![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ennk26HgfqNUhDrnI2blXEi1UDZOx0_8rDxqOjoau8FUv2SaBe9e2tdmK3df3o7gEmxPiDoE6cWPEjs2Wy15pk5rC2jiuAL5rIJHsijO7BPkXtjOLy36nlegWTysPI2IUNxI-MDQsBTj/s400/1.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhusn5wov92ogqHJvvz1h5MRYPDry_WyaqlSR0-A3RNM3zOupSnT4zggHhxb9hS_m7UGD6RdDbSR6ki2ahhqrto31vMwVAKcxQT9JDyzrmHW7r8dja-254wVpD47Ek1mlpo5x3WvudfXMN2/s400/3.jpg)
කුරුල්ලෝ
අතීතයේ විසූ ඩයිනසෝරයන් දැක ගැනීමට නම්, අප යා යුත්තේ කෞතුකාගාරයට බවත්, එම ඩයිනසෝරයන්ගෙන් පැවැත එම මුතුන්මිත්තන් දැක ගැනීමට නම් යා යුත්තේ ගෙවත්තට බවත් බටහිර රටවල කියමනක් ඇත. අද අප දකින කුරුල්ලන්, දෙපයින් (පසුබස ගාත‍්‍රාවලින්) ඇවිද ගිය ඩයිනසෝරයන්ගේ ඥාතීන් බව ඇතැම් විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ අනුව, ගෙවත්තේ දකින්න ලැබෙන කුරුල්ලෝ ඩයිනසෝරයන්ගේ ඥාතීහුය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjc7Ded-Tm1O3V8X3tEz0fmy9eBoL6r_G-P4-9NfV4QMvXSCCKY6ZPLQq3GhJPsfb-UeCkFzF4LyvPOUGGsTjdfe5okgMaj12veMA6psSb9WZwDBQG_1nabHhby_LkEt78WH3m_7ZtJzCj5/s400/chirostenotes_pergracilis.gif)
මඩ මකරා
චීනයෙන් හමුවුණු ‘මඩ මකරා’ ඩයිනසෝරයා කුරුල්ලකුගේ හැඩරුවට සමාන, වර්ණවත් පිහාටුවලින් ද සමන්විත පසුපස ගාත‍්‍රාවලින් ඇවිද ගිය ඩයිනසෝරයෙකි. විද්‍යාඥයන් අතට පත් වුණේ මඩ මකරාගේ සර්ව සම්පූර්ණ වුණු පොසිල අස්ථිය. ඩයිනමයිට් පිපිරීමෙන් සුළු හානි සිදුවුවත්, පොසිලය ඉතා හොඳ තත්ත්වයෙන් පසුවන බව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යාඥයන් සහ චීන පොසිල විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙම ඩයිනසෝරයා මඬේ එරීමෙන් මියගොස් ඇත. අවසන් සුසුම් හෙළා ඇත්තේ සිරුර වකුටු කරගෙනය. බැලූ බැල්මට එය දුක හිතෙන දසුනක් යැයි පොසිල විද්‍යාඥයෝ පැහැදිලි කරති. මඩ මකරා ඩයිනසෝර යුගයේ අවසානයේ එනම්, මීට අවුරුදු මිලියන 66 ත් 72 ත් අතරේ ජීවත් වන්නට ඇතැයි පැවැසෙයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicpylSbNMW9dMaFhHpxH2EEsh-zXmGxqRwKkYqHNnfw1aext3TzG_eRPJiqTlHlBPrDGIjIL4gxDTyPUqK_ol5uXiB4b_jdoTYe5vrMwcF0mbUXw36wKfmiyIH1dIC-sIOxyDNe50J9zch/s400/2.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhuvKpximaVbhviJhyfPMfPvfCC80chgnTBO4tTcZTpD2x8UIpc3tQrdjy3fj-F0M-fu5PKyH5Px6hR0y4fXkc0BhdXp-yLd8wX0ii5aBunGOfQ8ipMS1EZ-hR2GpPaUBbqTnFWZz6tt3P/s400/4.jpg)
ටොන්ග්ටියැංලෝන්ග්
‘මඩ මකරා’ යන කෙටි නමින් හැඳින්වුවත් චීන පොසිල විද්‍යාඥයන් මෙම ඩයිනසෝරයා නම් කර ඇත්තේ ‘ටොන්ග්ටියැංලෝන්ග් ලිමෝසුස්’ යන විද්‍යාත්මක නමෙයෙනි. එහි සරල අදහස නම් ‘දෙව්ලොවට යන මඩ මකරා’ යන්නය. මේ සත්වයා අලූත් ඩයිනසෝරයෙකු වුවත්, ඕවිරැුප්ටෝසෝරස් ඩයිනසෝරයන්ට සමාන යැයි පොසිල විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.
කැසෝරිට සමානයි
ඕවිරැප්ටෝසෝරස් යනුවෙන් හැඳින්වෙන්නේ පිහාටුවලින් පිරුණු සිරුරක් ඇති ඩයිනසෝර විශේෂයකටය. මෙම ඩයිනසෝරයන් සමාන වන්නේ වර්තමානයේ අපට දකින්න ලැබෙන පියෑඹීමට නොහැකි කැසෝරි වැනි කුරුල්ලන්ටය. කැසෝරි අහම අහිමි කුරුල්ලකු වන අතර පැස්බරා හා සමානය.
ඕවිරැප්ටෝසෝරස්
ඕවිරැප්ටෝසෝරස් යනු මාංශ භක්ෂක පසුපස ගාත‍්‍රාවලින් ඇවිද ගිය ඩයිනසෝරයෙකි. මේ ඩයිනසෝරන් ජීවත් වුණේ අවුරුදු මිලියන 75 කට පෙර යැයි පොසිල විද්‍යාඥයෝ පෙන්වා දෙති. චීනයට ද අයත් වන මධ්‍යම ආසියාවේ ගෝබි කාන්තාරයේ ඔම්නගෝව් පලාතෙන් මෙම ඩයිනසෝරයන්ගේ පොසිල අස්ථි හමුවී ඇත. හිසේ සිට වල්ගය කෙළවර දක්වා දිග මීටර් දෙකකි. මෙම ඩයිනසෝරයා අනෙක් ඩයිනසෝරයන්ගේ බිත්තර සොරා ගැනීමට පුරුදු වී ඇත. එහෙයින් ‘බිත්තර සොරා’ යනුවෙන් ද හැඳින්වෙයි. ඕවිරැුප්ටෝසෝරස් පොසිල අස්ථි හමුවී ඇත්තේ වෙනත් ඩයිනසෝරයන්ගේ විශේෂයෙන් ප්‍රොටෝසේරටොප්ස් ඩයිනසෝරයන්ගේ බිත්තර කටු කැබලි ද සමඟය. ඕවිරැුප්ටෝසෝරස් ඩයිනසෝරයාට දත් නැත. කශේරුව ගිරවකුගේ සහ රාජාලියකුගේ මෙන් හැඩයක් ගනී. ඒ වගේම ශක්තිමත්ය. හොට ඉතා ශක්තිමත්ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFIc9V10ULXADL47WyWZr_JvQKVUUyGYYdkXnkZve0lgE69sjoEYguQoT41TajpSsmEWP8yLV5tWt3BeS39FKD1rJ3c5WTwIiFPbETX3nH_TsitOG2kGhyphenhyphenqiVRCQOHqlf17tcLW10vcgZA/s400/Oviraptor_Senckenberg.jpg)
ඕනිතිස්කියා
පෘථිවිය මත විවිධ වර්ගයේ ඩයිනෝසෝරයෝ ජීවත් වූහ. මොවුන් ‘ශාක භක්ෂක’ හා ‘මාංශ භක්ෂක’ යනුවෙන් සරල ව කාණ්ඩ දෙකකට බෙදා ඇත. ශාකභක්ෂක ඩයිනසෝරයන් ‘ ඕනිතිස්කියා’ යනුවෙන්ද මාංශ හා ශාක දෙවර්ගය ම බුදින සර්ව භක්ෂක ඩයිනසෝරයන් ‘සෝරිස්කියා’ යනුවෙන් ද පොසිල විද්‍යාඥයන් විසින් කාණ්ඩ දෙකකට බෙදා වෙන් කර තිබේ. ‘ ඕනිතිස්කියා’ යන්නෙහි තේරුම ‘කුරුල්ලකුගේ මෙන් උකුල් ඇටයක් ඇති ඩයිනසෝරයා’ යන්නය. ‘ඕනිතිස්කිය’ කාණ්ඩයේ ඩයිනසෝරයෝ සියල්ලෝම ශාකභක්ෂකයෝ වූහ. ‘ ඕනිතිස්කියා’ ඩයිනසෝරයන්ට පොදු උදාහරණයක් ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ‘ඉගුවනාඩොන්’ ඩයිනසෝරයා ය. ‘ඕනිතිස්කියා’ ඩයිනසෝරයන්ට දත් විශාල ප‍්‍රමාණයක් තිබේ. ‘කොරිතෝසෝරස්’ නම් ඩයිනසෝරයාට දත් 2,000 ක් තිබුණු අතර හොඳින් හපා කෑමට ශක්තිමත් උඩු හණුවක් ද තිබිණි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeTD50IFoWdtvkSBfc_c_907_wiDzE2dtbYxIxHsJ_8QGh-MFc5SFqnGZcW5GE4IGSPhY0SDV3MBAff2eyNDT2BzWgdhlYs6F4Pa103AsA13Scsymo-Oz_fRCIpYrD4omKBxFtHRH-AhVm/s400/oviraptorFL4.jpg)
සෝරොපොඞ්
මීට අමතරව ‘ස්ටෙගොසෝරස්’ සහ ‘ට‍්‍රයිසේරටාප්ස්’ ඩයිනසෝරයන් අයත් වන්නේ ද ‘ ඕනිතිස්කියා’ ගෝත‍්‍රයට ය. විශාලම ප‍්‍රමාණයේ ඩයිනොසෝරයන් සිට ඇත්තේ ශාක භක්ෂකයන් අතර ය. මොවුන් ‘සෝරොපොඞ්’ (Sauropod) යන නමින් හැඳින්වෙයි. ඉතා සාමකාමී සත්ව විශේෂයක් ලෙස හැඳින්විය හැකි මොවුහු මස් බුදින ඩයිනෝසෝරයන්ගේ ගොදුරු බවට පත්වූහ. ශාක භක්ෂක ඩයිනෝසෝරයන්ගේ හිස ශරීරයට සාපේක්ෂව ඉතා කුඩා ය. සිරුර විශාල ය. බෙල්ල හා වලිගය ඉතා දිගු ය. එම දිගැති බෙල්ල නිසා උන්ට උස් ගස්වල කොළ පවා කෑමට ගත හැකි විය. එම සතුන්ගේ දත් එතරම් සවිමත්ව නොතිබුණි. ඒ නිසා මොවුන් බොහෝ විට කළේ කොළ මඳක් විකා ගුලි සේ ගිලීමය. ඒවාත් සමග ඔවුුන් ගිල දැමූ ගල් උදරයේදී කොළ ගුලි සමග ඒ මේ අත පෙරළීම නිසා එම කොළ ඇඹරී ආහාර දිරවීම පහසු වී ඇත. එම ගල් ‘ජඨරීය ගල්’ (Gastliths) යන නමින් හැඳින්වේ. ශාක භක්ෂක ඩයිනෝසෝරයන්ගේ ප‍්‍රධානතම ආහාරය වී ඇත්තේ එම යුගයන්හි බහුලව තිබූ කේතුධර ගස් (Conifer) සහ මීවන (Ferns) ශාක වර්ග දෙකයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEWQAhRkKuXHpDesBiNuAz6IUuvgSIRPvfNxRkJgFIgRldGDBQynciEIu2Xkikjb6bOlYi3KsvvHiyNuOyAleJf6XDIIdmjRDBySRBSCriB7sRcqkxKnX6S38rr_PdALT7TtoCtW5WRhO1/s400/spartadog-oviraptor-philoceratops.jpg)
සෝරිස්කියා
‘සෝරිස්කියා’ යන්නෙහි තේරුම ‘උරගයකුගේ වැනි උකුල් ඇටයක්’ ඇති ඩයිනසෝරයා යනුයි. මෙම ගෝත‍්‍රයට අයත් වෙන්නේ දෙපයින් ගමන් කළ ‘තෙරපොඞ්ස්’ (Theropod) ඩයිනසෝරයන් සහ ශාක භක්ෂකයන් ලෙස සැලකෙන පාද හතරින් ම ගමන් කළ ‘සෝරපෝඞ්ස්’ (Sauropod) ඩයිනසෝරයන් ය. ‘තෙරපොඞ්ස්’ ඩයිනසෝරයන් අතරින් වඩාත් කැපී පෙනෙන්නේ ඩයිනසෝර ලොවේ ප‍්‍රබලයා ලෙස ප‍්‍රසිද්ධ ‘ටයිරනසෝරස් රෙක්ස්’ ය. ‘සෝරපෝඞ්’ ඩයිනසෝරයන් අතරින් කැපී පෙනෙන ඩයිනසෝරයා ලෙස ‘ඩිප්ලොඩොකස්’ හැඳින්විය හැකිය. දැනට ගොඩබිම ජීවත් වූ විශාලතම සත්ත්වයන් ලෙස සැලකෙන්නේ එම ‘සෝරපෝඞ්ස්’ ඩයිනසෝරයන් ය. මාංශභක්ෂක ඩයිනසෝරයන් වීම නිසා උන්ට වක ගැසුණු තියුණු උල් දත් පිහිටා තිබිණි. ගොදුරු කර ගන්නා සතුන්ගේ සම් ඉරාදමා මස් අනුභව කිරීමට එම දත් උපකාරී විය. පොසිල විද්‍යාඥයන් එම සත්ත්වයන්ගේ හමුවන පොසිල දත් පවා අතපත ගාන්නේ හුඟක් පරිස්සමෙනි. ඊට හේතුව ඒවා වසර ගණනාවකට පසුව වුවත් තවමත් හොඳින් තියුණු ව පැවතීම ය. මස් බුදින ඩයිනෝසෝරයන් හැඳින්වෙන්නේ ‘කාර්නොසෝර්’ (Carnosaur) යන නමිනි. මොවුන් අතර තනිව ම ගොස් සතුන් මරා කෑ අයත්, රංචු වශයෙන් ගොස් සතුන් වටකර ගොදුරුකරගත් අයත් වූහ. තනිව ම ගොදුරු සොයා ගිය ඩයිනෝසෝරයන්ට ‘ටයිරනෝසෝරස්’ (Tyrannusaurus) නිදසුන් වේ. ‘ඞීනොනිකස්’ (Deinonychus) හෙවත් ‘මාරක නිය ඇත්තා’ (Deadly Claws) යන නමින් හැඳින්වෙන ඩයිනෝසෝරයන් ගොදුරු සොයා ගොස් ඇත්තේ රංචු වශයෙනි. මේ ඩයිනෝසෝරයන්ට වේගයෙන් දිවීමේ හැකියාව ඇත. එය සාමාන්‍යයෙන් පැයකට කිලෝමීටර් 32 ක් එනම් සැතපුම් 20 ක් පමණ වේගයකි. මස් බුදින ලොකු ඩයිනෝසෝරයෝ මස් බුදින සහ ශාක බුදින කුඩා ඩයිනෝසෝරයන් මරාගෙන අනුභව කළහ. මස් බුදින කුඩා ඩයිනෝසෝරයෝ කටුස්සන්, හිිකනලූන් යනාදී කුඩා සතුන් හා ඩයිනෝසෝර පැටවුන් ද ගොදුරු කර ගත්හ.
0 Comments