HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සුපිරි පරිගණකයකින් ප‍්‍රතිනිර්මාණය කළ මාරක සුළිකුණාටුවක්!

නවීනතම සුපිරි පරිගණක මගින් දැන් අපට හැකියාව ලැබිල තියෙනවා මාරක ටෝනාඩෝවක් හෙවත් ගොබවලාවක් උපදින හැටි බලන්න. ඇමෙරිකාවේ පරිගණක විද්‍යාඥයන් පසුගිය දා මාරක සුළිසුළඟක් නිර්මාණය කළා. ඒ උපදින හැටි අධ්‍යයනය කරන්න. මේ සඳහා නිර්මාණය කිරීමට ඔවුන් තෝරා ගත්තේ 2011 වසරේ මැයි 24 වැනිදා ඇමෙරිකාවේ ඔක්ලොහමාහිදි ඇති වූ ‘එල් රීනෝ’ නම් සුළි කුණාටුවයි. එය ප‍්‍රබල ම කුණාටු තත්වයේ එකක්.

2011 සැබැවින් ම ආ වේලේ ඒ ටෝනාඩෝව පැය 2කට ආසන්න කාලයක් තිස්සේ පැවතුණා. ජීවිත නවයක් බිලි ගනිමික් 161කට තුවාල සිදුකරමින් ඊට හසු වූ හැම දෙයක් ම ගහකොළ ගොඩනැගිලි දේපළ ආදී සියල්ලක් විනාශ කරමින් සැතැපුම් 64ක දුරක් පැතිර ගියා.

එදා ‘එල් රීනෝ’ යන නමින් හැඳින්වුණු මේ මහා සුළි සුළඟ ප‍්‍රති නිර්මාණය කළේ ඇමෙරිකාවේ විස්කොන්සින් – මැඩිසන් විශව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින්.


ඇමෙරිකාවේ විස්කොන්සින් - මැඩිසන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින්. ප‍්‍රතිනිර්මාණය කළ ඒ මාරක සුළිසුළඟ.



Post a Comment

0 Comments