HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඩ්‍රෝන යානයක ඇසින් ලොව විස්මිත දසුන් නරඹන්න!

අප ජීවත් වන ලෝකයේ ගුවනේ සිට බලන විට කෙතරම් විස්මිතද? කුරුල්ලකු මෙන් පියාසර කරමින් ගියොත් මේ දසුන් නිසැකවම දැක ගත හැකියි. පහළට ගලා යන විස්මිත දිය ඇලි, නගරවල ඉහළ අහසට විහිදෙන ගොඩනැගිලි, මවන දසුන් පෙළක් ගෙන ඒමට රුසියානු ඡුායාරූප ශිල්පීන් පිරිසක් සමත් වී තියෙනවා.

එයා පෑනෝ (AirPano) නමින් අන්තර් ජාලයට එක්කර තියෙන මේ අපූරු ඡායාරූප පෙළ එක් රැස්කර ගන්නට ඔවුන් ලොව පුරා ගුවනින් ගිහින් තියෙනවා. අහස් යානාවලින් හෙලිකොප්ටරවලින් උණුසුම් වාතය පිර වූ බැලූනවලින් විතරක් නෙවෙයි, ඩ්‍රෝන යානා (Drone) හෙවත් දුරස්ථපාලක නියමුවකු රහිත කුඩා ගුවන් යානා පවා ඔවුන් මේ සඳහා යොදා ගත්තා.

ඔවුන්ගේ මේ ඡායාරූප අතරට ඇමරිකාවේ මෑන්හැට්න් සෙන්ට‍්‍රල් පාක් උද්‍යානය, ප‍්‍රංශයේ පැරිසියේ ආක් ඩි ටි‍්‍රයෝම්ප් උද්‍යානය, නෙදර්ලන්තයේ අගනුවර වූ ඇම්ස්ටර්ඩම්හී වෙස්ටර්ඩොක් දිස්ති‍්‍රක්කය, වගේම මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නාගරිකයත් ඔවුනගේ මේ ඇල්පිනෝ ඡායාරූප එකතුවෙන් දැක ගන්න පුළුවන්.

අලංකාර දිය ඇලි කීපයක්ද මේ පින්තූර එකතුවට ඇතුළත් වෙනවා. ඒ අතර ලෝකයේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන වෙනෙසුවේලාවේ ඒන්ජල් දිය ඇල්ල වගේම බ‍්‍රසීලයේත් ආජෙන්ටිනාවේත් දේශසීමා අතර පිහිටි ඉගුවාසු දිය ඇල්ලත් දැක ගන්න පුළුවන්.

සොබාදහම මවන අනෙක් සිත්තම් අතර ඇමෙරිකාවේ ඌටා ප‍්‍රාන්තය හරහා දඟර ගැහෙමින් යන සැන් ජුවන් ගාගාව, කෙන්යාවේ බොගෝරියා විලෙහි සියක්කාරයන් මවන දසුන විශේෂයෙන් කැපී පෙනෙනවා.

එයාපෑනෝ වෙබ් අඩවියට (http://www.airpano.com/Photogallery-AirPano.php) ගියොත් ඔබට මේ දර්ශන වීඩියෝ ලෙසින් අංශක 360 කෝණයකින් නරඹන්න පුළුවන්.

මේ විස්මිත ඡායාරූප එකතුවට පොළොවේ ස්ථාන 200ක පමණ දර්ශන 2000ක් පමණ ඇතුළත් කර තියෙනවා. උත්තරධ‍්‍රවයේ පමණක් නොව ඇන්ටාර්ක්ටිකාවේ, මරියානා අගාධයේ පින්තූරත් මෙයට ඇතුළත් වෙනවා. ඒ හැරෙන්නට ඔබට ස්තරගෝලයේ සිට පෘථිවිය නරඹන්නත් පුළුවන්.


වෙනෙසුවේලාවේ පිහිටි චුරන්-මේරු(මකරා) හා කෝටිනා දිය ඇලි. ලෝකයේ විස්මිත දසුනක් ලෙස සැලකෙන වෙනෙසුවේලාවේ ඒන්ජල් දිය ඇල්ලත් මේ දසුනේ කොටසකි.



ප‍්‍රංශයේ අගනුවර වූ පැරිසියේ ආක් ඩි ටි‍්‍රයෝම්ප් උද්‍යානය අවට දසුන. එහි මැද පිහිටි ආක් ඩි ටි‍්‍රයෝම්ප් ස්මාරකය පහසුවෙන් හඳුනා ගත හැකිය.


මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි නාගරික දසුන් ඔවුන්ගේ කැමරා ඇසට හසුවුණේ මෙහෙමයි.


බ‍්‍රසීලයේත් ආජෙන්ටිනාවේත් දේශසීමා අතර පිහිටි මේ අලංකාර ඉගුවාසු දිය ඇල්ලෙන් ඉගුවාසු ගංගාව ඉහළ පහළ යනුවෙන් දෙකට බෙදෙන්නෙ.



බ‍්‍රසීලයේත් ආජෙන්ටිනාවේත් දේශසීමා අතර පිහිටි මේ විස්මිත ඉගුවාසු දිය ඇල්ල නරඹන්න විශේෂ පීඨීකා ඉදිකර තියෙනවා.



නෙදර්ලන්තයේ අගනුවර වූ ඇම්ස්ටර්ඩම්හී වෙස්ටර්ඩොක් දිස්ති‍්‍රක්කය නගරය මදින් දිවෙන ඇළෙහි බෝට්ටු නවතා තිබෙන අයුරු මෙහි දී ඔබට පැහැදිලිවම දැකගත හැකියි.


ඇමරිකාවේ මෑන්හැට්න් සෙන්ට‍්‍රල් පාක් උද්‍යානය හා අවට ගොඩනැගිලි අහසට දිස්වෙන්නේ මෙහෙමයි.



ඇමෙරිකාවේ ඌටා ප‍්‍රාන්තය හරහා දඟර ගැහෙමින් යන සැන් ජුවන් ගාගාව.


කෙන්යාවේ බොගෝරියා විල සියක්කාරයන් (ෆ්ලැමින්ගෝ) ගෙන් පිරී අලංකාර වී ඇති අයුරු


කෙන්යාවේ බොගෝරියා විල සියක්කාරයන් (ෆ්ලැමින්ගෝ) විසින් අලංකාර රටා මවන අයුරු


සංචාරකයන්ගේ සුවිශේෂ ආකර්ෂනයක් වූ වියට්නාමයේ හාලෝන් බොක්ක මවන දසුනක්


ගී‍්‍රසියේ සැන්ටෝරිනී දූපත සොබා අලංකාරයට අමතරව සංචාරකයන් වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිලිවලින් සමන්විතයි.


ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරය ඔවුන් නිර්මාණය කර ඇත්තේ අහසේ සිට බලන්නකුට විස්මිත රටා මැවෙන විදියටයි.



අයිස්ලන්තයේ යර්කුර්සර්ලොන් (Jokulsarlon) අයිස් කලපුව. මේ විස්මිත දසුනෙන් ඔබට පෙනෙන්නේ මුහුදේ තැන තැන විසිර ඇති පාවෙන අයිස් කඳු හෙවත් යෝධ හිම තට්ටු (Giant icebergs) රාශියයි.

ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරය ඔවුන් නිර්මාණය කර ඇත්තේ අහසේ සිට බලන්නකුට විස්මිත රටා මැවෙන විදියටයි.



වෙනෙසුවේලාවේ ඇති ඒන්ජල් දිය ඇල්ල. එක දිග නොකැඞී ඇද හැළෙන මේ දිය දහර පොළොවේ සිට මීටර 979ක් උසය. ඇද හැලෙන දිය දහරේ මුළු දිග මීටර් 807කි.


රුසියාවේ මොස්කොව් නගරයේ පිහිටි සාන්ත බැසිල් දෙව්මැඳුර. 1561 වසර තරම් පැරණියි. වැසිලි දේවස්ථානය යනුවෙන්ද හැඳින්වෙන මෙය පිහිටා ඇත්තේ මොස්කොව් රතුචතුරස‍්‍රය තුළයි.

Post a Comment

3 Comments

  1. බොහොම ස්තූතියි ලෝකෙ වටේ අපූරු චාරිකාවක් එක්කන් ගියාට..

    ReplyDelete
  2. මාර ලින්කුවක් දුන්නේ බලන්න ගත්තම වෙලාව යනවා තේරෙන්නෑ ...... බොහොමත්ම ස්තුතියි

    ReplyDelete
  3. බොහොම ස්තූතියි

    ReplyDelete