HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දැවැන්ත කැඩපත ඉදිරියේ වන සතුන්ගේ විස්මයජනක හැසිරීම්!

ගෙදර ඇති කරන බළල් හා බලූ සුරතලූන් ගෙදර ඇති මූණ බලන කන්නාඩිවලට බුරන අවස්ථා කොතෙකුත් ඔබ දැක ඇති. වනාන්තරවල වෙසෙන ලොකු සතුන් ඔවුන්ගේ රූප කන්නාඩිවලින් දුටු විට ප‍්‍රතිචාර දක්වන්නේ කොහොමද?

මේ ගැන කුතුහලයෙන් පෙළුණු කැමරා ශිල්පියෙකු පසුගියදා අපූරු අත්හදා බැලීමක් කළා. ඔහු මේ විස්මිත කටයුත්ත ඉටු කර ගත්තේ දැවැන්ත කැඩපතක් හෙවත් දර්පණයක් හා සතුන්ගේ චලනයන් හසු කර ගත හැකි දුරස්ත සංවේදක උපකරණ කීපයක් උපයෝගී කර ගෙනයි.


ඔහු එහිදී සිදුවුණු දේ සැඟවුණු වීඩියෝ කැමරාවකින් සටහන් කර ගත්තා. ඒ වීඩියෝව දැන් අන්තර් ජාලයට එක්කර තියෙනවා. ඔබටත් දැන් බලන්න පුළුවන්.

විවිධ සතුන් ඒ දැවැන්ත කැඩපත ඉදිරියේ අපූරු රැුඟුම් පෑවා. චිම්පන්සින් ඒ ඉදිරියේ විවිධ ඉරියව්වලින් හැඩ බැලූවා. ඒ අතර දිවියන් හා ගෝරිල්ලන් ඒ තුළින් පෙනුනු තම රුව සතුරෙකැයි සිතා ගෝරි දැම්මා.

වීඩියෝව සඳහා පහත බලන්න

අපි‍්‍රකාවේ ගැබොන් රාජ්‍යයේ වනාන්තරයකයි මේ වීඩියෝ කැමරාව සවිකළේ. මේ ඒ කඩපත ඉදිරියට ආ එක් ගෝරිල්ලකු ප‍්‍රථම වතාවට තමන්ගේ මුහුණට මුහුණ දුන් හැටි.

මේ අපූරු අත්හදා බැලීම කළේ ප‍්‍රංශ ජාතික ක්‍ෂේවියර් හියුබට් බ‍්‍රයර් (Xavier Hubert Brierre) කියන කැමරා ශිල්පියායි.

ඔහු මේ කටයුත්ත සඳහා බිරිඳත් සමග අපි‍්‍රකාවේ ගැබොන් රාජ්‍යයට ගියා. එහි වනාන්තරවල වැඩිපුර වනසතුන් ගැවසෙන තැන්වල වීඩියෝ කැමරා හා කැඩපත් රැුඳෙව්වා. වීඩියෝ කැමරා රැුඳෙව්වේ විශේෂ ආරක්‍ෂක පෙට්ටිවලයි.

සතෙකු කැඩපත ඉදිරියට ආ විගස අවට රඳවා ඇති සංවේදක උපකරණ මගින් සංඥා යවා වීඩියෝ කැමරා පණ ගැන්වුණා. ඔහුගේ මේ අත්හදා බැලීම හැඳින්වෙන්නේ ‘දර්පණ පරීක්‍ෂණය’ (mirror test) කියලයි.

මොකක්ද මේ දර්පණ පරීක්‍ෂණය කියන්නේ ?
එය සතුන්ට තමන්ව හඳුනා ගැනීමේ ඇති හැකියාව කෙබඳු දැයි විමසා බලන්නක්.  එහි දී සතාගේ ඇෙඟහි තීන්ත සලකුණක් තබනවා. ඉන්පසු ඌ ඉදිරියේ කැඩපතක් හෙවත් දර්පණයක් තබනවා. ඌ ඒ කඩපත තුළින් බලා තීන්ත සලකුණ ඇත්තේ තමාගේ ශරීරයේ බවත් එයින් පෙනෙන්නේ තමාගේ ශරීරය බවත් තේරුම් ගැනීමට සමත් වුවහොත් ඒ පරීක්‍ෂණයෙන් ඌ සමත් වෙනවා.

මිනිස් දරුවකු නම් මේ පරීක්‍ෂණයෙන් සමත් වන්නේ වයස මාස 18ත් වසර දෙකත් අතර කාලයේදියි.

මේ ගැබොන් රටේදී කළ නිරීක්‍ෂණයේ ප‍්‍රතිඵල සිත්ඇදගන්නා සුලූයි. දිවියකු කැඩපත තුළින් දුටු තම රුව ප‍්‍රතිමල්ලවයකුගේ යැයි සලකා ඌ සමග සටන් කරන්නට පෙලඹුණු අයුරු අපූරුය.

ඒ වගේම යෝධ ගෝරිල්ලකු ඒ අසලට විත් ඒ දැවැන්ත කැඩපත මත පෙනෙන සිය රුව දෙස මඳ වේලාවක් බලා සිට ඒ තවත් ගෝරිල්ලකු යයි නිගමනය කොට පහර දීමට යොමු වූ හැටි කදිමය.

කැඩපත ඉදිරියට ආ අලියකු මොහොතක් ඒ දෙස බලා ඒ සතාට ඉඩ දී හෙමින්සීරුවේ මාරු වුණා.

චිම්පන්සි රංචුවක් කැඩපත ඉදිරියට විත් ටික වේලාවක් එහි රැඳී සිටියා. කීපදෙනෙක් එයින් හැඩ බලන ආකාරයෙන් හැසිරුණා.

දින ගණනාවක් තිස්සේ මැසි මදුරුවන්ගේ පීඩා මධ්‍යයේ වුවද බ‍්‍රයර් ගැබොන් රටේ ගත කළ කාලය ගැන ඔහු සිහිපත් කරන්නේ ඉමහත් සතුටින්.

මිනිසුන් වාගේ කැඩපත තුළින් පෙනෙන දෙය තේරුම් ගන්න පුළුවන් විධියේ බුද්ධියක් පෙන් වූ සතුන් හිටියේ ඉතාමත් ටික දෙනයි.

දිවියා කැඩපතට ප‍්‍රතිචාර දැක්වූයේ සතුරකු ආක‍්‍රමණයකට ආ ආකාරයටයි. එහෙත් ගෝරිල්ලාගේ ප‍්‍රතික‍්‍රියාව ඊට වෙනස්.

චිම්පන්සින් හොඳින් කැඩපතට ප‍්‍රතිචාර දක්වන්න යෙදුණා. ඇතැම් චිම්පන්සින් කඩපත ඉදිරියේ සිට හැඩ බලන්නත් පෙලඹුණා.

මේ දිවියා කැඩපතෙන් දුටු පිළිබිඹුව දිහා ටික වෙලාවක් නිසොල්මනේ බලා ගෙන හිටියා. තවත් එකෙක් එහෙම නොවී ඒ සතුරු දිවියෙකැයි සිතා පහර දුන්නා.

වනමැද මෙවැනි දැවැන්ත කඩපත් කීපයක් ම බ‍්‍රයර් විසින් සවිකරන්නට යෙදුණා. කැඩපත දෙපැත්තේ විශේෂ සංවේදක සවි කළා සතකු ඒ ඉදිරියට ආ විට දැනුම් දෙන්න ඉබේ කි‍්‍රයාකරන වීඩියෝ කැමරාවලට.

1993 දී කළ කඩපත් පරීක්‍ෂණයකින් කොකෝ නම් ගෝරිල්ලා සමත් වුණත් මේ වනයේ දී හමු වූ ගෝරිල්ලන් එහෙම වුණේ නෑ. ඔවුන් කැඩපතට පහර දෙන්න පවා පෙලඹුණා.

කුරුල්ලන් හැමවිටම කැඩපතේ ඉන්නා කුරුල්ලා සමග සටන් වැදුණා. එක කුරුල්ලකු විතරයි කඩපතේ ඉන්නේ තමන් බව හඳුනා ගත්තේ. ඒ යුරේසියානු කැහිබෙල්ලා විතරයි. ඒ උගේ කටේ ඒ මොහොතේ තිබුණු කෝටු කෑල්ලක් නිසයි.

‘මට ඒ කැඩපත් නිතරම සෝදන්න සිද්ධ වුණා. දිවියන් හා වඳුරන් ඒවා මත උන්ගේ ස‍්‍රාවයන් තැවරූ නිසයි. ඒවා හරහා පියාඹා ගිය කෘමි සතුන් වැදීමෙන් ඒවා මත උන්ගේ ලේ තැවරීමත් නිතරම සිදුවුණා.’ බ‍්‍රයර් කියනවා.

ඔහු වීඩියෝ කැමරාව රැඳ වූයේ විශේෂ ආරක්‍ෂක පෙට්ටියකයි. මෙහි දැක්වෙන්නේ ඔහු එය සවිකරන ආකාරයයි. සතෙකු කැඩපත ඉදිරියට ආ විගස අවට රඳවා ඇති සංවේදක උපකරණ මගින් සංඥා යවා වීඩියෝ කැමරා ඉබේම පණ ගැන්වුණා.

අපි‍්‍රකාවේ ගත කළ කාලය තුළ විවිධ කෘමි සතුන්ගෙන් පීඩා විඳින්නට සිදුවුනත් මේ ගෝරිල්ලා වැනි සතුන්ගේ විස්මිත චර්යාවන් කැමරාවට නැඟීමට හැකි වීම ගැන තමන් ඉමහත් සේ සතුටු වන බව බ‍්‍රයර් කියනවා.

Post a Comment

0 Comments