HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සක්වළ ජීවීන්ගෙන් ඇමතුමක්!

ඕස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්ව විද්‍යාලයට අයත් ස්වින්බර්න් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් තහවුරු කරගෙන තියෙනවා සක්වළ ජීවීන්ගෙන් යම් ආකාරයක් පණිවිඩයක් ලැබී ඇති බව.

ඔවුන් සඳහන් කරන්නේ මීට වසර 10කට පමණ පෙර ඕස්ටේ‍්‍රලියාවේ පාර්ක්ස් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය විසින් හසු කර ගෙන ඇති වේගවත් ගුවන් විදුලි ආලෝක සංඥාව සත්‍ය වශයෙන් ම පිටසක්වළෙන් ආ අලෝක සංඥාවක් විය හැකි බවයි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා ඇත්තේ ඒ ලැබුණු සංඥාවල දීප්තිය අනුව එතරම් තියුණු දීප්තියක් ඇති සංඥා මෙතෙක් අපේ ම ගැලැක්සිය තුළින් හමුවී නැති බවයි. ඒවා මේ ගැලැක්සිය තුළ හමුවන ප‍්‍රබලතම සංඥාවලට වඩා බිලියන ගුණයකටත් වඩා තීව‍්‍ර බවයි.


ස්වින්බර්න් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ කි‍්‍රස් ෆ්ලින් කියන්නේ මෙතෙක් ඒ තරම් ප‍්‍රබල සංඥා එන්නේ කොතැනකින් දැයි නිශ්චිතව හඳුනාගන්නට හැකියාවක් විද්‍යාඥයන්ට තිබුණේ නැති බවයි. ඒවා සාම්ප‍්‍රදායික තනි දීසියේ පරාවර්තක දුරේක්ෂවලින් කිසිවිටෙකත් කළ නොහැකියි. ස්වින්බර්න් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් දැන් ක‍්‍රමවේදයක් සකසා ගෙන තියෙනවා වඩා සියුම් පරිගණක විලේෂණයන් මගින් මේ අඩුපාඩු සපුරා ගන්න.

අලූත්ම පර්යේෂණයකින් කියැවෙන්නේ පාර්ක්ස් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයට ලැබුණු ඒ ගුප්ත සංඥා ස්ථිර වශයෙන් ම අපේ ම ගැලැක්සියට පිටින් ආ ඒවා යැයි කිව හැකි බවයි. එහි තාරකාභෞතික විද්‍යා අචාර්ය උපාධි අපේක්ෂිකාවක වන මනීෂා කැලැබ් මෙතෙක් කළ පර්යේෂණවලින් මේ කරුණු හෙළිදරවු කර ගෙන තියෙනවා. ඇය අපේක්ෂා කරනවා ඉදිරි තාලය තුළ මේ අතින් සාර්ථකත්නයක් ලබා ගන්න.

Post a Comment

0 Comments