Skip to main content

Posts

Showing posts from June, 2017
malkakulu_youtube_page malkakulu_facebook_page

බෘහස්පතී (ජුපිටර්) ග‍්‍රහයාගේ නවතම සොයා ගැනීම්!

ගුරු හෙවත් බෘහස්පතී අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ විශාලත්වයෙන් මෙන් ම වයසින් වැඩි ම ග‍්‍රහයා බව සොයා ගනියි.

අප මෙතෙක් දැන සිටියේ ගුරු හෙවත් බෘහස්පතී එහෙමත් නැත්නම් ජුපිටර් විශාලත්වය අනුව අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ‘ලොකු අයියා’ වශයෙන් වුවද අලූත් අධ්‍යයනයකට අනුව එය වයසින් ද වැඩි ම ග‍්‍රගයා බව ද හෙළි වී තියෙනවා.

ඉතිහාසයේ පළමු වන වතාවට කරන ලද මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇති පරිදි එහි වයස අවුරුදු බිලියන හතරහමාරක් එනම් වසර මිලියන 4500ක් යැයි ගණන් බලා තියෙනවා.

රොස්වෙල් පියාඹන පීරිසිය කඩා වැටීම යළි කරළියට! නවතම ඇසින් දුටු සාක්කියක්!

මීට වසර 70කට උඩ දී සිදු වූ සක්වළ ජීවීන්ගේ පැමිණීමක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් පසුගියදා නිකුත් වූ පොතක් යළි කරළියට පැමිණ තිබෙනවා.

ඇමෙරිකාවේ නිව් මැක්සිකෝ ජනපදයේ රොස්වෙල්හී සිදුවූ මේ අපූර්ව සිදුවීම ඇසින් දුටු සාක්කියක් ලෙස එවකට නියෝජ්‍ය පොලිස් නිලධරයා (ෂෙරිෆ්වරයා) වූ චාල්ස් ෆෝගස් ඒ අවස්ථාවට මුහුණු අන්දම ගැන කරන විස්තරය දැක්විය හැකියි.

ඔහු එදා වසර 70කට පෙර ඒ ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ඒ මොහොතේ ම වාගේ ගොස් තියෙනවා. එය පියාඹන පීරිසියක් අනතුරට ලක්වීමක් බවත් අප අද ටෙලිවිශනයෙන් දකින ආකාරයේ සක්වළ ජීවීන් එහි ඉන්නවා දුටු බවත් ඔහු කියනවා. මේ බව ඔහු හෙළිදරවු කළේ මෑතදී පැවැත්වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි වෙමිනුයි.

මේ විස්තර අලූතින් ප‍්‍රකාශයට පත් කළ පොතක සඳහන් කර තියෙනවා. ඔහු කියන අන්දමට ඒ පියාඹන පීරිසිය අඩි 100ක් පමණ පළලයි. කඩා වැටුණු එම යානයේ උන් පිරිස හමුදා භටයන් විසින් ඉවත් කරනු තමා හොඳින් ම දුටු බව ඔහු වැඩිදුරටත් කියනවා.

සක්වළ ජීවීන් ගැන උනන්දුවක් දැක් වූ අය අන්දමන්ද කළ මේ සිදුවීම පරීක්ෂණ බැලූනයක කඩා වැටීමක් යැයි කියා එම සිදුවීම යට ගැසීමට හමුදාව තැත් කළ බව සඳහන් වෙනවා.