HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පියයුරු පිළිකා සොයා දෙන බ්‍රෙසියරයක්! නවයොවුන් තරුණයකුගේ නිමැවුමක්!

මැක්සිකානු නවයොවුන් තරුණයකු නව තාක්ෂණය යොදා ගෙන අපූරු බ්‍රෙසියරයක් නිර්මාණය කර තියෙනවා. එයට පියයුරු පිළිකා ඇති වීම කල්තියා හඳුනා ගන්න පුළුවන්.

ඊට සවි කර ඇති ජීවසංවේදක (biosensors) මගින් එය පලඳින්නියට ඇගේ සිරුරේ උෂ්ණත්වය මැන යම්කිසි අවදානමක් ඇති වන්නේ නම් එය කල් තියා දැනුම් දෙනවා.

මේ තරුණයාගේ සිත මෙම අපූරු නිමැවුම කෙරෙහි යොමුවූයේ ඔහුගේ වයස අවුරුදු 13 දීයි. ඒ ඔහුගේ මව පියයුරු පිළිකාවකට ගොදුරුව මරණාසන්න තත්වයකට පත් වූ අවස්ථාවේදියි. දැන් ඔහුට මේ නව නිපැයුම නිසා ලොව පුරා දශ ලක්ෂ සංඛ්‍යාත වූ පිරිසකගේ ජීවිත බේරා දීමට හැකි වී තියෙනවා.

‘ඊවා’ කියා නම් කර ඇති මේ විශේෂ ‘බ‍්‍රා’ එකට ජීවසංවේදක 200ක් යොදා තියෙනවා. ඒවාට පුළුවන් කාන්තාවකගේ පියයුරුවල උෂ්ණත්වය, හැඩය හා බර මැන බලා ඒ දත්ත පිළිකාවක අනතුරුදායක තත්වයක් ඇත්දැයි විමසා බැලීමට විශේෂ පරිගණක යෙදුමකට (ඇප් එකකට) යොමු කරන්නට.


ඒක වැඩ කරන්නේ මෙහෙමයි.

කාන්තා පියයුරුවලින් අවශ්‍ය දත්ත ලබා ගන්න මේ සුවිශේෂ ‘බ‍්‍රා එක’ තුළ සංවේදක 200ක් තියෙනවා. කාන්තාවක මෙය විනාඩි 60ත් 90ත් අතර කාලයක් පලඳින්න ඕනෑ. ඒ කාලය තුළ උෂ්ණත්වය ඇතුළු මිමි ගන්නවා. ඒ තොරතුරු ස්මාර්ට් දුරකතනයක ඇති යෙදවුමකට (app) යොමු කෙරෙනවා. අවදානම් තත්වයක් ඇත්නම් ඒ යෙදවුම මගින් පලඳින්නියට දැනුම් දෙනවා.

කාන්තාවකගේ පියයුරුවල උෂ්ණත්වය, හැඩය හා බර මැන බලා ඒ දත්ත පිළිකාවක අනතුරුදායක තත්වයක් ඇත්දැයි විමසා බැලීමට ස්මාර්ට් දුරකතනයක් ඔස්සේ විශේෂ පරිගණක යෙදුමකට (ඇප් එකකට) යොමු කර දැනගත හැකියි.

මේ ‘ස්වයංගවේෂණ බ‍්‍රා එක තාම තියන්නේ පර්යේෂණ මට්ටමේ. ඒ වුණාට ඒකට දැනටමත් ඩොලර් 20000ක ප‍්‍රදානයක් දිනා ගෙන තියෙනවා. ඒ මුදල ලැබුණේ එහි වැඩි දියුණු කිරීම්වලටයි.

දැන් 18 හැවිරිදි වියේ පසුවන ජුලියන් රියෝස් කැන්ටූ තමයි මෙහි නිමැවුම්කරුවා. මේ සඳහා ඔහුගේ මිතුරන් තුන් දෙනකුත් ඔහුට සහය වී තියෙනවා.

ඔවුන් මේ නව නිෂ්පාදනය සඳහා හයිජියා ටෙක්නොලොජීස් නමින් සමාගමක් අරඹා තියෙනවා. කාන්තාවන්ට පියයුරු පිළිකාවලින් සිදුවන පීඩා වළක්වා ගැනීමට හැකි ස්වයංගවේෂණ ක‍්‍රම භාවිත කිරීමෙන් කල්තියා හඳුනාගෙන ඔවුන්ගේ ජීවිතය උසස් තත්වයට පත් කිරීම ඒ සමාගමේ අරමුණ ලෙස ඔවුන් දක්වනවා.

පසුගිය අපේ‍්‍රල් 27-29 දිනවල ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර පැවති ලෝක ආධුනික නිමැවුම්කරුවන් සඳහා වූ ග්ලෝබල් ස්ටුඩන්ට් එන්ට‍්‍රපෲනර්ස් සම්මාන උළෙලේ දී ඉහළ ම සම්මානය මේ නිමැවුමට හිමි වුණා.

මැක්සිකෝවේ ජනාධිපති අන්තර්ජාලය හරහා ජුලියන් රියෝස් කැන්ටූට සුබපැතුම් එවා තිබුණා.


මීට වසර පහකට පෙර ජුලියන් රියෝස් කැන්ටූගේ මව පියයුරු පිළිකාවකට ගොදුරු වුණා. ඇය දිවි ගලවා ගත්තේ පියයුරු දෙකම ඉවත් කිරීමෙන් පසුවයි. ඇයට එසේ පිළිකාවක් ඇතැයි නිගමනය කරන්නට හය මසකට පෙරාතුව කළ වෛද්‍ය පරීක්ෂණයකින් ඇගේ පියයුරුවල පැවති ගැටිතිවල පිළිකා ලක්ෂණ නැතැයි නිගමනය කර තිබුණා.

මේ අත්දැකීම නිසයි ජුලියන්ට හිතුනේ මේ ගැන පරීක්ෂා කරන්න උපකරණයක් හැදුවොත් මේවා මුල් අවධියේ දී ම සොයා ගෙන සිය මව වැනි කාන්තාවන් රැුසක ජීවිත බේරා ගන්න පුළුවන් වෙයි කියලා.

අද මේ තරුණයා කළ අපුරු සොයා ගැනීම හා ඔහුගේ මේ නව නිපැයුම නිසා වසරක් පාසා පියයුරු පිළිකාවෙන් සිදුවන මරණ 8,200,000ක් වන කාන්තාවන්ගේ දිවි රැක දීමට අනාගතයේ දී හැකි වනු නොඅනුමානයි.

18 හැවිරිදි ජුලියන් රියෝස් කැන්ටූ ලෝක ප‍්‍රකට ධනකුවේරයකු හා විශිෂ්ට ව්‍යවසායකයකු වූ බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් බ‍්‍රැන්සන්ගෙන් ගරු බුහුමන් ලැබූ අවස්ථාව.

පියයුරුවල ඇති සෑම ගැටිත්තක් ම වැඞීමක් ම පිළිකාවක් වෙන්නේ නැහැ. ඒ වගේ ම සමේ උෂ්ණත්වය වැඩිවීමත් රුධිරය ගලා යාමේ වැඩිවීමක් ම පිළිකාවක් ඇති වීමට මගක් කියලත් කියන්න බැහැ. මේ ගැන අ’්හදා බැලීම් හා පරීක්ෂණ අවසන් නැහැ. ඒ නිසා වෛද්‍ය විශේෂඥයන් සැක පහළ කරල තියෙනවා.

‘මේ වගේ සොයා ගැනීම් ඉතා හොඳයි. විශේෂයෙන් තරුණයකුගේ නිමැවුමක් නිසා අගය කළ යුතුයි. ඒත් තවමත් මේ උපකරණය පිළිකා ඇති බව සොයා ගන්නට හොඳ සාර්ථක ක‍්‍රමයක් කියලා ඔප්පු කරලා නැහැ. ඒ නිසා මෙවැනි තාක්ෂණයක් කෙරෙහි විශ්වාසය තබන්න කියලා කාන්තාවන් කියන්න තවස අපට බැහැ.’ බීබීසී රූපවාහිනිය කළ ප‍්‍රශ්න කිරීමකදී එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයේ ඇනා පර්මන් කියා තියෙනවා.





Post a Comment

0 Comments