HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ වැඩියෙන් මිලට විකුණුණු පොත! 18 වැනි සියවසට අයත් කුරුලු පොතක්!

ලෝකයේ වෙන්දේසියක දී වැඩි ම වටිනාකමක් ලැබූ පොත ලෙස සැලකන්නේ ලියනාඩෝ ඩාවින්චිගේ ‘කෝඩෙක්ට් ලීෙසෙස්ටර්’ යනුවෙන් හැඳින්වෙන අතින් ලියූ සටහන් පොතකටයි. එකම එකක් පමණක් ඇති එය වෙන්දේසියක දී අලෙවි වී ඇත්තේ ඩොලර් මිලියන 30.8ක් වැනි මුදලකටයි.


ඒ වගේ ම එංගලන්තයේ රජුගේ බලය සීමා කිරීම සඳහා අතීතයේ ප‍්‍රභූන් ගෙන ආ ‘මැග්නා කාට’ ප‍්‍රඥප්තියේ පැරණි පිටපතක් ද ඇමරිකාවේ මුලින්ම මුද්‍රණය කළ පොත වූ ලෝකයේ ඉපැරණි බයිබලයක් හා යාඥා පොතක් ද මිලෙන් වැඩිම පොත් අතරට අයත් වෙනවා.
එහෙත් වත්මන් ලෝකයේ වැඩි ම මිලකට අලෙවි වී ඇත්තේ ජෝන් ජේම්ස් ඕඩුබොන් (John James Audubon) ගේ ‘ඇමරිකාවේ කුරුල්ලෝ’ (Birds of America) නම් පොතෙහි පිටපතක්. එය ලන්ඩන් නගරයේ පැවති වෙන්දේසියක දී පවුම් මිලියන 7.3කට (ඩොලර් මිලියන 11.5කට) අලෙවි කෙරුණා.

එය දළ වශයෙන් රුපියල්වලින් නම් මිලියන 1150ක්, එනම් රුපියල් බිලියන 1.5ක් විතර වෙනවා. ඒ අනුව එය ලෝකයේ මෙතෙක් වැඩිම මිලකට අලෙවි වූ පොත හැටියට වාර්තා වෙනවා. පොතක් කීවාට මෙය ඇත්තෙන්ම පොත් හතරක කට්ටලයක්! 19 වන සියවසට අයත් ඉතාමත් සුරක්ෂිතව, උසස්ම තත්වයෙන් පැවති ශ්‍රේෂ්ඨ කෘතියක් හිමි කරගන්නට මේ වෙන්දේසියෙන් හොඳ අවස්ථාවක් උදා වුණා.

එදා මුද්‍රණයෙන් පිටවූ තත්වයෙන් ම පවතින මෙහි වර්ණ පින්තූර 435ක් තියෙනවා. මෙය මිල දී ගැනීමට හතරදෙනකු ඒ වෙන්දේසියට එක් වුණා. අනෙක් තරගකරුවන් පරදවා මේ ගණනට මේ විශිෂ්ට කෘතිය මිල දී ගත්තේ ලන්ඩනයේ ව්‍යාපාරිකයෙක්. ඔහු වටිනා කලාකෘති එක්රැස් කර අලෙවිකරන්නෙක්.

වීඩියෝව සඳහා පහත බලන්න.

ඕඩුබොන්ගේ මේ කෘතියෙහි අතින් වර්ණ ගැන්වූ විශාල ප‍්‍රමාණයේ චිත‍්‍ර 435ක් තියෙනවා. දැනට සම්පූර්ණයෙන් ම සුරැකිව ඇත්තේ පිටපත් 120ක් පමණයි. ඒවායින් 107ක් ම ඇත්තේ පුස්තකාල වැනි ආයතන තුළයි. මෙහි සම්පූර්ණ පිටපතක් අවසන් වරට වෙන්දේසි කරනු ලැබුවේ 2012 ලන්ඩනයේ සූත්බි ආයතනයේදියි. එය එතෙක් තනි කෘතියක් විකිණුණු වැඩිම ලෙසින් වාර්තා වුණා. ඒ බව ගිනස් ලෝක වාර්තාවල සඳහන් වෙනවා.

”ඇමරිකාවේ කුරුල්ලන් ගැන ලියැවුණු මේ පොත ඉතාමත් අලංකාරවත් එකක්. එහි සන්නිදර්ශන අති විශිෂ්ටයි, අනභිභවනීයයි.” යැයි රිචඞ් ඬේවිස් කියනවා. ඔහු ඉපැරණි දුර්ලභ පොත් හා අභිලේඛන පිළිබඳ ජගත් විශේෂඥයෙක්. එහි ඇති පැරණිකමටත් වඩා එහි ඇති ඓතිහාසික වටිනාකමත් කුරුලු විද්‍යාත්මක අගයත් මෙතෙකැයි කිව නොහැකි තරම්. මෙහි ඇතුළත් ඇතැම් කුරුල්ලන් අද වඳ වී ගොසින්. ඒ වගේම එදා ලෝකයට අලුතින් හඳුන්වා දුන් කුරුල්ලන් ද සිටිනවා.

අඩි 3ක් උස දැවැන්ත පොත් හතරකින් යුත් කට්ටලයක් වන මේ අගනා කෘතිය නිර්මාණය කර ඇත්තේ 1827ත් 1838ත් අතර කාලයෙදියි. ප‍්‍රංශ නැව් කපිතන් කෙනකුගේ අවජාතක පුතකු වූ ඕඩුබොන් දක්‍ෂ චිත‍්‍රශිල්පියෙක්. ඔහු සිය රතු ඉන්දියානු සම්භවයක් ඇති සහකාරිය සමග ඇමරිකාව පුරා වනගතව සංචාරය කරමින් මේ චිත‍්‍ර ඇන්දා.





මේ සෑම මුද්‍රිත පොතක ම චිත‍්‍ර අතින් වර්ණ ගන්වා ඇති අතර එය අතිශය වෙහෙසකර කටයුත්තක් වුණා. අද දියුණු ක‍්‍රම වේදයන් යටතේ වුවත් මෙවැනි විචිත‍්‍ර කෘතියක් නිර්මාණය කිරීම පහසු දෙයක් නොවෙයි. 1880 ගණන්වල මෙය නිකුත් වූ අවස්ථාවේදී සියලුදෙනාම මවිතයට පත් වුණා. මෙම පොත ලිවීම සඳහා ඕඩුබොන් අනුගමනය කළේ ඇඟ කිලිපොළා යන ක‍්‍රමවේදයක්. ඔහු කළේ අවශ්‍ය කුරුල්ලන් දඩයම් කර ගෙන අවුත් ඔවුන් කම්බියක එල්ලා ඒ දෙස බලා ගෙන චිත‍්‍ර ඇඳීමයි. මෙම එක් චිත‍්‍රයක් සම්පූර්ණ කිරීමට ඔහුට පැය 60ක පමණ කාලයක් ගත වුණා. අවාසනාවකට වාගේ ඔහුගේ චිත‍්‍රවලට බඳුන් වූ කුරුල්ලන් අද වඳ වී ගොසින්. කැරොලිනා පැරකීටයන් (ගිරවුන්), පැසෙන්ජර් පිජන් (පරෙවියන්), ලැබ‍්‍රඩෝ ඩක් (තාරාවුන්), ගේ‍්‍රට් ඕක්, එස්කිමෝ කිරලූන් හා පිනේටඞ් ග‍්‍රවුස් (වලිකුකුළන්) ආදී කුරුල්ලන් දක්නට නැහැ.


‘මෙම පොත පෙරළීමට නම් දෙදෙනකු අවශ්‍ය වෙනවා’ යයි වෙන්දේසියට පෙර සූත්බිහිදී මෙය පරීක්‍ෂා කළ ගෙකෝස්කි නම් අයකු ප‍්‍රකාශ කර තිබුණා. ඔහු කීවේ, ‘අපි දෙන්නෙක් දෙපැත්තෙ ඉඳගෙන පිටුවෙ දෙපැත්තෙන් අල්ලා ගෙන පරෙස්සමින් පෙරළුවේ, මේ දැවැන්ත පොත කෝටි ගානක් වටින එකක් නෙවැ.







Post a Comment

2 Comments

  1. අලුත් දැනුමක් ලැබුවා............. ඉතා වැදගත් ලිපියක්.............. ඒ කියන්නේ මේ හැම පොතක ම චිත්‍ර ඔහු විසින් අතින් ම අැද තියෙනවා නේද??

    ReplyDelete