HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජගත් කීර්තියට පත් 'අපට නැතුව ම බැරි නව නිපැයුම්' බිහි කළ අම්මලා!

ලෝකයට නව නිපැයුම් බිහි කළ, ලෝකය අපට සුවපහසු තැනක් කළ, ඒ හැම නවෝත්පාදකයකු පසුපස ම ශ්‍රේෂ්ඨ අම්මා කෙනකු සිටිනවා. ඒත් අද අප කතා කරන්නට යන්නේ ඒ අම්මලා ගැන නෙවෙයි, කෙළින් ම එවැනි නිපැයුම් බිහි කළ අම්මලා කීප දෙනෙකු ගැනයි. එදිනෙදා අප බහුලව භාවිත කරන අපට නැතුව ම බැරි, නිර්මාණ ගණනාවක් ම කාන්තාවන්ගේ බව කීම, ඔබේ සතුටට හේතු වෙනවා ඇති.

1. මාගරට්ගේ කඩදාසි බෑගය

අද ලොව පුරා ජනපි‍්‍රය කඩදාසි මල්ල ආවේ, ඇමරිකාවෙන්. එය නිපදවීමේ ගෞරවය හිමි වන්නේ මාගරට් ඊ. නයිට් (Magaret Knight) කපු කටින මෝලක සේවිකාවකටයි. 1898 දී ඇය, මේ කඩදාසි බෑගය නිපදවීමට යන්ත‍්‍රයක් තැනුවා. ඒ මුල් කඩදාසි බෑගය ලියුම් කවරයකට සමාන එකක්. මේ නව සැලැස්ම දුටු චාල්ස් අනාන් කියා තැනැත්තෙක් ඇයට පෙරාතුව හිමිකම් ඇයදුම් පතක් ඉදිරිපත් කළා.
ඇයට ඒ නිසා, තමා වෙනුවෙන් නඩු යන්න සිදුවුණා. වසර තුනකට පසු, 1871දී, ඒ නඩුවෙන් එම අයිතිය සඳහා පේටන්ට් බලපත‍්‍රය ඇයට හිමි වුණා.

2. ස්යෙෆ්නි ක්වොලෙක්ගේ කෙව්ලර්

සැහැල්ලූ, නොකැඩෙනසුලූ, වානේවලටත් වඩා පස් ගුණයක් ශක්තිමත්, කෙව්ලර් කෙන්දෙන් වියූ වෙඩි නොවදින ඇඳුම් අද හැම තැන ම, හැම රටක ම, දක්නට ලැබෙන දෙයක්. ලෝකයේ රසායනික නව නිෂ්පාදන සමාගම් අතර හතර වැනි තැන ගන්නා ඇමෙරිකාවේ ඩුපොන්ට් සමාගමේ සේවය කළ රසායනික නිෂ්පාදකවරියක වූ ස්ටෙෆ්නි ක්වෝලෙක් (Stephanie Kwolek) විසින් අහම්බෙන් කළ නව නිපැයුම, කෙව්ලර් මතු වූයේ, කාර් ටයර් සඳහා සැහැල්ලූ කෙන්දක් නිපදවීමට ගත් උත්සාහයේ ප‍්‍රතිඵලයක් නිසයි.එහි පේටන්ට් බලපත‍්‍රය ඇයට හිමි වුණේ 1966දියි.

3. ලිලියන්ගේ පාදයෙන් අරින කසළ බඳුන
ලිලියන් ගිල්බ්‍රෙත් (Lilian Gilbreth) එතෙක් පැවතුන දෙයක, සුළු වෙනස් කිරීමක් කර, මහ පෙරළියක් කළ කාන්තාවක්. ඒ ඉවත ලන දෑ දමන කුණු බාස්කට් එක කකුලෙන් අරින්න හැකි ක‍්‍රමයක් නිපදවීමෙන්. ඇය මුලින් ම කළේ ශීතකරණයේ දොරට පහසුවෙන් පාවිච්චි කළ හැකි කෑන් විවරකරණයක් සවි කිරීමයි. ඒ සමඟම ඇය පාදයෙන් විවර කළ හැකි කසළ බඳුන තැනුවා. ඊට අමතරව, ඇය පරිසර කළමනාකරණය හා එදිනෙදා කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකි ක‍්‍රමවේදයන් ඇගේ සැමියා වූ ෆ්රෑන්ක් සමග ලොවට හඳුන්වා දුන්නා. ඇයට දරුවන් 12ක් සිටියා. එයින් දෙදෙනකු වූ ෆ්රෑන්ක් කනිෂ්ට හා අර්නස්ටයින් ගිල්බ්‍රෙත් එක්ව, සිය මව කළ සුවිශේෂ කාර්යයන් ගැන ලියූ Cheaper by the Dozen (දොළොස් දෙනකු සමග අරපිරිමැස්මෙන්) යන මේ බව පොතේ සඳහන් කර තියෙනවා.

4. එලිසැබත් මෑජීගේ මොනොපොලි කී‍්‍රඩාව
ඇමෙරිකාවේ එලිසැබත් මෑජී (Elizabeth Magie) නිර්මාණය කළ ‘ද ලෑන්ඞ්ලෝඞ්ස් ගේම්’ නම් කී‍්‍රඩාවෙන් තමයි, පසුව මොනොපොලි කී‍්‍රඩාව බිහි වුණේ. ‘ද ලෑන්ඞ්ලෝඞ්ස් ගේම්’ කී‍්‍රඩාව මුලින් ම හඳුන්වා දෙන ලද්දේ 1904 දියි. ඒ කාලේ පැවති අසාධාරණ ලෙස ඉඩම් අත්පත් කර ගැනීමේ හා බදු දීමේ ක‍්‍රම වේදයට එරෙහිව ඉදිරිපත් වූ ජෝර්ජීයානු ආර්ථික න්‍යාය ගැන දැනුවත් කිරීමේ අරමුණෙන් තමයි, මෙය තනා ඇත්තේ. 1904 දී පේටන්ට් හිමිකම් සඳහා ඇය එය ලියාපදිංචි කළ අතර, 1906 දී ඇගේ ම සමාගමක් මගින් ප‍්‍රසිද්ධ කරනු ලැබුවා. ඒ කාන්තාවක් කළ සුවිශේෂ හපන්කමක්. ඉන් වසර 30කට පසු, ඇගේ මේ කී‍්‍රඩාවේ අනුසාරයෙන් යළි සැකැසූ පෙතක් මගින් තමයි, මොනොපොලි නම් කී‍්‍රඩාව චාල්ස් ඩැරෝ නම් පිරිමියකු විසින් හඳුන්වා දෙනු ලැබුවේ. ඔහු එය පාකර් සහෝදරයෝ නම් සමාගමකට මොනොපොලි යන නමින් විකුණූ අතර ඒ සමාගම මෑජීගේ ‘ද ලෑන්ඞ්ලෝඞ්ස් ගේම්’ කී‍්‍රඩාවේ අයිතිය සම්පූර්ණයෙන් ම මිලදී ගෙන, ‘මොනොපොලි කී‍්‍රඩාව’ වෙළෙඳපොළට දැම්මා.

5. මෝටෝරියේ ඉදිරි වීදුරුව පිසදමනය (වින්ඞ්ෂීල්ඞ් වයිපරය)

මේරි ඇන්ඩර්සන් (Mary Anderson) තමයි, මුලින් ම අතින් කි‍්‍රයාකරවන වයිපරය, කාර්වලට හඳුන්වා දුන්නේ. ඒ 1903දි. ඒත් රියැදුරන් මුලදී ඒකට කැමති වුණේ නැහැ. ඔවුන් කල්පනා කළේ, වැස්සේ හෝ හිමේ අමාරුවෙන් හරි රිය පදවන එක අතින් කි‍්‍රයා කරවන ඒ උපකරණය කි‍්‍රයා කරනවාට වඩා පහසුයි, කියලයි. ඊළඟට 1917දි චාලට් බි‍්‍රජ්වුඞ් කියල තවත් කාන්තාවක් විදුලි මෝටරයකින් කි‍්‍රයා කරන වයිපරයක් හැදුවා. ඒකත් පිළිගැනීමට ලක් වුණේ නැහැ. ඒ අතර 1920දී මේරිගේ හිමකම කල්ඉකුත් වුණා. එයින් පසු, ඒ මේරිගේ මුල් අදහස වැඩි දියුණු කර, මුලින්ම කැඩිලැක් සමාගම තමන් නිපදවපු හැම කාරෙකකට ම වයිපර සවි කරන්න පටන් ගත්තා. අනිත් කාර් සමාගම් ද ඒ අනුව ගියා.

6. මැරියන්ගේ ඉවතලන ළදරු නැපිය

මැරියන් ඩොනෝවන් (Marion Donovan) තමයි, මෙහිදී ගෞරවය ලබන කාන්තාව. ළදරුවන්ගේ නැපි මාරු කිරීමේ සියලූ ගැටලූවලට විසඳුම් ඇයගේ 1951 ‘බෝටර්’ කියා පේටන්ට් බලපත‍්‍රය ලබා ගත් දිය නාල්ලන, නැපියට සමාන, ඇඳුමෙන් ලැබුණේ නෑ. ඒත් ඒක තමයි, අද ලොව පුරා අප හඳුනන, ළදරු නැපියේ උපත. නාන කාමරයේ පාවිච්චි කරන, ෂවර් තිරයක් කපලා තමයි, ඇය මුල් ම නැපිය හැදුවේ. මුලින් සැක්ස් ෆිෆ්ත් ඇවනියුහි සිට අලෙවි කළ මේ නැපියේ ජනපි‍්‍රයත්වය වැඩිවෙත් ම ඇයට ඉල්ලූමට සැපයුම දෙන්න බැරි වුණා. ඇය එහි අයිතිය, ඩොලර් මිලියනයකට කීනෝ කියලා සමාගමකට වික්කා. ඒ සමාගම මැරියන්ගේ ‘බෝටර්’ නැපිය වැඩි දියුණු කොට ඊට නවමුහුණුවරක් දී විකුණන්න පටන් ගත්තා. එහි ප‍්‍රතිඵලයක් හැටියටයි, 1961 දී, අද ලොව කවුරුත් හඳුනන ‘පැම්පර්ස්’ ආවේ.

7. ජොශපින්ගේ පිඟන් සෝදන යන්ත‍්‍රය

1886දී, ලෝකයේ පළමු පිඟන් සෝදන යන්ත‍්‍රය නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ජොශපින් කොකේ‍්‍රන්ටයි. (Josephine Cochrane) ඒ වසරේ හිමිකම් බලපත‍්‍රය ලබා ගැනීමේදී, ඇය ඒ සමග ම ඊට අධි ජලපීඩන උපකරණයක්, රෝදයක්, ජලය උණුකරණයක් හෙවත් බොයිලේරුවක්, දැනුදු භාවිත කරන තාලේ පිඟන් රාක්කයක් ආදිය, ඒ පිඟන් සෝදන මෙවලමට ඇය විසින් එක් කර තිබුණා. ඇය කිසිදාක ඒ උපකරණය භාවිත කර තිබුණේ නැහැ. ඒත් ඇගේ සේවකයන්ට නම් එය ලොකු පහසුවක් වුණා.

8. මකන තීන්ත හෙවත් ‘දියර කඩදාසි’

යතුරු පුවරුවට මකන යතුර එන්නට පෙරාතුව, බෙටී නෙස්මිත් ග‍්‍රැහැම් (Bette Nesmith Graham) රහසේ පරීක්ෂණ කළා, ඇගේ කුස්සියේදී තමා ටයිප් කළ ලියවිලිවල වරදින අකුරු උඩින් ගාන්න තීන්ත වැනි දෙයක් සොයා ගන්න. බිත්තිවල චිත‍්‍ර ඇඳීමේ දී පසුතලයට ආලේප කරන තීන්ත, ඇය මේ අත්හදා බැලීම් සඳහා යොදා ගත්තා. වසර ගණනාවක් තිස්සේ කළ අත්හදා බැලීම්වලින් පස්සෙ, ඇය ඒ තීන්ත ‘දියර කඩදාසි’ යනුවෙන් 1958 දී ලියාපදිංචි කර හිමිකම් බලපත‍්‍රයක් ලබා ගත්තා. පසුව ගිලට් සමාගම ඇගෙන් එහි හිමිකම් මිලදී ගත්තා, ඩොලර් හාර කෝටි හැත්තෑපන්ලක්ෂයකට. අද එය ලොව පුරා දන්නා හඳුනන සුලබ දෙයක් වෙලා තියෙනවා.

9. අකාරාදිය කැට
‘ළමයි ආසාවෙන් පොත්පත් කියවන්නේ නෑ’ ගත්කතුවරියක වූ ඇඩෙලීන් ඞී. ටී. විටිනි (Bette Nesmith Graham) කියනවා. ඒත් ඇය විසින් ලොවට හඳුන්වා දුන්, ලීවලින් තැනූ අකාරාදිය කැට නිසා ළමයින් ඉබේම අකුරු කියවන්නට පටන් ගත්තා. ‘ඇල්ෆබට් බ්ලොක්’ යනුවෙන් තමයි, ඇය මේ ලී කැට හඳුන්වා දුන්නේ. ඒ 1882දියි. මුලින් ම ඉංගී‍්‍රසි භාෂාවෙන් ආ මේ අකුරු ලී කැට, අද ලොව හැම භාෂාවකින් ම තියෙනවා. අද එය නිසැකව ම භාෂා උගන්වන පහසු මඟක් ද වී තියෙනවා.

10. ඇප්ගාර් ස්කෝර්
ජීවිතය ම පරීක්ෂණ මාලවක්, ඇප්ගාර් පරීක්ෂණයෙන් පටන් ගෙන මියයන තෙක් ම පරීක්ෂණ පවත්වනවා. මැරණට පස්සෙත් සමහර විට මරණ පරීක්ෂණයක් පවත්වනවා. උපන් හැටියේ ළදරුවන් ගැන කෙරෙන ඇප්ගාර් පරීක්ෂණය ඉතාම වැදගත් එකක්. ප‍්‍රසව නිර්වින්ද වෛද්‍ය වර්ජීනියා ඇප්ගාර් (Viginia Apgar) ගේ නමින් ම හැඳින්වෙන මේ පරීක්ෂණය කරන්නේ උපන් මොහොතේ බිලිඳුන්ටයි. 1952 ඇය ආරම්භ කළ මේ පරීක්ෂණයට අනුව, දරුවකු ඉපදී මිනිත්තුවකට හා මිනිත්තු 5කට පසුව කරන ඒ පරීක්ෂණයෙන් විමසා බැලෙන්නේ බිලිඳාට හදිසි ප‍්‍රතිකා අවශ්‍යදැයි කියායි. බාහිර පෙනුම (Appearnce) ස්පන්දනය (Pulse) මුහුණ හකුළා ගැනීම (Grimace) කි‍්‍රයාකාරම් (Activity) සහ ශ්වසනය (Respiration) යන මේ කරුණුවලට ලකුණු දමලයි, ඇප්ගාර් ස්කෝර් එක හදා ගන්නේ. දැන් ඒ කරුණු පහට ඉංගී‍්‍රසියෙන් යොදන අකුරු පහේ මුල අකුරු එකතු කර පැරණි වදන ම වඩාත් අරුත් බර ව සකසා ගෙන තියෙනවා.

11. නාවික සංඥා ක‍්‍රමය
නැව් අතර සන්නිවේදනය හෙවත් පණිවුඩ හුවමාරුව, අතීතයේ දී වර්ණවත් පතාක, ලන්තෑරුම් හා මහ හඬින් කළ කෑකෝ ගැසීම්වලට සීමා වුණා. 1850දී මාර්තා ජේන් කොස්ටන් (Martha Jane Coston) මහත්මිය තමයි, ගිනිදැල්ල නාවික සංඥා ක‍්‍රමයට එක් කළේ. ඒත් එයා ඒක තනිවම කළ දෙයක් නොවෙයි. ඇගේ මිය ගිය සැමියාගේ සටහන් පොතක ලියා තිබුණු කරුණු පාදක කර ගෙන, ඇය මේ නව ක‍්‍රමය සොයා ගත්තා. ඇය වසර 10ක් තිස්සේ රසායනිකවේදීන් හා ගිනිකෙළි විශේෂඥයන් සමග ගත කරමින් සැමියාගේ සටහන්වල තිබූ කරුණු සැබෑ කරන්නට වෙහෙසුණා. ඒත්, ඒ සඳහා පේටන්ට් බලපත‍්‍රයක් ඇය වෙනුවෙන් නිකුත් කරන්න, බලධාරීන් ප‍්‍රතික්ෂේප කළා. ඔවුන් ඒ බලපත‍්‍රය පිරිනැමුවේ, මියගිය ඇගේ සැමියාටයි. ඇයට හිමි කළේ එහි අධිකාර බලය පමණයි.

12. වටකුරු යාන්ති‍්‍රක කියත
සේරා ටබීතා බාබිට් (Sara Tabitha Babbitt) රෙදි වියන්නියක්. ඇය තමයි, මිනිසුන් දෙන්නකු දෙපැත්තට අදින බණ්ඩි කියතට වඩා, වටකුරු කියත පහසුයි කියලා යෝජනා කළේ. ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ ෂේකර් පවුලේ අයකු හා විවාහ වී ආවාට පස්සෙ තමයි, ඇය මේ නිර්මාණය කළේ. 1813 දී, ඇය ඇගේ රෙදි වියන යන්ත‍්‍රයට සවි කරන රෝදයක් යොදා ගෙන ඇය මේ වටකුරු කියතේ කුඩා අනුරුවක් තැනුවා. එය හිමිකම් බලපත‍්‍රයක් සඳහා ලියාපදිංචි කරන්න ඇයට පවුලෙන් අවසර ලැබුණේ නෑ. ඒත් ඔවුන් ඒ නව නිපැයුමෙන් සම්පූර්ණයෙන් ම ප‍්‍රයෝජනය ගත්තා. ඔවුන් එයින් විශාල ධනස්කන්ධයක් උපයා ගක්කා.

13. සුනඛ රැහැන
බල්ලන් සුරතලයට ඇති කළ, ඇමෙරිකානු කාන්තාවක් තමයි, බලූ කරපටිය සහිත දම්වැල (රැහැන) 1908 දී පළමුවරට යොදා ගත්තේ. මේරි ඒ. ඩිලානි (Mary A. Delaney) නම් ඒ කාන්තාවට ඒ සඳහා හිමිකම් බලපත‍්‍රයක් තිබුණේ නෑ. ඒ කාලේ බල්ලන් බැඳගෙන යන පුරුද්දක් තිබුණේ නෑ. බලූ කරපටියක් සහ දම්වැලක් ගැන කවුරුනුත් දැන ගෙන සිටියෙ නෑ. (අදත් අපේ පිටිසර පළාත්වල නිවෙස්වල බල්ලන් බැඳ තබන්නේ නැහැ) ඒ කාලේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ බල්ලන් ද මෙසේ බැඳ නොතැබූ නිසා සිය සුරතලා තමා සමග ඇවිදිමින් සිටියදී යම් හේතුවක් නිසා ඈතට ගියොත්, ඌ නැවත නාවොත් අයිතිකාරයාට සමහර විට ඌ සොයා ගැනීම අසීරු වුණා. ඊට පිළියමක් වශයෙන් තමයි, මේ නව නිපැයුම ඩිලානි අතින් දොරට වැඩුණේ. හඳුන්වා දුන් විගස ම මෙය බල්ලන් ඇති කරන අය අතර ජනපි‍්‍රය වුණා. ඒ විතරක් නෙවෙයි බල්ලන් රැහැනකින් බැඳගෙන මිස පාරේ ගෙන යාම තහනම් යැයි නීතියක් ද පැන වුණා. ඉල්ලූම් නොකළ නිසා ඇයට හිමිකම් බලපත‍්‍රය හිමි නොවුණාට, ඊට අවුරුදු 11කට පසු, ඒ සඳහා ආර්. සී. ඕකොනර් කියන අයට බලපත‍්‍රයක් නිකුත් කර තියෙනවා.

14. සබ්මැරීන් දුරේක්ෂය සහ ලාම්පුව
සාරා මාතර්ගේ (Sarah Mather) ජීවිතය ගැන වැඩි යමක් දැන ගන්නට නැතත්, ඇය ගැන කියන්නට ඇති හොඳම තොරතුර ඇය විසින් සබ්මැරීනවල භාවිතයට සුදුසු මුහුද යට නිරීක්ෂණය සඳහා වූ දුරේක්ෂකයක් හා ඊට ඈඳි ආලෝකය සැපයිය හැකි ලාම්පුවක් නිර්මාණය කිරීමයි. ඒ විශේෂ උපකරණ කට්ටලය සඳහා ඇය පේටන්ට් බලපත‍්‍රයක් ද 1845 දී ලබා ගෙන තියෙනවා.

15. නිදන ඇඳකට ඇකිළිය හැකි කැබිනෙට්ටුව
කුඩා නිවෙස් තුළ ඉඩකඩ වැඩි කර ගන්න හොඳ ක‍්‍රමයක් ලෙස, ඇකිළිය හැකි ඇඳ සලකන්න පුළුවන්. එය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ සාරා ඊ. ගුඞ් (Sara Goode) නම් කාන්තාවටයි. ඇමෙරිකාවේ හිමිකම් බලපත‍්‍රයක් ලබා ගත්, ප‍්‍රථම අපි‍්‍රකානු ඇමරිකානු සම්භවයකින් යුත් කාන්තාව ඇයයි. ඇගේ මේ නව නිර්මාණය දවල් කාලයේ ලියන මේසයක් සහිත කැබිනෙට්ටුවක් ලෙස භාවිත කළ හැකි අතර, රාති‍්‍රයට එය අකුළා වෙනස් කර, නිදන ඇඳක් කර ගත හැකියි. මේ අදහස ම රැගත් බික්කිය ඇතුළට අකුළන ඇඳ සුප‍්‍රකට ‘මර්ෆි බෙඞ්’ ආවේ තවත් අවුරුදු 15කට පස්සෙයි.

16. මාරියාගේ සූර්යබල නිවස
ඇමෙරිකාවේ මැසචුසෙට්ස්හි ජීව භෞතික විද්‍යාඥවරියක වන මාරියා ටෙල්කීස් තම නිවස ලෝකයේ ප‍්‍රථම සූර්ය බල ශක්තියෙන් කි‍්‍රයා කරන නිවස බවට පත් කළා 1947 දී. මේ හංගේරියානු ජාතික නිර්මාතෘවරිය තාප විදුලිබල ජනක යන්ත‍්‍රයක් නිපදෙව්වා ඩොවර් යනුවෙන් හැඳින්වූ ඇගේ නිවස විදුලිබලය සපයා උණුසුම් කිරීමට හැකි වන පරිදි. එලීනා රේමන්ඞ් නම් වාස්තු විද්‍යාඥවරිය තමයි, කේතුවක හැඩයක් තිබූ ඒ නිවස සැලසුම් කර දුන්නේ. හිරු එළිය නැති විට ඒ නිවස උණුසුම් කරන්නට තාපය ගබඩා කිරීම සඳහා, ග්ලෝබර්ගේ ලූණු (සෝඩියම් ලවණ හා සල්ෆියුරික් ඇසිඞ්) යොදා ගත්තා. කෙසේ වුවත් මේ කටයුත්ත මාස තුනකට වඩා වැඩි කාලයක් සාර්ථකව පවත්වා ගෙන යා හැකි වුණේ නැහැ. මැසචුසෙට්ස්වලට ශීත කාලය උදා වන්නට පෙරාතුව, මේ පද්ධතිය බිඳ වැටුණා. කෙසේ වෙතත් මාරියා ටෙල්කීස්ගේ ඒ නිවස ලෝකයේ ප‍්‍රථම සූර්ය බලශක්තියෙන් කි‍්‍රයා කරන නිවස ලෙස වාර්තා පොත්වලට එක් වුණා.

17. පැට්සි ෂර්මන්ගේ ආරක්ෂක ද්‍රව්‍යය - ස්කොච්ගාඞ්
පැල්ලමක් නැති කරන්න පැල්ලමක් අවශ්‍යයි. 1952 දී 3එම් ආයතනයේ රසායන විද්‍යඥවරියක වන පැට්සි ෂර්මන්ගේ (Patsy Sherman) ඇස යොමු වුණා රසායනාගාර සහකරුවකුගේ සපත්තුව මත ඉසුණු කෘති‍්‍රම තනනු ලැබූ ෆ්ලූරෝ රසායනික රබර් බිඳු කීපයක පැල්ලමක්. එය ඉවත් කළ හැකි වුණේ නැහැ. සපත්තුවේ ඒ ස්ථානයේ පාට වෙනස් වුණේ නැහැ. ඒ වගේ ඒ පැල්ලම තිබූ තැනට ජලය, තෙල් හෝ වෙනත් කිසිම දියරයක් හෝ ඇල්ලූවේත් නැහැ. පැට්සි ෂර්මන් හා ඇගේ සම නිපැයුම්කරු සැමුවෙල් ස්මිත් ඒ නව ද්‍රව්‍යය ංස්කොච්ගාඞ් කියා හැඳින්වුවා. එය අද හැම තැන ම අවර්ණ ආරක්ෂක ආවරණයක් ලෙස භාවිත කරන ද්‍රව්‍යයක්.

18. නොපෙනෙන දෙයක් මැවූ කැතරින්
නොපෙනෙන දෙයක් නිර්මාණය කළ කාන්තාවක් මේ හැවුම්කාර අම්මලා අතර ඉන්නවා. ඇය නමින් කැතරින් බ්ලොගෙට් (Katharine Blodgett) ඇමෙරිකාවේ ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් සමාගමේ ප‍්‍රථම විද්‍යාඥවරිය ඇයයි. එංගලන්තයේ කීර්තිමත් ඔක්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙන් බිහි වූ ප‍්‍රථම භෞතික විද්‍යා ආචාර්ය උපාධිධාරිණියත් ඇයයි. ඇය හඳුන්වා දුන් ඒ අපූර්ව නිර්මාණය අද ලොව පුරා ම කැමරා, අන්වීක්ෂ, ඇස් කන්නාඩි ඇතුළු දහසකුත් අපට නොපෙනී ආරක්ෂා කර දෙනවා. ඇගේ ඒ නිර්මාණය ඒකාණුක ආලේපණයක්. එය ඇය හැඳින්වූයේ ‘අදිසි වීදුරු’ (invisible glass) කියායි. තනි අණුවකින් සැදි මේ අති සියුම් ආලේපණය වීදුරු වැනි විනිවිද පෙනෙන ඕනෑම දෙයක් මත පමණක් නොව ලෝහයක් මත වුවද ආරක්ෂක ආවරණයක් ලෙස යොදන්න පුළුවන්. වීදුරුවල විනිවිද පෙනෙන ගුණය යම්තම්වත් අඩු වන්නේ නැහැ. මේ නිසා වීදුරුවල දීප්තියත්, කුරූපණයත් නැති වී ගියා. ඇය මේ අපූරු නිර්මාණය සොයා ගත්තේ 1935දියි. ඇගේ නමට නව නිපැයුම් සඳහා හිමිකම් බලපත‍්‍ර අටක් තියෙනවා.

19. පරිගණකයේ පුරෝගාමී කාන්තාව
ගේ‍්‍රස් හොපර් (Grace Hopper) පරිගණක ලෝකයේ වීරවරියක්. ඇය හා හොවාඞ් අයිකන් සමග එක්ව හාවඞ් මාක් 1 පරිගණකය සැලසුම් කළා. 1944දී තැනූ ඒ පරිගණකය ටොන් පහක් බර කාමරයක් පුරා තැන්පත් කළ එකක්. හොපර් තමයි ඒකට ලිඛිත භාෂාව පරිගණක කේත භාෂාවට පෙරළීමට අවශ්‍ය සම්පාදකය නිර්මාණය කළේ. පරිගණකයේ අප අද භාවිත කරන ‘බග්’ හා ‘ඩිබගින්’ වැනි වදන් පවා ඇය විසින් හඳුන්වා දුන් ඒවායි. ඒ වදන් ඇය යොදා ගත්තේ පරිගණකය ඇති කාමරයට රාති‍්‍රයේ එන ශලබයන් ඉවත් කිරීම ගැන පැවසීමටයි. එපමණක් නොව ඇය 1959දී කොබොල් පරිගණක බස නිර්මාණය කළ කණ්ඩායමේ ප‍්‍රමුඛ සාමාජිකාවක්. එය වර්තමාන පරිගණක භාෂා අතරින් මුලින් ම ලොවට හඳුන්වා දුන් එකක්.


Post a Comment

0 Comments