HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

2017 ලෝක වනජීවී ඡායාරූප තරගයෙන්

ලෝක වනජීවී ඡායාරූප තරගය මේ වසරේදීත් පැවැත් වුණා. ඊට ලොව පුරා රටවල් 92කක තරඟ කරුවන් දහස් ගණනක් සහභාගි වුණා. වෘත්තීය හා ආධුනික මෙන් ම වයස් බේදයක් නැතිව තරග තරුවන් විසින් ඉදිරිපත් කළ කළු-සුදු හා වර්ණ ඡායාරූප පනස් දහසක පමණ නිර්මාණ මේ සඳහා එවා තිබුණා. මෙහි පළ වන්නේ ජයගත් ඡායාරූප නෙවෙයි. වසරේ ජයග‍්‍රාහකයන් ප‍්‍රකාශයට පත් කෙරෙන්නේ ඔක්තෝබර් 17 වැනිදාටයි. එහි දී ජය ගන්නා ඡායාරූප පමණක් නොව තරඟයට එවා තිබු ඡායාරූප අතරින් තෝරා ගන්නා ඡායාරූප ඇතුළත් ප‍්‍රදර්ශනයක් ලන්ඩනයේ ස්වාභාව විද්‍යා කෞතුකාගාරයේ දී ඔක්තෝබර් 20 දා සිට ගිම්හානය තෙක් පැවැත්වීමට නියමිතයි. ඉන්පසු මේ ඡායාරූප දැක්ම ලොව පුරා රටවල් කීපයකට ගෙන යාමටයි සංවිධායකයන්ගේ බලාපොරොත්තුව.

1. වලස් ආදරේ - 2017 ලෝක වනජීවී ඡායාරූප තරගයට ලොව නන් දෙසින් ලැබුණු පනස් දාහකට අධික ඡායාරූප අතරින් එකක්. (ඡායා: ඇශීලි ස්කලී)

2. කෑම අරන් එන විසිතුරු රැඟුම (ඡායා: ටියොහැර් කෙස්ටීල්) මෙම ඡායරූපවල ජයග‍්‍රාහකයන් ප‍්‍රකාශ කරන්නේ ඔක්තෝබර් 17 දායි. ඉන් අනතුරුව මේ වනජීවී ඡායාරූප ලොව පුරා රටවල් කීපයක ප‍්‍රදර්ශන මාලාවකට එක්වනු ඇති.


3. කූඩුවක දමා ඉන්නේ දිවි රැක දෙන්නද? (ඡායා: ස්ටීව් වින්ටර්) වඳ වී යන සොබා දහමේ විස්මයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

4. සුගාරෝ දඟරය (ඡායා: ජැක් ඩයිකිංගා) ලෝකයේ ජෛව විවිධත්වයේ විසිතුරු බව කියාපාන මේ ඡායාරූපය අනාගතයේ රැකෙන්නට නම් හැඩගැසීමේ අවශ්‍යතාව මේ යයි පසක් කරන්නකි.

5. ‘අභ්‍යන්තරයෝ’ කියා මෙයට නම් තැබුව ද මේ ගල්හැන්දන් (ක්ලවුන් ෆිෂ්) හා සීඇනිමොනි (මුහුදු මල්) අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයක්. මෙය සහජීවනයට උදාහරණයක් ලෙස දැක්විය හැකි සොබා දහමේ අසිරිමත් දසුනක්.

6. මුහුදට විසි කළ කපු.වලින් සෑදූ නටුවක දැවටී සිටින මේ මුහුදු අශ්වයාට අමතරව ඉවන ලන කසළ නිසා සිලි සිලි උරවල දැවටී වද විඳින කැස්බෑවන් මෙන් ම ප්ලාස්ටික් මලූ හොට පටලවා ගෙන ඉන් ගැළවීමට දඟලන පෆින් කුරුල්ලන් ද මේ සමග පළ වූ අනික් පින්තූරවලින් පෙනුණා.

7. බෝල්ඞ් ඊගල් රාජාලියාගේ තියුණු බැල්මත් එක අවසන් වටයට ආ ඡායාරූපයකින් දැකගත හැකි වුණා. (ඡායා: ක්ලෝස් නිගේ)

8. 53 වැනි වරටත් පැවැත්වෙන ලෝක වනජීවී ඡායාරූප ප‍්‍රදර්ශනයට එක් වූ තවත් දසුනක්. (ඡුයා: ලෝරන්ට් බැලස්ටා)

9. ශීතලේ නිදිමතේ (ඡායා: මැට්ස් ඇන්ඩර්සන්) මේ කළු සුදු ඡායාරූපයෙන් දැක් වුණේ ශීත ඍතුවේ වනවදුලක ස්වභාවයයි.

10. බිළාල වර්ගයට අයත් ලින්ක්ස් වන බළලකු වනය තුළින් සිය විමසිලිමත් බව විදහා පෑ අයුරුයි. (ඡායා: ලෝරා ඇල්බියැක් වියාස්) මෙම ලෝක වනජීවී ඡායාරූප තරගයට වෘත්තීය හා ආධුනික වශයෙන් සියලූ වයස් කාණ්ඩවලට අයත් තරඟකරුවන් රටවල් 92කින් එක් වූ සඳහන්.

11. සුරංගනාවන් අතර ආදරය (ඡායා: ඇන්ඩෙ‍්‍ර නාචුක්) මෙහි ජයාග‍්‍රහකයන්ගේ නම් ප‍්‍රකාශයට පත් කෙරෙන්නේ ඔක්තෝබර් 17ටයි.

12. ආක්ටික් සම්පත ලෙස නම් කර ඇති මෙම ඡායාරූපය සර්ගේ ගොර්ෂ්කෝෆ් නම් රුසියානු ඡායාරූප ශිල්පියකුගෙන්. මෙම ප‍්‍රදර්ශනය ලබන ඔක්තෝබර් 20 වැනිදා සිට ලබන වසරේ ගිම්හානය එළඹෙන තෙක් ලන්ඩනයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී පැවැත්වෙනු ඇති.

Post a Comment

2 Comments

  1. ලඟදි YZA ඡායාරූප ප්‍රදර්ශනය තිබුනා. ගිය සුමානෙ චිත්‍ර ප්‍රදර්ශනයත් තිබුනා

    ReplyDelete