HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබ දන්නවාද ? ඉන්දියාව ගැන විස්මිත තොරතුරු

ඔබ දන්නවද ලෝකයේ අඛණ්ඩව පවතින විශාලතම හා පැරණිතම ශිෂ්ටාචාරය ඇත්තේ ඉන්දියාව බව.

ඔබ දන්නවද ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ඉන්දියාව බව.

ඔබ දන්නවද ලෝකයේ වැඩි ම තැපැල් හල් (ලක්ෂයකට වැඩියි) ඇත්තේ ඉන්දියාවේ බව.

ඔබ දන්නවද ඉන්දියාවේ එළදෙනුන් කෝටි 20කට වඩා ඉන්නා බව.

ඔබ දන්නවද ඉන්දියාවේ ටජ්මහල් මාලිගය මුළුමනින් ම තනා ඇත්තේ කිරිගරුඬ පාෂාණවලින් බව.

ඔබ දන්නවද ලෝකයේ ලොකු ම පුද්ගලික රත්රන් එකතුව ඇත්තේ ඉන්දියාවේ බව.

ඔබ දන්නවද ලෝකයේ වැඩි ම තැපැල් කන්තෝරු ඇත්තේ ඉන්දියාවේ බව හා ඒවා ගණනින් 155015ක් බව.

ඔබ දන්නවද ලෝකයේ එකම පාවෙන තැපැල් කන්තෝරුව ඇත්තේ ඉන්දියාවේ බව හා ඒ 2011 අගෝස්තු මාසයේ දී විවෘත කළ ශී‍්‍රනගර්හී ඩාල් විලෙහි ඇති බව.

ඔබ දන්නවද ලෝකයේ වැඩි ම වර්ෂාපතනය ලද ස්ථානය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ මේඝාලය ප‍්‍රාන්තයේ කාශි කඳුකරයේ පිහිටි මවුසින්රාම් (Mawsynram) ගම්මානය බව. 1861 වසර තුළ වැඩි ම වර්ෂාපතනයක් ලද ප‍්‍රදේශය ලෙස වාර්තා වන චෙරාපුංජි ඇත්තේ ද මේ මේඝාලායෙහි බව.

ඔබ දන්නවද ඉන්දියාවේ මුල් ම ජනාධිපති වශයෙන් පත් වූ ආචාර්ය රාජේන්ද්‍ර ප‍්‍රසාද් තුමා වේතනය ලෙස ලබා ගත්තේ එවකට එතුමාට නියමිත වැටුප වූ රුපියල් 10,000න් අඩක් පමණක් බව. එසේ ම එතුමාගේ 12 වසරක සේවා කාලය එය තවත් අඩකින් අඩු කොට ලබා ගත් බව.

ඔබ දන්නවද ඉන්දියාව අභ්‍යවකාශයට යැවූ මුල් ම රොකටය උඩු ගුවනට යැවූ ස්ථානය වූ කේරලයේ තිරුවනන්තපුරම් වෙත ගෙන ගියේ පාපැදියකින් බව.

ඔබ දන්නවද ඉන්දියාව ලෝකයේ ඉංගී‍්‍රසි කතා කරන ජනගහනයෙන් දෙමැනි වන්නේ ඇමරිකා එක්සත් ජනගහනයට පමණක් බව හා එය එරට ජනගහනයෙන් 10%ක් එනම් සංඛ්‍යාත්මක වශයෙන් මිලියන 125ක් බව.
ඔබ දන්නවද ලෝකයේ වැඩි ම නිර්මාංශ ශක්ෂක ජනගහනයක් ඇත්තේ ඉන්දියාවේ බව.

ඔබ දන්නවද ලෝකයේ කිරි නිෂ්පාදනයෙන් අංක එකේ රට බවට පත්ව සිටින්නේ ඉන්දියාව බව. එය යුරෝපා සංගමය අබිබවා යමින් 2011 දී ටොන් මිලියන 132x4ක් වූ බව.

ඔබ දන්නවද සීනි නිෂ්පාදනය ලොවට හඳුන්වා දුන්නේ ඉන්දියාව බව.

ඔබ දන්නවද ලෝකයේ වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගිවන ආගමික උත්සවය වසර 12කට වරක් පැවැත්වෙන ඉන්දියාවේ කුම්භමේලා බව. 2011 දී නගර හතරක ගංගා නම් ගඟ ඇතුළු ගංගා ආශ‍්‍රිතව පැවති උළෙලට එක් දිනක දී රොක් වූ ජන ගංගාව අභ්‍යවකාශයට පවා පෙනුනු බව.

ඔබ දන්නවද ලෝකයේ උස ම ස්ථානයේ පිහිටි කි‍්‍රකට් කී‍්‍රඩාංගනය ඉන්දියාවේ මුහුදු මට්ටමේ සිට මීටර 2444ක් උස හිමාචල් ප‍්‍රදේශ්හී චේල් කී‍්‍රඩාංගණය බව.
ඔබ දන්නවද ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ඉන්දියානු මිසයිල වැඩසටහනෙහි පියා ලෙස සැලකෙන විද්‍යාඥ අබ්දුල් කලාම් ස්විට්සර්ලන්තයේ ඇරයුමක් අනුව 2006 දී එහි සැපත් වූ දිනය වූ මැයි 26 දා එරට විද්‍යා දිනය ලෙස වාර්ෂිකව සමරන බව.

ඔබ දන්නවද ඉන්දියාවේ සකුන්තලා දේවිට ඕනෑම ඉලක්කම් 13ක ගණනක් තවත් ඉලක්කම් 13ක ගණනකින් (7,686,369,774,870 × 2,465,099,745,778) මනෝමයෙන් වැඩි කර උත්තර කියන්න ගත වූයේ තත්පර 28ක් පමණක් බව.

ඔබ දන්නවද ඉන්දියාවේ ජාතික ගීය වූ ‘ජන මන ගන’ හා බංගල්ාදේශයේ ජාතික ගීය වන ‘අමර් සෝනා බංගලා’ යන ජාතික ගී දෙක ම එකම රචකයකුගේ එනම් මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ බව.

ඔබ දන්නවද ලෝක ප‍්‍රකට ෆ්‍රෙඞී මර්කරි නම් රොක් සංගීත ශිල්පියා ෆාරුක් බුල්සාරා යන නමිනුත් ලෝක ප‍්‍රකට හොලිවුඞ් නළු බෙන් කිංග්ස්ලි කි‍්‍රෂ්ණා පණඩිත් භාන්ජි යන නමිනුත් ඉන්දියාවේ උපන් අය බව.

ඔබ දන්නවද මුල් වරට ලොවට දියමන්ති හඳුන්වා දුන්නේ ඉන්දියානුවන් විසින් බව.

ඔබ දන්නවද ගිර් වනාන්තරයේ බෙනජිහි වෙසෙන මහන්ත් භාරත්දාස් දර්ශන්දාස් 2004 සිට මේ දක්වා හැම මැතිවරණයකදී ම ගිර් වනාන්තරයේ ඔහු වෙනුවෙන් ම පමණක් පිහිටුවන ඡුන්ද මධ්‍යස්ථානයක දී එක ම ඡුන්දදායකයා ලෙස ඡුන්දය ප‍්‍රකාශ කරන බව.

ඔබ දන්නවද ළමුනට කර්මය පිළිබඳ පහදා දීම සඳහා බිහි කළ කී‍්‍රඩාවක් වූ ‘මෝක්ෂ පටමු’ නම් කී‍්‍රඩාව පසුව ’ස්නේක්ස් ඇන්ඞ් ලැඩර්ස්’ හෙවත් නයි හා ඉනිමං ලෙස ලොව පුරා ඉතා ජනපි‍්‍රයව ඇති බව.

Post a Comment

5 Comments

  1. ස්තුතියි..

    //ඔබ දන්නවද මුල් වරට ලොවට දියමන්ති හඳුන්වා දුන්නේ ඉන්දියානුවන් විසින් බව.//

    මේක ෂුවර් ද?

    ReplyDelete
  2. https://en.wikipedia.org/wiki/Diamond
    "Diamonds have been known in India for at least 3,000 years but most likely 6,000 years."

    ReplyDelete
  3. Ben Kingsley was born Krishna Bhanji on December 31, 1943 in Scarborough, Yorkshire, England. His father, Rahimtulla Harji Bhanji, was a Kenyan-born medical doctor, of Gujarati Indian descent, and his mother, Anna Lyna Mary (Goodman), was an English actress.

    ReplyDelete
  4. ඔහොම දිගටම ඉන්දියාවට කඩේ පලයං.......

    ReplyDelete