HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අතක් බර සතෙක්! පිටසක්වල ජීවියෙක්ද?

කෘමි සතුන් ගැන විපරම් කරන ජපන් ජාතික ඡුායාරූප ශිල්පියෙක් අපූරු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තියෙනවා. කවුරුත් කලබල වුණා ඒ සක්වළ ජීවියෙක් වත්ද කියලා. ඇත්තටම නම් ඒ කුරුමිණියකුගේ කෝෂවාසී අවස්ථාවක්. පුදුමය නම් ඒ අවස්ථාවේදීත් ඌට චලනයවීමේ හැකියාව තිබීමයි.

මේ අපූරු කුරුමිණියා උගේ කෝෂ අවස්ථාවේ මේ විදියට මාස 18කට වැඩි කාලයක් එනම් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් ගෙවනවා. මේ විස්මිත කෝෂය තුළට වදින්නට පෙරාතුව ඌ දිරා යමින් තිබෙන ලී කඳක් තුළට වැදී ඉදිරි කාලය පුරා දිවි ගැටගහගන්ටත් ඉන්පසු කෝෂ අවස්ථාවෙන් මිදී ජීවත්වීමටත් අවශ්‍ය ශක්තිය සපයා ගන්නට ඇතිපදම් කනවා. ඒ වගේ ම ඒ කාලය තුළ ගන්නා ආහාර දැඩි පිටකටුවක් ඇති කර ගැනීමටත් ප‍්‍රයෝජනවත් වෙනවා.
ලෝකයේ ලොකු ම කුරුමිණියන් අතර තුන් වැනි තැන ගන්නා (පළමුවැනි තැන ගොලායත්ටයි). මේ අපූරු කුරුමිණියා රයිනෝසිරස් වර්ගයට අයත් එකෙක්. ශක්තිවන්තකම අතින් නම් ඌට හිමිවන්නේ දෙවැනි තැනයි. ඌ නමින් හර්කියුලීස් බීට්ල්. හොඳින් වැඩුණු සතකුගේ සිරුර දිගින් සෙන්ටිමීටර් 11ක් පමණ වෙනවා. බර ග්රෑම් 100ක් විතර වෙනවා. ඌට උගේ ශරීරය මෙන් 100ක බරක් ඔසවාගෙන යන්න පුළුවන්.
පිරිමි සතාට විතරයි දිග අඬු තියෙන්නෙ. ඒ අඬුවක් සෙන්ටිමීටර් 7ක් විතර දිගයි. ඒ වගේ දිග අඬු ගැහැනු සතාට නැහැ.

Video:



Post a Comment

0 Comments