Skip to main content

Posts

Showing posts from 2015

ඩ්‍රෝන යානයක ඇසින් ලොව විස්මිත දසුන් නරඹන්න!

අප ජීවත් වන ලෝකයේ ගුවනේ සිට බලන විට කෙතරම් විස්මිතද? කුරුල්ලකු මෙන් පියාසර කරමින් ගියොත් මේ දසුන් නිසැකවම දැක ගත හැකියි. පහළට ගලා යන විස්මිත දිය ඇලි, නගරවල ඉහළ අහසට විහිදෙන ගොඩනැගිලි, මවන දසුන් පෙළක් ගෙන ඒමට රුසියානු ඡුායාරූප ශිල්පීන් පිරිසක් සමත් වී තියෙනවා.

එයා පෑනෝ (AirPano) නමින් අන්තර් ජාලයට එක්කර තියෙන මේ අපූරු ඡායාරූප පෙළ එක් රැස්කර ගන්නට ඔවුන් ලොව පුරා ගුවනින් ගිහින් තියෙනවා. අහස් යානාවලින් හෙලිකොප්ටරවලින් උණුසුම් වාතය පිර වූ බැලූනවලින් විතරක් නෙවෙයි, ඩ්‍රෝන යානා (Drone) හෙවත් දුරස්ථපාලක නියමුවකු රහිත කුඩා ගුවන් යානා පවා ඔවුන් මේ සඳහා යොදා ගත්තා.

ඔවුන්ගේ මේ ඡායාරූප අතරට ඇමරිකාවේ මෑන්හැට්න් සෙන්ට‍්‍රල් පාක් උද්‍යානය, ප‍්‍රංශයේ පැරිසියේ ආක් ඩි ටි‍්‍රයෝම්ප් උද්‍යානය, නෙදර්ලන්තයේ අගනුවර වූ ඇම්ස්ටර්ඩම්හී වෙස්ටර්ඩොක් දිස්ති‍්‍රක්කය, වගේම මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නාගරිකයත් ඔවුනගේ මේ ඇල්පිනෝ ඡායාරූප එකතුවෙන් දැක ගන්න පුළුවන්.

අලංකාර දිය ඇලි කීපයක්ද මේ පින්තූර එකතුවට ඇතුළත් වෙනවා. ඒ අතර ලෝකයේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන වෙනෙසුවේලාවේ ඒන්ජල් දිය ඇල්ල වගේම බ‍්‍රසීලයේත් ආජෙ…

සිංහල චිත‍්‍රකතා වංශ කතාවේ අමරණීය සලකුණ - දයා රාජපක්‍ෂ

දයා රාජපක්‍ෂයන්ගේ අභාවය ජූලි 26 වැනි කන වැකීමත් සමග මට දැනුනේ චිත‍්‍ර කතා කලාවේ එක් දීප්තිමත් යුගයක් අවසාන වූ බවයි. චිත‍්‍රකතාව පුවත්පත් විශේෂාංගයක් බවට පත් වූයේ 19 වැනි සියවසේ මුල් භාගයේ දී වුවත් එය පුවත්පත්වලට නැතුව බැරි අංගයක් වූයේ දයා රාජපක්‍ෂගේ පිවිසීමත් සමගය. මුල දී චිත‍්‍රකතා තීරු හාස්‍යය දැන වූ විකට ඒවා වුවත් දයා ඒවා ගැඹුරු සමාජ විග‍්‍රහයන් කරන, තමන් ජීවත්වන සමාජය තේරුම් ගැනීමට පාඨකයා පොලඹවන, උසස් මට්ටමකට පත් කළේය. චිත‍්‍රකතා කියවීම බොළඳ කටයුත්තක් ලෙසත් ළමයින්ට හා යොවුන් පරපුරට සීමා වූවක් ලෙසත් සැලකූ යුගයට තිත තබමින් චිත‍්‍රකතාවට ගෞරවනීය තත්වයක් ලබා දීමට දයා සමත් වූයේය.

ලොව පළමු වරට බෑගයක දමාගෙන යා හැකි ‘ඇවිදින කාරයක්’ ජපානයෙන්!

ජපානයෙන් අපූරු කාරයක් එනවා! ‘වෝක්කාර්’ (WalkCar) එහෙමත් නැත්නම් ‘ඇවිදින කාරය’ කියලයි නම් කරල තියෙන්නේ. තනි අයකුට යා හැකි මේ කාරය හරිම සරලයි! පුංචියි! ලැප්ටොප් එකක් වාගේ මෙය පුංචි මල්ලක දා ගෙන අතේ ගෙන යන්නත් පුළුවන්!

මෙය ඔබේ දෙවැනි කාරය ලෙස පාවිව්චි කරන්න පුළුවන්. නගරයේ වාහන තදබදය ඇති විට ඔබ සාමාන්‍යයෙන් යන කාරය වෙනුවට මෙය පාවිව්චි කරන්න පුළුවන්. ඔබේ කාර්යාලය ළඟට විතරක් නෙවෙයි කාර්යාලය ඇතුළෙත් ඔබට මේ කාරයෙන් යන්න පුළුවන්.

බෑගයක දමාගෙන යා හැකි ලෝකයේ ප‍්‍රථම කාරය මෙයයි. මේ පුංචි කාරය සැහැල්ලූයි! බර කිලෝ ග්රෑම් 2ත් 3ත් අතරයි. තනා ඇත්තේ ඇලූමීනියම්වලින්. මෙහි බර වෙනස් වෙන්නේ ගෘහස්ථ හා එළිමහන් මාදිලිය අනුවයි. බැලූ බැල්මට මෙය කාරයකට වඩා ලිහිසි පුවරුවකට (Scateboard) සමානයි.

මල්ලක දමාගෙන යාහැකි ‘වෝක්කාර්’ වාහනයයි මේ. මිල ඩොලර් 800ක්. උපරිම වේගය පැයට කිලෝමීටර 10ක්! ඔබේ බරෙන් තමයි මෙය හසුරුවන්නේ.

සෑම ඇමරිකන් සොල්දාදුවකුටම උඩින් යන පුංචි රැකවලෙක්!

ඇමරිකන් සොල්දාදුවන්ට අනාගතයේ යුද බිමට යන විට ගෙන යන්නට පුංචි ඩ්‍රෝන යානයක් දෙන්නට දැන් සැලසුම් කර තියෙනවා.

දැනටමත් විශේෂ කාර්යසාධක බලකාය ‘බ්ලැක් හෝනට්’ හෙවත් කළු දෙබරු නම් මේ ඩ්‍රෝන යානා අත්හදා බැලීම සඳහා යොදා ගෙන තියෙනවා.

අල්ල මත රැඳවිය හැකි මේ පුංචි ඩ්‍රෝන යානය බරින් ග්රෑම් 18ක්. අතට අරගෙන අහසට විසි කරන්න විතරයි තියෙන්නෙ.

ඒක ඇතුළේ කැමරා තුනක් තියෙනවා දවල් කාලයේ දී රූප ගත කරන්න. රාති‍්‍ර කාලයේදී තාප ශක්තියෙන් කි‍්‍රයා කරන නයිට් විෂන් කැමරාවකුත් තියෙනවා.

මේ පුංචි ‘බ්ලැක් හෝනට්’ ඩ්‍රෝන යානය නිකම්ම අහසට විසි කරන්න තියෙන්නෙ.

මුහුදු කැස්බෑවකුට කළ විස්මිත සැත්කමක්! ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයකින් තැනූ හක්කක් සවි කරති!

පුංචි අය හැමදෙනාම ‘නින්ජා ටර්ටල්ලා’ ගැන දන්නවා. ඔවුන්ට වෙඩි නොවදින කටු තියෙනවා. ඇත්ත කැස්බෑවන්ට නම් එහෙම නෑ. ඒත් දැන් ඇත්ත කැස්බෑවෙක් ඉන්නවා ටයිටේනියම් ලෝහයෙන් නිමවපු හක්කක් සවි කරපු.

ඒක හරිම විස්මිත දෙයක්. තුර්කියේ පශූ වෛද්‍ය කණ්ඩායමක් තමයි මේ හපන්කම කළේ. බෝට්ටුවක හැපීමෙන් හොම්බ තුවාල වූ මුහුදු කැස්බෑවකුට තමයි මේ අලූත් හකුපාඩා දෙක සවිකළේ.

මෙහි ඇති තවත් විස්මිත දෙයක් තමා ටයිටේනියම් ලෝහයෙන් තැනූ මේ හකුපාඩා නවීන තාක්‍ෂණයේ උදව්වෙන් ලබා ගත් දෙයක්. ඒවා නිර්මාණය කරලා තියෙන්නේ ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයකින්. ඒ යන්ත‍්‍රය වෛද්‍ය කටයුතු සඳහා විශේෂයෙන් තැනූ එකක්.

කැස්බෑ ඇටසැකිලි අධ්‍යයනය කරලා ඒ වගේම කිලෝ ග්රෑම් 45ක් බර වූ මේ කැස්බෑවාගේ හක්කේ ඉතිරි කොටස් ස්කෑන් කරලා තමයි වෛද්‍යවරුන් මේ හකුපාඩා නිර්මාණය කළේ.

සැබෑ කැස්බෑවන්ගේ මේ හකුපාඩා ඉතාමත් ශක්තිසම්පන්නයි. ඉතින් ඒ වගේම ශක්තිමත්ව තියෙන්න ඕනෑ නිසයි මේ කෘති‍්‍රම හකුපාඩා ටයිටේනියම් ලෝහයෙන්ම හැදුවේ.

මේ අපූරු හකුපාඩා සවි කරන්නට පශු වෛද්‍ය කණ්ඩායම කළ සැත්කමට පැය දෙකහමාරක් ගත වුණා.

පැය දෙකහමාරක් තිස්සේ සැත්කමක් කරලයි මේ ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයෙන…

මෙන්න ඔබට ජීවිතය ‘ලේසි කරන ඊසි වැඩ’ - Life Hacks!

ෂූ ලේස් එකට සුටුස් ගාලා ගැටය දමන්න ඉගෙන ගන්න! යන අපේ සටහන පළ වුණාට පස්සෙ ඒවාගේ තව ඒවා නැද්ද කියලා බොහොම දෙනෙකු ප‍්‍රශ්න කළා. ඒක අප ගෙනාවේ ‘රශියන් ලයිෆ් හැකර්’ කියන වෙබ් අඩවියෙන්. ජීවිතය ‘ලේසි කරන ඊසි වැඩ’ නැත්නම් ඔවුන් කියන විදියට ‘ලයිෆ් හැක්ස්’ මගින් ඔබට එදිනෙදා කටයුතු පහසු කර ගන්න පුළුවන්. දැන් යූටියුබ් එකෙන් ඒ වගේ තවත් වැඩසටහන් ඔබට නරඹන්න පුළුවන්. මේ එහි පළ වූ තවත් එවැනි එක් වැඩ සටහනක්. නම් කරලා තියෙන්නේ ‘ඔබේ ජීවිතය වෙනස් කළ හැකි නව ක‍්‍රම 10ක්’ (10 New Life Hacks That Will Change Your Life) කියලයි. ඒක බලලම ඒ මොනවද කියලා ඉගෙන ගන්න!

10 New Life Hacks That Will Change Your Life


More Videos...
7 Money Saving Life Hacks You Should Know


ෂූ ලේස් එකට සුටුස් ගාලා ගැටය දමන්න ඉගෙන ගන්න!

ලෝකයේ සපත්තු භාවිත කරන වැඩිදෙනකු මුහුණපාන ලොකු ප‍්‍රශ්නයක් තමා, සපත්තුවල ෂූ ලේස් ගැටහහන එක. උදේ පාන්දරට ව්‍යායාම් සඳහා ඇවිදින අයට මේක තරමක් අමාරු කාර්යයක්! ඉදිරියට නෙරා ආපු බඩ තියෙන අයට, මේ වැඬේ තවත් අමාරුයි! සමහර අයට තවත් කවුරු හරි අවශ්‍ය වෙනවා, මේ වැඬේ කරවා ගන්න. ඒත් දැන් ඒක පහසු ක‍්‍රමයක් තියෙනවා!

දැන් අන්තර් ජාලය හරහා වීඩියෝවක් සංසරණය වෙනවා, මේ ෂූලේස් ගැටය සුටුස් ගාලා දාන්න පුළුවන් විදිය ඔබට කියා දෙන. මේක මුලින් ම පළවුණේ මේල් ඔන්ලයින් වෙබ් පිටුවෙයි. පහත දැක්වෙන ඒ වීඩියෝව බලල ඔබත් ඒ ක‍්‍රමය ඉගෙන ගන්න!



පාරේ වළවල්වලට ආයුබෝවන් කියන්න නව නිපැයුමක් ඇවිල්ලා!

ලෝකයේ හැම රටකම පාරවල ඇති වෙන වළවල් වහන එක ලොකු ප‍්‍රශ්නයක්! ඒ වගේ ම ලොකු වියදමක් යන විශාල පිරිසකගේ ශ‍්‍රමයත්, කාලයත් වැය වෙන දෙයක්! පාරවල් නඩත්තු කරන එක ලෝකයේ කොහේ වුනත් නිතරම කරන්න ඕනෑ.

දැන් ක්‍ෂුද්‍රජීව විද්‍යාඥයෙක්, මේකට අමුතු තාලේ පිළියමක් සොයා ගෙන තියෙනවා. ඔහු නෙදර්ලන්තයේ ඩෙල්ෆ් තාක්‍ෂණික සරසවියේ තමයි සේවය කරන්නේ. නමින් හෙන්ඞ්රික් මේරියස් යොන්කර්ස් (Hendrik Marius Jonkers) ඇත්තෙන් ම ඔහු සොයා ගෙන ඇත්තේ අනාගතයේ ලොවපුරා මහා පෙරළියක් සිදුකළ හැකි නිර්මාණයක්.

යුක්තිය සොයා උසාවි ආ මිනිසා - නස්රුදින්ගේ කතා

දවසක් නස්රුදින් නඩුකාරයකුව සිටිය දී මිනිහෙක් උසාවියට දුවගෙන ආවා. නස්රුදින් ඒ වෙලාවෙ හිටියෙ නඩුකාරයට අයිති කාමරේ.

”ඇයි මේ කලබලෙන් ?” නස්රුදින් හිස ඔසවා ඔහු දිහා බලලා ඇහුවා.

”අනේ! ස්වාමීනි මං මෙහේ එද්දි මේ ගමේ සීමාවෙදි හොරෙක් පැනලා මගේ හැමදේම උදුරා ගත්තා! මං හිතන්නේ ඒ මිනිහා මේ ගමේ කෙනෙක්. මගේ නඩුව අහලා මට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න ස්වාමීනි!”

ඒ අසරණයා බැගෑපත් වුණා.

”ඒ හොරා මගේ හැමදේම උදුරා ගත්තා. මගේ සපත්තු, මගේ කලිසම්, මගේ කමිසය, මගේ කලිසම, මගේ කබාය, මගේ මාලය, මගේ මේස් ඇතුළු මට අයිති හැම දෙයක් ම සොරා ගත්තා. මට කිසි දෙයක් ඉතුරු කළේ නෑ, ස්වාමීනි, මගේ නඩුව අහලා යුක්තිය මට ඉෂ්ට කරලා දෙන්න! සොරා අල්ලලා දඬුවම් දෙන්න ස්වාමීනි!” ඒ අසරණයා ආයාචනා කළා.

අනාගතයේ දී ඔබට කනෙන් බැරි නම් දිවෙන් අහන්න පුළුවන්!

අනාගතයේ දී කන් ඇසීමේ දෝෂ තියෙන අයට කර්ණශංඛ එහෙමත් නැත්නම් රේවට බද්ධයක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට කටෙන් එහෙමත් නැත්නම් දිවෙන් ඇහුම්කන් දෙන්න පුළුවන්.

ඇමෙරිකාවේ කොලරාඩෝ ප‍්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් අලූත් ම විධියේ ඇසීමේ ක‍්‍රමයක් සොයා ගෙන තියෙනවා. මේ නව ක‍්‍රමයේ දී කන මග හැර කෙළින් ම මොළයට ඇහෙන්න සලස්වන්න පුළුවන්.

මෙහි දී ඔවුන් නව තාක්‍ෂණයට යොදා ගෙන ඇත්තේ බ්ලූටූත් එකක්. ඒ අනුව බ්ලූටූත් එක මගින් ශබ්දය හඳුනාගෙන එය විදිලි ස්පන්දක වශයෙන් ඉලෙක්ට්‍රෝඩ රැසක් රඳවා ඇති ධාරකයකට යවනවා. ඒ ධාරකය දිවට තද කළ විට අසන්නාගේ දිවට ඒ ස්පන්දක දැනෙනවා. අසන්නාගේ මොළයට ඒ ශබ්ද අසන්නට ලැබෙන්නේ ඉන් පසුවයි.

කන මඟ හැර ඇසීමට උදවුවෙන මේ තාක්‍ෂණයට පදනම් වී ඇත්තේ බ්ලූටූත් එකක්.

කන මඟ හැර ඇසීමට උදවුවෙන මේ තාක්‍ෂණයට පදනම් වී ඇත්තේ බ්ලූටූත් එකක්. එයින් හඳුනා ගන්න ශබ්ද දිවට දැනෙන්න සලස්වන්නේ මේ ඉලෙක්ට්‍රෝඩ රැගත් ධාරකයෙන්.

ගඟ අද්දරින් ‘රන් ටිකිරි සිනා’ ගෙනා නිමල් සිය අවසන් සුසුම් පොද වාතලයට මුසු කරයි!

ඔබට අමතක කළ නොහැකි ගී රැසක් නිර්මාණයට දායක වූ අපේ ප‍්‍රවීණ සංගීතවේදියෙක් පසුගියදා අප අතරින් සමුගත්තා. අපේ හදවත්වලට හුඟක් සමීප ගී රැසක තනු නිර්මාණය කළ ඔහු පසුගිය 18 වැනිදා මෙලොවින් සමුගන්නා විට වයස අවුරුදු 81ක් සපුරා තිබුණා. ඔහු නමින් නිමල් මෙන්ඩිස් ඔහුගේ නමට වඩා ගී තනු ප‍්‍රසිද්ධයි. මෙන්න ඉන් කීපයක්.

මහගම සේකර දුටු සිංහල අවුරුද්ද!

මහගම සේකර කවියාගේ ‘හංස ගීතය හා වෙනත් නිර්මාණ’ නම් වූ කෘතිය පළවෙන්නේ ඔහුගේ වියෝවින් වසර 40කට පසු 1985 වසරේදීය. එහි සේකර කවියා විසින් රචිත ගීත නාටක හා නාට්‍ය කිහිපයක පෙළ ද ඊට අමතරව පද්‍ය කාව්‍ය රචනා කීපයක් ද ඇතුළත් වී තිබේ. එම පද්‍ය කාව්‍ය අතර ”අදයි අවුරුදු” මැයෙන් සේකරයන් ලියූ පැදි පෙළක් හඳුන්වා දෙමින් බුද්ධදාස ගලප්පත්ති කවියා පසුගියදා ‘ලංකාදීප’ ළපටි පෙළ පිටුවට විශේෂාංගයක් සපයා තිබුණි. ඔහු කවදත් වැදගත් දෙයක් දුටු විට තමන්ගේ වටිනා කාලයෙන් කොටසක් කැප කොට දැයේ දරුවන්ට හා තරුණ පෙළට සටහනක් ලියා තබන්නට අමතක නොකරයි. මෙය අප ‘මල්කැකුළු’ තුළින් පළ කරන්නට අදහස් කළේ ඒ කවියන් දෙදෙනාට ම කරන උපහාරයක් හැටියටය.

ජපානයෙන් එන අනාගත දියයට විස්මිත නගරය මෙන්න!

ජපන් සමාගම මේ විස්මිත නව නිවාස සංකීර්ණය සැලසුම් කර ඇත්තේ තව වසර 15කින් පදිංචි වීම සඳහායි. ඒ කාලය වන විට ඇති වන නිවාස දේපළ හිඟය වෙනුවට පිළියමක් ලෙසයි, මේ නව සමුද්‍ර ජනපද ක‍්‍රමය ඉදිරිපත් කර ඇත්තේ.

ජපානයේ ෂිමිසු කෝපරේෂන් ආයතනය තමයි, මේ ‘නවීන යුගයේ ඇට්ලාන්ටිස්’ යනුවෙන් හැඳින්වෙන මෙම අසිරිමත් නගරය ඉදිකරන්නට යන්නේ. මෙය හඳුන්වා ඇත්තේ ස්වයං-පෝෂිත නාගරික ප‍්‍රජාවක් ලෙසයි.


සාගර සර්පිල ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන මෙයට ජලරෝධක නිවාස ගණනාවක් ඇතුළත් හැඩයෙන් ගෝලාකාර නිවාස සංකීර්ණයක් තියෙනවා. ඒවා යෝධ සර්පිලයකින් තමයි, සම්බන්ධ වන්නේx ඒවාට බලශක්තිය සැපයෙන්නේ මීතේන් නිපදවන ක්‍ෂුද්‍රජීවීන් තනන කම්හල් විශේෂයකින්.

කුමාර් සංගක්කාර හා ඒබී ඩි විලියර්ස් දෙන්නාගෙන් ඉදිරියට යන්නේ කවුරුන්ද?

මෙවර ලෝක කි‍්‍රකට් කුසලාන පිතිකරුවන් කරළියේ පෙරළි කළ තරගාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ලකුණු පුවරුවල සිය ගණනින් ලියවුණු මේ ශතකලාභීන්ගේ වාර්තා අතරින් කැපී පෙනෙන දෙන්නෙක් ගැනයි මේ ලියන්නේ. ඒ එක්කෙනෙක් අපේ ආදරණීය ‘සංගා’ – ඒ කියන්නේ කුමාර් සංගක්කාර. අනෙක් පිතිකරුවා දකුණු අපි‍්‍රකාවේ නායක ඒබී ඩි විලියර්ස්.


අපේ ‘සංගා’ - එයා ලෝකයේ දැනට ඉන්නා අංක එකේ පිතිකරුවා බව පසුගියදා නැවතත් තහවුරු කළා. ඒ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ පිට පිට ඉනිම හතරකින් ශතක හතරක් වාර්තා කරමින්. මෙතෙක් පැවති ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ කිසිම පිතිකරුවකු පිට පිට ශතක තුනකට වඩා ලබා ගෙන නැහැ. ඒ වගේ ම මීට පෙර එක්දින තරගවලදීවත් ඒ ජයග‍්‍රහණය ලොව කිසිම පිතිකරුවකු ලබා නැහැ.

අත්ලාන්තික් සාගර පත්ල එළිය කරන අමුතු ගෝලාකාර වස්තූවල අබිරහස කුමක්ද?

ලෝකයේ සාගරවල විවිධ තැන්වලින් අද්භූත දේවල් හමු වෙනවා. ඒවාට විසඳුම් කලක් යන කොට විද්‍යාඥයන් කෙසේ හෝ සොයා ගන්නවා.

ඒත් 1873 දී අත්ලාන්තික් සාගරයෙන් මතුවූ, තවමත් අබිරහසක්ව පවතින, අමුතුම ගෝලාකාර වස්තූන් විශේෂයක් තියෙනවා.

අර්තාපල් හා සමාන මේ ගෝලාකාර වස්තූන් සාගර පත්ලේ විශාල පරාසයක ඇතිරී තියෙන බවයි, විද්‍යාඥයන් කියන්නේ. මේවා මැග්නීසියම් නොඩියුල හෙවත් ගැටිති ලෙසයි, ඔවුන් හඳුන්වන්නේ. ඒවා තුළ තවත් වටිනා ලෝහ වර්ග සංයෝගව ඇතැයි විද්‍යාඥයන් පවසනවා. අනාගතයේ දී මේවා සාගර පතුළෙන් උඩට ගෙන ඒමට හැකි වෙතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.

දැන් ජර්මන් විද්‍යාඥයන් පිරිසක් පර්යේෂණ පවත්වනවා මේවායේ රහස් එළිකර ගන්න බලාපොරොත්තු වෙන්. අත්ලාන්තික් සාගරයේ පතුලේ තිබී ඔවුන්ට හමු වූ මෙවැනි විශාල මැන්ගනීස් නොඩියුල තැන්පතුවකින් තමයි, මේ අබිරහස හෙළිදරවු කර ගැනීමට ඔවුන් මේ දිනවල පර්යේෂණ කටයුතුවල යෙදෙන්නේ.

1873 තරම් ඈත කාලයක සිට සොයා ගෙන තිබුණද සාගර පත්ලේ ඇති මේ අර්තාපල් ගෙඩියක් තරම් ප‍්‍රමාණයේ ලෝහ ගෝලවල අබිරහස දැන් ජර්මානු විද්‍යාඥයන් විසින් හෙළිදරවු කර ගැනීමට ආසන්නවයි, තිබෙන්නේ.

මහමගදී ඔබේ ආරක්‍ෂාවට විස්මිත ‘රැකවලෙක්’! විස්මිත උපකරණයක්!

ඔබට හදිසි තත්වයක දී උදව් ගන්න ළඟදීම ගුවනින් ඩ්‍රෝනයකු ගෙන්වා ගන්න පුළුවන් වේවි. ඔබේ ජංගම දුරකතනයේ බොත්තමක් එබීමෙන් පමණක් ඔබට ක්‍ෂණයකින් මෙය කරවා හැකියි.

ඔබේ උදව්වට ඒ ඩ්‍රෝනය හෙවත් නියමුවකු රහිත කුඩා ගුවන් යානය ඔබ මුහුණ පා තියෙන අනතුරෙන් ඔබව ගලවා ගන්නට වේගයෙන් අහස සිසාරා එනු ඇති.

නිදසුනක් වශයෙන් ඔබට කිසියම් පුද්ගලයකු පහරදෙන්න එනවාය කියා. ඔබ මේ සේවය සඳහා ඔබේ ජංගම දුරකතනය යොමු කර තිබෙනවා නම් ඔබේ සහයට මේ අමුත්තා ගුවනින් ඇවිත් ඔබේ සතුරා මෙල්ල කර ගැනීමට උදවු වෙනවා.

අහසින් එන ඔබේ ගැලවුම්කාරයා මෙන්න! ඔබේ අනතුර ගැන පොලිසියට දන්වා පොලිසිය එනතෙක් ඔබේ සහයට මේ ආරක්‍ෂයා මෙසේ එනු ඇති!

ති‍්‍රමාන හොලෝග්රැෆික රූප! සැත්කම් ලෝකයේ ලොකු පෙරළියක්!

හොලෝග්රැෆික රූපයක් මගින්, එනම් ආලෝක කිරණ භාවිතයෙන් මවන ති‍්‍රමාන රූපයක් මගින් කුස තුළ සිටින දරුවාගේ සැබෑ රූපයක් දරුවා උපදින්නට පෙර මවටත් වෛද්‍යවරුන්ටත් දැක ගැනීමට දැන් අවස්ථාව පෑදී තියෙනවා.

වෛද්‍යවරුන්ට හා ශල්‍ය වෛද්‍ය විශේෂඥයන්ට අවශ්‍ය ආකාරයට දරුවාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ද දැක බලා ගැනීමට හැකි වන පරිදි මෙය වැඩි දියුණු කිරීමටත් ඉදිරියේ දී අපේක්‍ෂා කරනවා.

මේ නව ක‍්‍රමය සංවර්ධනය කර ඇත්තේ රියල් වීව් නම් ඊශ‍්‍රායල් සමාගමක් හා හවුල් ව තාක්‍ෂණික ලෝකයේ දැවැන්තයකු ලෙස සැලකෙන පිලිප්ස් සමාගමයි.

මෙය ප‍්‍රථමවරට ඔවුන් විසින් මෑතදී හදවත් සැත්කමක දී ප‍්‍රායෝගිකව අත්හදා බැලීමක් සාර්ථකව කර තිබෙනවා.
හොලෝග්රැෆික රූපයක් මගින් කුස තුළ සිටින දරුවාගේ සැබෑ රූපයක් දරුවා උපදින්නට පෙර මවටත් වෛද්‍යවරුන්ටත් දැක ගැනීමට මෙම නව පරිලෝකන ක‍්‍රමයෙන් දැන් අවස්ථාව පෑදී තියෙනවා.