Skip to main content

Posts

Showing posts from November, 2017

2017 ලෝක වනජීවී ඡායාරූප තරගයෙන්

ලෝක වනජීවී ඡායාරූප තරගය මේ වසරේදීත් පැවැත් වුණා. ඊට ලොව පුරා රටවල් 92කක තරඟ කරුවන් දහස් ගණනක් සහභාගි වුණා. වෘත්තීය හා ආධුනික මෙන් ම වයස් බේදයක් නැතිව තරග තරුවන් විසින් ඉදිරිපත් කළ කළු-සුදු හා වර්ණ ඡායාරූප පනස් දහසක පමණ නිර්මාණ මේ සඳහා එවා තිබුණා. මෙහි පළ වන්නේ ජයගත් ඡායාරූප නෙවෙයි. වසරේ ජයග‍්‍රාහකයන් ප‍්‍රකාශයට පත් කෙරෙන්නේ ඔක්තෝබර් 17 වැනිදාටයි. එහි දී ජය ගන්නා ඡායාරූප පමණක් නොව තරඟයට එවා තිබු ඡායාරූප අතරින් තෝරා ගන්නා ඡායාරූප ඇතුළත් ප‍්‍රදර්ශනයක් ලන්ඩනයේ ස්වාභාව විද්‍යා කෞතුකාගාරයේ දී ඔක්තෝබර් 20 දා සිට ගිම්හානය තෙක් පැවැත්වීමට නියමිතයි. ඉන්පසු මේ ඡායාරූප දැක්ම ලොව පුරා රටවල් කීපයකට ගෙන යාමටයි සංවිධායකයන්ගේ බලාපොරොත්තුව.

1. වලස් ආදරේ - 2017 ලෝක වනජීවී ඡායාරූප තරගයට ලොව නන් දෙසින් ලැබුණු පනස් දාහකට අධික ඡායාරූප අතරින් එකක්. (ඡායා: ඇශීලි ස්කලී)

උඩුගුවනේ ඈතට පවා පෙනෙන ලෝකයේ දැවැන්ත ඉදිකිරීමක් භාරගත් දිරිය මිනිසුන්ගේ වීර කතාන්තරය!

චීනයේ චීන මහා ප‍්‍රාකාරය මෙන් උඩුගුවනේ ඈතට පවා පෙනෙන දැවැන්ත ඉදිකිරීමක් ජපාන අහසේ තියෙනවා. කිලෝමීටර 13.1 (සැතැපුම් 8.1) ක්. එය ජපානයේ දූපත් තුනක් යා කෙරෙන. මහමුහුද හරහා වැටුණු පාලමක්. එය අන් කිසිවක් නොව ලොව විශාලතම එල්ලෙන පාලම (longest two-tiered bridge system) ලෙස සැලකෙන සේටෝ ඕහාෂි (Seto–Ohashi) පාලමයි.

ඔබ දන්නවාද ? ඉන්දියාව ගැන විස්මිත තොරතුරු

ඔබ දන්නවද ලෝකයේ අඛණ්ඩව පවතින විශාලතම හා පැරණිතම ශිෂ්ටාචාරය ඇත්තේ ඉන්දියාව බව.

ඔබ දන්නවද ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ඉන්දියාව බව.

ඔබ දන්නවද ලෝකයේ වැඩි ම තැපැල් හල් (ලක්ෂයකට වැඩියි) ඇත්තේ ඉන්දියාවේ බව.

ඔබ දන්නවද ඉන්දියාවේ එළදෙනුන් කෝටි 20කට වඩා ඉන්නා බව.

ඔබ දන්නවද ඉන්දියාවේ ටජ්මහල් මාලිගය මුළුමනින් ම තනා ඇත්තේ කිරිගරුඬ පාෂාණවලින් බව.

නස්රුදින් හා නරියා

නස්රුදින්ට පලතුරු කඬේකින් පලතුරු හොරා කන්න හිතුණා. ඒත් ඒ පලතුරු කඬේ අයිතිකාරයා ඒකෙ ආරක්‍ෂාවට නරියෙක් නවත්තලා හිටියා. නස්රුදින් පලතුරු කඬේට කිට්ටු කරන කොට අයිතිකාරයා නරියාට කතා කරනවා නස්රුදින්ට ඇහුණා.