Skip to main content

Posts

Showing posts from April, 2017

අතක් බර සතෙක්! පිටසක්වල ජීවියෙක්ද?

කෘමි සතුන් ගැන විපරම් කරන ජපන් ජාතික ඡුායාරූප ශිල්පියෙක් අපූරු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තියෙනවා. කවුරුත් කලබල වුණා ඒ සක්වළ ජීවියෙක් වත්ද කියලා. ඇත්තටම නම් ඒ කුරුමිණියකුගේ කෝෂවාසී අවස්ථාවක්. පුදුමය නම් ඒ අවස්ථාවේදීත් ඌට චලනයවීමේ හැකියාව තිබීමයි.

සුපිරි පරිගණකයකින් ප‍්‍රතිනිර්මාණය කළ මාරක සුළිකුණාටුවක්!

නවීනතම සුපිරි පරිගණක මගින් දැන් අපට හැකියාව ලැබිල තියෙනවා මාරක ටෝනාඩෝවක් හෙවත් ගොබවලාවක් උපදින හැටි බලන්න. ඇමෙරිකාවේ පරිගණක විද්‍යාඥයන් පසුගිය දා මාරක සුළිසුළඟක් නිර්මාණය කළා. ඒ උපදින හැටි අධ්‍යයනය කරන්න. මේ සඳහා නිර්මාණය කිරීමට ඔවුන් තෝරා ගත්තේ 2011 වසරේ මැයි 24 වැනිදා ඇමෙරිකාවේ ඔක්ලොහමාහිදි ඇති වූ ‘එල් රීනෝ’ නම් සුළි කුණාටුවයි. එය ප‍්‍රබල ම කුණාටු තත්වයේ එකක්.

දැවැන්ත කැඩපත ඉදිරියේ වන සතුන්ගේ විස්මයජනක හැසිරීම්!

ගෙදර ඇති කරන බළල් හා බලූ සුරතලූන් ගෙදර ඇති මූණ බලන කන්නාඩිවලට බුරන අවස්ථා කොතෙකුත් ඔබ දැක ඇති. වනාන්තරවල වෙසෙන ලොකු සතුන් ඔවුන්ගේ රූප කන්නාඩිවලින් දුටු විට ප‍්‍රතිචාර දක්වන්නේ කොහොමද?

මේ ගැන කුතුහලයෙන් පෙළුණු කැමරා ශිල්පියෙකු පසුගියදා අපූරු අත්හදා බැලීමක් කළා. ඔහු මේ විස්මිත කටයුත්ත ඉටු කර ගත්තේ දැවැන්ත කැඩපතක් හෙවත් දර්පණයක් හා සතුන්ගේ චලනයන් හසු කර ගත හැකි දුරස්ත සංවේදක උපකරණ කීපයක් උපයෝගී කර ගෙනයි.

ජගත් කීර්තියට පත් "අපට නැතුව ම බැරි නව නිපැයුම්" බිහි කළ අම්මලා!

ලෝකයට නව නිපැයුම් බිහි කළ, ලෝකය අපට සුවපහසු තැනක් කළ, ඒ හැම නවෝත්පාදකයකු පසුපස ම ශ්‍රේෂ්ඨ අම්මා කෙනකු සිටිනවා. ඒත් අද අප කතා කරන්නට යන්නේ ඒ අම්මලා ගැන නෙවෙයි, කෙළින් ම එවැනි නිපැයුම් බිහි කළ අම්මලා කීප දෙනෙකු ගැනයි. එදිනෙදා අප බහුලව භාවිත කරන අපට නැතුව ම බැරි, නිර්මාණ ගණනාවක් ම කාන්තාවන්ගේ බව කීම, ඔබේ සතුටට හේතු වෙනවා ඇති.

සක්වළ ජීවීන්ගෙන් ඇමතුමක්!

ඕස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්ව විද්‍යාලයට අයත් ස්වින්බර්න් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් තහවුරු කරගෙන තියෙනවා සක්වළ ජීවීන්ගෙන් යම් ආකාරයක් පණිවිඩයක් ලැබී ඇති බව.

ඔවුන් සඳහන් කරන්නේ මීට වසර 10කට පමණ පෙර ඕස්ටේ‍්‍රලියාවේ පාර්ක්ස් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය විසින් හසු කර ගෙන ඇති වේගවත් ගුවන් විදුලි ආලෝක සංඥාව සත්‍ය වශයෙන් ම පිටසක්වළෙන් ආ අලෝක සංඥාවක් විය හැකි බවයි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා ඇත්තේ ඒ ලැබුණු සංඥාවල දීප්තිය අනුව එතරම් තියුණු දීප්තියක් ඇති සංඥා මෙතෙක් අපේ ම ගැලැක්සිය තුළින් හමුවී නැති බවයි. ඒවා මේ ගැලැක්සිය තුළ හමුවන ප‍්‍රබලතම සංඥාවලට වඩා බිලියන ගුණයකටත් වඩා තීව‍්‍ර බවයි.

‘මඩ මකරා’ : දුක හිතෙන පොසිලයක්

දකුණු චීනයේ ගැන්ෂූ පළාතේ පාසලක් ඉදිකිරීමට කැණීම් සිදු කරමින් තිබුණි. ගල් කුට්ටි පුපුරුවා විනාශ කිරීමට ඩයිනමයිට් භාවිතා කෙරුණි. පිපිරීම් කිහිපයකින් පසු, එක් ස්ථානයක පොසිලකරණයට ලක්වුණු අස්ථි ඇති බව ඉදිකිරීම් සේවකයන්ට දකින්න ලැබුණු අතර, ඔවුහු ඒ බව අදාල බලධාරීන්ට දැනුම් දුන්හ.

වසර කෝටි 160 පැරණි ඇල්ගී වර්ගයක් සොයා ගනියි!

ලෝකයේ ඉපැරණිතම යයි සැලකිය හැකි ශාක විශේෂ දෙකක් පොසිල වශයෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා.

මේ විද්‍යාඥ පිරිසට මේ පොසිල හමු වී ඇත්තේ මධ්‍යම ඉන්දියාවේ චිත‍්‍රකූට පර්වතයේ අවසාදිත පාෂාණ අතර පොසිල ලෙසින් සුරැකිව තිබියදීයි. මෙම පොසිල වසර බිලියන 1.6ක් එනම් වසර කෝටි 160ක් පැරණි යැයි කියැවෙනවා.


මේ සොයා ගැනීමෙන් පෙනී යන්නේ බහු ෙසෙලීය ජීවීන් විශේෂයක් මීට වසර කෝටි 160කට සිටි බවයි. මෙය සත්ව හා ශාකවල ආරම්භය විය හැකියැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඒ අනුව ඔවුන් පවසන්නේ තමන් මෙතෙක් සිතා සිටියාට වඩා වසර මිලියන 400ක් කලින් ජීවීන් මිහිමත පැවති බවයි.