කඬේ අයිතිකාරයා නරියාට මෙහෙම කිව්වා: ”ඔහෙ දන්නවද? සාමාන්‍යයෙන් නරියන් බල්ලන්ට වැඩිය කපටියි. ඒකයි මං ඔහෙව මෙතන මුරට යොදා ගත්තෙ. මෙහෙ හැමතැනම හොරු ඉන්නවා. ඒ හින්දා ඔහෙගෙ කපටි මොළේ්්් යොදවලා මේ කඬේ බලා ගන්න ඕනෑ. කවුරු හරි කඬේට කිට්ටුව මොනව කරනව දැක්කොත් ඔහෙ කල්පනා කරන්න ඕනෙ එයාගෙ ඒ් කි‍්‍රයාව අපේ කඬේ ආරක්‍ෂාවට තර්ජනයක්ද කියලා. මං ටිකකට එළියට යනවා. මං එනකන් කල්පනාවෙන් ඉන්නව.” කියල කඬේ අයිතිකාරයා යන්න ගියා.
නරියා කඬේ ඉස්සරහට ඇවිත් හොඳ සෝදිසියෙන් හිටියා. නරියා දැක්කා නස්රුදින් කඬේ ඉස්සරහ පාරේ අනිත් පැත්තේ පිට්ටනියේ ඉඳන් කඬේ දිහා බලන් ඉන්නවා. නරියත් ඒ දිහා බලාගෙන හොඳ සෝදිසියෙන් හිටියා.
නස්රුදින් එකපාරටම එතන වැටිලා ඇස් දෙක පියා ගත්තා. නරියා එයාගෙ කපටි මොළෙන් කල්පනා කළා. ‘නිදා ගන්න එක නරක කි‍්‍රයාවක් නෙවෙයි නෙ. ඒකෙන් අපේ කඬේට නරකක් වෙන්න විදියක් නෑ.’ කියලා නරියා තමන්ටම කියා ගත්තා. ඒත් ඇස්පිල්ලන් නොගහ නස්රුදින් දිහා බලන් හිටියා.
ටික වෙලාවක් යනකොට බලන් ඉඳලම නරියාටත් නිදිමතක් ආවා. නරියත් එහෙමම වැටිලා නිදා ගත්තා.
නස්රුදින් ඊළඟට කළේ හීන් සීරුවේ නරියගෙ ඇඟට උඩින් පැනලා ගිහින් කඩෙන් පලතුරු හොරෙන් ගන්න එකයි.
නිදා ගන්න එකත් නරක වැඩක් කියලා නරියට තේරුණේ නෑ. නස්රුදින් නරියටත් වැඩිය කපටියි කියලා නරියවත් අයිතිකාරයවත් දැනගෙන හිටියෙ නෑ.
1 Comments
Absolutely
ReplyDelete