්නෝව් තමයි මුලින් ම මේ සිරුරක් දැක තිබෙන්නේ. ගංගාවේ ජල මට්ටම අඩු වීමත් සමග ඔහු අහම්බෙන් එම සිරුර දැක තිබෙනවා.

යුරෝපීය ලෙන් සිංහයා වැඩුණු පසු මීටර් 1.2ක් (අඩි 3.9ක්) උසින් යුත් හා වලිගය නොමැතිව මීටර් 2.1ක් (අටි 6.9ක්) දිග සිරුරක් ඇති සතෙකු බවට කළ නිගමනයක් තියෙනවා. ඒ ජර්මනියේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති ඇටසැකිල්ලක් අනුව යමින් කළ එකක්.

යුරෝපීය හා යුරේෂියානු ලෙන් සිංහයන් බොහෝ කලකට පෙර වඳ වී ගිය සත්ව විශේෂයක්. ඔවුන් ගැන මෙතෙක් ලෝකයා දැන සිටියේ ලෙන් චිත‍්‍රවලින් හා පොසිල වශයෙන් හමු වූ අස්ථි කොටස්වලින් පමණයි.වත්මන් සිංහයාගේ පරපුර වසර 10,000කට පෙර ප්ලීස්ටෝසීන යුගයේ දී යුරෝපයේ සිට ඇලස්කාව දක්වා විසිර වාසය කළ බැව් සඳහන් වෙනවා. ඒ පරපුරට ම අයත් ආදීමයකු ලෙස සැලකිය හැකි මේ යුරෝපීය හා යුරේෂියානු සිංහයාගේ සුරැකිව පැවති සිරුරු කීපයක් රුසියාවේ සදා හිමෙන් වැසුණු ප‍්‍රදේශයකින් හමු වී තිබීම මේ සියවසේ කළ ලොකු ම සොයා ගැනීමක් ලෙස සැලකිය හැකියි.

පසුගිය දා ප‍්‍රසිද්ධියට පත් කළ අධ්‍යයන වාර්තාවකින් කියැවුණේ මේ සිංහයන්ගේ වඳ වී යාමට හේතුවන්නට ඇත්තේ ඒ යුගයේ ජීවත් වූ මිනිසුන් ඔවුන්ගේ ලෙන් සරසන්නට අවශ්‍ය ලොම් ලබා ගන්නට පමණ ඉක්මවා ඔවුන් මරන්නට යාම විය හැකි බවයි.

සත්ව සම්පිරවුම් විශේෂඥයකු වූ රුසියන් ජාතික ඉනොකෙන්ටි පැවලෝෆ් මුල් සොයා ගැනීමෙන් පසු ඒ ප‍්‍රදේශයෙන් ම සොයා ගත් අලූත් සිරුරක් පරීක්ෂා කරන අයුරු.

මේ අපූරු සොයා ගැනීම් හමුවුණේ රුසියාවේ අබියිස්කි දිස්ති‍්‍රක්කයේ ටිරෙක්ටික් ගඟබව නිත්‍ය තුහින ප‍්‍රදේශයේ දීයි.

උයාන්ගේ බර කි.ග‍්‍රෑ.2.8ක් (රා. 6ක්) පමණ වෙනවා. එය දැන් ජීවත්වන සිංහයකුගේ අලූත උපන් පැටියකුට වඩා කි.ග‍්‍රෑ.2.1ක් (රා. 4.6ක්) පමණ බරින් වැඩි තත්වයක්. මේ වයසේ දී ඔවුන්ගේ ලිංගික භාවය හරියට ම කියන්න බැහැ.

මේ පැටවුන් ඉතාමත් කුඩායි. ඒ නිසා ඔවුන් ඇස් ඇර නැතිවා නිසැකයි. ‘ඩිනාගේ ඇස් තදින් පියවෙලයි තියෙන්නෙ. උයාන්ගේ වම් ඇස පියවී තිබුණාත් දකුණු ඇස යාන්තබි විවර වී තිබුණා.’ යනුවෙන් ඔවුන්ගේ නිරීක්ෂණ සටහන්වල ලියා තිබුණා.

මේ එක් පැටියෙකු ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දී මවගෙන් කිරි බොමින් ඉන්න ඇති. ඒ කාලය සොයා ගත් අලූත සිතුවේ වසර 10,000ක් යැයි සිතුවත් පරීක්ෂණවලින් පසු ඔවුන් දැන් කියනවා ඒ කාලය වසර 55,000ක් ඈතට දිව යන බව.

ගල් යුගයේ මිනිසා මේ සිංහයන් දඩයම් කළා ද?

ගල් යුගයේ මිනිසා ඒ සිංහයන්ගේ රූප ලෙන් චිත‍්‍රවලට ඇතුළත් කළ බව සොයා ගත හැකි වී තියෙනවා. ඔවුන්ගේ ස්වරූපය කෙබඳුදැයි අප දැනගෙන ඇත්තේ ඒවා අනුවයි.

මීට වසර 40,000ත් 50,000ත් අතර යුගයේ එනම් ඉහළ පේලියෝලිතික යුගයේ මිනිසා මේ සිංහයන් දඩයම් කරන්නට ඇති. බොහෝ විට සම් ලබා ගන්නට වෙන්න ඇති. ඒ සම් ඇද තබා වියළා තබා ගෙන අලංකාර සැරසිල්ලක් ලෙස ලෙන් තුළ යොදා ගන්නට ඇති.

දේශගුණයේ ඇති විෂමතා නිසාත් ආහාරයට ගන්නා සතුන් වඳ වී යාම නිසාත් සිංහයන්ගේ ජීවන පැවැත්මටත් තර්ජනයක් එල්ල වෙන්නට ඇති.

මේ අදහස් පළ කෙරුණේ ඒ පරීක්ෂණය හා පර්යේෂණය අතරමග දී පසුගියදා නිකුත් කළ අධ්‍යයන වාර්තාවකිනුයි.
ඉහළ පේලියෝලිතික යුගයට අයත් උතුරු ස්පාඤ්ඤයේ ලා ගාර්මා නම් වූ ලෙනකදී හමු වූ ලෙන් සිංහයන්ගේ පොසිල නිය පසුරු කොටස් නවයක් පර්යේෂණයට භාජනය කිරීම තුළින් ස්පාඤ්ඤයේ කැන්ටබි‍්‍රයා විශ්ව විද්‍යාලයේ මේරියන් කුයිටෝ ප‍්‍රමුඛ පර්යේෂකයන් පිරිසක් විසින් සොයා ගත් කරුණු මෙහිදී සැලකිල්ලට ගෙන තියෙනවා.

ඔවුන්ගේ වාර්තාවලින් කියැවෙනවා ඒ නිය පසුරු මුල් සමෙන් නොගැලවී ඒ අයුරින් ම තබා ගැනීමට විශේෂ මෙවලම් වර්ගයක් භාවිත කර ඇති බව. ඔවුන් එසේ හඳුනා ගෙන ඇත්තේ එහි ඇති විශේෂ සලකුණු පිරික්සීමෙනුයි. ඒ ක‍්‍රමය වර්තමානයේ භාවිත කරන ක‍්‍රමයට බොහෝ සමාන බවයි ඔවුන් කියන්නේ.

මුල් සොයා ගැනීමෙන් පසු ව හමු වූ පැටියාගේ සිරුර පරික්ෂණවලට භාජනය කිරීමෙන් පසු එය වසර 20,000ත් 50,0000ත් අතර කාලයට අයත් වන බව. මෙහි දැක්වෙන්නේ 2015 දී මුලින් ම හමු වූ පැටවුන් දෙදෙනාගේ සිරුරුයි.

දැන් විශ්වාස කරන විදියට ඒ කාලයේ උන් මේ සිංහයන් ඔවුන්ට වඩා විශාල ශාක භක්ෂක සතුන් බයිසන් ගවයන්, පිනි මුවන්, අශ්වයන්, මුවන්, වයස්ගත මැමතයින් හෝ ඔවුන්ගේ පැටවුන් දඩයම් කර ජීවත් වෙන්නට ඇති.

Post a Comment

0 Comments