HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මහමගදී ඔබේ ආරක්‍ෂාවට විස්මිත ‘රැකවලෙක්’! විස්මිත උපකරණයක්!

ඔබට හදිසි තත්වයක දී උදව් ගන්න ළඟදීම ගුවනින් ඩ්‍රෝනයකු ගෙන්වා ගන්න පුළුවන් වේවි. ඔබේ ජංගම දුරකතනයේ බොත්තමක් එබීමෙන් පමණක් ඔබට ක්‍ෂණයකින් මෙය කරවා හැකියි.

ඔබේ උදව්වට ඒ ඩ්‍රෝනය හෙවත් නියමුවකු රහිත කුඩා ගුවන් යානය ඔබ මුහුණ පා තියෙන අනතුරෙන් ඔබව ගලවා ගන්නට වේගයෙන් අහස සිසාරා එනු ඇති.

නිදසුනක් වශයෙන් ඔබට කිසියම් පුද්ගලයකු පහරදෙන්න එනවාය කියා. ඔබ මේ සේවය සඳහා ඔබේ ජංගම දුරකතනය යොමු කර තිබෙනවා නම් ඔබේ සහයට මේ අමුත්තා ගුවනින් ඇවිත් ඔබේ සතුරා මෙල්ල කර ගැනීමට උදවු වෙනවා.

 
අහසින් එන ඔබේ ගැලවුම්කාරයා මෙන්න! ඔබේ අනතුර ගැන පොලිසියට දන්වා පොලිසිය එනතෙක් ඔබේ සහයට මේ ආරක්‍ෂයා මෙසේ එනු ඇති!

මේ විස්මිත උපකරණය කි‍්‍රයා කරන්නේ මෙහෙමයි:

ඔබේ ප‍්‍රතිචාරය ලැබෙන පිළිවෙළ අනුව මේ අපූරු උපකරණය දෙයාකාරයකින් කි‍්‍රයා කරනවා.

එක් ක‍්‍රමයකට අනුව දුරකතනයේ බොත්තමක් එබූ පමණින් පණිවිඩය ඩ්‍රෝන පාලක මධ්‍යස්ථානයට යනවා විතරක් නෙවෙයි, එය වහා කි‍්‍රයාත්මක වී ඔබේ සහයට එනවා.

අනෙක් ක‍්‍රමයට අනුව ඔබේ පණිවිඩය ලැබී තත්පර කීපයක ඉඩක් ලබා දෙනවා ඔබට අවශ්‍ය නම් ඒ පණිවිඩය අවලංගු කරන්න. ඒ කාලය ඔබට කලින් සකස් කර ගන්න පුළුවන්.

මේ දෙයාකාරයෙන් ඔබ කැමති ක‍්‍රමයක් ඔබට මුලින් ම සම්බන්ධ වෙන අවස්ථාවේදී ඔබටම තෝරා ගන්න පුළුවන්.

ඔබට හිතෙනවා නම් ඔබ කිසියම් අයකුගෙන් ප‍්‍රහාරයක් එල්ල වෙනවා කියා. ඔබට තියෙන්නේ ඔබේ ජංගම දුරකතනයේ ඇති කිසියම් බොත්තමක් වරක් ඔබන්න විතරයි. ඔබ ඇඟිල්ල ඉවත් කර ගන්නත් කලින් ඒ මොහොතේ ම ඔබේ දුරකතනයෙන් පණිවිඩයක් යැවෙනවා ඩ්‍රෝන පාලක මධ්‍යස්ථානයට. පාලක මධ්‍යස්ථානයේ ග‍්‍රාහක උපකරණ ඉන්පසුව ඔබේ දුරකතනය සමග සම්බන්ධ වෙමින් ඔබ ඉන්නා තැන සොයා ගෙන එසැණවම ඩ්‍රෝනයක් ඔබේ ආරක්‍ෂාවට හා සහයට එවනවා.

ඔබ තෝරා ගන්නා දෙවැනි ක‍්‍රමයට අනුව ඔබ කාලය නියම කරන තත්පර කීපය ඇතුළත ඔබේ පණිවිඩය අවලංගු නොකළහොත් ඒ තත්පර කීපයට පසුව ඩ්‍රෝන පාලක මැදිරියේ උපකරණ ඒ පිළිබඳව අදාළ අංශවලට, ජංගම පොලිස් රථවලට, දැනුම් දෙනවා. ඔබට අනතුරක් නම් රෝහලට දැනුම් දෙනවා.

ඒ අතර මෙම විස්මිත ඩ්‍රෝනයට ජීඑස්පී තාක්‍ෂණය භාවිතා කර ගෙන ඔබේ ආරක්‍ෂාවට එන්න පුළුවන්, මහමග කොච්චර වාහන තදබදයක් තිබුණත්. එයට ඔබ ඉන්නා තැනට ළඟාවීමට ඒ තරම් වෙලාවක් ගත වෙන්නේ නැහැ, ඒ ගුවනින් ඔබ වෙත එන නිසා විතරක් නෙවෙයි, ඔබේ දුරකතනය ලවා දිගටම අනතුරු සංඥාවක් නිකුත් කරවන්න සලස්වනවා, ඔබ ඉන්න තැන සොයා ගෙන එන්නට. ඒ වගේ ඒ සංඥාවම තමයි, මේ ඩ්‍රෝනයත් යොදා ගන්නෙ ඔබ ඉන්න තැන ඉක්මනින් සොයා ගෙන එන්න.

මේ ඩ්‍රෝනයට එහි ඇති ස්පීකරයක් මගින් අනතුරු ඇඟවීම් කරන්න, අවශ්‍ය අය දැනුවත් කරන්න. ඒ වගේම අවශ්‍ය නම් ඔබට පහර දෙන්නට එන පුද්ගලයා බිය කර පලවා හරින්නටත් හැකියාව තියෙනවා. ඔහු නීතියේ රැහැනට හසු කර දෙන්නත්, ඔහු පසුපස හඹා යන්නත්, එයට පුළුවන්. ඒ සියල්ලම වීඩියෝ කරගන්නත් ඒවා පාලක මැදිරියට යවන්නත්, අනාගතයට අවශ්‍ය සාක්‍ෂි වශයෙන් යොදා ගන්නත් පුළුවන්. ඒ හැමදෙයක්ම ඩ්‍රෝනය විසින්ම කරනවා. ඔබට ඒ ගැන හිතන්නවත් අවශ්‍ය නැහැ.

මේ විස්මිත නිෂ්පාදනය ලොවට හඳුන්වා දෙන ඇමෙරිකාවේ පීටර් කැහිල්ට මේ අදහස මුලින් ම ආවේ ඔහුගේ ඥාති දියණියන් දෙදෙනකුට පැහැර ගෙන යාමේ තර්ජනයක් එල්ල වුණු අවස්ථාවෙදියි.

ඔහු කියනවා, දැනටමත් පාසල් 30ක්, ප‍්‍රධාන පෙළේ ආයතන ගණනාවක්, ඒ වගේම රෝහල් විශ්ව විද්‍යාල කීපයක් ම, මේ තාක්‍ෂණයේ සේවය මුලින් ම ලබා ගන්න කැමත්ත පළ කරලා ගිවිසුම් අත්සන් කර ඇති බව.

මෙහි නිෂ්පාදකවරයා කියන්නේ ඩ්‍රෝන යානා 50කින් මුළු චිකාගෝ නගරයම ආවරණය කරන්න පුළුවන් කියලයි.

මේ ගුවනින් එන විස්මිත රැකවලා රඳවා තැබෙන්නේ පොලිසිවලයි. මෙම යානාවලට නියමිත මිල මෙහි නිෂ්පාදන ලයිෆ්ලයින් රෙස්පොන්ස් (LifeLine Response) ආයතනය සිය ප‍්‍රකාශනයේ දක්වා නැහැ. ඒවා සැපයෙන්නේ නගරවල ආරක්‍ෂාව බාර ආයතනවලටයි. මේ සේවාව ලබා ගන්න අවශ්‍ය පරිගණක මෘදුකාංගය සඳහා පමණක් ඔබට ඩොලර් දහයක් වැනි සුළු මුදලක් වැය කරන්න සිදු වෙනවා.

මෙහි නිෂ්පාදන සමාගම මෙම ඩ්‍රෝන භාවිතයට අනුමැතිය ගන්නට ඇමරිකාවේ ගුවන්පාලන අධිකාරිය සමග දැනටමත් සාකච්ඡුා පටන් අරන්.

මෙම නිෂ්පාදන ආයතනයේ ප‍්‍රධාන ප‍්‍රවෘත්ති නිලධාරි ගියාකොමෝ ලිස්ටි ඬේලි හෙරල්ඞ් පුවත්පතේ වෙබ් අඩවියට කියන්නේ මෙම ඩ්‍රෝනයේ මූලික අරමුණ ආරක්‍ෂාව සැලසීම නිසා යමක් සිදුවීමට ඒ ස්ථානයට ගොස් අවශ්‍ය කටයුතු කිරීමයි. ඒ නිසා සැකකරු පලවා හැර සිය අනුග‍්‍රාහකයාට තුවාලයක් නොවී බේරා ගැනීමත් ඒ සිදුවීම පිළිබඳ වීඩියෝ තොරතුරු රැස්කර ගැනීමත් තමයි වැඩිපුර ම සිදුවන්නේ. මෙහි ඇති වැදගත්ම දේ මේ සේවාව සඳහා ලියාපදිංචි වන ඔබට සිත නිදහස් කර ගෙන බියක් නැතිව ඔබේ වැඩ කර ගන්නට හැකි වීමයි.

මෙය ඉතා ඉක්මනින්ම ලෝකයේ නගර බොහොමයක ආරක්‍ෂාව සඳහා ගනු ඇතැයි නිෂ්පදකයන් විශ්වාසය පළ කරනවා.
 
මෙම නව පරිගණක මෘදුකාංගය අයිෆෝනවලටත් අන්ඩ්‍රොයිඞ් දුරකතනවලටත් යොදා ගන්න පුළුවන්. ඔබට මෙම සේවාව ලබා ගැනීමට වසරකට ගෙවන්න වන්නේ ඩොලර් දහයක් පමණයි. ඩ්‍රෝන යානා නිකුත් කෙරෙන්නේ ආරක්‍ෂක අංශවලට පමණයි.

Video:
 

Post a Comment

1 Comments

  1. ebay එකෙත් තියෙනවා පොඩි hexa copter එයින් එකක් හදලා ගත්ත නම් තමන්ටම ඔහොම එකක් අයිති කරගන්න තිබුනා.

    ReplyDelete