Skip to main content

Posts

Showing posts from May, 2017
malkakulu_youtube_page malkakulu_facebook_page

ඔබ හරියට ම ඔබ ගැන දන්නවාද ? එහෙනම් මේවා ගැනත් දන්නවාදැයි බලන්න!

ඔබ දන්නවාද ඔබ යම් අයකුගේ මුහුණ හඳුනා ගන්නේ ඔබේ මොළයේ වම්පස කොටසෙන් බව.
ඔබ දන්නවාද ලෝක ජනගහනයෙන් 11% ක් වමත්කරුවන් බව.
ඔබ දන්නවාද සාමාන්‍ය පුද්ගලයකු මිනිත්තු 7ක් තුළ නින්දට වැටෙන බව.
ඔබ දන්නවාද කෙළ සමග මුසු වන තෙක් ආහාරයක රස නොදැනෙන බව.
ඔබ දන්නවාද  ජනයාගෙන් 8% කට වැඩිපුර ඉළ ඇටයක් ඇති බව.
ඔබ දන්නවාද  ඔබේ සිරුරේ කුඩා ම අස්ථිය ඇත්තේ කනෙහි බව.
ඔබ දන්නවාද  ලොව ජනගහනයෙන් 90% ක් හාදු හුවමාරු කර ගන්නා බව.
ඔබ දන්නවාද  ගෙදරදොර පාවිච්චි කරන ජලයෙන් 35% ක් වැසිකිළි සඳහා වැය වෙන බව.
ඔබ දන්නවාද  ඔබ දවසකට ගහන ඇසිපිල්ලම් ප‍්‍රමාණය පැය භාගයක් ඇස් පියාගෙන සිටියාට සමාන බව.
ඔබ දන්නවාද  කාන්තාවන් පිරිමින් මෙන් දෙගුණයක් ඇස්පිල්ලන් ගහන බව.
ඔබ දන්නවාද  ඔබේ එක් පාදයක ඇට 26 ක් ඇති බව.
ඔබ දන්නවාද  සාමාන්‍ය මිනිස් මොළයක 78% ක් ඇත්තේ ජලය බව.
ඔබ දන්නවාද  ඔබේ සිරුරේ අස්ථිවලින් කාලක් (1/4ක්) ඇත්තේ ඔබේ දෙපාවල බව.
ඔබ දන්නවාද  ඔබේ සිරුරේ ඉක්මනින් සුව වන කොටස ඔබේ දිව බව.
ඔබ දන්නවාද ඔබේ උපන් දිනය තවත් මිලියන නවයක් දෙනා සමග සමරන බව.
ඔබ දන්නවාද  මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ඳුිය සම බව.
ඔබ දන්නවාද  ඔබේ ඇඟිලිවලින් වඩාත් සංවේදී ඇඟිල්ල දබරැඟි…

ඈත විශ්වයේ අපේ හිරු වැනි තරුවක් වටා ග‍්‍රහලෝක බිහිවෙන අපට සමාන ග‍්‍රහ මණ්ඩලයක් සොයා ගනියි!

අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට බොහෝ සෙයින් සමාන සෞරග‍්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට ඇමරිකාවේ නාසා ආයතනය සමත් වී තියෙනවා.

මේ නව සෞරග‍්‍රහ මණ්ඩලය හමු වී ඇත්තේ ආලෝක වර්ෂ 10.5ක පමණ ඈතින් දකුණු අර්ධ ගෝලයේ පිහිටි එරිඩානුස් තාරකා පංතියට අයත් එප්සිලන් එරිඩානි තරුව ආශ‍්‍රිත කලාපයේයි.

එය අපේ සෞරග‍්‍රහ මණ්ඩලය ආරම්භක යුගයේ පැවති ආකාරයට බොහෝ සේ සමාන බැව් විද්‍යාඥයන්ගේ මතයයි. අපේ හිරු වැනි තරුවක් වටා ග‍්‍රහලෝක බිහිවෙන අයුරු අපට එයින් දැක ගන්න පුළුවන්.

මේ දිනවල ලොව පුරා ටෙලිවිශන් රසිකයන් අතරේ ජනපි‍්‍රය ටෙලිකතා මාලාවක් තියෙනවා. ඒ තමා ‘බැබිලන් 5’ කියා හැඳින්වෙන ඒ විද්‍යා ප‍්‍රබන්ධ කතාව. ඈත එපිට සක්වළෙහි සැරිසරන අභ්‍යවකාශ නැවතුම් පොළක් සම්බන්ධ කර ගත් එය විකාශය වන්නේත් මේ එරිඩානුස් තාරකා පංතිය පසුබිම් කර ගෙන වීම විස්මයට කරුණක්.

එප්සිලන් එරිඩානි (Epsilon Eridani) ග‍්‍රහ මණ්ඩලය චිත‍්‍රශිල්පියකු දුටු හැටි. අලූත් හිරු සමග අපේ බ‍්‍රහස්පතී ග‍්‍රහයාට සමාන ග‍්‍රහයකු මෙන් ම ධූම කේතු දෙකක් ද ග‍්‍රහක වළල්ලේ ඇතුළතින් තිබෙනු දැකිය හැකියි. අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ කයිපර් (Kuiper Belt) නම් ග‍්‍රහක වළල්ලත් ඒ ආකාරයෙන් ම මේ නව හිරු ස…

වහලය සරසන සූර්යබල උළු කැට! ටෙස්ලා මෝටර් සමාගමේ අලුත්ම නිපැයුම!

ලෝකයේ නව නිපැයුම්කරුවකු ලෙස නමක් දිනාගෙන සිටින ලෝකයේ ලොකු ම ධනකුවේරයකු වූ ඉලන් මස්ක් (Elon Musk) වහලවල් සඳහා සූර්යකෝෂ උළු නිපදවා සවි කර දෙන්න සූදානම්. ඔහුගේ අරමුණ සෑම නිවසක් ම සූර්යබලයෙන් පණ ගැන්වෙන නිවසක් කරන්නයි.

”ලෝකයේ සෑම නිවසක් ම සූර්යබල ශක්තියෙන් කි‍්‍රයා කරන ලස්සන වහලයක් සහිත සොඳුරු නිවසක් කිරීම මගේ බලාපොරොත්තුවයි” ඉලන් මස්ක් කියයි.

වෙනස බලන්න ! මේ තියෙන්නේ ඉලන් මස්ක් යෝජනා කරන නව ටෙස්ලා උළු සහිත වහලයක් ඇති නිවසක්.
ඉලන් මස්ක් මුලින් ම හදන්නේ මේ වසර තුළ ඇමෙරිකාවේ අයට මේ නව නිපැයුම ලබා දෙන්නයි. දැනටමත් අන්තර්ජාලය හරහා මේවා අලෙවි කිරීමට ලියා පදිංචිය අරඹලා. මුලින් ඇමෙරිකාවේ අලෙවිය කොට ලබන වසරේ සිට ලෝකය පුරා අලෙවි කරන්න ඔහු බලාපොරොත්තු වෙනවා.

නිවසේ සාමාන්‍ය උළු යෙදීමට යන වියදමට වඩා සියයට 30ක් වැඩිපුර මේ නව නිපැයුම සඳහා වැය වන බවයි.

බැලූ බැල්මට මේ උළු සූර්යකෝෂ ඒවා යයි කියන්න බැහැ. සාමාන්‍ය උළුකැට කියලයි හිතෙන්නෙ. ඒත් ඒවා ඇතුළේ හිරුරැස්වලින් විදුලිය නිපදවිය හැකි සූර්යකෝෂ තියෙනවා.

මෙවැනි ගෙයක බිත්තියක් ඇතුළේ ‘පවර්වෝල්’ නමින් බලශක්තිය ගබඩා කළ හැකි බැටරියක් තියෙනවා.

මෙහි ඉහත දැක්වෙන්නේ ස…

වැරදි පැත්ත: සූෆි උපමා කතාවක්!

එක් සූෆිවරයෙක් දේශනයක් පවත්වමින් අතීතයේ විසූ ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ගේ හපන්කම් විදහා පාමින් ඒ පිළිබඳ අපූරු කතාන්තර ගෙන හැර දක්වමින් සිටියේය. එහි සිටි එක් සිසුවෙක් නැඟී සිට ඒ කතාවට බාධා කරමින් ප‍්‍රශ්නයක් ඇසුවේය.

”මේ අවස්ථාවේදී ප‍්‍රශ්නයක් අසා බාධා කරන්න මං කැමතියි. ඒ මට තොරතුරු දැන ගන්න අවශ්‍ය නිසයි. ඊට ඔබතුමාගේ අවසරය ලැබෙතැයි මං විශ්වාස කරනවා. මෙහෙම අතර මග දී ප‍්‍රශ්න නැඟීම මෙවැනි සභාවකදී කළයුත්තක් නො වන බව මා දන්නවා. එසේ ම එය ශ‍්‍රාවකයකුගේ චර්යාවටත් පටහැනි බවත් මා දන්නවා. ඒත් මේ ප‍්‍රශ්නය නො අසා සිටින්නට මට බැහැ”

පියයුරු පිළිකා සොයා දෙන බ්‍රෙසියරයක්! නවයොවුන් තරුණයකුගේ නිමැවුමක්!

මැක්සිකානු නවයොවුන් තරුණයකු නව තාක්ෂණය යොදා ගෙන අපූරු බ්‍රෙසියරයක් නිර්මාණය කර තියෙනවා. එයට පියයුරු පිළිකා ඇති වීම කල්තියා හඳුනා ගන්න පුළුවන්.

ඊට සවි කර ඇති ජීවසංවේදක (biosensors) මගින් එය පලඳින්නියට ඇගේ සිරුරේ උෂ්ණත්වය මැන යම්කිසි අවදානමක් ඇති වන්නේ නම් එය කල් තියා දැනුම් දෙනවා.

මේ තරුණයාගේ සිත මෙම අපූරු නිමැවුම කෙරෙහි යොමුවූයේ ඔහුගේ වයස අවුරුදු 13 දීයි. ඒ ඔහුගේ මව පියයුරු පිළිකාවකට ගොදුරුව මරණාසන්න තත්වයකට පත් වූ අවස්ථාවේදියි. දැන් ඔහුට මේ නව නිපැයුම නිසා ලොව පුරා දශ ලක්ෂ සංඛ්‍යාත වූ පිරිසකගේ ජීවිත බේරා දීමට හැකි වී තියෙනවා.

‘ඊවා’ කියා නම් කර ඇති මේ විශේෂ ‘බ‍්‍රා’ එකට ජීවසංවේදක 200ක් යොදා තියෙනවා. ඒවාට පුළුවන් කාන්තාවකගේ පියයුරුවල උෂ්ණත්වය, හැඩය හා බර මැන බලා ඒ දත්ත පිළිකාවක අනතුරුදායක තත්වයක් ඇත්දැයි විමසා බැලීමට විශේෂ පරිගණක යෙදුමකට (ඇප් එකකට) යොමු කරන්නට.