Skip to main content

අනූ හයවැනි විය සපුරන ජාතියේ සන්නිවේදන ගුරු එඞ්වින් ආරියදාස!

අප අතර ජීවත්වන වයෝවෘද්ධත ම පත‍්‍රකලාවේදියා වූ අපේ එඞ්වින් ආරියදාස මහත්තයට පසුගිය දෙසැම්බර් 3 වැනිදාට අවුරුදු 96ක් පිරුණා. ඒ පිළිබඳව මට ඇත්තේ කිව නොහැකි තරම් සතුටක්. ඒ අවුරුදු 96න් 53ක් ම මා එතුමා සමග ළඟින් ම හිටියා. අදහස් හුවමාරු කර ගත්තා. එතුමාගෙන් මා ලද දැනුම් සම්භාරය මෙතෙකැයි කියන්න බැරි තරම්. අපට මග පෙන්වන්නට අද වගේ සන්නිවේදන පාඨමාලා නොතිබුණු අපේ තරුණ කාලේ අපගේ පරමාදර්ශය වූයේ එතුමායි. සන්නිවේදන පාඨමාලා වැහි වැහලා ඇති අදත් අපේ නව පරපුර වෙනුවෙන් පවා ඒ පරමාදර්ශ තත්වය එසේ ම නොවෙනස් ව පවතිනවා.


‘සාහිත්‍යරත්න, රෝහණ ප‍්‍රදීප, කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස’ - ජාතියේ සන්නිවේදන ගුරු’ යනුවෙන් එතුමා හඳුන්වා දෙන්නට මා කැමතියි. සන්නිවේදනය අපේ එදිනෙදා ජීවිතයේ පාවිච්චි කරන්නක් බවට පත් කළේ එතුමායි. මීට අඩ සියවසකට පෙර ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමතිව සිටිය දී 1969 දී ආරම්භ කළ දෙහිවල කණිෂ්ඨ විශ්ව විද්‍යාලයේ මුල්වරට ජන සන්නිවේදනය විෂයයක් ලෙස ඉගැන්වීම ආරම්භ කළේ එතුමාගේ මග පෙන්වීම යටතේයි. ඒ කාලේ මේ විෂය හඳුන්වන්නට එතුමා දී තිබුණු නම ‘ජන විඥාපනය’යි. අපේ රටේ විධිමත් අධ්‍යාපනයක් ලත් මුල් ම සන්නිවේදක වෘත්තිකයන් පිරිස බිහිවුණේ එතැනින්. ඉන් පසුව 1973 කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන පාඨමාලාව ආරම්භ කළ අවස්ථාවේදීත් ඊට එතුමාගේ සහය ඉහළින් ම ලැබුණු බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ඒ දවස්වල ම මා සමග කීවා මට මතකයි.
ඒ විතරක් නෙවෙයි සන්නිවේදනයේ නියැළි වෘත්තිකයන් වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ඇරඹුණු ජන සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවට ද එතුමාගේ සහාය ඒ අයුරින් ම ලැබුණු බව මහාචාර්ය ජේ. බී. දිසානායකයන් මෙන් ම ඒ පාඨමාලාවට සකි‍්‍රයව දායක වූ එවකට ආරියදාස මහතා සමග ලේක්හවුසියේ එකට සේවය කළ ජ්‍යෙෂ්ඨ කතුවරයකු වූ දිවංගත ඞී. එෆ්. කාරියකරවන සූරීන් ද ප‍්‍රශංසා මුඛයෙන් මා සමග කීවා මතකයි. එපමණක් නොව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේත් ඒ වාගේ ම විවෘත විශ්ව විද්‍යාලයේත් ලේ්ඛකත්ව හා සන්නිවේදන පාඨමාලා ආරම්භයේ දීත් එතුමාගේ දායකත්වය නැතුව ම බැරි වුණා.

මීට වසර දශක පහකට පෙර එතුමා මා සමඟ කී කතාවක් මෙහි දී සිහිපත් කරන්නට කැමතියි. එදා අප දෙදෙනා සිරිත්පරිදි අප අයත් වූ පුවත්පත්වල දවසේ වැඩ අවසන් කොට ගෙදර යන ගමන් කොටුවේ පැගෝඩා හෝටලයේ දී පෝව්චියක් පුරා තේ රස විඳින අතරතුරදියි, මේ කතා බහ ඇති වුණේ. ඒ දවස්වල අපේ සහෝදර පත‍්‍රකලාවේදීන් කීපදෙනෙකු සය මසක පුහුණු පාඨමාලාවක් සඳහා එංගලන්තයට ගොස් සිටියා. ‘ඒ පුහුණුව අපට මෙහෙ දෙන්න බැරිද ?’ මා එතුමාගෙන් ඇසුවා. ‘බැරිකමක් නැහැ. අපට ඒ සඳහා ඕනැ තරම් දක්ෂ පත‍්‍රකලාවේදීන් මෙහේ ඉන්නවා. පන්ති කාමරයක නැතත් දැන් ඔහෙත් වැඩ කරන ගමන් ඉගෙන ගන්නව නොවැ. ඒත් අනාගතයෙදි මේ තත්වය තවත් වැඩි වෙලා පත‍්‍රකලාවේදීන්ට ලොකු ඉල්ලූමක් ඇති වේවි. මේ සඳහා වෘත්තීය පාඨමාලා ඇති කරන්නත් අපට සිද්ධ වේවි. ඒ විතරක් නෙවෙයි මෙය අපේ පාසල්වල විෂයයක් බවටත් පත් වේවි.’ වසර පනහකටත් පෙර එදා එතුමා කීවේ අනාගත වක්තෘවරයකු ලෙසයි.

කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන් ‘සිංහල ඇසිමොෆ්’ කියාත් හඳුන්වා දෙන්නට මා කැමතියි. ඉසාක් ඇසිමෝෆ් කියන්නෙ විද්‍යාව සරල බසින් කියා දෙන්න පොත් රැසක් ලියපු විද්‍යාඥයෙක්. උපතින් රුසියන් ජාතිකයකු වුනත් ජීවත්වුණේ ඇමරිකාවේ. ලිව්වෙ ඉංගිරිසියෙන්. එතුමාට නිතර නිතර ලෝකයේ විශ්ව විද්‍යාලවලින් හා වෙනත් උසස් විද්‍යාස්ථානවලින් විශේෂ දේශන සඳහා ඇරයුම් ලැබුණා. බොහෝ විට එතුමාට දේශනයේ මාතෘකාව දැන ගන්න ලැබුණේ දේශනයට යන අතරතුරයි. ඕනෑම විෂයයක් යටතේ පෙර සූදානමක් නැතිව ඉතාමත් නිවැරදිව දත්ත දින වකවානු ඇතිව හරබර දේශනයක් පවත්වන්න ඇසිමෝෆ් කියන විද්‍යාඥයාට පුළුවන්. ආරියදාස මහත්තයටත් ඒ හැකියාව එහෙම ම තියෙන බව මා අත්දැකීමෙන් ම දන්නව. ඒ නිසයි මා එතුමා ‘සිංහල ඇසිමොෆ්’ කියා හඳුන්වන්නෙ. ඇසිමෝෆ් ලියනවා වගේ විද්‍යාව සරල බසින් ලියන්නත් එතුමා දක්ෂයි.

දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කරන අතර ලේක්හවුසියේ අනෙක් පුවත්පත් කතුවරුන්ගේ ඉල්ලීම මත ඒ හැම එකකටම එතුමා ලිපි සැපයුවා. තමාගේ නමින් මෙන් ම ‘ජනක’ කියන අන්වර්ත නාමයෙන් ද එතුමා ඒවාට සැපයූ ලිපි දස දහස් ගණනක්.
පුවත්පත් කලාව, ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය, සාහිත්‍යය, විද්‍යාව, බුදුදහම ආදී කුමන ක්ෂේත‍්‍රයක වුවත් දෙන ලද ඕනෑම මාතෘකාවකට අනුව සිංහලෙන් හෝ ඉංගී‍්‍රසියෙන් එසැණ ලිපියක් ලියාදීමට හෝ දේශනයක් පැවැත්වීමට එතුමන්ට පුළුවන්. එසේ ම එය අවස්ථාවෝචිත පරිදි ග‍්‍රාහකයන්ට වැටෙහෙන ආකාරයට ඊට සුදුසු සරල නිරවුල් බස්වහරකින් කරන්නත් එතුමාට හැකියාව තියෙනවා. එවැනි හැකියාවක් ඇති තවත් අයකු මට නම් නම් කළ නොහැකියි.

භාෂා හා වාග් විශාරදයකු ලෙසත් ආරියදාස මහත්තයාගේ සේවය අපට, රටට, ලැබුණා. අපට නුහුරු අලූත් විෂයයක් හඳුන්වා දෙන හැම විට ම අලූත් සිංහල වචනත් ඒ සමග හඳුන්වා දුන්නා. පුවත්පත් කලාවේදීන් වශයෙන් අපට බොහෝ විට කාලයත් සමග සටන් කරන්නට සිදු වූ නිසා ඉංගී‍්‍රසි වදනකට සුදුසු නව සිංහල වදනක් තනා ගන්නට භාෂා විශාරදයන් හමුවීමට අවකාශයත් තිබුණේ නැහැ. ඒ ගැටලූ එසැණින් විසඳා ගැනීමට අපට හැම විට ම උදවු ලැබුණේ එතුමාගෙන්.

වරක් පුස්තකාලවේදය හැදැරූ විද්‍යාර්ථින් පිරිසක් වෙනුවෙන් පැවති සමුළුවක දී නාලක ගුණවර්ධනයන් ගෙන හැර පෑ උදාහරණයක් මෙහිදී මගේ මතකයට නැෙඟනවා. ‘ඉස්සර කාලයේ අපට අද වාගේ ඉන්ටර්නෙට් එකෙන් දැනුම ලබා ගන්න පිහිට වෙන්න සෙවුම් යන්ත‍්‍ර තිබුණේ නැහැ.එකල අපේ පිහිටට ආ ”සෙවුම් යන්ත‍්‍ර” වුණේ එඞ්වින් ආරියදාස මහතා වැනි අයයි.’

ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන් දසක හයකට වැඩිකාලයක් තිස්සේ මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත‍්‍රවල පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා. අපේ රූපවාහිනි මාධ්‍යය ආරම්භයේ දී වගකිවයුතු පෘථුල කි‍්‍රයාදාමයකට දායකත්වය සැපයූ එතුමා ඇති අතර තවමත් ඒ කාර්යය පෙර සේ ම පවත්වා ගෙන යනවා.

මීට දසක පහකට පමණ ඉහත දී මා තරුණ පුවත්පත් කලාවේදියකු වශයෙන් ‘සරසවිය’ පුවත්පතෙහි සේවය කරද්දී මහනුවර කටුගස්තොට අන්තෝනි විදුහලේ පැවති සිනමා සමුළුවකදී දේශනයක් සඳහා ඇරයුමක් ලැබුණා. මට ලබා දී තිබුණු මාතෘකාව ‘අනාගතයේ සිනමාවට පිවිසෙන තරුණයන් හමුවේ එල්ලවන අභියෝග’ යන්නයි. කවදත් නව විශේෂාංගයක් ලිවීමේදී ආරියදාස මහතාගෙන් විමසීමේ පුරුද්දක් මා වෙත තිබුණා. ඒ අනුව මා ඒ මහතාගෙන් උපදෙස් පැතුවා. එතුමා ගත් කටට ම කීවේ ‘අනාගතයේ සිනමාවට එල්ලවන අභියෝගය රූපවාහිනියයි, වීඩියෝ කැමරාවයි. ඒ ගැන කතා කරන්න. අද තරුණයන් මේ දැන් සිට ම ඊට සූදානම් වෙන්න ඕනෑ.’ කියායි.
මා ඒ පිළිබඳව එවකට අප සමග ලේක්හවුසියේ එකට සේවය කළ තවත් ජ්‍යෙෂ්ඨයකු වූ බෙනඩික්ට් දොඩම්පෙගම මහතාට කී විට ඒ මහතා මා කැටුව ඇමෙරිකානු කාර්යාලයට ගොස් වීඩියෝ කැමරාවක් කි‍්‍රයා කරන හැටි දැක ගැනීමට ඉඩ සලසා දුන්නේ ය. ඒ වන විට මෙරටෙහි වීඩියෝ කැමරාවක් තිබුණේ එහි පමණයි. සිනමා කැමරාවේ මෙන් නොව වීඩියෝ කැමරාවට නැඟූ විට ඒවා ඒ මෙහොතෙහිම නැරඹිය හැකි බව කී විට මීට දසක පහකට පමණ පෙර එය අසා සිටි පේ‍්‍රක්ෂකයන් මවිතයට පත් වුණා. එදා ආරියදාස මහතා මා දැනුවත් කළ ආකාරයට ම අප සේවය කළ පුවත්පත්වලටත් මේ නව ප‍්‍රවණතා ගැන විශේෂාංග සැපයුවා. රූපවාහිනිය අප අතරට ආවේ ඉන් බොහෝ කලකට පසුවය.
රූපවාහිනියේ ආගමනයත් සමග ආරියදාස මහත්තයගේ දැවැන්ත සෙවණැල්ල මුද්‍රිත මාධ්‍ය මතට පමණක් නොව විද්‍යුත් මාධ්‍ය මතටත් වැටුණා. එය මුලින් ගුවන් විදුලි මාධ්‍යයටත් පසුව රූපවාහිනී මාධ්‍යයටත් විහිදුණා. මෙරට රූපවාහිනිය ආරම්භයේ දී ම සන්නිවේදකයන් පුහුණුවට එතුමාගෙන් විශාල දායකත්වයක් ලැබුණා.

ශී‍්‍ර ලංකාවේ රූපවාහිනිය ආරම්භ වීමට ප‍්‍රථම ඒ පිළිබඳ විධිමත් න්‍යායික හා ප‍්‍රායෝගික පුහුණුවක් ලබා දෙන්නට ශී‍්‍ර ලංකාවට ආ විශේෂඥයා වූයේ කැනේඩියානු ජාතික වෝනර් ට්‍රෝයර් මහතායි. ඔහුගේ ඇරයුම පරිදි ඒ කටයුත්තට ආරියදාස මහත්තයත් එක් වුණා මට මතකයි. මෙරට රූපවාහිනී ඉතිහාසයේ ප‍්‍රථම රූපවාහිනී සාකච්ඡුාව සේ සැලකිය හැකි වැඩසටහනට ආරියදාස මහතා දායක වූයේත් ට්‍රෝයර් මහතාගේ මෙහෙයවීම මතයි. 1980 දී රොනල්ඞ් රේගන් මහතා ඇමෙරිකානු ජනාධිපති පදවියට පත් වූ අවස්ථාවේ නව ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡුාවක් ඒ මංගල වැඩසටහනට ඇතුළත් වුණා. සාකච්ඡුාව පැවතියේ ට්‍රෝයර් මහතා හා ආරියදාස මහතා අතරයි. ඒ වන විට මෙරට රූපවාහිනි චිත‍්‍රාගාර නො තිබූ නිසා ට්‍රෝයර් මහතා එදා ඒ වැඩසටහන පටිගත කළේ ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට විශේෂ තැනක් පසුතලයක් සේ සකස් කොට යොදා ගෙනයි. ඒ වන විට ජාතික රූපවාහිනිය ආරම්භ කර නො තිබූ නිසා එය විකාශය කෙරුණේ එවකට තිබූ එකම නාළිකාව වූ ස්වාධීන රූපවාහිනිය මගිනුයි.
ඉන් පසුව ශී‍්‍ර ලංකාවේ අමාත්‍යවරයකු සමග ප‍්‍රථම සම්මුඛ සාකච්ඡුාව පැවැත්වීමේ වරම හිමි වූයේත් ආරියදාස මහත්තයටයි. එම සාකච්ඡුාව පැවැත්වූයේ ‘වර්ල්ඞ්වීව් ජාත්‍යන්තර පදනම් ගොඩනැගිල්ලේ ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ තැනකයි. එවකට ප‍්‍රවෘත්ති හා ගුවන්විදුලි රාජ්‍ය අමාත්‍යවරයා වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතාට මෙන් ම ආරියදාස මහතාට ද එය අලූත් අත්දැකීමක් වුණා. ඒ මංගල වැඩසටහන පටිගත කිරීම සඳහා ඒ දෙදෙනාට ම අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ එවකට වර්ල්ඞ්වීව් ජාත්‍යන්තර පදනමේ මහ ලේකම් ව සිටි අර්නි ෆියර්ටෝෆ්ට් මහතායි.

‘එඞ්වින් ආරියදාස’ ලෙසින් මුළු ලොව ම හඳුනන එතුමා උපන්නේ 1922 දෙසැම්බර් 3 වැනිදා දකුණු සිරිලක උණවටුන ග‍්‍රාමයේ දී ‘විජයතුංග කරුණාරත්න එඞ්වින් ආරියදාස’ යන නමිනුයි.

පුවත්පත් කලාවේදීයකු වශයෙන් පුවත්පත් සඟරා තුළින් දසක හතක් ම සෑම ක්ෂේත‍්‍රයකින් ම ඉංගී‍්‍රසි හා සිංහල දෙබසින් ම ජනතාවට නොමසුරුව දැනුම බෙදා දුන් එතුමා මේ අනූහය වසර සමරන මේ මෙහොතේදිත් ඒ කාර්යයේ පෙර සේ නොපසුබට ව යෙදෙනවා.

ආරියදාස මහත්තය අනුපස් විය සපිරූ වේලේ එතුමා වෙනුවෙන් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අතින් ලියැවුණු එඞ්වඞ් ජයකොඩි ගැයූ නවරත්න ගමගේ තනු නිර්මාණය කළ අභිනන්දන ගීතයේ මුල් කොටසින් මේ ලිපිය අවසන් කිරීමට මා කැමතියි.

සකල කලා ශිල්ප නෙලා
රටට බෙදූ පින් වළඳා
සියක් ආයු ලබන මැනවි
පිහිටෙන් මුණි සිරි දළදා

ආරියදාස එඞ්වින් සිරිමතාණෝ
සකල කලා වන්දිත පින්වතාණෝ

-පර්සි ජයමාන්න





Comments

Popular posts from this blog

ලෝකයේ වටිනාම මුද්දරය වෙන්දේසියට! දැනට ඇත්තේ ලෝකෙටම එකයි!

මුද්දර එකතු කිරීම (Philately) විනෝදාංශයක් වගේම හොඳ ආදායම් මාර්ගයක්. පුංචි වුණාට තැපැල් මුද්දරයක් කියන්නේ රටක ඉතිහාසය කියාපාන කැඩපතක්. රටකින් රටකට හොඳ හිත පතුරුවමින් යන සංස්කෘතික තානාපතිවරයෙක්!

ඒ වගේ පැරණි තැපැල් මුද්දරයක් එහි මුහුණත සඳහන් වටිනාකමට හුඟක් වැඩිවෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ ඒවායේ ඇති දුලබකම නිසයි.

ඒ වගේ 1873 දී ලිපිගොනු ගොඩක් අස්සේ තිබී හමුවුණු පාවිච්චි කළ ශත එකේ තැපැල් මුද්දරයක් පසුව වෙළෙඳ පොළේ දී සිලිං හයකට විකුණුණා. බි‍්‍රතාන්‍ය ගයානාව (British Guiana) විසින් නිකුත් කළ ශත එකේ දම්පාට තැපැල් මුද්දරය (1c Magenta stamp) දැන් යළිත් වෙන්දේසිය සඳහා වෙළෙඳපොළට ඇවිත්. අද, වසර 141කට පසු, එයට මුද්දර වෙන්දේසියේ දී ඇමරිකන් ඩොලර් මිලියන 20ක මුදලක් ලැබේවි යැයි විශ්වාස කරනවා.

මෑතදී ‘ලොව වඩාත් වටිනාම මුද්දරය’ ලෙස හඳුන්වනු ලැබූ මේ පැති අටේ හැඩැති තැපැල් මුද්දරය 2014 ජූනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ නිව්යෝක්හිදී ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතයි.

මෙය දැනට ලෝකයේ සුරක්ෂිතව ඉතිරි වී ඇති මේ වර්ගයේ එකම මුද්දරය ලෙස සැලකෙනවා. මෙය නිකුත් කරන ලද්දේ 1856දියි. බි‍්‍රතාන්‍ය ගයානාවේ තැපැල් මහතා…

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස! ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා 10 මෙන්න!

පසුගිය සතියේ (මාර්තු 8 වැනිදා) අතුරුදන් වූ පිසැරි අංක එම්එච්370 මැලේසියානු මගී ගුවන්යානයට වූ දේ තවමත් අබිරහසක්. රටවල් 10 ගුවන්යානා, නැව්, චන්ද්‍රිකා රැසක් මේ අබිරහස විසඳන්න තවමත් වෙහෙසෙනවා.

ඒත් මෙය දැනටමත් නොවිසඳෙන අබිරහසක් පත් වෙන ලකුණු පහළ වෙලා!

නස්රුදින්ගේ වේළීමේ රහස! අලුත්ම නස්රුදින් කතාවක්!

නස්රුදින්ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා, ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්. දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා.

ලොව පළමු සෙල් ෆෝනය මේකද? වසර 75ක් පැරණි පින්තූරයේ රහස හෙළි වෙයිද?

බලන්න මේ තරුණිය ජංගම දුරකතනයක් කනේ තියා ගෙන පාර දිගේ කතා කර කර යනවා! අද නම් මේ වගේ දසුනක් ගමක පාරක වුනත් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒත් මේ දර්ශනය කැමරාවට නඟා ඇත්තේ මීට අවුරුදු 75කට පෙරයි!

1938 දී ඇමෙරිකාවේ වීදියක ගමන් කළ මේ යුවතියගේ අතට වර්තමානයේ අප පාවිච්චි කරනා තාලේ සෙල් ෆෝනයක් (ජංගම දුරකතනයක්) ආවෙ කොහොමද?

ඒ කාලයේ මේ වගේ දෙයක් නිපදවීම තියා මෙවැන්නක් ගැන හිතලවත් නොතිබුණා නම් මෙම දර්ශනය චිත‍්‍රපටයකට ගත් නිර්මාණයක්ද? සමහර අය කීවේ චිත‍්‍රපටය තුළින් අනාගතය දැකීමක් ලෙස මෙම දසුන සලකන්න පුළුවන් කියලයි. අනාගතය පරිකල්පනය කළ අවස්ථා චිත‍්‍රපටවල ඕනෑ තරම් තිබුණා. මේ වගේ

මේ රූප පෙළ මේ වන විට යූටියුබ් (YouTube) එක හරහා ලක්ෂ තුනකට වැඩි වාර ගණනක් සංසරණය වෙලා තියෙනවා. වර්ණ චිත‍්‍රපට එන්නට පෙරාතුව කළු සුදු ක‍්‍රමයට කැමරාවට නගන ලද මෙහි රහස පසුගිය දා හෙළි වුණා. මෙම තරුණිය තමාගේ මීමිත්තණිය යැයි යුටියුබ් ග‍්‍රාහකයෙක් හෙළි කළා.

අනාගතයට යාමක් ද? මෙහි දැක්වෙන්නේ ඇමරිකාවේ ඩුපොන්ට් ආයතනයෙන් පිට වී යන තරුණ සේවිකාවන් පිරිසක්. එයින් එක් තරුණියක් අතේ ඇති ජංගම දුරකතනයකින් කතා කරමින් යනවා ඔබට පෙනෙනවා ඇති. වසර 75කට ප…

දියණිය උපන් මොහොතේ පියා ගත් පින්තූරය අන්තර් ජාලය කළඹයි! වෛද්‍යවරයාගේ අතේ එල්ලී එළියට ආ ළදැරිය මෙන්න!

ජීවිතයේ විස්මිත මොහොතවල් ඡායාරූපයට නැඟීම වාසනාවත් එක්ක සිදු වන දෙයක්. එහෙම වාසනාවක් ලද මාපිය යුවලක් තමන් ගත් ජීවිතයේ අමතක නොවන පින්තූරය ‘මුහුණු පොතේ’ පළ කළා. මොහොතකින් එය අන්තර්ජාලය පුරා ‘කුණාටුවක්’ මෙන් හඹා ගියා.

මෙලොව එළිය දකින්න මොහොතකට පෙර පුංචි නෙවායි මව් කුස හිඳිමින් තම උදව්වට ආ වෛද්‍යවරයාගේ ඇඟිල්ලේ එල්ලූන හැටි!

හොල්මන් පින්තූර කතන්දර පෙළක්! මේවා දැකල බය වෙන්න එපා!

රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්!


අවුරුදු ගානක් තිස්සෙ විවිධ අවස්ථාවලදි ගත්තු පින්තූර තමයි, මේ තියෙන්නේ. මෙහි ඉන්නවා, ඝාතනය කළ වහල් සේවකයන්, රෝහල්වල වධබන්ධනවලට ලක්ව මියගිය රෝගීන්, අතීතයට එක් වූ මුහුදු නැවියන් ආදී නොයෙක් අය. මොවුන්ගේ හොල්මන් කතා අහපු බොහොම දෙනෙක් බියට පත් වුණා. තාමත් අහන අයගේ ඇඟ හිරි වැටෙනවා.

මුල්ම ඇපල් 1 පරිගණකය ලෝක වාර්තාවක් තියයිද? ඇපල් සමාගමේ ආරම්භය හෙළිකරන මෙතෙක් පළ නොවූ ඡායාරූපයක්!

ඇපල් පරිගණකය පටන් ගත් හැටි දැන් දකින කොටත් පුදුම හිතෙනවා. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දා ප‍්‍රථමවරට හෙළිදරවු වුණා.

මේ ඡායාරූපයට නගා තියෙන්නේ 1976 දියි. එතකොට ස්ටීව් ජොබ්ස්ට (Steve Jobs) වයස 21යි. ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමග එක්ව ඔවුන් දෙදෙනා මේ මුල්ම ඇපල් පරිගණක තැනුවේ ස්ටීව් ජොබ්ස්ගේ මාපියන්ගේ ගෙදර ගරාජයකයි. ඔවුන් ඒ තැනූ මූල් පරිගණක 50 තැන්පත් කරල තිබුණු ආකාරය දැක්වෙන මේ විරල ඡායාරූපය නිකුත් කරනු ලැබුවේ ලබන නොවැම්බර් 16 වැනිදා වෙන්දේසියට තැබෙන දැනට හොඳම තත්වයේ ඇති පැරණි ම ඇපල් පරිගණකය එළි දැක්වීම වෙනුවෙන්.

මෙය දැනට ලෝකයේ ඇති වටිනාම සන්නම ලෙස සැලකෙන ඇපල් පරිගණකයේ ආරම්භක තත්වය තේරුම ගන්නත් හොඳ අවස්ථාවක්. මේ සන්නමෙහි අද වටිනාකම පවුම් බිලියන 60ක්.

ඇපල් පරිගණකයේ ආරම්භය දැක්වෙන මේ කිසිදා එළියට නො පැමිණි ඡායාරූපයක්. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර 1976 දී පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුග…

දුර්ලභ ගණයේ සේයා රුවක්! නවසීලන්තයේ ධීවරයකුගේ නවතම ගොදුරක්!

මෙය ලියැවෙන්නේ කලාතුරකින් හමු වන ඡායාරූපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි. අන්තර් ජාලය පුරා මේ වන විටත් වැඩි දෙනකුගේ අවධානය දිනා ගෙන තියෙනවා.

මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ මිනීමරු සුදු මෝරකුගේ ඉරණම දැක්වෙන කතාවක්. පසුගිය සතියෙදි නවසීලන්තයේ මුහුදේදි ගත්තු එකක්.

මහා භූමිකම්පාවකින් පසු පාකිස්ථාන මුහුදෙන් මතු වූ ලෝකයේ අලූත් ම දූපත!

පසුගියදා පාකිස්ථානයේ ප‍්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. 7.8ක් වූ ඒ භූමිකම්පාවෙන් බලූකිස්ථානය අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණා. ලෝකයේ අලූත් ම දූපත එයයි.

සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් ඒ දූපත නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා දැන් එය බලන්න සංචාරකයන් වගේම පාකිස්ථාන වැසියන් වැල නොකැඩි එනවා. ඒ දූපතටත් ගොඩ වෙනවා. ගිනිගන්නාසුලූ වායුව, විස දුම් ආදිය ඇති බව අනතුරු හැෙඟව්වත් ඒවා ගනන් නොගෙනයි, ඔවුන් එහි එන්නෙ.

ඒ දූපතේ පිපිරුණු මඩ, වැලි, ගල් මුසු බිම මත මුහුදු සතුන්ගේ මළ සිරුරු, විශේෂයෙන් ම මාළුන් මළකුණු පිරිලා තියෙනවා.

මෙන්න ලෝකයේ අලූත් ම දූපත අහසට පෙනෙන හැටි. මේ මඩ කන්ද මීටර් 15ක් 20ක් විතර උස ඇති. මිනිසුන්ට ඒ මත ඇවිද ගෙන යා හැකි තරමට එහි බිම ඝනකම් කියලයි, කියන්නෙ.

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : නියමුවාම යානය බලෙන් ගෙන ගියාද?

2014 මාර්තු 16 වැනිදා

අනතුරට පත් යානයේ නියමුවා වූ සහාරි අහමඞ් ෂා දේශපාලන උමතුවකින් පෙළෙන්නකු ලෙස දැන් සැක කරනවා. එම්එච්370 යානය නියමුවා ලෙස සේවයට වාර්තා කරන්නට පෙර ඔහු මැලේසියාවේ විරුද්ධ පක්ෂ නායකයා වූ අන්වර් ඒබ‍්‍රහම්ට එරෙහිව පැවති නඩු විභාගයට බලන්නට ගිය බවක් ෆෙඩරල් පරීක්ෂක නිලධාරින් කියනවා.