Skip to main content

Posts

Showing posts from September, 2015
malkakulu_youtube_page malkakulu_facebook_page

සිංහල චිත‍්‍රකතා වංශ කතාවේ අමරණීය සලකුණ - දයා රාජපක්‍ෂ

දයා රාජපක්‍ෂයන්ගේ අභාවය ජූලි 26 වැනි කන වැකීමත් සමග මට දැනුනේ චිත‍්‍ර කතා කලාවේ එක් දීප්තිමත් යුගයක් අවසාන වූ බවයි. චිත‍්‍රකතාව පුවත්පත් විශේෂාංගයක් බවට පත් වූයේ 19 වැනි සියවසේ මුල් භාගයේ දී වුවත් එය පුවත්පත්වලට නැතුව බැරි අංගයක් වූයේ දයා රාජපක්‍ෂගේ පිවිසීමත් සමගය. මුල දී චිත‍්‍රකතා තීරු හාස්‍යය දැන වූ විකට ඒවා වුවත් දයා ඒවා ගැඹුරු සමාජ විග‍්‍රහයන් කරන, තමන් ජීවත්වන සමාජය තේරුම් ගැනීමට පාඨකයා පොලඹවන, උසස් මට්ටමකට පත් කළේය. චිත‍්‍රකතා කියවීම බොළඳ කටයුත්තක් ලෙසත් ළමයින්ට හා යොවුන් පරපුරට සීමා වූවක් ලෙසත් සැලකූ යුගයට තිත තබමින් චිත‍්‍රකතාවට ගෞරවනීය තත්වයක් ලබා දීමට දයා සමත් වූයේය.

ලොව පළමු වරට බෑගයක දමාගෙන යා හැකි ‘ඇවිදින කාරයක්’ ජපානයෙන්!

ජපානයෙන් අපූරු කාරයක් එනවා! ‘වෝක්කාර්’ (WalkCar) එහෙමත් නැත්නම් ‘ඇවිදින කාරය’ කියලයි නම් කරල තියෙන්නේ. තනි අයකුට යා හැකි මේ කාරය හරිම සරලයි! පුංචියි! ලැප්ටොප් එකක් වාගේ මෙය පුංචි මල්ලක දා ගෙන අතේ ගෙන යන්නත් පුළුවන්!

මෙය ඔබේ දෙවැනි කාරය ලෙස පාවිව්චි කරන්න පුළුවන්. නගරයේ වාහන තදබදය ඇති විට ඔබ සාමාන්‍යයෙන් යන කාරය වෙනුවට මෙය පාවිව්චි කරන්න පුළුවන්. ඔබේ කාර්යාලය ළඟට විතරක් නෙවෙයි කාර්යාලය ඇතුළෙත් ඔබට මේ කාරයෙන් යන්න පුළුවන්.

බෑගයක දමාගෙන යා හැකි ලෝකයේ ප‍්‍රථම කාරය මෙයයි. මේ පුංචි කාරය සැහැල්ලූයි! බර කිලෝ ග්රෑම් 2ත් 3ත් අතරයි. තනා ඇත්තේ ඇලූමීනියම්වලින්. මෙහි බර වෙනස් වෙන්නේ ගෘහස්ථ හා එළිමහන් මාදිලිය අනුවයි. බැලූ බැල්මට මෙය කාරයකට වඩා ලිහිසි පුවරුවකට (Scateboard) සමානයි.

මල්ලක දමාගෙන යාහැකි ‘වෝක්කාර්’ වාහනයයි මේ. මිල ඩොලර් 800ක්. උපරිම වේගය පැයට කිලෝමීටර 10ක්! ඔබේ බරෙන් තමයි මෙය හසුරුවන්නේ.
ජපානයේ කොකෝවා මෝර්ටර්ස් ආයතනයේ කුනියාකෝ සයිටෝ (Kuniako Saito) තමයි, මේ අපූරු කාරයේ නිමැවුම්කරුවා. විසිහය හැවිරිදි සයිටෝ සිය නිෂ්පාදන කණ්ඩායමත් සමග පසුගියදා මේ විස්මිත රිය එළිදැක්වුවා ජපානයේදි.

ලිතියම් බ…