HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

එදත් මෙහෙමයි අදත් එහෙමයි!

වසර 2060කට පෙර ලියූ ලියැවිල්ලක් අපට ලැබුණා. කි‍්‍රස්තු පූර්ව 43 දී රෝමයේ විසූ දේශපාලකයකු, දාර්ශනිකයකු, පඬිවරයකු, ලේඛකයකු, පරිවර්තකයකු, දේශකයකු මෙන් ම කොන්සල්වරයකු ද වූ සිසෙරෝ (Cicero) ලියූ ලේඛනයක් ලෙසයි, මෙය හැඳින්වෙන්නෙ. ඔහු ජීවත්වූ කාලයේ රෝම අධිරාජ්‍යයේ පැවති ජීවිතය ගැන කළ මේ සටහන අදටත් කොච්චර ගැළපෙනවද බලන්න.



1. දිළින්දා වැඩ, වැඩ, තවත් වැඩ කරයි.
2. ධනවතා දිළින්දා සූරා කයි.
3. සොල්දාදුවා ඒ දෙදෙනා ම ආරක්ෂා කරයි.
4. බදු ගෙවන්නා ඒ තිදෙනා වෙනුවෙන් ම බදු ගෙවයි.
5. නිකමා (අයාලේ යන්නා) ඒ සිව්දෙනා වෙනුවෙන් ම විවේක ගනියි.
6. බේබද්දා ඒ පස්දෙනා වෙනුවෙන් ම බොයි.
7. බැංකුකරුවා ඒ හයදෙනාගෙන් සොරකම් කරයි.
8. නීතිඥයා ඒ හත් දෙනා ම මුළා කරයි.
9. වෛද්‍යවරයා ඒ අටදෙනාගෙන් ම ගාස්තු අය කරයි.
10. අවමඟුල්කරුවා ඒ නවදෙනා ම වළ දමයි.
11. දේශපාලනඥයා ඒ දසදෙනාගේ ම මුදලින් සැපසේ ජීවත්වෙයි.


Post a Comment

1 Comments

  1. ඕකෙ නවයට තියෙන එක ලංකාවට ගැලපෙන් නෑ නේද? ලංකාවෙ තියෙන්නෙ නිදහස් සෞක්‍ය නේ....Hikzz

    ReplyDelete