මෙය ඔබේ දෙවැනි කාරය ලෙස පාවිව්චි කරන්න පුළුවන්. නගරයේ වාහන තදබදය ඇති විට ඔබ සාමාන්‍යයෙන් යන කාරය වෙනුවට මෙය පාවිව්චි කරන්න පුළුවන්. ඔබේ කාර්යාලය ළඟට විතරක් නෙවෙයි කාර්යාලය ඇතුළෙත් ඔබට මේ කාරයෙන් යන්න පුළුවන්.
බෑගයක දමාගෙන යා හැකි ලෝකයේ ප්‍රථම කාරය මෙයයි. මේ පුංචි කාරය සැහැල්ලූයි! බර කිලෝ ග්‍රෑම් 2ත් 3ත් අතරයි. තනා ඇත්තේ ඇලූමීනියම්වලින්. මෙහි බර වෙනස් වෙන්නේ ගෘහස්ථ හා එළිමහන් මාදිලිය අනුවයි. බැලූ බැල්මට මෙය කාරයකට වඩා ලිහිසි පුවරුවකට (Scateboard) සමානයි.
මල්ලක දමාගෙන යාහැකි ‘වෝක්කාර්’ වාහනයයි මේ. මිල ඩොලර් 800ක්. උපරිම වේගය පැයට කිලෝමීටර 10ක්! ඔබේ බරෙන් තමයි මෙය හසුරුවන්නේ.
ලිතියම් බැටරියකින් පණ ගැන්වෙන මෙය ලැප්ටොප් එකකට වඩා ලොකුු නැහැ. හැඩයෙන් කාරයකට වඩා ලිස්සා යන පුවරුවකට සමානයි.
ඔහු මෙය ‘වෝක්කාරය’ කියා නම් කළත් මෙය වඩාත් නිවැරදිව හැඳින්විය හැක්කේ ට්‍රාන්ස්පෝටර් (transporter) හෙවත් ප්‍රවාහකයක් ලෙසයි. මෙයින් විවිධ ප්‍රයෝජන ගත හැකියි. මෙය ආධාර කර ගෙන රෝද පුටුවක් පහසුවෙන් තල්ලූ කර ගෙන යා හැකියි.
මෙම ප්රවාහකයට යා හැකි උපරිම වේගය පැයට කි.මී 10 (පැයට හැ. 6.2)ක්. එහි ඇති ලිතියම් බැටරිය වරක් පැය තුනක් ආරෝපණය කළ විට කිලෝමීටර් 12ක පමණ දුරක් යන්න පුළුවන්! මෙයට කිලෝග්‍රෑම් 120ක (රාත්තල් 265) උපරිම බරක් දරා ගෙන හැකියි. මෙය පැද වීම ඉතා පහසුයි.
එහි යන්නා නැඟ ගත් පසු ඉබේම ධාවනය වන්නට පටන් ගන්නවා! ඔහු ඉන් ඉවත් වූ පසු මෙය එක්වරම නතර වෙනවා. පැදයන්නාගේ බරින් තමයි මෙය පාලනය වන්නේ. සිරුර පැත්තකට මඳක් පැත්තකට ඇල කිරීමෙන් මෙය හැරවිය හැකියි.
සියල්ලටම වඩා වැදගත්ම දෙය මෙය නවතා තැබීමට රථ ගාලක් අවශ්‍ය නොවීමයි. පාවිච්චි නොකරන විට මෙය මල්ලක නැත්නම් බෑගයක දමා තැබිය හැකියි.
සයිටෝ කියන්නේ විදුලියෙන් දුවන මෝටර් රථ පාලන පද්ධති ගැන හදාරද්දි මේ නව නිපැයුම ගැන අදහස ඔහුගේ හිතට ආ බවයි.
‘අපේ වාහනය අපේ බෑගවලම දමා ගෙන යා හැකි නම් කොයිතරම් අපූරුදුද කියල මට හිතුණා. එහෙම වුනොත් අපට යන යන තැන ඒක ගෙන හැකියි. පාක් කිරීමේ ප්‍රශ්නයක් මතු වෙන්නෙත් නැහැ. මං මගේ විදුලි මෝටර්රථ පද්ධති පිළිබඳ උපාධිය හදාරද්දියි මට මේ අදහස මගේ හිතට ආවේ.’ ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් රොයිටර් පුවත්සේවයට කියා තිබුණා.
පෙනුමෙන් සැහැල්ලූ ඇලූමීනියම් පුවරුවක් බඳු වුවත් මෙමගින් කිලෝග්‍රෑම් 265ක බරක් ගෙන යා හැකියි.
දැනට භාවිතයේ ඇති මෙවැනි යානා වන සෙග්වේ (Segway) හා ටොයොටා සමාගමේ වින්ලට් (Winglet) යන ඒවා ප්‍රමාණයෙන් විශාල, ඒ වගේ ම බරින් වැඩි ඒවා නිසා මේ නව යානයට ලොකු ඉල්ලූමක් ඇති වේවි කියලයි, සයිටෝ හිතන්නෙ.
‘මෙතුවක් කලක් සිදුවුණේ ඇමරිකාව පර්යේෂණ කොට නව නිපැයුමක් තැනූ විට ජපානය එය බාර ගෙන වැඩි දියුණු කොට නැවත නිපදවීමයි. ඒත් මේක ජපානයේ ම නව නිපැයුමක්. මම අලූතින්ම තැනූවක්. මට ඕනෑ වුණා, ජපානයේ අපටත් අලූතින් ම යමක් නිර්මාණය කළ හැකියි, කියලා ලොවට පෙන්වන්න.’
සියල්ලටම වඩා වැදගත්ම දෙය, මෙය නවතා තැබීමට රථ ගාලක් අවශ්‍ය නොවීමයි. පාවිච්චි නොකරන විට මෙය මල්ලක නැත්නම් බෑගයක දමා තැබිය හැකියි.
මෙම ප්රවාහකයට යා හැකි උපරිම වේගය පැයට කි.මී 10 (පැයට හැ. 6.2)ක්. එහි ඇති ලිතියම් බැටරිය වරක් පැය තුනක් ආරෝපණය කළ විට කිලෝමීටර් 12ක පමණ දුරක් යන්න පුළුවන්!
සයිටෝ වැඩි දුරටත් කියන්නේ ‘කික් ස්ටාර්ටර්’ (Kickstarter) වෙබ් අඩවිය හරහා මෙය ලොව ඕනෑම රටක කෙනකුට වෙන් කරවා ගන්න පුළුවන් බවයි. එකක මිල ඇමරිකන් ඩොලර් 800ක්!
1 Comments
Super Product !! :D
ReplyDelete