HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ති‍්‍රමාන මුද්‍රණයෙන් තැනූ ලොව පළමු පාලම!

නවීන තාක්ෂණයේ අරුමයක් යැයි සැලකිය හැකි ති‍්‍රමාන මුද්‍රණ (3D printing) ක‍්‍රමය අද නොයෙක් නොයෙක් නිර්මාණ සඳහා යොදා ගැනෙනවා. කෘති‍්‍රම කන් අත් ආදියේ සිට නොයෙක් නොයෙක් නිර්මාණ ති‍්‍රමාන මුද්‍රණයෙන් බිහිවෙනවා. පසුගියදා මුහුදු කැස්බෑවකුට හක්කක් ති‍්‍රමාන ක‍්‍රමයට මුද්‍රණ කර සවි කළ හැටි ‘මල් කැකුුළු’ තුළින් කියෙව්වා ඔබට මනක ඇති. ඒ අනුව ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමයෙන් නිර්මාණය වුණු ලොව පළමු කුඩා පාලම ගැන පසුගිය දා වාර්තා වුණා. ඒ, ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරින්.

උද්‍යාන පාලම

ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවර ඇල්කොබෙන්ඩාස් පළාතේ කැස්ටලීනා දෙ මන්චා නමැති උද්‍යානයේ කුඩා දිය පහරකට ඉහළින් ති‍්‍රමාව මුද්‍රණ තාක්ෂණය යොදා ගනිමින් මෙම කුඩා පාලම ඉදිකිරීමට කටයුතු කළේ කැටොලිනා වාස්තු විද්‍යායතනයයි. කැටොලිනා වස්තු විද්‍යායතනය ඔවුන්ගේ ඉදිකිරීම් සඳහා සැමවිටම නව තාක්ෂණය භාවිතයට ගන්නවා. ඔවුන් ඉදිරියේ දී ති‍්‍රමාන මුද්‍රණ තාක්ෂණය යොදා ගනිමින් ඉදිකිරීම් රැසක් කිරීමට ද බලාපොරොත්තු වෙයි. මෙම කටයුත්තට සිවිල් ඉන්ජිනේරුවන් පමණක් නොව මැඞ්රිඞ් නගරසභා බලධාරීන් එක්වුණු බව ස්පාඤ්ඤ පුවත් සේවා වාර්තා කරනටා.



පරිගණක සහ ස්කෑන් යන්ත‍්‍ර භාවිත කරමින්, ඩිජිටල් ක‍්‍රමයකට, ති‍්‍රමාන ඝන වස්තූන් නිර්මාණය කිරීම ති‍්‍රමාන මුද්‍රණයයි. අපි සාමාන්‍ය මුද්‍රණ යන්ත‍්‍රයකින් (පි‍්‍රන්ටරයකින්) කෙළයක් මුද්‍රණය කර ගන්නවා සේ මෙහිදී සිදුවන්නේ කිසියම් ඝන වස්තුවක් මුද්‍රණය කිරීමය. ස්කෑන් කර පරිගණක ගත කළ ඕනෑම වස්තුවක්, පියවරෙන් පියවර ක‍්‍රමානුකූලව මුද්‍රණය කිරීම සිදුවෙයි. ඒ, පරිගණකයට සම්බන්ධ කළ රොබෝ යන්ත‍්‍ර හරහාය. ලී, මැටි, කොන්කී‍්‍රට්, ප්ලාස්ටික් ආදී ඕනෑම මාධ්‍යයකින් අවශ්‍ය වස්තුව මුද්‍රණය වෙනවා. විශාල වස්තුවක් නම්, එය එකලැස් කිරීමට පහසු වන ආකාරයට කොටස් කිහිපයකට මුද්‍රණය කර ගැනීම කළ හැකිවෙනවා.

කැස්ටලීනා දෙ මන්චා උද්‍යානයේ කුඩා දිය පහරට ඉහළින් ඉදි කෙරුණු අඩි 40 ක් උසකින් යුත් මෙම පාලම පසුගිය දා විවෘත කෙරුණා. කැටොලිනා සමාගමේ තාක්ෂණ ශිල්පීන්, ඉන්ජිනේරුවන්, ස්පාඤ්ඤ රජයේ උසස් නිලධාරීන් සහ මැඞ්රිඞ් නුවර බලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව්ණා. ති‍්‍රමාන මුද්‍රණ තාක්ෂණයෙන් නිර්මාණය කළ පළමු පාලම විවෘත කිරීමේ අවස්ථාව ලොව මාධ්‍ය රැසක අවධානය දිනා ගැනීමට ද සමත් වුණා.

පරිගණක උපයෝගී කර ගනිමින්, ති‍්‍රමාන ආකාරයට මෙම පාලම කොටස් අටකින් මුද්‍රණය වුණා. පරිගණකයෙන් ලැබුු උදෙස් මත පාලම තැනීම සිදුවූයේ රාබෝ තාක්ෂණයෙන්. ඊට කොන්කී‍්‍රට් කුඩු සහ පොලිපොපි‍්‍රන් යොදා ගෙන තියෙනවා. එහෙයින් පාලම ශක්තිමත් මෙන්ම දැඩි තාපයකට ද ඔරොත්තු දෙනවා. ‘අඩු වියදමකින් අඩු මිනිස් ශ‍්‍රමයකින් තමයි අප මේ පාලම ඉදිකළේ. මේ පාලම ඉක්මනින් ඉදි කළ එකක්. ඒ වගේමයි හරිම ශක්තිමත්. අප මේ පාලම නිර්මාණයට ඉදිකළ අමුද්‍රව්‍ය ප‍්‍රතිචකී‍්‍රයකරණයට ලක් කරන්නත් පුළුවන්. ඒවා පරිසර හිතකාමීයි. මෙයයි අනාගතය. මෙය සිවිල් ඉන්ජිනේරු තාක්ෂණයේ නව පියවරක්.’ යැයි පාලම ඉදිකළ නිර්මාණකරුවෝ මාධ්‍ය හමුවේ කියා සිටියා.



Post a Comment

2 Comments