HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

උඩුගුවනේ සිට බලන විට පෙනෙන අපේ පොළොවේ පැහැදිලිම දසුන මෙන්න!

සමහර විට ඔබ කොතෙකුත් ඇති උඩුගුවනේ සිට පොළොව පෙනෙන හැටි. ඒත් මේ තරම් පැහැදිලි පින්තූරයක් නම් කොහොත් ම දැකලා නැතුව ඇති. මේ අපූරු රූප පෙළ සකසා ඇත්තේ රුසියානු කාලගුණ චන්ද්‍රිකාවකින් ලැබුණු පිළිබිඹු උදවු කර ගෙනයි. අපේ මහ පොළොවේ අර්ධගෝල දෙකත් සමස්ත පෘථිවියමත් වශයෙන් මේ රූප රාමු ගොනු කර තියෙනවා.

මේ රූප සකසා ඇත්තේ අද පවතින අති නවීන පරිගණක තාක්ෂණය යොදා ගෙනයි.

 
කැනඩාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ජේම්ස් ටිර්විට්-ඩ්‍රේක් (James Tyrwhitt-Drake) තමයි මේ අපූරු රූප පෙළ ඇතුළත් වීඩියෝව සකස් කර ඇත්තේ. හිරු පායා හිරු රැස් පෘථිවිය සිසාරා යද්දී පෙනෙන විදියටයි මෙහි පටිගත කිරීම් කර ඇත්තේ.

මෙයට ඇතුළත් වන වීඩියෝව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ කැනඩාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ජේම්ස් ටිර්විට්-ඩ්‍රේක් (James Tyrwhitt-Drake) ටයි. ඔහු මේ සඳහා යොදා ගෙන ඇත්තේ ඉලෙක්ට්‍රෝ-එල් නම් ජ්‍යොස්ථිතික කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවෙන් 2011 මැයි 15ත් 19ත් අතර අඛණ්ඩව පොළොවට එවන ලද ඡායාරූපයි.

මේ රූප ලබා ගත් රුසියානු චන්ද්‍රිකාව කිලෝ මීටර් 40000ක් (සැතැපුම් 25000) ඉහළ අහසේ රඳවා තිබෙන්නක්. පෘථිවියේ භ‍්‍රමණයත් මේ චන්ද්‍රිකාව පෘථිවි අක්ෂයට වටා යන වේගයත් නිසා ඒ චන්ද්‍රිකාව හැම විට ම පෘථිවියේ එකම ස්ථානයකට ඉහළිනුයි රැඳී තිබෙන්නේ. සෑම මිනිත්තු 30කට වරක් ම මේ රුසියන් චන්ද්‍රිකාව මෙගා පික්සල් 121කක (පික්සල් 11,136 x 11,136) පිළිබිඹුවක් පොළොවට එවනවා. සාමාන්‍යයෙන් චන්ද්‍රිකාව එවන රූපවල වගාව දැක්වෙන්නේ හරිත පැහැයෙන් නොව රඹ පැහැයෙනුයි. ඒ චන්ද්‍රිකාවෙහි ඇති කැමරා භාවිත කරන්නේ දෘෂ්‍යාලෝකය හා අධෝරක්ත කිරණ වීම නිසයි.

ඒත් ටිර්විට්-ඩ්‍රේක් චන්ද්‍රිකාවෙන් එවූ මේ පිළිබිඹුවල වගාවන් ස්වාභාවික වර්ණයෙන් පෙනෙන්නට සලස්වා තියෙනවා.

මෙයට ඇතුළත් වීඩියෝවෙහි පෘථිවිය භ‍්‍රමණය වෙද්දී සූර්යයාගේ ආලෝකය ඒ මත පතිත වන ආකාරය දැක ගත හැකියි.

වීඩියෝවෙහි මුල් කොටසෙහි හිරු රැස් උතුරු අර්ධගෝලය හරහා පැතිර යන අයුරු දැක ගන්න පුළුවන්. ඉන්පසුවයි දකුණු අර්ධගෝලය ඔබට දැක ගන්නට ලැබෙන්නේ. අවසානයේ දී මුළු පෘථිවියම දැක ගන්න අවස්ථාව සැලසෙනවා.
 
වීඩියෝව සැකසීම සඳහා යොදා ගෙන ඇත්තේ පෘථිවියට ඉහළින් කක්‍ෂ ගත වන සේ ස්ථාපිත කරන ලද මෙහි දැක්වෙන ඉලෙක්ට්‍රෝ-එල් කාලගුණ චන්ද්‍රිකාව විසින් 2011 මැයි 15 සිට 19 වැනිදා දක්වා රූප පෙළක්. රුසියානු චන්ද්‍රිකාවක් වන මෙය කිලෝමීටර් 40 000ක් (සැතැපුම් 25 000ක්)ඉහළින් රඳවා ඇති අතර එය පෘථිවිය වටා යන වේගය අනුව එකම තැන නිසලව රැඳෙන සේ සැලසුම් කරන ලද්දක්.

ටිර්විට්-ඩ්‍රේක්ගේ මෙම වීඩියෝවෙහි පොළොවේ බිමින් විහිදෙන ආලෝකය හෝ තරු දිස්වෙන්නේ නැහැ. ඒ ගැන ඔහු දක්වන්නේ මෙවන් අදහසක්:

‘පොළොවට වැටෙන හිරු රැස් වැදී පරාවර්තනය වන ආලෝකයේ දීප්තියට වඩා දහස් වාරයක් අඩු දීප්තියකින් යුත් බිම්ගත එළි උඩු ගුවනට හොඳින් පෙනෙන්නේ නැහැ.’ යයි ඔහු පවසනවා.

‘ඒ වගේ ම ඒ කැමරා නගරවල ඇති ආලෝකයට වඩාත් සංවේදී වුණොත් පෘථිවිය වැඩියෙන් අනාවරණය වෙනවා. එතකොට පොළොවේ සමහර තැන් රූපයේ සටහන් වෙන්නේ නැහැ.’ ඔහු වැඩිදුරටත් පවසනවා.

චන්ද්‍රිකාවෙහි ඇති කැමරා කෙළින් ම හිරු දෙසට එල්ල නොවන විදියටයි සවිකර ඇත්තේ. තරුවල එළිය විශේෂ පෙරණයක් මගින් කපා හැර තියෙනවා.

 
රුසියානු චන්ද්‍රිකාව මගින් සෑම මිනිත්තු 30කට වරක් ම පෘථිවියේ මෙගා පික්සල 121ක පිළිබිඹුවක් බැගින් පොළොවට එවනු ලබනවා. සාමාන්‍යයෙන් එහි වගා ප‍්‍රදේශ දැක්වෙන්නේ රඹ පැහැයෙන්.

Post a Comment

0 Comments