HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත බැංකු ගිණුමක්!

මොහොතක් සිතන්න ඔබට ලොකු දිනුමක් ලැබුණ කියල.
ඒ අනුව ඔබේ පුද්ගලික බැංකු ගිණුමට හැමදාම රුපියල් 86400ක මුදලක් ලැබෙනවා.
ඒ මුදල ඔබ කැමති දෙයකට වියදම් කරන්න පුළුවන්. ඒත් කොන්දේසි සහිතයි!

ඒ කොන්දේසි මේවායි:
  1. එදාට උදේට ලැබෙන මුදල් සියල්ල එදා දවස ඇතුළත් වියදම් කරන්න ඕනෑ
  2. ඒ මුදල් ඔබේ වෙන ගිණුමකට මාරු කරන්න ඔබට අවසර නැහැ
  3. ඔබට ඒවා වියදම් කරන්න විතරයි අවසර තියෙන්නේ
  4. හැමදාම උදේට ඔබ නැගිටින කොටම බැංකුව ඔබේ ගිණුමට මේ රුපියල් 86400 මුදල දමනවා එදා දවස ඇතුළත ඔබේ වියදමට ගන්න
  5. බැංකුවට පුළුවන් කලින් දැනුම් දීමක් නැතුව ඕනෑම වෙලාවක මේ මුදල් ඔබට ලබා දීම අත්හිටුවන්න බැංකුවට පුළුවන් ඒ ගිණුම වසා දමන්න


එදාට මේ සෙල්ලම ඉවරයි!

ඊට පස්සේ ඔබට අලූත් ගිණුමක් ලැබෙන්නෙත් නැහැ

මේ වගේ අවස්ථාවක් ඔබට ලැබුණොත් ඔබ මොකද කරන්නේ?
ඔබට අවශ්‍ය හැම දෙයක්ම මිලදී ගන්න විතරක් නොවෙයි ඔබේ ආශාවන් හැම එකක්ම සපුරා ගන්නත් ඒවා වියදම් කරනවාද? ඒ මුදල කොච්චර ලොකුද කීවොත් ඔබේ අවශ්‍යතාවලට වියදම් කරල ඒ මුදල අවසන් කරන්න බැහැ
ඒ නිසා ඔබට සිදුවේවි එයින් ඔබේ සමීපතමයන්ට අවශ්‍ය හැම දෙයක්මත් අරන් දෙන්න
ඒත් ඒ මුදල ඉවර කරන්න බැහැ
ඒ නිසා ඊළඟට ඔබට සිදුවේවි ඒ මුදල ඔබ නොහඳුනන අයටත් වියදම් කරන්න
ඔබ උත්සාහ කරාවි ඒ ලැබෙන හැම සතයක් ම එදා දවස ඇතුළත වියදම් කරන්න
ඒ මොකද ඔබ දන්නවනේ ඔබට ලැබෙන මේ මුදල එදාම වියදම් කරල ඉවර කරන්න ඕනෑ බව පහුවදා උදේට නැවතත් අලූතෙන් 86400ක් ඔබේ ගිණුමට ලැබෙනවනේ!

ඇත්තයි!! මේ සෙල්ලම හැබෑවටම සිදුවන්නක්!

හරිම පුදුමයි නේද?

අප හැමදෙනාටම හැමදාම උදේට මේ දිනුම ලැබෙනවා!

ඒත් ඒ ගැන අපට දැනුමක්වත් හැඟීමක්වත් නැහැ

මේ දිනුම අන් කිසිවක් නොවෙයි - ‘කාලය’යි
  1. හැමදාම උදේට අප හැම කෙනකුටම අවදිවන විට අපේ ජීවිතයෙන් තත්පර 86400ක් ලැබෙනවා තෑග්ගක් හැටියට
  2. රාති‍්‍රයේ නින්දට යන විට එයින් ඉතිරිවන කිසිවක් පහුවදාට අපේ ගිණුමට එකතු වෙන්නේ නැහැ
  3. වියදම් නොකළ ඒවා සදහටම අපට අහිමි වෙනවා
  4. ඊයේ දවස අපට ආපහු ලබා ගන්න බැහැ
  5. හැමදාම උදේට ඔබේ ගිණුම නැවතත් අලූත් වෙනවා

ඒ වගේ ම බැංකුවට පුළුවන් කලින් දැනුම් දීමක් නැතුව ඔබේ ගිණුම අවසන් කරන්න

දැන් ඉතින් ඔබ ඔබේ මේ තත්පර 86400න් කුමක්ද කරන්න යන්නේ ?
මේ හැම තත්පරයක් ම රුපියලකට වැඩිය වටිනවා
ඒ බව මතක තියාගෙන හොඳින් සිතාමතා හැම තත්පරයකින් ගත හැකි උපරිම ප‍්‍රයෝජනය ගන්න! ඒ වගේ ම කාලය වේගයෙන් ගලා යන්නක් බවත් අමතක කරන්න එපා!
හැම තත්පරයකින් ඵලදායී දෙයක් කරන්න! ජීවිත විඳින්න! විඳවන්න එපා!

ඔබට සාර්ථක දවසකට අපේ සුබපැතුම්! දැන් ‘වියදම්’ කරන්න පටන් ගන්න!

වයසට යාම ගැන දුක්ගැනවිලි කියන්න එපා!

ඒකත් හැමෝටම ලැබෙන වාසනාවක් නෙවෙයි

Post a Comment

2 Comments

  1. අම්මපා සහතික ඇත්ත.... මම නම් වැඩිහරියක් වියදම් කරන්නේ පරිඝණකය ඉස්සරහ... ඊට පස්සෙ ඇකමඩේශන් එකේ... ඔච්චරයි... වෙන මොනව කියල කරන්නද බන් මේ රට වල ඉදල??

    ReplyDelete