![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8UYefwJF9C6es3zaf8RNRcG5y9DlbPd801VZDnduPvXxoe0dzjjBeP3wbarwXHGuMNZQdLm7eYWvn9ri1oStEbSFsJpZ1EehRfp0iAEeVfZ1aIlGc9fySL-dYTGlZMk2edEpVh6gdYRD8/s320/3BD82B4800000578-0-image-a-43_1483543454654.jpg)
ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමින් සංඥා හසුකර ගැනීමට හැකිවූයේ කැනඩාවේ මොන්ති‍්‍රයාල් තාරකා විද්‍යාඥයන් පිරිසකටය. මීට පෙර මේ අයුරින් 2007 වසරේදීත් කෙටි මෙන්ම අහඹු ලෙසින් ගුවන් විදුලි සංඥා හසුකර ගැනීමක් සිදුවුණු බව ද එම විද්‍යාඥයෝ පිරිස අනාවරණය කරති. මෙම සංඥා මිලි තත්පරයකට වරක් නිකුත් වී ඇති බව මේ වනවිට සොයා ගෙන ඇති නමුත් එම සංඥා පැමිණි ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට තමන් උත්සාහ දරමින් සිටින බව කැනඩා විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd4I10PtHw11b1PiJLk08jnyzS1vCA5nxaL-ZyDVW7YnPTgRo7_6fRAlwKTOpmhOtQkEqJJBxKjgnhlinZHiqlNTSLc5tV0SHoIc5n4CPTuVPI_pqO4aSZstwt_-FeBm2xMKApoVPG7EfO/s320/3BD8519000000578-0-image-a-52_1483544510321.jpg)
පිටත අභ්‍යවකාශයේ සිට පෘථිවිය කරා පැමිණෙන රේඩියෝ තරංග ග‍්‍රහණය කර ගැනීමට නිර්මාණය කළ උපකරණයක් ලෙස රේඩියෝ දුරේක්ෂ හෙවත් ගුවන් විදුලි දුරේක්ෂ ලෙස හැඳින්වෙයි. රේඩියෝ දුරේක්ෂයක් ප‍්‍රධාන කොටස් තුනකින් යුක්ත වෙයි. විශ්වයේ සිට පැමිණෙන රේඩියෝ තරංග එක්රැුස් කර ගැනීම සිදුකරන ඇන්ටනාව ප‍්‍රධාන කොටසය. ඇන්ටනාවේ වැදී පරාවර්තනය වන තරංග එක් රැස් කරගන්නා කොටස හැඳින්වෙන්නේ විස්තාරකය කියාය. මෙය රේඩියෝ දුරේක්ෂයේ දෙවැනි ප‍්‍රධාන කොටස වෙයි. තෙවැනි ප‍්‍රධාන කොටස වන්නේ දුරේක්ෂයට සම්බන්ධ කළ පරිගණක පද්ධතියයි. පෘථිවියේ රේඩියෝ තරංග සහ විශ්වයේ ඈතින් පැමිණෙන රේඩියෝ තරංග තෝරා බේරා ගෙන වෙන් කර හඳුනා ගැනීම සිදු කරන්නේ මෙම පරිගණක පද්ධතියෙනි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf8Tzc0Jyt8MwN_iWMhruRlHK6JGCuDl2P3Mpb_XS_TS1jJuAIBaeuJ1GiT4XFi9PXjD2upT11R0fjCX3Q3K9Y4HKXHnUQXVdKQ5YYjLsPBP1KN___-cRTc-szhMIPfc_p4UGrJ6FCibsq/s320/3BD8519600000578-0-image-a-51_1483544503691.jpg)
රේඩියෝ දුරේක්ෂවලින් කෙරෙන්නේ රේඩියෝ සංඥා පමණක් හසුකර හඳුනා ගැනීම පමණයි. සෙසු අභ්‍යවකාශ දුරේක්ෂවලින් සිදුවන්නේ ආලෝක සංඥා හඳුනා ගැනීමය. රේඩියෝ තරංග ආලෝක තරංගවලට වඩා දිගය. එහෙයින්, රේඩියෝ තරංග දුරේක්ෂවලට භාවිතා කරන තැටියේ (විස්තාරකය) විෂ්කම්භය මීටර් 100 ක් තරම් අති දැවැන්තය. ඇතැම් රේඩියෝ දුරේක්ෂවලට අති දැවැන්ත තැටියක් නොමැති අතර ඒවා කුඩා තැටි රැසකින් සමන්විත වෙයි. මෙවැනි කුඩා තැටි රැුසක් ඇති විටදී පැහැදිලි රූප ලබා ගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙවැනි කුඩා තැටි එක ස්ථානයක නොව ස්ථාන කිහිපයක ස්ථාපිත කෙරේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0NrsyGxs9Xj_cfRx5jbwNGRX7Udf99X6UpwShxbzxIOGdmlVxz5IgWiR2zOgZCaArCPNFZLB5UG0I6h68YkShB6BWoId9Zc22uAGxZSm48DGsLD1JEm0CjJKw-iflYujRvwk6f3BZH_GD/s320/Aliens.jpg)
විශ්වයේ බුද්ධිමත් පිටසක්වළ ජීවීන් සිටී නම්, පෘථිවියේ ජීවත් වන අප ඔවුන් සමඟ සබඳතා පැවැත්විය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් තර්කවිතර්ක පවතී. ජීවමානව සිටින මහා විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් අනතුරු අඟවන්නේ අප පිටසක්වළ ජීවීන් සමඟ සම්බන්ධකම් පැවැත්වී නුවණට හුරු දෙයක් නොවන බවය. කීර්තිමත් භෞතික විද්‍යාඥයකු වන හෝකින්ස් පවසන්නේ, බුද්ධිමත්, දියුණු පිටසක්වළයින් පිරිසක් පෘථිවිය ගැන හෝ පෘථිවියේ ජීවය පැවැතීමට හිතකර සාධක පවතින බව දැනගත්තොත්, ඔවුන් පැමිණ පෘථිවිය ආක‍්‍රමණය කරාවි කියාය. උදාහරණයක් ලෙස එය කොලම්බස් විසින් ඇමෙරිකාව සොයාගත්තා හා සමාන වනු ඇතැයි හෝකින්ස් පැහැදිලි කරයි. දේශගවේෂක කොලොම්බස් යුරෝපයේ සිට පැමිණ ඇමෙරිකාව සොයා ගැනීමෙන් පසු, ඇමෙරිකාවේ විසූ ස්වදේශීය රතු ඉන්දියානුවන්ගේ අවසානය සනිටුහන් විය. රතු ඉන්දියානුවෝ සමූල ඝාතනය කෙරුණාහ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEih078_Ch21iqj7HLaLI1BulGqGdp7U7l3xE5pWnlN35E9kIfXzDuFMdxdJnpuAowAPGYkq2cypvHlLe4stX_pfY0BxUVsbU_OndjlC5nM_i0Uv0J3fS4yqFCxZ-Tv5N-Ce23tuLR58mznf/s320/FAST-la-Chine-s-offre-le-plus-grand-radiotelescope-du-monde_width1024.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9XetS6RtL5aL4wmYUR3nIOQDaLPIddFVsJ7rD8-IbguVBi1R7zGDcv3r7pioXEIwo0uMAwRgqYFLVF2QZECjSk4Rs-QZAn25curSyutmc5s2_6J3qdjdGB_6nCWRCDx4RaYKt5dAn8Akl/s320/217457-radio-telescopes.jpg)
විශ්වයෙන් පැමිණෙන බුද්ධිමත් ජීවින්ගේ සංඥා සෙවීමට ස්ථාපිත කළ ‘සෙටී’ ආයතනයේ ප‍්‍රධානී ජිල් ටාටර් දක්වන්නේ වෙනස් අදහසකි. ඇය මෙසේ කියයි. ‘පෘථිවියේ අප සමඟ සම්බන්ධකම් පවත්වන්න පුළුවන් විදියේ බුද්ධිමත් ජීවීන් පිරිසක් විශ්වයේ සිටිනවා නම්, ඔවුන් තාක්ෂණයෙන් පිරුණු, සාමකාමී ජීවීන් පිරිසක් විය යුතුයි. ඔවුන් සතුරන් වීමට ඇති ඉඩකඩ ඉතා අල්පයි. ඔවුන්ගේ තාක්ෂණය අපට තර්ජනයක් වේවි කියා මම නම් හිතන්නේ නැහැ’.
0 Comments