චීනයේ චීන මහා ප‍්‍රාකාරය මෙන් උඩුගුවනේ ඈතට පවා පෙනෙන දැවැන්ත ඉදිකිරීමක් ජපාන අහසේ තියෙනවා. කිලෝමීටර 13.1 (සැතැපුම් 8.1) ක්. එය ජපානයේ දූපත් තුනක් යා කෙරෙන. මහමුහුද හරහා වැටුණු පාලමක්. එය අන් කිසිවක් නොව ලොව විශාලතම එල්ලෙන පාලම (longest two-tiered bridge system) ලෙස සැලකෙන සේටෝ ඕහාෂි (Seto–Ohashi) පාලමයි.
ලෝකයේ අති නවීන දියුණු තාක්ෂණය යොදා ගෙන තැනුනු සේටෝ ඕහාෂි පාලම අද 40 ලක්ෂයක් වූ ෂිකෝකු වාසීන්ගේ ලොකු ම ගැලවුම්කාරයා වෙලා තියෙනවා.
මෙහි කතාව පටන් ගන්නෙ 1955 දී සිදු වූ මහා ඛේදවාචකයකින්. ෂිකෝකු දුපතේ සිට හොන්ෂු දූපතට අධ්‍යාපනික චාරිකාවක් සඳහා කුඩා ළමුන් පිරිසක් ගෙන ගිය යාත‍්‍රාවක් මුහුදු බත් වුණා, ළමයින්ගෙන් සියයක් බිලිගනිමින්. එහෙම දෙයක් වෙන්නෙ නැහැ ‘එතැන පාලමක් තිබුණා නම්...’ හැමදෙනාම කියන්න පටන් ගත්තා.
ඒ ව්‍යාපෘතිය බාරව ගියේ හිදෙයෝ සුගීටායි. ඔහු ඒකායන අරමුණක් ඇතිව වැඩ කරන, නො පසුබස්නා වීරියක් ඇත්තෙක්. ඒත් ඒ බාරදුර කටයුත්ත බාර ගෙන සුගීටාට වැඩ කරන්න සිදුවුණේ හදවතේ දරුණු වේදනාවක් දරා ගෙනයි. එහෙත් ඒ කිසිවකින් වත් නොසැලී ඔහු තමා හා එක්ව වැඩ කළ කිසිවකුටත් ඒ බවත් නො අඟවා තම යුතුකම ඉටු කළ හැටි අද ආපසු හැරී බලන විට ඔහු නිම කළ පාලම තරම් ම කෙනකු විස්මයට පත් කරන්නක්.
අවට මුහුදේ තත්පරයකට මීටර 70 ඉක්මවන සුළෙඟ් වේගයට සමාන වූ උදම් රළත්, මුහුදු පත්ලේ ගැඹුරේ දරුණු කමත්, සලකා බලන විට මේ ව්‍යාපෘතිය ඉදිකිරීම මේ සියවසේ ඇති විස්මිත ම කාර්යය වුණා. මේ, ඒ සිහින පාලම ඉදිකිරීමේ අභියෝගය භාරගත් දිරිය මිනිසුන්ගේ වීර කතාන්තරයයි.
ජපානයේ ප‍්‍රධාන දුපත් හතරෙන් ලොකු ම දූපත වූ හොන්ෂු හා කුඩාම දුපත වූ ෂිකෝකු යා කරමින් ඉදි කළ මේ දැවැන්ත පාලම පද්ධතියක් වූ එකක්.
ඒත් මේ සියල්ල ඇරඹුණේ, 1988 විවෘත කළ සේටෝ ඕහාෂී පාලමත් එක්කයි. එහි මුළු දිග කිලෝමීටර 13.1ක්. ඇත්තටම මෙතැන පාලම් හයක් තියෙනවා, දුපත් පහක් යා කරන. මෙයට අමතරව දුම්රිය පාරකුත් මහ පාරට යටින් යනවා. ලෝකයේ පළමු වතාවටයි, මේ වගේ ව්‍යාපෘතියක් පටන් ගත්තෙ. සම්පූර්ණ කරන්න මිනිස් පැය මිලියන නවයක් යොදා ගත්තා.
ඔව් හොන්ෂු-ෂිකෝකු පාලම් අධිකාරියේ පිරිස තමයි, මේ අභියෝගය බාර ගත්තෙ. අති දක්ෂ ඉංජිනේරුවකුටයි, මේ හීනය හැබෑ කිරීමේ කටයුත්ත බාර වුණේ. ඔහු ගැඹුරු මුහුදේ කිමිදුම් කරුවෙක්, සේටෝ ඇතුළු මුහුද හොඳින් දැන සිටි. ඔහුට එක් වුණා, තරුණ ඉංජිනේරුවන් හා මහාමාර්ග හා දුම්රිය අධිකාරියේ පිරිසක්. මේ කතාව පටන් ගන්නෙ, 1955 සිදු වූ ඛේදජනක හදිසි අනතුරකින්.
නිසසල ගම්මානයක් තිබුණා, කඳුවලින් වටවුණු. එහිමි ප‍්‍රදේශයේ, නැගෙනහිර කොටසේ. එදා, 1955 මැයි 11 දා. මසා ඕ ෂිනොසුකයි, ඔහුගේ බිරිඳ තොකියෝයි, ඔවුන්ගේ පුංචි දුව පාසලේ අධ්‍යාපන චාරිකාවක් යවන්න සූදානම් කළා. ඔවුන් එදා සිද්ධිය සිහිපත් කරමින් කීවේ මෙහෙම දෙයක්.
’සදාකෝ, හය වසරෙ ඉගෙන ගත්තෙ. එයා පළමු වතාවට හොන්ෂුවලට යන ඒ ගමන යන්න හරිම ආසාවෙන් හිටියෙ. අපිට බායි කිව්වෙ හිනා පිරුණු මුහුණෙන්. අපි එයාට කිව්ව, ”පරිස්සමෙන් ගිහින් එන්න. ආපහු එනකොටත් ඔය හිනාවෙන් ම එන්න” කියලා.
පුංචි දරුවා යන ඒ දෙන්නත් හරිම සතුටින් බලා හිටියෙ. එදා සේටෝ දූපත අවට මුහුද ඝන මීදුමෙන් වැහිලයි, තිබුණෙ.
ජපානයේ ජාතික දුම්රිය සේවයට අයත් යාත‍්‍රාවකින් (නැවකින්) තමයි, සදාකෝ ගමන පිටත් වුණේ. ෂුයින් මාරු නම් ඒ නැව පිටත් වුණේ උදේ 6.30ටයි.
ඒ නැවේ ගිය පිරිසෙන් අඩකටත් වැඩි පිරිසක් හිටියෙ, අධ්‍යාපන සංචාරයට එක්වෙලා උන්නු මූලික හා කනිටු පාසල්වල දරුවන්. ඒක ඔවුන්ගේ පළමු අධ්‍යාපන චාරිකාව වූ නිසා, ඒ හැමෝම හරිම ආසාවෙන් හා උද්යෝගයෙන් හිටියේ.
සදාකෝ ගියේ, මගීන් යන ඇතුළු කැබින් එකේ. ඇය මිතුරින් පිරිසක් එකක් විනෝද කතා බහක යෙදිල හිටියා. ඒ අවස්ථාව ඇගේ මිතුරියක් වූ හිරෝසදා පසුව සිහිපත් කළේ මෙහෙමයි. ”එක පාරටම මොකක්දෝ ගැටෙන සද්දයක් ආවා. මම බයෙන් ගල් ගැහුණා. ඒක හදිසියේ ඇසුණු, හැප්පෙන ශබ්දයක්. අපි ගිය නැව තදින් හෙල්ලූණා. ඒ එක්කම ඇල වෙන්න පටන් ගත්තා, අන්තිමේදි නැව් තට්ටුවේ සිටි අප හැම දෙනාම මූදට විසිවුණා.
මේ විදියට ෂින් මාරු නැව තවත් නැවක හැපිලා, මිනිත්තු හතරක් ඇතුළත මූහුදු බත් වුණා. ඇතුළෙ කැබින් එකේ ගිය අයට බේරෙන්න බැරි වුණා.
වතුරට වැටුණු සමහර ළමයින්ට, ඔවුන්ගේ ගමන්මලූවල බර වැඩිකම නිසා, ජලයේ පාවී ඉඳීම අසීරු වුණා. ඔවුන් කුඩා මළ සිරුරු, එකින් එක වරායට ගෙනාවා. ළමයින් 100ක් ම මරණයට පත් වුණා.
මේ ඛේදජනක අනතුරෙන් පස්සෙ ඇති වුණු තත්වයට මුහුණ දෙමින් දිවිගලවා ගැනීම්වල යෙදුණු අයෙක් හිටියා. ඔහු තමා සුගීටා පසුව පාලම හදන්න එකතු කර ගත් 27 හැවිරිදි යෂුරෝ ඉලිජිමා. ඔහු ඒ අවස්ථාව සිහිපත් කළේ මෙහෙමයි. ”ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මං එක එක්කෙනා ගොඩට ගෙනාවේ වෙවුලන දෑතින්. පාසල් ළමුන් ගේනකොට මං හැඬුම් නවත්ත ගත්තෙ අමාරුවෙන්.”
ජපානයේ ජාතික දුම්රිය සේවයේ මගී නැවක් පෙරළිලා. යන පුවත රට පුරා පැතිර ගියා. ඒ වන විට මේ කතාවේ කතානායකයා වූ හිදෙයෝ සුගීටා ඔසාකාවල පාලම් ඉදිකිරීම් කටයුතුවල නිරතවෙලයි හිටියේ. ඒ වන විට ඔහු විසි හතර හැවිරිදියි. ඉංජිනේරු උපාධිය ලබා විශ්ව විද්‍යාලයෙන් පිටවුණු ඔහු ජපානයේ ජාතික දුම්රිය සේවයට එක් වී සිටියා. ඔහු හැදුණෙ, වැඩුණෙ, කනගාවා දිස්ති‍්‍රක්කයේ, මරුගාමි නගරයේ. ඔහු එහි සාමාන්‍යයෙන් අඩු ආදායම් ලැබූ පවුලක සාමාජිකයෙක්.
ඔහුත් ගෙදරින් පිටට ගිය මුල් ම ගමන, පාසල් අධ්‍යාපන චාරිකාවක්. මේ ඛේදජනක පුවත ඇසූ ඔහු එදා සනිටුහන් කර ගත්තේ ”කවදාහරි දවසක මං ලොකු පාලමක් හදනවා, සේටෝ ඇතුළු මුහුද හරහා යාමට” කියලයි.
ඒ ඛේදජනක සිදුවීමෙන් පසු එහි පාලමක් ඉදිකිරීම ගැන ෂිකෝකු පළාතේ ජනමතයක් ගොඩ නැඟුණා. ඒ කොහොම වුනත් ”මුහුද හරහා පාලමක් හදන එක කළ නොහැක්කක්” යැයි සලකා රජය ඒ ගැන උනන්දුවක් දැක්වූවේ නැහැ.
කෙසේ වෙතත්, ඊට අවුරුදු 15කට පසුව, ෂිකෝකුවල ජීවත් වූ හතළිස් ලක්ෂයක් ජනයාගේ අපේක්ෂාව පිළිගැනීමට ලක් වුණා. 1970දි, රජය පිළිගත්තා, මේ පාලමක අවශ්‍යතාව. හොන්ෂු-ෂිකෝකු පාලම් අධිකාරිය පිහිටෙව්වෙ ඉන්පසුවයි. වසර දෙකකට පසු එහි මූලස්ථානයක් ෂිකෝකුවල ඇති කළා. ඊට 35 දෙනකු බඳවා ගත් අතර, එහි තනතුරුවලට ආ වැඩි දෙනා ජපානයේ දුම්රිය සේවයේ අයයි. කඩිනමින් නායකයකුත් පත් කරනු ලැබුවා.
චාම් ඇඳුමින් සැරසී, විශාල බූට් දෙකක් පැලඳ සිටි, ඔහු අන් කිසිවකු නොව හිදෙයෝ සුගීටායි. ඒ වන විට ඔහු 41 හැවිරිදියි. ගොරෝසු පෙනුමක් තිබුණත්, මුදු සිනහවක් මුහුණේ රැුඳි අයෙක්. ඔහු දුම්රිය සේවයෙන් ඉවත්වී හොන්ෂු-ෂිකෝකු පාලම් අධිකාරියට බැඳුණා.
මේ පාලම් පද්ධතිය ලෝකයේ විශාලතම සංගිලි පාලම වනවා පමණක් නොව මහ මගත්, දුම්රිය මගත් ඒකාබද්ධ කළ තට්ටු දෙකේ එල්ලෙන පාලම ද වෙනවා. මෙම තට්ටු දෙකේ එල්ලෙන පාලම් ‘රාජයා’ හෙවත් මහා සේටෝ (හොන්ෂු-ෂිකෝකු) පාලම එක් අතකට මං තීරු දෙක බැගින් මං තීරු හතරකින් හා සාමාන්‍ය දුම්රිය මාර්ගයට අමතරව ෂින්කන්සෙන් (බුලට් දුම්රිය) සඳහා වෙන්වුනු අධිවේගී මාර්ගයකින් ද යුක්තයි.
පාලම තැනීමට පාදම සැකසීම, මුහුදේ මීටර 50ක් සාගර පත්ලේ යට කළ යුතු වූ අතර, එය ඉදිකිරීම ලෝකයේ කිසිවෙක් එතෙක් මුහුණ නුදුන් අභියෝගයක් ද වුණා. ඒ සඳහා අලූතෙන් ම හිතන්න ඔවුන්ට සිදුවුණා.
පාලමේ පාදමට යොදනු ලැබුවේ, මීටර 55ක් උස, තට්ටු 15ක ගොඩනැගිල්ලකට සමාන, දැවැන්ත කොන්කී‍්‍රට් කුට්ටියක්. ඒ, උදම් රළ ඇති කරන බලපෑමට ඔරොත්තු දීම සඳහායි.
මෙම ඉදිකිරීම් කටයුතුවලට නායකත්වය දුන් සුගීටා .එදා මෙහි පැමිණි මුල් ම දවසේ ම මුහුද මැද අතර මගදී, තමා ආ යාත‍්‍රා තට්ටුව මත දී එක්වරම ඇඳුම් උනා දමා කිමිදුම් කට්ටලයක් ඇඳ ගත්තා. ”අපි හැම දෙනා ම පුදුම වුණා ඔහු කීවා ම තමා එහි කිමිදෙන බව” ඊට එක් වූ තරුණ ඉංජිනේරුවකු වූ ෆූජී පසු ව ඒ ගැන මෙනෙහි කරමින් කීවා.
සුගීටා විශ්වාස කළේ ”මොන තරම් අනතුරුදායක කාරියක් වුනත් ඉංජිනේරුවකු හැටියට තමන් ම ඒ වැඩ බිම පරීක්ෂා කර බැලිය යුතුයි” කියලයි. ඒ හරියේ මුහුදේ රළ පහර හරිම ප‍්‍රචණ්ඩයි. ඒ මතුපිටින් හැමූ සුළෙඟ් වේගයත්, තත්පරයට මීටර 70ක්. ඔහුව කීප වතාවක් මුහුදේ යටින් දිවෙන රළ පහරින් ඈතට ගසා ගෙන ගියා.
උදම් රළ ඉතාමත් ප‍්‍රචණ්ඩයි. මුහුදු පත්ලත් ප‍්‍රශ්නකාරීයි. ඔහු දැක ගත්තා, ඇස් දෙකෙන් ම, සේටෝ ඇතුළු මුහුදේ ඇත්ත ම තත්වය හා ප‍්‍රචණ්ඩ ස්වභාවය. ඒ නිසා ඔහු තීරණය කළා මේ කටයුත්තට මේ ප‍්‍රදේශයේ මුහුද ගැන හොඳින් ම දන්නා පළපුරුදු අයකු එක්කර ගත යුතුය කියා.
ඒ අනුව ඔහු මුලින් ම තමාගේ සහයට විශේෂ අයකු සොයා ගත්තා. ඒ තමා යසුරෝ ඉජිමා. ඒ වන විට හතළිස් තුන් හැවිරිදි වූ ඔහු, කලකට පෙර අනතුරට ලක් වී ළමයින් පිරිසකට මරු කැඳවමින් ගිළුණු ශියුන් මාරු නැව ගොඩ ගත් තැනැත්තායි. එදායින් පසු ඒ වන තෙක් ඔහු ඒ මුහුදේ ගිළුණු යාත‍්‍රා 500කට වඩා ගොඩ ගෙන තියෙනවා.
ඉජිමාට කිසිදාක අමතක වෙන්නේ නැහැ, එදා ඒ සිදුවුණු ඛේදවාචකය. ඔහු කැමති වුණා, සුගීටා හා එක් වෙන්න. ඒ විතරක් නෙවෙයි, ඔහු සුගීටාගේ දකුණු අත බවටත් පත් වුණා. ඒ සමගම සුගීටා ඔහුගේ ව්‍යාපෘතියට තවත් 5000ක් දෙනා බඳවා ගත්තා.
කෙසේ වෙතත් ව්‍යාපෘතිය පටන් ගන්න දවස් පහක් තිබියදී, එනම් 1973 නොවැම්බර් 20 දා, රජය හදිසියෙන්ම තීරණය කළා, දින නියමයක් නැතිව එහි වැඩ ඇරඹීම කල් දාන්න. ඒ් රජයට තෙල් අර්බූදයකට මුහුණදීමට සිදු වුණු නිසා.
ඒ අවස්ථාවේ සුගීටා කීවේ, ”ආපදාවක් ඇති වූ විට ඊට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒකට කමක් නෑ, මේක කවදා හරි පටන් ගනීවි ඒක ස්ථිරයි” කියායි.
අප මෙවැනි පාලම් දෙස බලන විට, විශේෂයෙන් ම එල්ලෙන පාලමක, අපේ ඇස් නිතර ම ඇදෙන්නේ එහි ලස්සන තැන්වලටයි.
ඒත් මෙවැනි පාලමක වඩාත් වැදගත් ම කොටස, එහි (ඇන්කරය) නැංගුරම වැනි කොටසයි. එය කයිසනය හෙවත් තරකසුව කියා හැඳින්වෙනවා. එය අති දැවැන්ත කොන්කී‍්‍රට් ‘කුට්ටියක්. ඒ කුට්ටිය තමයි, පාලමේ බරත් පාලම එල්ලා ගෙන සිටින කම්බිත් අල්ලා ගෙන සිටින්නේ. මෙහි දී දරා සිටින මුළු බර ටොන් 90,000ක්. මේ කොන්කී‍්‍රට් කුට්ටි හරියට උසින් සමානයි, තට්ටු 15ක් උස ගොඩනැගිල්ලකට. මෙය තැන්පත් කරන ස්ථානයෙහි ජලයේ ගැඹුර මීටර 15ක්. ඒ ජලයට යටින් තවත් මීටර 35ක් ඇත්තේ වැලි සහ මඩවලින් පිරුණු අවසාදිත පස් තට්ටුවක්. කයිසනය තැන්පත් කරන්න කලින් ඒවා ඉවත් කිරීම අවශ්‍යයි.
කයිසනය රඳවන්නේ මුහුදු පත්ලේ යට ඇති ගල මතු කර ගෙන ඒ මතයි. ඒ නිසා ඒ කොටස සෙන්ටි මීටරයකින් වත් එහා මෙහා වුණොත් පාලම හදන්නට හැකියාවක් නැතිව යනවා. ඒ යටින් යන සැඩ දිය රළට ඔරොත්තු දෙන්න නම් කයිසනය නිසි තැන නොසැලෙන සේ තැන්පත් කරන්න ඕනෑ.
සෙටෝ ඕහාෂි පාලම ඉදිකිරීම දින නියමයක් නැතිව කල්යාම ගැන, වැඩබිමේ අයට වඩා එක මවක් මහත්සේ දුක් වුණා. ඒ තෝකියෝ ෂිනොසුකායි. ඇයට ඇගේ දියනිය සදාකෝ අහිමි වුණා, ෂියුන් මාරු ඛේදවාචකය නිසා. එදා ඇය දියණියගේ ආත්මය වෙනුවෙන් එක පොරොන්දුවක් දුන්නා, දුවට යා නොහැකි වූ ඒ හොන්ෂූ ගමන ගැන.
”පාලම හැදුවට පස්සේ අපි එකතු වෙලා යමු පාලමෙන් එගොඩට” ඇය කිව්වා. ඒ නිසා පටන් ගන්නත් කලින් පාලම සෑදීම අත්හිටුවීම ඇයට බලවත් දුකක් ගෙනාවා.
කවුරුත් දැන සිටියෙ නෑ, පාලම කවදා පටන් ගනීවිද කියලා. රැස් කළ සේවකයන් 5000ත් විසිර ගියා. කාර්යාලයේ ඉතිරි වුණේ 35 දෙනා විතරයි.
”අප හැමෝම ඉදිරියේ තිබුණු ඉලක්කයක්. හදිසියේ ම ඉවත් කෙරුණා. ඒ වන විට හැමෝ ම ඒකට සම්පූර්ණයෙන් ම කැපවෙලයි හිටියෙ. හැමදාම රෑ වෙනකම් වැඩ කළා. එක මොහොතකින් ඔක්කොම නැති වුණා.” ඒ පාලමට සහය වූ තරුණ ඉංජිනේරුවකු වූ ෆූජී ඒ අවස්ථාව පසුව ආවර්ජනය කළේ එහෙමයි.
සුගීටා ඒ සිත් තැවුලට පත් පිරිස අමතා කීවේ ”අනාගතයෙදි අපි කාටත් එකඟවෙන්න පුළුවන් විදියට වැඬේ පටන් ගනිමු. මේ කාලයෙන් උපරිම ප‍්‍රයෝජනය ගනිමු.” කියලයි.
සුගීටා, යළිත් මුහුදු පත්ලේ පිරික්සුම් පටන් ගත්තා. අවසාදිත පස් තට්ටුව වැලි හා ගල් කැබලි එක් රැුස්වීමෙන් සෑදුණු අතර මීටර 35ක් ගැඹුරට විහිදුණා. ඒ පස් තට්ටුව පාලමේ තරකසුව (කයිසනය) පාදම් ගල මත රැුඳවීමට බාධාවක් වුණා.
ඒක ඉවත් කරන්න තිබුණු එකම විදිය, වෙඩි දැමීමයි. ඒත් මේ සේටෝ ඇතුළු මුහුද, ධීවරයන් විශාල වශයෙන් මසුන් ඇල්ලූ තැනක් වුණු නිසා සුගීටා වද වුණා, ඒක ඔවුන්ට බාධාවක් වෙයි කියලා. ඔහු සවස ගෙදර යන ගමනුත් කල්පනා කළේ ඒ ගැනයි.
සුගීටා ජීවත් වුණේ, කිලෝ මීටර 12ක් ඈත මරුගාමිවල. ඔහු පවුලට දැඩි සේ ආදරය කළා. ඔහුගේ බිරිඳ කසුමි ඔහුට වඩා අවුරුදු 13ක් බාලයි. ඔවුනට කුඩා දියණියන් තිදෙනෙක් හිටියා. විවාහ යෝජනාවකට අනුව හමුවුණත් ඔහු දුටු වනම ඇයට ආදරය කරන්න පටන් ගත්තා. ඒ වගේ ම ඇය ඔහුට ප‍්‍රසන්න සුන්දර බිරිඳක් වුණා.
සුගීටා සිය රාජකාරියේ අනතුරුදායක ස්වභාවය නිසා, යෙන් ලක්ෂ දෙකක් වූ සිය වේතනයෙන් 70,000ක් ගෙව්වා, රක්ෂණයකට, සිය පවුලේ ආරක්ෂාවට වෙන්වුණු.
ඔහුගේ ලොකු දුව ඇදුම රෝගයෙන් පෙළුණා. ඔහු සෑම උදයකම ඇය ව්‍යායාම සඳහා ඇවිදින්න කැටුව ගියා. ඒත් ඔහු, ඒ පියාගේ භූමිකාව වැඩ කරන අයට යම්තම්වත් ඇඟ වූයේ නෑ.
සුගීටා වැඩට ආවේ ගියේ පාපැදියකින්. ගමනට විනාඩි 20ක් ගත වුණා. කාර්වලින් වැඩට ආ අනික් අයත් පසු ව ඔහු අනුව යමින් පාපැදිවලට මාරු වුණා. ඒ වගේ ම ඔවුන් වැඩි දෙනෙකු සුගීටා මෙන් සහතික ලත් කිමිදුම්කරුවන් ද වුණා. ඒ හැම දෙනාට ම දැනුණා ඔවුන් එකම කණ්ඩායමක් ලෙස බැඳී ඇති බව.
සුගීටා කිසිදාක කාටවත් නියෝග දුන්නෙ නෑ, අරක කරන්න මේක කරන්න කියලා. හැම කෙනකුගෙ ම ඔළුව ඇතුළෙ එයා හිටියා. වැඩ කරද්දිත්, කිමිදෙද්දිත්, ඔහු හිතන විදියට හැමෝම තමන් ම හිතලා වැඩ කළා.
1975 මාර්තුවේදී සුගීටා පරීක්ෂණ පිපිරවීමක් කළා. පිපිරුම සැර වැඩිවෙලා, මාළු හුඟක් මැරුණා. ඒ බව වහා දැනුම් දිය යුතු පිරිසක් හිටියා. ඒ දේශීය ධීවරයන්. සුගීටා ඔවුන්ට පැහැදිලි කළා, තත්වය අවංකව, විවෘතව. පාවිච්චි කළ පිපිරුම් ද්‍රව්‍ය ප‍්‍රමාණය, මියගිය මසුන් සංඛ්‍යාව, ඇතුළත් තොරතුරු මහජනයාට නොපැකිළව දුන්නා. ධීවරයන් ඔහුට ඇහුම්කන් දුන්නා. සුගීටා ඔවුන්ට සහතික වුණා, ”කොහොම හරි ගැටලූව විසඳාගන්නා” බවට.
ඒ වගේ උපදේශක හමුවීම් 500ක් විතර තිබුණා. ගිවිසුමක් අත්සන් කළා, ධීවරයන් සමග. ඔවුන් තේරුම් ගත්තා, සේටෝ ඕහාෂි පාලම ඉදිකිරීමේ අවශ්‍යතාව හා එහි වැදගත්කම.
මේ සියල්ල සිදුවන අතර ඔහු එක දවසක ? වෙලා ගෙදර ගියාම බිරිඳ කිව්වා, එයාට කෑමට පිරියක් නැති බවක්. ඒ වගේ ම ඇඟට හරි සනීපයක් නැති බවත්. සුගීටා ඒ ගැන වද වුණා. ඒත් පාලමේ වැඩවලට ඒක ප‍්‍රශ්නයක් කර ගත්තේ නෑ.
පිපිරුම් පරීක්ෂණ තවමත් හරි ගියේ නෑ. සුගීටා වද වුණා, මසුන් මිය යාම ගැනත්. ඒ අතර යසුරෝ ඉජීමා ඔහු හමුවීමට ආවා. ඔහු යෝජනා කළා අලූත් අදහසක්, ඒක සුගිටා එතෙක් නොසිතූ දෙයක්.
ඉන් පෙර ඉජීමා, මුට්සු යුද නැව ගොඩගනිද්දී එහි නැව් බඳ සිදුරු කිරීමට කළ, ඔවුන් කළා කුඩා ප‍්‍රමාණයේ පිපිරීම් ගැන විස්තර කළා. ඒ අවස්ථාවේ මසුන් මිය නොගිය බව ඔහු පැහැදිලි කළා. ”මං හිතන්නේ, මගේ ඒ අත්දැකීම් යොදා ගත්තොත් මට හැකි වේවි, ඔබට මේ ගැටලූව විසඳා ගැනීමට උදව් කරන්න.” ඉජීමා කීවා.
ඒ අනුව ඉක්මනින් ම අත්හදා බැලීම් පටන් ගත්තා. කුඩා ප‍්‍රමාණයේ පිපිරීම් පෙළක් ඇති කළා. මිනිත්තු දහයකට පසු මසුන් තවමත් පිහිනමින් සිටිනු දැක ගත හැකි වුණා. එයින් සුගීටා ඉතා සතුටට පත් වුණා.
කෙසේ වෙතත් ඉන් ටිකකට පසු සුගීටාට යළි අවසනාවන්ත තත්වයක් උදා වුණා. ඔහුගේ බිරිඳ කුස්සියේ වැඩ කරමින් සිටියදී හදිසියේ සිහිසුන්ව යාම නිසා රෝහලට ගෙන යන්න සිදුවුණා. වෛද්‍යවරයා කීවා, ”ඇයට ආමාශයේ පිළිකාවක්” ඇති බව. සුගීටා කම්පා වුණා. ඒත් ඔහු සේවක පිරිසට ඒ බව දැන ගන්න ඉඩ තිබ්බේ නැහැ.
ඉන් තුන් මසකට පසු, 1978 සැප්තැම්බරයේදී, රජය තීරණය කළා, ඉදිකිරීම් යළි අරඹන්න. සුගීටාගේ වික‍්‍රමාන්විත සටනට සියල්ල සූදානම් කෙරුණා.
සුගීටාගේ දකුණු අත වගේ වැඩ කළ යසුරෝ ඉජීමා කීවේ, ”සේටෝ ඕහාෂි පාලම වැනි මේ සා දැවැන්ත ව්‍යුහයක් ඉදිකරන්න රජය තීරණය කළා ම මට මුලින් ම හිතුනේ, අපි වගේ දිය යට විශේෂඥයන් මේ වගේ දෙයක් නොකරනවා නම්, කවුද කරන්න ඉන්නෙ කියලා. මං හිතුවා මේක අපට කොහොම හරි කරන්න වෙනවා කියලා. ඒත් මුලදී මගේ දෙපා ගැහුණා. සුගීටා මහත්තයා නිසා මමත් හිතට ධෛර්යය අරන් ඔහු සමග වැඩට බැස්සා.” කියලයි.
”ඇත්තෙන් ම මට පසුවයි, අවබෝධ වුණේ, අපට ඒ ප‍්‍රදේශයේ සියලූ පිපිරවීම් කළ හැකි වුණේ සුගීටා මහත්මයා ඒ පළාතේ පිරිස් ගෙන්වලා කතාබහ කරලා ඔවුන් දැනුවත් කර මේ කටයුත්තට කැමති කරවාගෙන තිබුණු නිසා බව. ඒක ප‍්‍රශංසනීය දෙයක්.” ඉජීමා කීවා.
”පාලමේ වැඩ කල්දාන්න රජය තීරණය කළා ම සුගීටා මහත්තයට මේක අත් ඇර දමන්න හිතුන ද?” කියා ඇසූ විට ඉජීමා දුන්නෙ මෙහෙම පිළිතුරක්.
”මං මේක කියන්න ම ඕනෑ. මං කිසිදාක දැකලා නෑ සුගිටා මහත්තයා එක වතාවක් වත් අධෛර්යයට පත් වෙලා ඉන්නවා. ඔහු හැමවිට ම, ඉදිරියයි බැලූවෙ. ඒ නිසා කිසිදාක පෙන්වා නෑ, ඔහු තැවුණු හෝ පසුබට වුණු බවක්.” ඉජීමා කීවා.
1978 දී සේටෝ ඕහාෂි පාලමේ යළිත් වැඩ ඇරඹුණා. ඒ ව්‍යාපෘතිය නවතා තිබූ පස් වසර තුළ ප‍්‍රමාණවත් ලෙස සූදානම්වීමට ඔවුන්ට ඉඩ සැලසුනා
ඒ අතර සුගීටා කාටවත් කිව්වෙ නෑ, ඔහුගේ බිරිඳගේ රෝග තත්වය ගැන.
විසිරී ගිය සේවකයන් 5000 යළිත් වැඩට ආවා. කඩිනමින් වැඩ අරඹන්න සූදානම් වුණා. දිය යට පිපිරුම්වලට අවශ්‍ය විදුම් කටු ගෙනාවා.
හැමදාම රෑට සුගීටා පාපැදියෙන් රෝහලට ගියා. ගිහින් දරුණු වේදනාවෙන් පෙළුණු බිරිඳව සැනසුවා. බිරිඳගෙ ඇඳ ළඟ පැදුරක් දමා ගෙන, සෑම රැුයක් ම එහි ගත කළා. පසුවදා උදෙන් ම ඔහු ගෙදර ගිහින් දියණියන්ට උදේ කෑම හදලා දුන්නා. ඊට පස්සෙ වෙලාවට වැඩත් ගියා. හය මාසයක් තිස්සේ හැමදාම ඔහුගේ දින චරියාව වුණේ ඒකයි.
නත්තල් දාට පෙරදා දෙසැම්බර් 24 දා, පාන්දර, සුගීටාගේ තුරුල්ලේ ම කුසුමි මෙලොව හැර ගියා. ඒ වන විට ඇය 34 වියේ පසුවුණා. සුගීටාගේ විලාපයෙන් රෝහල දෝංකාර දුන්නා. එදා තමයි, සුගීටා එයාගේ එකම අනියම් නිවාඩුව ගත්තේ.
පහුවදා තමයි, සේවක පිරිස දැන ගත්තේ, ඔහුගේ බිරිඳ මිය ගිය බව. හැමදෙනාම වැළපුණා.
එදා රෑ සුගීටා, සේටෝ ඇතුළු මුහුද දෙස බලාගෙන කුසුමිට පොරොන්දුවක් දුන්නා. ”මං පුළුවන් තරම් හොඳින් අපේ දරුවන් තුන්දෙනා හදා ගන්නවා.” කියලා.
නව වසර එළඹුණා. දිය යට පිපිරවීම් ඇරඹීමට වෙලාව ආවා. වැඩ බිමෙහි සුගීටා, සේවකයන් 5000ත් පිරිවරාගෙන සිටියා. පිපිරුම් යතුර කි‍්‍රයාත්මක කෙරුණා. ඒ පිපිරුම් මාලාවත් සමග මීටර 35 උස අවසාදිත පස් තට්ටුව ඉවත් වුණා.
මේ අතර ඔකයාමා නැව් තටාකාංගණයේ ලොව ලොකු ම තරකසුව හෙවත් කයිසනය සම්පූර්ණයෙන් සාදා නිම කෙරුණා.
ඒක වානේ කම්බි සැකිල්ලක් යෙදූ, මීටර 55ක් උස, ටොන් 20000ක්, බර දැවැන්ත කොන්කී‍්‍රට් කුට්ටියක්. මුහුදේ සෑදූ තට්ටු ගොඩනැගිල්ලක්.
සුගීටා ඉජිමාට පැවරුවා, කළ යුතු වැදගත්ම කටයුත්ත. ඒ යෝධ කොන්කී‍්‍රට් කුට්ටිය වැඩ බිමට ඇද ගෙන ඒමයි.
”ඒක මේ පළාතේ තිබුණු පුංචි කන්දටත් වඩා ලොකුයි. මට සැක හිතුනා, ඒක ඇත්තට ම පා වෙයිද ඇද ගෙන යන්න පුලූවන් වෙයිද කියලා. ඒක තරම්ම දැවැන්තයි.” ඉජීමා ඒ ගැන කිව්වේ මෙහෙමයි.
”අපි ඒ ඇද ගෙන යාම පටන් ගත්තා. පැහැදිලි සැලැස්මක් ඇති ව නැව් දොළහකින් ඇද්දෙ. මම ඒක උඩ නැඟ ගෙන ඒ කටයුත්තට අණ දුන්නා. පැය හයක් ගත වුණා, අවශ්‍ය තැනට ඒක ඇද ගෙන යන්න. ඊළඟට තවත් දවස් හයක් ගියා, ඒක මුහුදු පත්ලේ හරියට ම නියම තැනට තියන්න.” ඉජීමා කීවා.
ඒත් කයිසනය මුහුදු පත්ලේ නියම තැන තිබ්බා ම, අනපේක්ෂිත දෙයක් සිදු වුණා. ඒක පැත්තට ඇල වුණා. එක් පාරට ම සුගීටා කිමිදුම් කට්ටලය දා ගෙන මුහුදු පතුලට ගියා. සාගර ජලයේ අඳුර අතරින් රිංගා ගිහින් බැලුවා මොකද වෙලා තියෙන්නෙ කියා.
විශාල වැලි කන්දක් ගොඩගැහිලා තිබුණා, කයිසනයත් පදම් ගලත් අතර. ඒ නිසයි ඒක සෙන්ටිමීටර 50ක් විතර ඇල වෙලා තිබුණෙ. පාලම ඉදිකිරීමට එය මරු පහරක් වුණා..
මේ තත්වය යටතේ පාලම ඉදිකිරීම කරන්න බැහැ. වහාම හදිසි රැස්වීමක් කැඳෙව්වා.
වැඩ බිම බාර ප‍්‍රධානියා කෙළින් ම කීවේ ”කයිසනය උස්සන එක නම් කරන්න බැහැ. ඒක හරිම විශාලයි” කියායි. ඒකෙ අසීරු බව කාටත් තේරුණා.
එතැනදිත් ඉජීමාගේ අතීත අත්දැකීමක් පිහිට වුණා. ඔහු යෝජනා කළා, ඒ වටා ඇති වැලි ඉවත් කරන්න. එහෙම ඉවත් කළා ම කයිසනයේ යට හිර වෙලා ඇති වැලි කයිසනයේ බරට ම ඉවතට තල්ලූ වේවි කියා.
”කුණාටු කාලෙට වරායෙ වැල්ලෙ නැවක් හිරවුණා ම, නැව් බඳ දෙපැත්තෙ වැලි ඉවත් කළා ම, නැවේ බඳේ බරට යට තියෙන වැලි මිරිකිලා දෙපැත්තට තල්ලූ වෙනවා, අපි අත්දැකලා තියෙනවා.” ඉජීමා කිව්වා.
සුගීටා නියෝගයක් දුන්නා, පිරිසට රික්තක පොම්පයක් යොදලා දිය යට වැලි ඉවත් කරන්න කියලා. ඒක සිදුවෙන හැටි හැම දෙනාම මොනිටරයෙන් බලා හිටියා. වැලි ඉවත් වුනත් ඒ කොන්කී‍්‍රට් කුට්ටිය හෙළවුණේවත් නැහැ.
වැලි ඉවත් කිරීම දිගටම කර ගෙන ගියා, දස වැනි වැනි දවසෙදි කයිසනය සෙලවුණා. සුගීටා මිට මොලවා සතුට පළ කළා.
මාසයකට පසු කයිසනය මුහුදු පත්ලේ හරියට ම නියම තැනට පත් වුණා. ඒ පිරිසට හැකි වුණා, නිරාකරණය කර ගන්න, සේටෝ ඕහාෂි පාලමේ ලොකුම ගැටලූව.
එදා රෑ සුගීටා ගෙදර ගිහින් ඔහුගේ දියණියන් තිදෙනාට කෑම උයලා දුන්නා. ඔහුගේ සිතට ලොකු සහනයක් ලැබී ඇති බව මුහුණෙන් ම පෙනුණා.
1988 අපේ‍්‍රල්වල දී ඔවුන් ”සිහින පාලම’ තනා නිම කර විවෘත කරනු ලැබුවා. මිනිස් පැය නව කෝටියක් ඒ සඳහා වැය වුණා.
පසුව ඒ ගැන සිහිපත් කරමින් ඉජීමා කීවේ මෙහෙම කතාවක්. ”මමත් පුදුම වෙනවා, මේ ඇදහිය නොහැකි විස්මිත පාලම ගැන, මිනිසුන්ට තිබුණු හැකියාව ගැන, එවැනි දෙයක් නිර්මාණය කරන්න. මට හිතෙන්නේ ඒක අති දැවැන්ත කලා කෘතියක්. පාලමකට වඩා දෙයක් මෙහි තියෙනවා. සියවස් දෙක තුනක් නොවෙයි, වසර දහසක් වත් මේක පවතිනවා සිකුරුයි.”
සුගීටාගේ සහයක ඉංජිනේරු ෆූජී කීවේ ”මේ පාලම රාති‍්‍රයට සම්පූර්ණයෙන් විදුලි ආලෝකය දල්වා ඇති අයුරු දකින විට, අපටත් ඇස් අදහන්න බැරි තරම් පුදුමයි. ‘මේක මොන තරම් විජයග‍්‍රහණයක් ද!’ අපට ම හිතෙනවා. මේක මගේ අදහස විතරක් නෙවෙයි. අප හැමෝගෙම අදහසයි. අප හැමෝටම හැෙඟන්නෙ එහෙමයි. අපට ම පුදුමයි අප මේක සම්පූර්ණයෙන් ම හැදුවාය කියන එක ගැන. සුගීටා මහත්තයා කළ හාස්කමක් කියලයි අපට හිතෙන්නෙ.” කියලයි.
”සුගිටා මහත්තයා මේ හැම දෙයක් ම කළේ එයාගේ බිරිඳ අසාධ්‍යව සිටියදී බව ඔබ දැන සිටියෙ නැද්ද?” ඔහුගෙන් ඇසූ විට ඔහු කීවේ මෙහෙම කතාවක්.
”අපට කීවාම එයා මියගිය බව. අප හිතුවෙ ඒ ඔහුගේ මව කියලයි. ඒත් ඒ බිරිඳ බව තේරුම් ගියා ම කාර්යාලයේ සිටි අප හැමෝම සම්පූර්ණයෙන් ම ගල් ගැහුණා.”
”මමත් ඒ ගැන කිසිවක් ම දැන සිටියේ නෑ. කවදාවත් එයා අපට පවුලේ විස්තර කියලා නෑ. ඇත්තට ම මම එයාගේ බිරිඳ රෝගී වූ බවවත් දැනගෙන හිටියෙ නෑ.” ඉජීමා කීවා.
”ඒකෙන් ම පේනවා, එයා කොයිතරම් මේ ව්‍යාපෘතියට කැපවෙලා හිටියද කියල. ඔහු ඒ පාලම ඔහුගේ හදවත හා ආත්මය කරගෙන හිටියෙ. ඔහු ඒකට තදින් ම ඇලිලයි හිටියෙ. ඒක ආශාවටත් එහා ගිය දෙයක්. ඔහු තුළ, ඒ ගැන දැඩි උද්යෝගයක් තිබුණා. ඒක ඔහුගේ ලලාසාව කීවොත් වඩා හරි. මේ ව්‍යාපෘතිය සාර්ථක වීමට බලපෑ ප‍්‍රධාන සාධකය එයයි, මම හිතන විදියට.” ෆූජී කීවා.
”මේකෙදි කරන්න තිබුණු දේවල් බොහොමක් අපට අලූත් ඒවා. ඒ හින්ද ඒ වන විට අප ලබා තිබුණු අත්දැකීම් සියල්ල ම කැටි කරගෙන, සියලූ දෙනා ම එක හිත් හිතාගෙන, තනි කණ්ඩායමක් වශයෙන් විශාල උද්යෝගයකින් යුතුව අභියෝගයට මුහුණ දුන්නා. එයින් මා තුළ ඇති වුණු පෙලඹවීම මෙය නිමවූවාට පසුවත් වසර ගණනාවක් යනතුරු පැවතුණා.” ෆූජී වැඩිදුරටත් කීවා.
”ඔහු ‘නියම යුග පුරුෂයෙක්’. ඔහුට ඕනෑම කෙනෙකුගෙන් උපරිම සේවාවක් ලබා ගන්න පුලූවන්. ඒ අතින් හරිම දක්ෂයි. අප ලවා යමක් කරවනව කියලා නොහිතෙන විදියට ‘අපි එකතු වෙලා මේක කරමු’ කියලයි ඔහු හැම විට ම කිව්වෙ. මං හිතන්නෙ ඒක එයා වැඩ කළ ආකාරයයි.” ඉජීමා වැඩිදුරටත් කීවා.
1988 අපේ‍්‍රල් 10 වැනිදා සේටෝ පාලම විවෘත කෙරුණා. විවෘත කළ උත්සවය දවසේ ලක්ෂයක් දෙනා පාලම මතින් හොන්ෂුවලට ගියා.
වසර තිස් තුනකට පසු, ෂුයින් මාරු ඛේදවාචකයෙන් දුව අහිමි වුණු ෂිනොසුකා යුවළත් සේටෝ ඕහාෂි පාලම මතින් ගියා. ෂිනොසුකා මහත්මිය, ඒ ගමන ගියේ ඇගේ මියගිය දියණිය වූ සදාකෝගේ ඡුායාරූපයක් පපුවට හේත්තු කර ගෙනයි.
අපට හිතෙනවා, එදා මෙහෙම පාලමක් තිබුණා නම්, එදා ඒ කිසිවක් සිදුවෙන එකක් නෑ කියලයි.
යසුරෝ ඉජීමා තමයි, එදා ෂුයින් මාරු නැව ගොඩ ගත්තේ. පසුව ඔහු සුගිටාට උදවු වුණා මේ පාලම තනන්න. ඔහු වසර පහකට පෙර විශ‍්‍රාම ගත්තා.
බිරිඳත් සමග ජීවත් වෙනවා, තට්ටු නිවාස සංකීර්ණයක. ඒක සේටෝ ඇතුළු මුහුදට මුහුණලා පිහිටියක්.
ඉජීමා දැන් දිය සායම් චිත‍්‍ර අඳිනවා. ඒ හැම සිත්තමකින් ම නියවෙන්නේ සේටෝ ඕහාෂි පාලමේ අසිරියයි.
”මේ විදියට මගේ ජීවිතයේ ඉතිරි කාලය පාලම දිහා බලාගෙන සතුටින් ඉන්න ලැබුණොත් මට ඒ ඇති.” ඉජීමා කියනවා.
මේ සේටෝ ඕහාෂි පාලම ඉදිකළාට පසු හිදෙයෝ සුගිටා යළිත් කිසිදාක ඉදිකිරීම් වැඩක යෙදුණේ නෑ. ඔහු සිය දියණියන් තිදෙනාගේ වගකීම් දරමින් හුදෙකලාව ජීවත්වුණා. නැවත විවාහයකට ගියේ වත්, උසස් වීමක් ලබා ගත්තෙ වත් නෑ.
ගෙදරට වී දිවා රාති‍්‍ර ආහාර පිළියෙල කළා. අනතුරුව ඒවා අස්පස් කළා. දියණියන්ගේ ඇඳුම් සෝදා මැද දුන්නා.
1989 දී සුගිටා එයා උගත් පාසල වූ මරුගාමි මහා විද්‍යාලයේ උපහාර උළෙලකට සහභාගි වුණා. එහි දී මේ කීර්තිමත් ඉංජිනේරුවා සිය අදහසක් පළ කළේ මෙහෙමයි.
”යමකු පාලමක් හැදුවාය කියා හෝ අනිත් අයට වඩා කැපී පෙනෙන යමක් කළාය කියා හෝ ඔහුගේ සැබෑ වටිනාකම ප‍්‍රකට වන්නේ නෑ. එසේ නම් ජීවිතයක් ශ්‍රේෂ්ඨ එකක් වන්නේ කොහොමද?
ඒක උත්තර දෙන්න ඉතාමත් අමාරු ප‍්‍රශ්නයක්. ඒක සේටෝ ඕහාෂි පාලම හදනවාටත් වඩා දුෂ්කර එකක්.”
මේ වදන් ජීවිතයේ අවසාන කාලය, තම දියණියන් දෙදෙනාත් රැක බලා ගෙන ගත කළ, නිහතමානී මිනිසකුගෙන් පිට වූවක්.
1993 දී හිදෙයෝ සුගිටා මිය යන විට වයස අවුරුදු 62ක්. ඒ මොහොතේ ඔහුගේ දියණියන් තිදෙනා ඔහු පිරිවරා සිටියා. ඔහු ජීවිතයේ ශ්‍රේෂ්ඨ කාර්යයන් දෙකක් සපුරා ලූ මිනිසෙක්. ඒ සේටෝ ඕහාෂි පාලම ඉදිකිරීම හා පවුල ආරක්ෂා කර රැක බලා ගැනීමයි.
0 Comments